Resources

Beginner’s Guide

ස්කෑම් ගැන හැමදේම දැනගමු

12 Apr 2025

අද කතා කරන්නේ ඔයාට ගොඩාක්ම ගොඩක් වැදගත් වෙන ටොපික් එකක්. ඔයා දැනටමත් දන්නවා ඇති මූල්‍ය වංචා, ආයෝජන වංචා, online scam වගේ දේවල් ගැන. ඕනෑ තරම් අපට නිවුස් වල ආටිකල් වල මේ වගේ සිද්ධි අහන්න දකින්න ලැබෙනවා. Bitcoin වගේ දෙයක් එක්ක ඔයා ගනුදෙනු කරනවා නම් අනිවාර්යෙන්ම ස්කෑම් ගැන, ස්කෑම් එකක් හඳුනගන්නෙ කොහොමද, ඒවගේම ස්කෑම් එකකින් බේරෙන්නේ කොහොමද? කියලත් අවබෝධයක් ඔයාට අනිවාර්යෙන්ම තියෙන්න ඕන. මොකද අදටත් ලෝකයේ සාර්ථකව ක්‍රියාත්මක වෙනස් Scam තියෙනවා. ඒ වගේම ස්කෑම්වලට රැවටිලා තමන්ගේ ජීවිත පවා නැති කරගත්ත අහිංසක මිනිස්සු මේ ලෝකේ ඉදලා තියෙනවා.

Bitcoin Sri Lanka කියන්නේ ඔයාගේ ජීවිතයේ පාට කරන්න, ඔයාගේ ජීවිතේ ලස්සන කරන්න උදව් කරන තැනක්. ඒ නිසාමයි ස්කෑම් ගැන මේ ලිපියෙන් කතා කරන්න හිතුවේ. අපි ලෝකයේ ප්‍රසිද්ධ ස්කෑම් සිදුවීම් ගැන වගේම ලංකාවේ සිදු වූ සිදුවීම් ගැනත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ස්කෑම් වල ලක්ෂණත් ස්කෑම්වලින් බේරෙන විදිහත් මම ඔයා එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද අපි නොදන්න අඳුරු ලෝකයක් තමයි එළියේ තියෙන්නේ. ලෝකයේ මොන තරම් දරුණු මූල්‍ය වංචා සිදුවෙලා තියෙනවද කියලා ඔයා දන්නවද? එතකොට අපේ ශ්‍රී ලංකාව ඇතුලේ කොයිතරම් වංචා සිදුවෙනවාද?  ඉහළම අධිකාරියක් තිබුණත් මොනතරම් නීති රීති තිබුණත් අදටත් සමහර ස්කෑම් නවත්තන්න බැරිවෙලා තියෙනවා.

ඉතින් මේ ගැන ඉතාම පැහැදිලිව අපේ Bitcoin Sri Lanka Youtube නාලිකාවේ වීඩියෝ එක්කින් ඉදිරිපත් කරලා තියනවා. මේ පහල තියෙන්නෙ ඒ වීඩියෝ එක. ඔයාට පුළුවන් ඒකත් බලන්න.

Scam වලට රැවටෙන්නෙ නැතුව ඉන්න නම් Scam එකක් කියන්නේ මොකක්ද කියලා අපි දැනගෙන ඉන්න ඕන.

මොනවටද ස්කෑම් කියන්නේ

ස්කෑම් එකක් එහෙම නැත්නම් වංචාවක් කියන්නේ අනුන්ගේ මුදල්, තොරතුරු, වත්කම් හෝ වෙනත් වටිනා දේවල් රැවටීමෙන් හෝ අනිෂ්ට ක්‍රමවලින් ලබා ගැනීමේ ක්‍රියාවලියට.

ස්කෑම් වල අරමුණ තමයි මිනිසුන්ගේ විශ්වාසය දිනාගෙන සැලසුම් සහගතව ඔවුන්ගේ දේවල් අයිති කරගැනීම. ස්කෑම් වලදී මිනිසුන්ගේ මනුෂ්‍යත්වය, සංස්කෘතිය, සමාජ තත්ත්වය, ආර්ථික තත්ත්වය, ආකල්ප වගේම අසරණකමත් ගොඩක් වෙලාවට අවභාවිතා කරනවා. ඇත්තටම කීවොත් ස්කෑම් කරන අයට මේ කියපු කාරණා මිනිස්සු රැවටීමට උදව් වෙනවා.

යම්කිසි දෙයකට ආයෝජනය කරන්න කිව්වම මිනිස්සු ගොඩක් වෙලාවට හිතෙනවා ඒකත් ස්කෑම් එකක් කියලා. ආයෝජනයක් ස්කෑම් එකක්ද කියලා දැනගන්න නම් ස්කෑම් වල ලක්ෂණ ගැන අවබෝධයක් තියෙන්න ඕන. අපි බලමු ස්කෑම් වල ලක්ෂණ කිහිපයක් ගැන.

විශ්වාසය ලබා ගැනීම

ස්කැමර්ස්ලා එහෙම නැත්තම් වංචාකාරයා ඔයාගේ විශ්වාසය දිනාගන්නා විවිධ දේවල් කරනවා. ඔහුගේ හැසිරීමට අපිට හිතෙන්නෙ අපි ගැන මේ තරම් හිතෙන මනුස්සයෙක් තවත් නෑ කියලා.  ඒ තරම් ආකර්ශනීය කතා විලාසයක් මේ ස්කෑමර්ස්ලාට තියෙනවා.

ඉක්මන් ප්‍රතිලාභ පොරොන්දු වීම

ස්කෑම් වල තියෙන තවත් ලක්ෂණයක් තමයි මේ ස්කැමර්ස්ලා ඉතා විශාල ප්‍රතිලාභ ලැබෙනවා කියලා පෙන්නන එක. විශාල පොලී අනුපාත වලින් තමයි මෙයලා කතා කරන්නේ. ප්‍රතිලාභ වලට අමතරව  රිවෝඩ්ස්, එහෙම නැත්නම් තෑගි ලැබෙනවා කියලත් මෙයාලා කියනවා. මේ දේවල් වලට ක්ශනිකව දියණු වෙන්න හීන දකින අහිංසක මිනිස්සු ඉතාම ඉක්මනින් අහුවෙනවා.

තීරණ ගැනීමට බලකිරීම

Scam වලදී ස්කැමර්ස්ලට ඕන ඉක්මනින්ම ගනුදෙනුකරුවාව ගනුදෙනුවට යොමු කරගන්න. මොකද එක ගනුදෙනුකරුවෙක් අහිමිවීම ඔවුන්ට ලොකු පාඩුවක්. එනිසා ඔවුන් ආයෝජනයේ අවදානම් ගැන සගවනවා. ඒ  වගේම පෙළඹවීමේ උපක්‍රම ඔවුන් අනිවාර්යයෙන්ම භාවිතා කරනවා. ඒ උපක්‍රම වලින් ඔවුන්ගේ තීරණය ඉක්මන් කරනවා.

තොරතුරු සඟවා ගැනීම හා ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කිරීම

 ස්කැමර්ස්ලා කොයිම වෙලාවකවත් ඔවුන්ගේ සත්‍ය තොරතුරු ලබා දෙන්නේ නැහැ. ඇත්ත වගේ පේන අසත්‍ය තොරතුරු තමයි ලබා දෙන්නේ. මේ තොරතුරු විශ්වාස කරන්න පුළුවන් විදිහට අතිශයෝක්තියකින්, ඒ කියන්නේ වැඩිපුර වර්ණනා කරලා වැඩිපුර දේවල් කියලා තමයි මෙයාලා මිනිස්සුන්ට ලබා දෙන්නේ. ආයෝජනවලින් දියුණු වුණ මිනිස්සුන්ව පෙන්වනවා. ඒ වගේ උපක්‍රම යොදාගන්නවා මිනිස්සුන්ගේ විශ්වාසයක් ලබාගන්න. ඒ වගේම සත්‍ය තොරතුරු වසන් කරන්න.

නිරන්තරයෙන් තොරතුරු ඉල්ලා සිටීම

ස්කැමර්ස්ලා ගොඩාක් වෙලාවට මිනිස්සුන්ගේ මුදල් හෝ තොරතුරු ඉල්ලනවා. ගනුදෙනුවට සම්බන්ධ වුණත් නැතත් තොරතුරු ලබා දෙන්න කියලා තමයි මෙයාලා කියන්නෙ. ඉතින් දිගින් දිගටම ඔයාටත් කෙනෙක් මෙහෙම තොරතුරු ඉල්ලලා කරදර කරනවානම් ඔන්න ටිකක් සැලකිලිමත් වෙන්න ඕන.

ස්කෑම් වර්ග ගොඩක් තියෙනවා. මේ සමාජයේ ජීවත් වන මිනිස්සු විදිහට මේ හැම ස්කෑම් එකකින්ම අපි ප්‍රවේශම් වෙන්න ඕන. ස්කෑන් වර්ග වලට උදාහරණ කිව්වොත්

  • online scams

  • phone scams

  • social media scam

  • real life scams

  • investment scams

වගේ දේවල් ඔයාලට පෙන්නල දෙන්න පුළුවන්. අද ආයෝජන වංචා ගැන වැඩි තොරතුරු කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද වැඩිපුරම මිනිස්සු රැවටෙන්නේ මේ මූල්‍ය වංචාවලට. අපි  bitcoin ගැන කතා කරන නිසා මූල්‍ය වංචා ගැන අවබෝධයක් ඔයාට ලබාදීම අපේ වගකීමක් කියල මම හිතනවා.

මූල්‍ය වංචාවලට ලොකු ඉතිහාසයක් තියෙනවා. 1869 ඉඳලා 1872 කාලයේ ජර්මනියේජීවත් වුණ Adele Spritzedar විශාල ලෙස මුදල් වංචාවක් සිදු කරලා තියෙනවා. 1880 දී ඇමරිකා එක්සත් ජනපදයේ කාන්තාවක්, කාන්තා ගනුදෙනුකරුවන්ට 8% මාසික පොලියක් ලබා දෙනවා කියලා පොරොන්දු වී ඔවුන් රවටා තියෙනවා. ඇයට තුනක සිර දඬුවමක් ලැබුණු බවටත් වාර්තාව වෙනවා.

මූල්‍ය වංචා සිද්ධ වන ආකාරය අනුව වර්ග කරනවා. ඉතින් නිරන්තරයෙන් සිද්ධ වෙන වර්ග කිහිපයක් ගැන මම අද කතා කරන්න හිතුවා.

පොන්සි ස්කෑම්

ලෝකයේම සිද්ධ වෙන ඉතාම ජනප්‍රිය මූල්‍ය වංචාවක් තමයි පොන්සි ස්කෑම් කියන්නේ. 1920 වගේ අතීතයේ දී චාල්ස් පොන්සි තමයි මේ ක්‍රමය මුලින්ම භාවිතා කරල තියෙන්නෙ. චාල්ස් වංචා කල මුදල නිසා ඔහු කරපු මේ ක්‍රියාව ඇමෙරිකාව පුරා වගේම ජාත්‍යන්තර වශයෙන්ද විශාල ලෙස කතාබහට ලක්වුණා. අවසානයේ චාල්ස්ගේ ආයෝජන රටාවට සමාන මූල්‍ය වංචා පොන්සි ස්කෑම් කියලා තමයි අදටත් හඳුන්වන්නේ.

පොන්සි ආයෝජන ක්‍රමය ක්‍රියාත්මක වෙන්නේ මුලින් පැමිණි ආයෝජකයන්ගෙන් නව ආයෝජකයන් හඳුනාගැනීම මගින්. අයෝජකයින් ආකර්ෂණය කර ගැනීම මේකෙදි වෙන ප්‍රධානම ලක්ෂණයක්. පරණ ආයෝජකයන්ට පොලී හෝ ප්‍රතිලාභ ලබා දෙන්නේ නව අයෝජකයන්ගේ ආයෝජනවලින්. සමාගමෙන් කිසිම ගෙවීමක් වෙන්නේ නැහැ. නව ආයෝජකයන් දිගින් දිගටම හොයාගන්න නැතිවෙනකොට මේ ක්‍රියාවලිය බිඳවැටෙනවා. අවසානයේ ආයෝජකයන්ට තැන්පත් මුදලවත් හිමිවෙන්නේ නැහැ. ප්‍රධාන පෙළේ රටවල්වල විතරක් නෙමෙයි ලංකාවෙත් මේ වගේ සිදුවීම් ඕනෑ තරම් සිදුවෙලා තියෙනවා.

 

ලංකාවේ තියෙන්නේ බැඳීම් මූලික වූ සමාජයක්නේ. ඒ කියන්නේ නෑදෑකම්, හිතවත්කම්, මිත්‍රකම්, වලට ලොකු ඉඩක් ලංකාවේ මිනිස්සුන්ගේ හිත්වල තියෙනවා. ඒ වගේ සමාජයක මේ ස්කෑම් ඉක්මනින්ම පැතිරෙනවා.

පිරමීඩ් ස්කෑම්

පොන්සි ස්කෑම් වගේම තවත් ජනප්‍රිය වංචා ක්‍රමයක් වෙන්නේ මේ පිරමීඩ ස්කෑම්. මේ ක්‍රමයේදී වෙන්නේ නව සාමාජිකයන් ඇතුළත් කරගන්න එක. නව සාමාජිකයන් ඇතුළත් කරගත්තොත් නව සාමජීකයා ගෙවන මුදලින් බඳවා ගන්න කෙනාට නැත්නම් අලුත් සාමාජිකයව හඳුන්වා දුන්න කෙනාට ප්‍රතිලාභ ලැබෙනවා. දිගින් දිගටම සාමාජිකයන් බඳවා ගත්තොත් ප්‍රතිලාභ වැඩි වෙනවා. මෙයත් නිතී විරෝධී විදිහට ක්‍රියාත්මක වන මූල්‍ය ක්‍රමයක්. මිනිසුන්ගේ විශ්වාසයත් එක්ක තමයි මේ ක්‍රියාවලියේ පැවැත්ම තීරණය වෙන්නේ. නව සාමාජිකයන් බඳවා ගැනීම අසාර්ථක වුණාම මේ ක්‍රියාවලිය බිඳවැටෙනවා. විශාල වශයෙන් මිනිසුන්ට මුදල් අහිමි වෙනවා. අදටත් හොර රහසේ මේ වගේ වංචනික ක්‍රියාවලි ඕන තරම් සිදුවෙනවා.

 

ICO ස්කෑම්

පොන්සි, පිරමිඩ් වගේම මේ ස්කෑම් වර්ගයේදිත් වෙන්නේ මිනිසුන්ව රවටා මුදල් වංචා කරන එක තමයි. ICO කියන්නේ (Initial Coin Offering) ශෙයා මාකට් එකේ IPO වලට සමාන ක්‍රියාවලියක්. මේ ක්‍රමය නීතී විරෝදීව භාවිතා කිරීම තමයි මේ වංචාවේදි වෙන්නෙ. ඒකෙදි වෙන්නේ යම්කිසි ව්‍යාපරයක් කරගැනීම සදහා ආයෝජන ලබාගෙන වංචා කිරීම. එම ව්‍යාපාරය කවදාවත් එළියට එන්නෙ නැති වෙන්නත් පුළුවන්. මම මේක උදාහරණයක් විදිහට crypto space එක අරගෙන පැහැදිලි කරන්නම්. අලුත් crypto asset එකක් හඳුන්වාදීම සහ ගනුදෙනු මාධ්‍යයට ඇතුළත් කරන්න කලින් ආයෝජකයන්ට සහන මිලකට මේ කොයින් මිලදී ගන්න ඉඩ සලසා දීම මේ වංචාකරුවන් සිද්ද කරනවා. සමහරවිට ඒ කොයින් එක එන්නෙම නෑ. එහෙම නැත්තම් ඉක්මනට ඇවිත් නැතිවෙලා යන්න පුළුවන්.

මේ ක්‍රමයෙන් සාර්ථක වුණ දැනට ඉතාම ජනප්‍රියව පවතින කොයින් විදිහට binance, Ethereum coin අපිට හඳුන්වන්න පුළුවන්. ICO එකත් ක්‍රියා කරන පිළිවෙලක් තියෙනවා. මුලින්ම මෙයාල රිලීස් කොයින් එකට අදාළව ධවල පත්‍රිකාවක් (WHITE PAPAR) නිකුත් කරනවා. මේ දවල පත්‍රිකාවේ කොයින් එකට අදාල සියලුම විස්තර ඇතුළත්.

මේ ICO ක්‍රියාවලිය ස්කැමර්ස්ලාට වංචා කරන්න හොඳ ඉඩකඩක් හදල දෙනවා. මේ ක්‍රියාවලිය වංචනිකව යොදාගෙන මූල්‍ය වංචා සිදුවෙනවා. ව්‍යාජ කොයින් නිකුත් කර ගනුදෙනුකරුවන්ගෙන් මුදල් ලබාගෙන කොයින් එක අතුරුදහන් වෙනවා. ඉතින් ඒවට අහුනොවි ඉන්න නම් ස්කෑම් ගැන ඔයා දැනගෙන ඉන්න එක වටිනවා නේද?

Pump and Dump Scam

Pump and Dump ස්කෑම් කියන්නේ මිනිස්සුන්ව නොමග යවන, රැවටිලිකාර, වංචනික ව්‍යාපාරයක්, වැඩි වර්ණනාවකින් මිනිස්සු අතර ජනප්‍රිය කරන ක්‍රමවේදයක්. අලුතින් හඳුන්වාදෙන ඔවුන්ගේ ව්‍යාපාරයක් එහෙම නැත්නම් ආයෝජනයක්, භාණ්ඩයක්, මේ වංචාකරුවන් යොදාගන්නවා.

කොයින් එකක් උදාහරණයක් විදිහට සම්බන්ධ කරලා මම මේක පැහැදිලි කරලා දෙන්නම්. අලුත් කොයින් එකක් තියෙනවා මේ වංචාකාරයන්ට අයිති. පුළුවන් තරම් මේ කොයින් එක මිනිස්සු අතරට යවනවා. බොරු තොරතුරු, බොරු මවාපෑම් වලින් තමයි මේක ජනප්‍රිය කරන්නේ. ඉල්ලුම වැඩිවෙනකොට කොයින් එක ජනප්‍රිය වුණාට පස්සේ ඉහළම මිලකට මෙයාලා මේ කොයින් එක විකුණනවා. ඉතින් ඊට පස්සේ කොයින් එකේ වටිනාකම පහළට ගිහින් කොයින් එක ගත්ත අයට පාඩු සිද්ධ වෙනවා. මොකද ඉල්ලුම් අඩු වෙනකොට වටිනාකම අඩුවෙන නිසා.

Trading in Signal group

Crypto වලට සම්බන්ධ ස්කෑම් වර්ගයක් තමයි මේ Trading සහ Signal Group කියන්නේ. මේ දවස්වල ලංකාවේ ගොඩක් ජනප්‍රියයි Trading කියන දේ. විවිධ ආයතන, විවිධ Trading උගන්වන Course පවා කරනවා. Trading කියන්නේ නරක දෙයක් නෙවෙයි. විශාල ප්‍රතිලාභ ලබන, සීයට සියක් විශ්වාස කරන්න පුළුවන්, පාඩු සිද්ධ නොවන දෙයක් කියලා trading හඳුන්වන්න බැහැ. ඉතිං විශාල ප්‍රතිලාභ ලැබෙනවා සහ සල්ලි ගොඩක් හොයන්න පුළුවන් කියලා ඔයාව Trading වලටයොමු කරනවා නම් අනිවාර්යෙන්ම ඒක වංචාවක් හෝ යටි අරමුණක් තියෙන ක්‍රියාවක් වෙන්න පුළුවන්.

රිස්ක් එක ගැන ඒ කියන්නේ අවදානම ගැන පැහැදිලි කරලා, trading වල හොඳ පැත්ත වගේම අදුරු පැත්තත් පැහැදිලි කරලා දීලා උගන්නවා නම් එතන ඔයාට ට්‍රේඩින් වලට සුදුසු තැනක් වෙන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න trading කියන්නේ හරියට මැනේජ් නොකලොත් විනාඩියක් ඇතුළත ඔයාට අයිති හැම දේම නැති කරන්න පුළුවන් දෙයක්.

Signal group එකක් කියන්නේ Social media group හරහා, උදාහරණ කීවොත් WhatsApp groups Telegram group, Facebook Group වගේ groups හරහා Crypto Asset ගැන නවතම තොරතුරු බෙදාගන්න තැනක්. මේ තොරතුරු වලට අළුතින් රිලිස් වෙන කොයින් ගැන, මිලදී ගත යුතු දින හා විකිණිය යුතු කාල, උනන්දු කිරීම් වගේ දේවල් ඇතුලත් වෙනවා. ඉතින් මේ සිග්නල් ගෘප් free Signal group, Paid Signal Group, Automated bots වගේ විවිධාකරයෙන් පවතිනවා.

මේවා නීත්‍යානුකූලද කියන ප්‍රශ්නය ගැන අපි කතා කළොත් නීත්‍යානුකූල, Cryptographer විශේෂඥයින් විසින් සිදුකරන ගෲප් තියෙනවා. ඒ වගේම මේ ක්‍රමය අවභාවිතා කරලා වංචා සහගත උපායමාර්ග භාවිතා කරන ස්කෑම් මේ අතර තියෙනවා.

අපි දැන් බලමු මේ මූල්‍ය වංචා ලෝකයේ සහ ලංකාවේ කොහොමද සිද්දවෙලා තියෙන්නේ කියලා.   

Bernie Madoff Ponzi Scam

2008 The Bernie Madoff තමයි මේ ව්‍යාපරය කරගෙන ගියේ. මේක තමයි ලෝකයේ සිදුවුනු විශාලතම පොන්සි ව්‍යාපාරය. මේ ව්‍යාපාරයෙන් ඩොලර් බිලියන 65ට අධික මූල්‍ය වංචාවක් සිදුවෙලා තියනවා.

Golden key Scam

2008 දී ලංකාවේ සිද්ධ වුනු දරුණු මූල්‍ය වංචාවක් තමයි ගෝල්ඩන් කී මූල්‍ය වංචාව. සෙලින්කෝ ඒකාබද්ධ සමාගමක් විසින් තවත්වාගෙන ගිය ගෝල්ඩන් කී සමාගම රුපියල් බිලියන 26.5 වංචා කරලා තියෙනවා.

 On Max DT

ලංකාවේ 2010 දශකයේ සිදුවුණු ජනප්‍රිය පිරමීඩ ආකාරයේ වංචාවක් තමයි On Max DT කියන්නෙ. කෙටි කාලයකින් 20%, 50% ප්‍රතිලාභ ලබාදෙන පොරොන්දුවෙන් තමයි මිනිස්සුන්ව මේකෙදි රවට්ටල තියෙන්නෙ. අදටත් මේ වංචාව නිසා ලංකාවේ අහිංසක මිනිස්සු පීඩා විඳිනවා සහ පසු තැවිලි වෙනවා.

Crypto වංචා

Bitcoin කියන්නේ හැමදාම අපි කියනවා වගේ ලෝකෙම වෙනස් කරපු ආර්ථික විප්ලවයක්. විමධ්‍යගත පද්ධතියක්. නිදහස් මාධ්‍යයක්. මේ දේවල් නිසාම වංචාකරුවන්ට මේක වාසිදායක ක්ෂේත්‍රයක් වෙලා තියෙනවා. බිට්කොයින් සම්බන්ධයෙන් හා ක්‍රිප්ටො සම්බන්ධයෙන් ලෝකයේ සිදුවන වංචා ගැන අපි දැන් කතා කරමු.

Bit connect Scam

Bit Connect කියන්නේ Crypto ආයායෝජනය සිදු කරන්න පුළුවන් 2016 දී ස්ථාපිත plat form එකක්. මේ ආයෝජන මගින් මාසයකට 40% පොලියක් එහෙම නැත්නම් ප්‍රතිලාභ ලැබෙන පොරොන්දුවෙන් තමයි මේ වංචාව ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. මේ ප්‍රතිලාභ නිසා ජනප්‍රිය වුණ බිට්කොනෙක්ට් ලොකේ පුරාම ව්‍යාප්ත වුණා. Bit Connect ඔවුන්ගේම ටෝකන් එකක් ණයට දීම මගින් ද මුදල් වංචා කලා. BCC කියන්නේ Bit Connect ලබාදුන් කොයිනේ වර්ගයක්.

කොහොම වුනත් 2018 ජනවාරි මාසයේදී Bit Connect පොන්සි ස්කෑම් එකක් කියලා හඳුනාගෙන තහනම් කළා. ඉතින් මේකෙන් Bit Connect එකට ආයෝජනය කරපු හැමෝටම විශාල ලෙස පාඩු සිදු වුනා.

One Coin

One coin,2014 ඉඳලා 2017 වෙනකම් ක්‍රියාත්මකවුණ Crypto Asset යොදාගත් පොන්සි ස්කෑම් එකක්. බල්ගේරියානු ව්‍යාපාරික කාන්තාවක් වන රුජා ඉග්නටෝවා තමයි වන්කොයින් ආරම්භ කළේ.

නමුත් මේ කොයින් එක බ්ලොක්චේන් තාක්ෂණයෙන් ක්‍රියාත්මක වෙන නීත්‍යානුකූල ක්‍රිප්ටර් ඇසර්ට් එකක් නෙවෙයි. “Investment opportunity”  යන තේමාවෙන්  මේ කොයින් එක මිනිස්සු හතරට යැවුවා.

මේකෙදි ගනුදෙනුකරුවන්ට පුළුවන් education package එකක් ගන්න. පස්සේ අලුත් අය බඳවාගන්න ඕනා. අලුත් ගනුදෙනු කරුවන්ගෙන් පරණ ගනුදෙනු කරන අයට ප්‍රතිලාභ ලැබෙනවා. 2017 දී විවිධ රටවල්වල ක්‍රියාත්මක නියාමන ආයතන One Coin එකෙන් සිදුවන මේ ක්‍රියාවලියේ වංචා සහගත බව හෙළිදරව් කළා. අවසානයේ ආයෝජකයන්ට ඩොලර් බිලියන ගණනක් මේ වංචාව නිසා අහිමි වුණා. මේ නඩුව ඉතිහාසයේ විශාලතම මූල්‍ය වංචාවලින් එකක් විදිහට තමයි ජාත්‍යන්තරය හඳුන්වන්නේ.

Plus token  

Plus Token, 2018 ඉඳලා 2019 දක්වා කාලයේ ක්‍රියාත්මක වුණ ක්‍රිපිටොකරන්සි ආයෝජනය කරන පොන්සි ස්කෑම් එකක්. Plus Token එක ඩිජිටල් වොලට් එකක් වගේම ආයෝජන වේදිකාවක්. ඒ කියන්නේ investment platform එකක්.

මේ සංවිදානයේ අය මිනිස්සුන්ට කීව්වා, එයාගේ මේ වොලට් එකට කොයින් ගබඩා කලොත් විශාල වශයෙන් ප්‍රතිලාභ ලබා දෙනවා කියලා. මේ ස්කැමර්ස්ලා මාසයකට 6% , 16% දක්වා ප්‍රතිලාභ දෙන බවට පොරොන්දු වෙලා තියෙනවා. මේක චීනයේ වගේම ආසියාතික රටවල් වල විශාල වශයෙන් ජනප්‍රිය වුණා. නව සාමාජිකයන් බඳවා ගැනීම මගින් ද ආයෝජනයට එහෙම නැත්නම් තැන්පත්කරුවන්ට බෝනස් ලබා දීලා තියෙනවා.

 2019 දී මැද වෙනකොට මේ ක්‍රමයක් බිඳ වැටිලා ගනුදෙනුකරුවන්ට එහෙම නැත්නම් තැන්පත්කරුවන්ට එයාල තැන්පත් කරපු crypto Assets ආපසු ගැනීම තහනම් වෙලා තියෙනවා. සමහර ගනුදෙනුකරුවන්ට wallet එකවත් ලොග් වෙන්න ඉඩ ලැබිලාත් නැහැ. ඉතින් මේ පොන්සි ස්කෑම් එකේ මුළු වටිනාකම ඩොලර් බිලියන දෙකක් පමණ වෙනවා කියලා තමයි කියන්නේ.

MTFE (Meta Trade Finance Exchange)

MTFE ලංකාවේ ක්‍රියාත්මක වුණ Trading Platform එකක්. ආයෝජකයින් ඔවුන්ගේ තැන්පතු මිලියන ගණනක් මේ platform එකේ invest කළා. ආයෝජනයන් පුදුමයට පත්වුණේ, එක රැයකින් මේ ප්ලැට්ෆෝම් එක අතුරුදහන් වීමත් එක්ක.

Sports Chain Scam

වංචනිකව සිදුවුනු ක්‍රිප්ටෝ ආයෝජනයක් තමයි Sports Chain Scam එක. මේ වංචාවට වෛද්‍යවරයෝ, දේශපාලඥයින්, ව්‍යාපාරිකයන් ඇතුළුව ලාංකිකයෝ 8000ට අධික පිරිසක් අහුවුනා. ඉතින් මේක නිසි බලධාරීන් වංචාවක් කියලා හඳුනගත්තා. මේ ස්කෑම් එකට ආයෝජනය කරපු ආයෝජකයන්ට අවසනෙදි ඔවුනෙගෙ ආයෝජන මුදලවත් හිමි නුණේ නෑ.

මීට අමතරව මයිනින් ස්කෑම්, MLM ස්කෑම් ද අපේ සමාජයේ වෙමින් පවතිනවා.

ඉතින් අද ලිපියේ වැදගත්ම කොටස තමයි දැන් අපි කතා කරන්න යන්නේ.

ස්කෑම් වලින් බේරෙන්නේ කොහොමද

ඔයා Crypto ෆීල්ඩ් එකේ ඉන්නවනම් අනිවාර්යෙන්ම ස්කෑම් වලින් බේරෙන්න දැනගෙන ඉන්නම ඕන. මං අද පියවරවල් කීපයක් ඔයාට කියලා දෙන්නම්.

දැනුවත් බාවය

සාමාන්‍යයෙන් සිදුවන ස්කෑම් ගැන ඔයා අනිවාර්යෙන්ම දැනුවත් වෙලා ඉන්න ඕන. මේ ලිපියෙනුත් අපි ගොඩාක් දෙවල් කතා කලා. දෙයක් ගැන උනන්දුයි නම් ඒ දේ ගැන තොරතුරු හොයන්න පැය සීයක්වත් වැය කරන්න ඕන. ඒකට අමුතුවෙන් වෙලාව වෙන් කරන්න ඕන නෑ. ඔයාලගේ කොෆි ටයිම් එක උනත් දෙයක් ඉගෙන ගන්න වැය කරන්න පුළුවන්.

දැනුවත් වුනාම, ඒවා ඔයාට හුරු උනාම ස්කෑම් එකක් නම් ඔයාට සහජ බුද්ධියෙන් තේරුම් යනවා. අනාරක්ෂිත ආයෝජන ගැන ඉගෙන ගන්න. ඔයා ආයෝජනය කරන්න කලින් සමාගම හිමිකාරීත්වය, විනිවිද භාවය ගැන සැලකිලිමත් වෙන්න.

ඉක්මන් ප්‍රතිලාභ විශ්වාස නොකරන්න

ප්‍රතිලාභ ඉක්මන්නම්, අවදානම අඩුයි නම්, මහන්සි වෙන්නත් ඕනේ නැත්නම්, හිතාගන්න බැරි තරමට ප්‍රතිලාභ වැඩියි නම්, ඒ වගේ ආයෝජන විශ්වාස කරන්න කලින් පසුබිම හොයලා බලන්න. අධි පීඩන විකුණුම් උපක්‍රමවලට රැවටෙන්න එපා. මොකද ස්කැමර්ස්ලා ගොඩක් වෙලාවට තීරණ ගන්න ඔයාව ඉක්මන් කරවනවා.

තොරතුරු හා මූලාශ්‍ර තහවුරු කරගන්න

අපි තොරතුරු හොයාගත්තට බැහැ. අපි ඒ තොරතුරු විශ්වාස කරන්න කලින් තහවුරු කරගන්න ඕනේ. official channel check කරන්න. ඕනම ක්‍රිප්ටො කොයින් එකක් රිලීස් කරනකොට වෙබ් පේජ් එකක්, ධවල පත්‍රිකාවක් නිකුත් කරනවා. අනිවාර්යෙන්ම මේවා ගැන සැලකිලිමත් වෙන්න.  තහවුරු කරන ලද ප්ලැට්ෆෝම්වල තොරතුරු විතරක් විශ්වාස කරන්න.

පුද්ගලික තොරතුරු බෙදා ගැනීමෙන් වළකින්න

මිනිස්සු ස්කෑම් වලට නොදැනුවත්වම අහුවෙලා තියෙන්නේ මේ පුද්ගලික තොරතුරු ලබාදීම මගින්. ඔයාගේ බැංකු විස්තර, නොදන්න website වලට ඇතුළත් කරන්න එපා. සැක සහිත ලින්ක් විශ්වාස කරන්නත් එපා. තොරතුරු වගේම ඔයාගේ අකවුන් ආරක්ෂා කරගන්න 2FA(Tow- Factor Authentication) වගේ දෙයක් යූස් කරන්න.

ආරක්ෂිත Exchange Platform භාවිතා කරන්න

ඉතාමත් හොඳ පිළිගැනීමක් තියෙන ප්‍රසිද්ධ exchange platform තෝරගන්න එක ඔයාට හොඳයි. උදාහරණ කිව්වොත් binance, Coinbase, Kraken කියන්නේ හොඳ පිළිගත් platform. ඒ වගේම පිලිගත්ත wallets භාවිතා කරන්න. හැක්කරන්න බැරි ආරක්ෂාව හොඳින් තියෙන සහ විශ්වාසවන්ත wallets භාවිතා කරන්න ඕන.

අනතුරු ඇඟවීම් ගැන සැලකිලිමත් වෙන්න

Red Flags එහෙම නැත්නම් රතු කොඩි පිළිබඳ දැනුවත් වෙන්න වෙන්න. ස්කෑම් ගැන කතාකරද්දි රතු කොඩි මොනවද කියලා හොයාගන්න පුළුවන්. Red flags කියන්නේ වංචනික ආයෝජන ප්‍රචාරණයේදී යොදාගන්න උපක්‍රම වලට.

මේ කාරණා ගැන ඔයා සැලකිලිමත් වෙන්න ඕන. බිට්කොයින් ගැන කතා කරද්දී මට ගොඩාක් අහන්න දකින්න ලැබුණ දෙයක් තමයි බිට්කොයින් කියන්නෙත් ස්කෑම් එකක් කියලා. ඒ නිසාම මම මේ ගැනත් පොඩි විස්තරයක් මේ ලිපියෙන් සදහන් කරන්න හිතුවා.

බිට්කොයින් විමධ්‍යගතව පවතින ජාලයක්. මේක පාලනය කරන්න කෙනෙක් නැහැ. ජාලයේ ගනුදෙනු කරුවන් විසින්මයි මේක පාලනය වෙන්නේ. නමුත් අපි කලින් කතා කරපු පොන්සි හරි පිරමීඩ් වගේම ICO ස්කෑම් ගත්තම ඒ හැම ක්‍රමයකටම පාලකයෙක් ඉන්නවා. මූලිකත්වයක් තියනවා. ඒ ගැන බලද්දි මේ ස්කෑම් වලට වඩා බිට්කොයින් තාක්ෂණය ගොඩාක් වෙනස් කියලා අපිට පැහැදිලි වෙනවා.

පොන්සි වගේම පිරමීඩ් වලත් විශාල පොලී අනුපාතත් එක්ක තමයි කතා කරන්නේ. නමුත් කොයිම වෙලාවකවත් බිට්කොයින් වල ගැරන්ටි නිශ්චිත පොලියක් හෝ රිවෝඩ් ලැබෙනව කියලා කියන්නේ නෑ. මොකද බිට්කොයින් කියන්නේ මාකට් එකේ විකුණුම හා මිලදී ගැනීම මත වටිනාකම රැදෙන වත්කමක්. ඒක හරියට රත්තරන් වගේ දෙයක්. ඒ නිසාත් අනෙක් ස්කෑම් වලින් බිට්කොයින් වෙන් කරගන්න පුළුවන් කියලා ඔයාට පැහැදිලි ඇති.

තවත් වෙනස්කමක් තමයි පොන්සි හෝ පිරමීඩ් ස්කෑම් වල නවගනුදෙනු කරුවන් හදුන්වාදෙනවාට කොමිෂන් එකක් එහෙම නැත්තත් රිවෝඩ්, එකක් වැඩි පොලියක් ලැබෙනවා. ඒත් බිට්කොයින් වල එහෙම දෙයක් වෙන්නෙ නෑ. කෙනෙක්ගේ පෙළඹවීමට තවත් කෙනෙක් බිට්කොයින් මිලදී ගත්තට පෙළඹවූ පුද්ගලයාට රීවෝඩ්වත් පොලියක්වත් වැඩි වෙන්නෙ නෑ. නමුත් මේකත් කියන්න ඕන, බිට්කොයින් වලට ගැනුම්කරුවන් වැඩි වූ විට බිට්කොයින් වල මිල ඉහළයෑමක් සිදු වෙනවා. ඒක වක්‍රාකාරව බිට්කොයින් හිමියන්ට වාසිදායක වෙනවා. නමුත් ඒකට මහපරිමානෙන් ගැනුම් කරුවන් වැඩිවෙන්න ඕන. එක්කෙනෙක් දෙන්නෙක් වැඩි වුණාට බැහැ.

ස්කෑම් වලින් බිට්කොයින් වෙන්කරගන්න සරළ වෙනස් කම් ටිකක් මම මේ පැහැදිලි කලේ. තව බොහෝ වෙනස්කම් මෙ අතර තියනවා. ඒ ගැන වැඩි විස්තර ඔයාට අපේ යූටියුබ් නාලිකාවෙන් බලාගන්න පුළුවන්.

ඉතින් මේ කියපු දේවල් ගැන තව තොරතුරු තවත් හොයලා බලන්න. මේ දේවල් හරියට කලොත් ඔයාට පුළුවන් ස්කෑම්වලින් බේරෙන්න සහ ස්කෑම් නොවන ආයෝජන හදුනාගෙන ඔයාගේ ධනය බය නැතුව ආයෝජනය කරන්න. මම හිතනවා අද කතාකරපු දේවල් එක්ක ඔයාට පැහැදිලි වෙන්න ඇති bitcoin එක්ක ගනුදෙනු කරනවා කියන්නේ නරක දෙයක් නෙවෙයි කියලා. දීර්ගකාලීන ආයෝජන වලට ඔයාගේ ධනය, වත්කම් වැඩිදියුණු කරගන්න පුළුවන්.  එවැනි මාධ්‍යයක් තමයි මේ Digital Assets කියන්නේ. ඒවා වංචනික විදිහට අවභාවිතා කරනවා කියලා Digital Assets තහනම් කරන එකවත් නියාමනය හෝ වාරණය කරන එකවත්, දැඩි ලෙස ආරක්ෂා කරන එකවත් හරියන්නේ නැහැ.

මොකද ලෝකය ඉස්සරහට යනවා. ඒත් එක්ක මේ පුංචි රටේ ඉන්න අපිත් ඉස්සරහට යන්න ඕන නේද. කළ යුතු හරිම දේ වෙන්නේ හරියාකාරව දැනුවත් භාවයක් ලබා දෙන එක. Bitcoin Sri Lanka YouTube Cannel එකෙන් මේ ගැන තවත් විස්තර කරලා තියනවා. ඔයාට අවශ්‍ය දැනුම ලබා දෙන්න අපි බැඳිලා ඉන්නවා. තවත් වැදගත් තොරතුරු දැනගන්න අපේ ලිපි වගේම වීඩියෝ සීරිස් එක මුල ඉඳලා බලන්න. අලුත් දේවල් දැනගන්න අපේ YouTube channel එකත් subscribe කරලා තියාගන්න.

සුභ දවසක්.

             

සැළකිය යුතුයි:

අධ්‍යාපනික අරමුණු සඳහා පමණි: මෙම වීඩියෝවේ අන්තර්ගතය වර්තමාන තොරතුරු හා අධ්‍යාපනික අරමුණු සඳහා පමණක් එකතු කර ඇති අතර, කිසිඳු ආකාරයක මුදල් ආයෝජන උපදේශයක් නොවේ.

මූල්‍ය උපදෙස් නොවේ: මෙම වීඩියෝව සපයා ඇත්තේ තොරතුරු දැනගැනීම සඳහා පමණක් වන අතර එය මූල්‍ය, නීතිමය හෝ බදු උපදෙස් ලෙස නොසැලකිය යුතුය. ඕනෑම මූල්‍ය තීරණයක් ගැනීමට පෙර ඔබගේම පර්යේෂණ සිදු කර බලපත්‍රලාභී වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබාගන්න.

Share this post

Bitcoin Sri Lanka logo

At Bitcoin Sri Lanka, we are driving a revolution in financial freedom and digital empowerment. Our mission is to educate, inspire, and enable individuals to harness the transformative power of Bitcoin. Together, we are building a future where financial inclusion is a reality for all Sri Lankans.

Bitcoin Sri Lanka © 2024 | All rights reserved

Bitcoin Sri Lanka logo

At Bitcoin Sri Lanka, we are driving a revolution in financial freedom and digital empowerment. Our mission is to educate, inspire, and enable individuals to harness the transformative power of Bitcoin. Together, we are building a future where financial inclusion is a reality for all Sri Lankans.

Bitcoin Sri Lanka © 2024 | All rights reserved

Bitcoin Sri Lanka logo

At Bitcoin Sri Lanka, we are driving a revolution in financial freedom and digital empowerment. Our mission is to educate, inspire, and enable individuals to harness the transformative power of Bitcoin. Together, we are building a future where financial inclusion is a reality for all Sri Lankans.

Bitcoin Sri Lanka © 2024 | All rights reserved

Bitcoin Sri Lanka logo

At Bitcoin Sri Lanka, we are driving a revolution in financial freedom and digital empowerment. Our mission is to educate, inspire, and enable individuals to harness the transformative power of Bitcoin. Together, we are building a future where financial inclusion is a reality for all Sri Lankans.

Bitcoin Sri Lanka © 2024 | All rights reserved

Bitcoin Sri Lanka logo

At Bitcoin Sri Lanka, we are driving a revolution in financial freedom and digital empowerment. Our mission is to educate, inspire, and enable individuals to harness the transformative power of Bitcoin. Together, we are building a future where financial inclusion is a reality for all Sri Lankans.

Bitcoin Sri Lanka © 2024 | All rights reserved