Resources

Beginner’s Guide

මයිනින් ගැන හැමදේම දැනගමු

22 Apr 2025

අද කතා කරන්නේ ටිකක් සංකීර්ණ වගේම තාක්ෂනික ක්‍රමවේදයක් වන මයිනින් ගැන. ඉතින් ඔයාලා මොනවද මයිනින් ගැන දන්නේ. Bitcoin ගැන උනන්දුවක් දක්වනවා නම් මයිනින් ගැනත් දැනගෙන ඉන්න එක වටිනවා.

අද අපි සරලව මයිනින් ගැන ඉගෙනගමු. මයිනින් කියන්නේ මොකක්ද? , මයිනින් ක්‍රියාවලිය සිද්දවෙන්නේ කොහොමද?, මයින් කරන්න නම් අවශ්‍ය උපකරණ ගැන වගේම මයිනින් වලට තියන වාසි අවාසි ගැනත් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා.

ඔයාට මතක ඇති අපි අපේ කලින් කරපු එක ලිපියකින් බිට්කොයින් ගැන කතා කලා. ඒ විඩීයො එකේදි මයින් ගැන පොඩි විස්තරයක් ඔයාට අපි කීවා. ඒ වගේම මයිනින් ගැන වෙනම ලිපියකින් කතා කරනවා කියලාත් මම ඔයාට කීවා. ඉතින් අද අපි මයිනින් ගැන හැමදේම ඉගෙනගන්නයි යන්නේ.

ඉතින් මේ ගැන ඉතාම පැහැදිලිව අපේ Bitcoin Sri Lanka Youtube නාලිකාවේ වීඩියෝ එක්කින් ඉදිරිපත් කරලා තියනවා. මේ පහල තියෙන්නෙ ඒ වීඩියෝ එක. ඔයාට පුළුවන් ඒකත් බලන්න.

Bitcoin mining කියන්නේ මොකද්ද?

බිට්කොයින් මයිනින් වලින් ගොඩාක් දේවල් සිද්ද වෙනවා. මූලික වශයෙන් බිට්කොයින් නිර්මාණය වෙන්නේ මේ මයිනින් ක්‍රියාවලිය හරහා. ඊට අමතරව බිට්කොයින් ගනුදෙනු වල නිවැරදි බව තහවුරු කිරීම එහෙම නැත්තම් සත්‍යාපනය කිරීම වෙන්නෙත් මේ මයිනින් ක්‍රියාවලියෙන්. මේක තාක්ෂනිකව සිදුවන සංකීර්ණ ක්‍රියාවලියක්. මේක proof of work මත පදනම් වුන දෙයක්. අපි ඒ ගැනත් ඉස්සරහට කතා කරමු.

අලුත් බිට්කොයින් ලබා ගන්න නම් මේ බිට්කොයින් ජාලය මගින් නිර්මානය වෙන සංකීර්ණ ගනිත ගැටලු විසදන්න ඕන. මේ ක්‍රියාවලිය සිද්ද කරන අය මයිනර්ස්ලා කියලා තමයි හදුන්වන්නේ. එයාලා කරන කාර්‍යයට රිවෝඩ් එකක් විදිහට තමයි එයාලට බිට්කොයින් ලැබෙන්නෙ.

අපි හැමදම කියනවා බිට්කොයින් හදුන්වන්නේ ඩිජිටල් ගෝල්ඩ් (Digital Gold) කියලා. ඒ වගේම බිට්කොයින් කියන්නේ රුපියල්, ඩොලර් වගේ ප්‍රින්ට් කරන දෙයක් නෙවෙයි කියලාත් අපි නිතර කියනවා. ඇත්තටම මයින් කරනවා කියන්නෙත් රන් නිදි වලින් රත්තරන් හොයාගන්නවා වගේම ක්‍රියාවලියක්. හැබැයි ඉතින් මේකට පතල් හාරන්න ඕන නෑ. මේ ක්‍රියාවලිය සිද්ද වෙන්නේ තාක්ෂණය හා ශක්තිය වැඩි පරිගණක එක්ක. මේක හරි සංකීර්ණයි. අපි බලමු සරලව ඉගෙන ගන්න.

බිට්කොයින් නිපදවීම විතරක් නෙමෙයි මේ බිට්කොයින් ජාලය ආරක්ෂා කරන්න වගේම සුමටව ක්‍රියාත්මක වීමටත් මේ මයිනින් ක්‍රියාවලිය දායක වෙනවා. අපි බලමු මේ මයිනින් ක්‍රියාවලිය කොහොමද වෙන්නේ කියලා

 මයිනින් ක්‍රියාවලිය ක්‍රියා කරන ආකාරය

 මේ ක්‍රියාවලිය පැහැදිලි කරගන්න පහසු වෙන්න අපි මේක කොටස් වලට බෙදා ගමු. පළවෙනි එක තමයි ගනුදෙනු සකස් කර ගැනීම.

 ගනුදෙනු සකස් කිරීම

 ජාලයේ වන සියලුම ගනුදෙනු ඒ කියන්නේ transaction තාවකාලිකව Memory Pool එක්කට එකතු වෙනවා. මයිනර්ස්ලා මේ ගනුදෙනු වලින් බ්ලොක් එකක් හදනවා. ගනුදෙනු සකස් කිරීමේදී වෙන්නේ මේ කියපු දේ.

හැබැයි මේ ගනුදෙනු නිකම්ම බ්ලොක් එකට එකතු කරන්න බැහැ. මොකද, එක ගනුදෙනුකරුවෙක් එයා ළඟ තියෙන බිට්කොයින් එකක් තවත් කෙනෙකුට යැවීමේදී ගනුදෙනුව හරියාකාරව සිද්ධ වෙලා තියෙනවද සහ එකම බිට්කොයින් එක දෙවරක් වැය වෙලා තියෙනවද කියලත් බලන්න ඕන. මේ දේවල් අඳුරගෙන තහවුරු කරලා ඒ කියන්නේ verification එකක් කරලා තමයි බ්ලොක් එකට එකතු කරන්නේ.

 තහවුරු කිරීම - Verification

තහවුරු කිරීම එහෙම නැත්නම් verification ක්‍රියාවලිය හරිම සංකීර්ණයි වගේම අසීරු ක්‍රියාවලියක්. මේ තහවුරු කිරීම් කරන්න මයිනස්ලට හෑෂ් ටැග් එකක් හොයාගන්න සිද්ධ වෙනවා. SHA-256 HASH Algorithm භාවිතයෙන් තමයි මෙයාලා බ්ලොක් හෑෂ් එක හොයාගන්නේ. මයිනස්ලා NONCE (Number Used Once) එක වෙනස් කරමින් හරිම හෑෂ් ටැග් එක හොයාගන්න ඕන. ඒක ඇත්තටම අහඹු ලෙස සිදුවන දෙයක්. බිලියන ගණනක් හෑෂ් අතරින් හරිම හෑෂ් එක තෝරා ගැනීමේ කොයිතරම් අමාරුද කියලා ඔයාට තේරෙනවා ඇති.  මේ තහවුරු කිරීමේ ක්‍රියාවලියට Proof of Work  කියල කියනවා.

Block එකක් Blockchain එකට එකතු කිරීම

මයිනර්ස්ලා හොයාගත්ත බ්ලොක් හෑෂ් එක Difficulty Target එකට ගැලපෙනවනම් බ්ලොක් එක නෙට්වර්ක් එක ඇතුලේ තහවුරු වෙනවා. ඒ verification එකත් එක්ක බ්ලොක් එක Blockchain එකට එකතු වෙනවා. මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ නෝට් එකක් හරහා. ඒ ගැන අපි තවත් ලිපියකින් ඉස්සරහට කතා කරමු.

Block Reword එකක් ලැබීම

ක්‍රියාවලියේ අවසානෙදි, අලුත් බ්ලොක් එකක් සාර්ථකව මයින් කරන මයිනර්ට බ්ලොක් රිවෝඩ් එකක් විදිහට Bitcoin ලැබෙනවා. 2024 මුල් කාලයේ බ්ලොක් රිවෝඩ් එක විදිහට මයිනර් කෙනෙක්ට බිට්කොයින් 6.25 ලැබුණා. ඒත් Bitcoin halving එක නිසා 2024 මැයි ඉදලා අද වෙද්දි මයිනර් කෙනෙක්ට ලැබෙන්නේ bitcoin 3.125 වගේ ප්‍රමානයක්. ඉතින් මුලින්ම එක බ්ලොක් එකක් හරියට මයින් කරනවාට මයිනර් කෙනෙක්ට Bitcoin 50 ලබාදීලා තියෙනවා. ඉතින් මේක අවුරුදු හතරෙන් හතරට ගෙවන ගානෙන් හරියටම භාගයක් අඩුවෙන නිසා තමයි අද වෙනකොට මේ රිවෝඩ් එක 3.125 වෙලා තියෙන්නෙ.

මයිනර් කෙනෙකුට Block Reword  එක විතරක්ම නෙමෙයි. Transaction කරද්දි ඒවා verify කරනවාට ගනුදෙනුකරුවන්ගෙන් transection fee එකක් අය වෙනවා. Bitcoin Network එකේ ගනුදෙනු වැඩි වෙන්න වැඩි වෙන්න මේ fee එකත් වැඩිවෙනවා.

ඉතින් මේ කියපු විදිහට, ගනුදෙනු සකස් කිරීම, තහවුරු කිරීම, හැෂ් එකක් හොයා ගැනීම, බ්ලොක් එක Blockchain එකට එකතු කිරීම, අවසාන වශයෙන් රිවෝඩ් ලබාදීම මයිනින් ක්‍රියාවලියේදී සිද්ධ වෙනවා. මයිනින් ක්‍රියාවලිය හරහා බිට්කොයින් නිර්මාණය වෙන විදිහ දැන් ඔයාට පැහැදිලි වෙන්න ඇති.

මෙහෙම සංකීර්ණ , අමාරු කාර්යයක් සිද්ධ වෙන්නේ ඇයි කිව්වොත්, මේ ක්‍රියාවලිය සකසලා තියෙන්නේ Bitcoin Network එකේ ආරක්ෂාවට වගේම සාධාරණත්වය තහවුරු කරන්න ඕන නිසා. එක මයිනර් කෙනෙක්ට මේ ජාලයම තනියම හසුරුවන්න බැහැ. ඒ නිසා මේ ක්‍රියාවලිය විද්‍යුත් විදිහට, තාක්ෂණිකව ලෝකය පුරාම බෙදාහැරලා තියෙනවා. මයිනින් ක්‍රියාවලියට ඇත්තටම ඔයාට වුණත් දායක වෙන්න පුලුවන්.

මයිනින් සඳහා තිබෙන විවිධ ක්‍රම

මම දැන් කිව්වනේ ඔයාටත් මේ මයිනින් ක්‍රියාවලියට දායක වෙන්න පුළුවන් කියලා.  ඉතිං අපි බලමු මයින් කරන්න තියෙන ක්‍රම කීපයක් ගැන.

Solo Mining

Solo Mining කියන්නේ තනියම මයින් කරන ක්‍රමයක්. එක පුද්ගලයෙක් විදිහට වගේම එක ආයතනයක් විදිහට මේ Solo Mining කරන්න පුළුවන්. මේකට තාක්ෂණික උපකරණ වගේම ශක්තිමත් අන්තර්ජාල පහසුකමක් අවශ්‍ය වෙනවා. බිද වැටීම් නැති විදුලි සැපයුමක්ද අනිවාර්යෙන්ම අවශ්‍ය වෙනවා. මේ උපකරණ ගොඩක් ඉක්මනට රත් වෙන නිසා cooling system එකකුත් Solo mining වලදී අවශ්‍යවෙනවා. Solo mining වලටම නිර්මාණය වුණ උපකරණ තියෙනවා. මේවා ගොඩක් මිල අධිකයි. උපකරණ ගැන අපි ඉස්සරහට කතා කරමු.

Mining pool වලට එකතු වීම

Solo mining කරන්න අමාරු අයට පුළුවන් Mining Pool එක්කට සම්බන්ධ වෙන්න. ගොඩාක් මයිනර්ස්ලා මේ මයිනින් ක්‍රියාවලියට සම්බන්ද වෙන්න්නේ, mining pool හරහා.  Mining pool එකෙන් මයිනින් ක්‍රියාවලිය ඉක්මනට සිද්ධ වෙනවා. ඒත් ලැබෙන ප්‍රතිලාභය ක්‍රියාවලියට සම්බන්ධ මයිනස්ලා සියලු දෙනාම අතරේ බෙදිලා යනවා.

Cloud Mining 

තුන්වෙනි ක්‍රමය විදිහට මම කතා කරන්නේ cloud mining ගැන.  මයිනින් ක්‍රියාවලියේදී පිරිවැය අඩුම ක්‍රමයක් තමයි cloud mining කියන්නේ. ඔයා මයින් කරනවනම් ඔයාට පුළුවන් Cloud mining හරහා තවත් කෙනෙක්ගේ කොම්පියුටින් පවර් එක කුලියට ගන්න. ඒත් සැලකිලිමත් වෙන්න ඕනේ දේ තමයි වංචා සහගත ක්‍රියාවලින් බේරෙන එක. ඔයා අනිවාර්යෙන්ම විශ්වාසදායක සේවා සපයන්නන් විතර තොරගන්න ඕන.

ඉතින් ඔයාට මේ කියපු ක්‍රම වලින් මයිනින්  ක්‍රියාවලියට සම්බන්ධ වෙන්න පුළුවන්. මයින් කරන්න විවිධ උපකරණ අවශ්‍ය වෙනවා. අපි ඒ ගැන ටිකක් බලමු.

Mining Hardwar

මයිනින් හාඩ්වෙයාර් ගැන කිව්වොත් සෝලෝ මයින්වලදී භාවිතා කරන ප්‍රදානම උපකරණය තමයි Asic miners කියන්නේ. මේක මිල අධික උපකරණයක්, මේවට උදාහරණ විදිහට Bitmain Antminer S19, Whats Miner M30 S++, නම් කරන්න පුළුවන්.

මීට අමතරව මයිනින් ක්‍රියාවලියේ හාර්වෙයර් විදිහට GPU mining Rigs භාවිතා කරනවා. Nvidia RTX 30 90, AMD RX 6800XT වර්ග වලින් මේ Rigs මයිනර්ස්ලා හදාගන්නවා.

Mining software

මයිනින් ක්‍රියාවලියට යොදාගන්න software ගැන කතා කලොත්, CG miner, BFG miner , Nice HASH easy miner, උදාහරණ විදිහට නම් කරන්න පුළුවන්.

Mining Pools

Mining Pools වලට ජනප්‍රිය සහ පිළිගන්න පුළුවන් උදාහරණ විදිහට F2 POOL, SLUSH POOL, ANT POOL, BINANCE POOL හඳුන්වන්න පුළුවන්.

ප්‍රධාන වශයෙන් මයිනින් ක්‍රියාවලියට මේ උපකරණ අවශ්‍ය වෙනවා. ක්‍රියාවලිය වාසිදායක වගේ පෙනුණනත් මේකට අභියෝග තියෙනවා. ඒ නිසා මයිනින් වල වාසි සහ අභියෝග ගැනත් අපි ටිකක්‌ කතා කරමු.

Bitcoin mining වල වාසි සහා අභියෝග

Bitcoin මයිනින් වල වාසි ගැන අපි මුලින්ම බලමු, මයිනින් ක්‍රියාවලිය නිසා තමයි මේ Bitcoin Network එක ආරාක්ෂා වෙලා පවතින්නේ. ඒ වගේම හැම ගණුදෙනුකරුවෙකුටම අසාධාරණයක් නොවී, විනිවිද භාවයක් එක්ක ක්‍රියා කරන්න ලැබෙන්නෙත් මේ මයිනින් ක්‍රියාවලිය නිසා. විමධ්‍යගත පද්ධතියක් තුළ ගැටලුවක් නැතිව ගනුදෙනු සාර්තකව වෙනවා කියන එක ඇත්තටම පුදුමයි නේද. මොකද පාලකයෙක්වත්, භාරකාරයෙක්වත් මේ පද්දතියට නැහැනෙ. බිට්කොයින් ගනුදෙනු නිවැරදිව වෙන්නෙත්, මේ ජාලය හරියට ක්‍රියාත්මක වෙන්නෙත් මයිනින් වල දායකත්වයෙන්. ඔයාට බිට්කොයින් මිලදී ගන්න ලැබෙන්නෙත් මයිනර්ස්ලා බිට්කොයින් රීවෝඩ් විදිහට ලබාගන්න නිසා.

හරි අපි දැන් අවාසි එහෙම නැත්තම් අභියෝග ගැනත් ටිකක් බලමු. මයිනින් ‍ක්‍රියාවලියට අවශ්‍ය කරන උපකරණ ඉතාමත් මිල අධිකයි. ඉතින් ඒ නිසා මයින් මයිනින් ක්‍රියාවලියට ලොකු පිරිවැයක් දරන්න සිද්ධ වෙනවා. තවත් අභියෝගයක් තමයි තමයි විශාල විදුලි බලයක් මේ මයින් ක්‍රියාවලිය සඳහා වැයවීම. ඉතින් ලංකාව වගේ රටක මයින් කරන්න අමාරු මේ නිසා.

ඒ වගේම halving නිසා ප්‍රතිලාභ අඩුවීමත් මයිනින් වල එක අවාසියක් වෙනවා. මයිනින් ක්‍රියාවලිය දැන් ගොඩක් තරගකාරී. මේ තරගකාරීත්වය මයිනස්ලට අවාසිදායක තත්ත්වයක් උදාකරලා තියෙනවා.

සමහර රට වල මයිනින් ක්‍රියාවලිය නීති ගතකර නැති නිසා, ඒකත් මයිනින් ක්‍රියාවලියට ලොකු අභියෝගයක් වෙලා තියෙනවා.

බලශක්තිය යොදා ගැනීමේදි වර්ථමානයේදී විවිද මම ගොඩ නැගිලා තියනවා. ඒ නිසා මම ඒ ගැනත් ටිකක් කතා කරන්න හිතුවා. ගොඩාක් රටවල් කියන්නේ බිට්කොයින් නිපදවන්න අසීමිත විදුලියක් වැය වෙනවා කියලා. ඔව් ඒක ඇත්ත. ඒත් එයාලා කියනවා එහෙම කරන එක ලොකු නාස්තියක් කියලා. ඒක පිලිගන්න බැහැ. මොකද අපි දැන් යූස් කරන මූල්‍ය පද්දතියට ඊට වඩා පිරිවැයක් යනවා.

මම කලින් කීවා වගේ බිට්කොයින් නිපදවන්න අපතේ යන පුනර්ජජනීය බලශක්තිය යූස් කරන්න පුළුවන් අපිට. බූතානය වගේ රටවල් එයාලාගේ පුනර්ජනනීය බලශක්තිය යොදාගෙන ඉතාම කාර්‍යක්ශමව බිට්කොයින් නිපදවීම කරනවා.

තව දෙයක් තමයි බිට්කොයින් වලින් පුළුවන් මේ අපතේ යන බලශක්තිය ගබඩා කරලා තියාගන්න. මොකද අපිට බලශක්තිය අවශ්‍ය තරමට ගබඩා කරගන්න බැහැ. ඒත් බිට්කොයින් වලට මේ බලශක්තිය හරවගත්තම අපිට පුළුවන් ඕන තැනකට බිට්කොයින් හරහා මේ බලශක්තිය අරන් යන්න.

Bitcoin ගැන උගන්වන අපි මයිනීන් ගැන මේ තරම් ලොකු විස්තරයක් ඔයාට කියලා දුන්නේ bitcoin වල තියෙන සුවිශේෂීභාවය පෙන්වන්න. bitcoin ජාලය තුල තියෙන ආරක්ෂාව හා සාදාරණත්වය පැහැදිලි කරන්න. ලෝකයටම Bitcoin මිලියන 21 යි තියෙන්නේ. ඉතින් මේ මිලියන විසිඑක හැදෙන හැටි ගැන ඔයා මේ blog එකෙන් දැනගන්න ඇති.

විශාල ආයතන මේ මයිනින් ක්‍රියාවලියට දායක වෙනවා. ඒකෙන් පැහැදිලි වෙන්නේ මේ ක්‍රියාවලියේ තියෙන විශ්වාසනීයත්වය. මම හිතනවා අද, වැදගත් දේවල් ගොඩාක් ඔයා දැනගන්න ඇති කියලා. මේ ක්‍ෂේත්‍රයට අදාල තවත් විස්තර අපි අපේ Bitcoin Sri Lanka page ඒකෙන් වගේම Bitcoin Sri Lanka  වීඩියෝ සීරීස් එකෙන් ඉස්සරහට කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම පහුගිය වීඩියෝස් වලින් සහ ලිපි වලින් අපි bitcoin ගැන වගේම, මේ ක්ෂේත්‍රයට අදාළ තව ගොඩක් විස්තර කතා කරල තියනවා. ඔයාට පුළුවන් පහළ link වලින් ගිහින් ඒවත් බලන්න. ඉතින් අපේ YouTube එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.

සුභ දවසක්.

 

 

සැළකිය යුතුයි:

අධ්‍යාපනික අරමුණු සඳහා පමණි: මෙම වීඩියෝවේ අන්තර්ගතය වර්තමාන තොරතුරු හා අධ්‍යාපනික අරමුණු සඳහා පමණක් එකතු කර ඇති අතර, කිසිඳු ආකාරයක මුදල් ආයෝජන උපදේශයක් නොවේ.

මූල්‍ය උපදෙස් නොවේ: මෙම වීඩියෝව සපයා ඇත්තේ තොරතුරු දැනගැනීම සඳහා පමණක් වන අතර එය මූල්‍ය, නීතිමය හෝ බදු උපදෙස් ලෙස නොසැලකිය යුතුය. ඕනෑම මූල්‍ය තීරණයක් ගැනීමට පෙර ඔබගේම පර්යේෂණ සිදු කර බලපත්‍රලාභී වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබාගන්න.

Share this post

Bitcoin Sri Lanka logo

At Bitcoin Sri Lanka, we are driving a revolution in financial freedom and digital empowerment. Our mission is to educate, inspire, and enable individuals to harness the transformative power of Bitcoin. Together, we are building a future where financial inclusion is a reality for all Sri Lankans.

Bitcoin Sri Lanka © 2024 | All rights reserved

Bitcoin Sri Lanka logo

At Bitcoin Sri Lanka, we are driving a revolution in financial freedom and digital empowerment. Our mission is to educate, inspire, and enable individuals to harness the transformative power of Bitcoin. Together, we are building a future where financial inclusion is a reality for all Sri Lankans.

Bitcoin Sri Lanka © 2024 | All rights reserved

Bitcoin Sri Lanka logo

At Bitcoin Sri Lanka, we are driving a revolution in financial freedom and digital empowerment. Our mission is to educate, inspire, and enable individuals to harness the transformative power of Bitcoin. Together, we are building a future where financial inclusion is a reality for all Sri Lankans.

Bitcoin Sri Lanka © 2024 | All rights reserved

Bitcoin Sri Lanka logo

At Bitcoin Sri Lanka, we are driving a revolution in financial freedom and digital empowerment. Our mission is to educate, inspire, and enable individuals to harness the transformative power of Bitcoin. Together, we are building a future where financial inclusion is a reality for all Sri Lankans.

Bitcoin Sri Lanka © 2024 | All rights reserved

Bitcoin Sri Lanka logo

At Bitcoin Sri Lanka, we are driving a revolution in financial freedom and digital empowerment. Our mission is to educate, inspire, and enable individuals to harness the transformative power of Bitcoin. Together, we are building a future where financial inclusion is a reality for all Sri Lankans.

Bitcoin Sri Lanka © 2024 | All rights reserved