බිට්කොයින් ගැන උනන්දු අයට මේ Blockchain කියන වචනය නිතර අහන්න ලැබිල ඇති. ඔයා හිතල බැලුවද ඇත්තටම ඒ මොකක්ද කියලා. Blockchain කියන්නේ තාක්ෂණය පෙරළිකාර පිම්මක්. මම එහෙම කියන්නේ ඇයි කියලා ඔයාට මේ ලිපිය ඉවර වෙද්දි පැහැදිලි වෙයි. Blockchain එකකට තොරතුරු ගබඩා වීම, තොරතුරු බෙදා හැරීම හරියට මැජික් එකක් වගේ.
අපි අද Blockchain එක කියන්නෙ මොකක්ද?, කොහොමද Blockchain වැඩ කරන්නේ, Blockchain ඇයි මේ තරම් විප්ලවීය තාක්ෂණයක් විදියට හඳුන්වන්නේ කියලත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා.
ඉතින් මේ ගැන ඉතාම පැහැදිලිව අපේ Bitcoin Sri Lanka Youtube නාලිකාවේ වීඩියෝ එක්කින් ඉදිරිපත් කරලා තියනවා. මේ පහල තියෙන්නෙ ඒ වීඩියෝ එක. ඔයාට පුළුවන් ඒකත් බලන්න.
Blockchain වල ආරම්භය
මුලින්ම කියන්න ඕන Blockchain technology එක Bitcoin, Crypto වලට විතරක් සම්බන්ධ දෙයක් නෙමෙයි. අපේ ක්ෂේත්‍රයට අදාලව අපි Blockchain ඒක ගැන කතා කරා වුනත් මේ තාක්ෂණය විවිධ ක්ෂේත්‍රවලට යොදා ගන්න පුළුවන්. සෞඛ්‍ය, ආරක්‍ෂාව, games, supply chain, domain names, මූල්‍ය සේවා, වාහන මේ හැම ක්ෂේත්‍රයක්ම කාර්යක්ෂමව කරගන්න මේ තාක්ෂණය යොදා ගන්න පුළුවන්. නමුත් අපි බලන්න ඕන Blockchain වගේ සංකීර්ණ තාක්ෂණයත් කුමක් හෝ පද්දතියකට භාවිතා කරන්න කලින් වෙනත් පහසු විකල්ප තියනවාද කියලා. දැනට ලෝකයේ Blockchain තාක්ෂණය හරියාකාරව භාවිතා වෙන්නේ මේ අපි නිතර කතා කරන Bitcoin network එකේ පමණයි. ඒ නිසා අපි Bitcoin වලට සම්බන්ද Blockchain ගැන මුලින්ම කතා කරමු.

Bitcoin ජනප්‍රිය වීමත් එක්ක Blockchain තාක්ෂණය ගැන හැමෝම කතාවෙන්න පටන්ගත්තත් මේක ගොඩක් පරණ සංකල්පයක්. ඇත්තටම 1982 වගේ කාලයේ ඉඳලා කතාබහට ලක්වුන දෙයක්. David lee charm, Stuart Haber, W.Scott Stornetta, Dave Bayer වගේ ක්‍රිපිටෝග්‍රැෆල්ස්ලා මේ තාක්ෂණය සංවර්ධනය කරන්න දායක වෙලා තියෙනවා.
2008 දී සතෝෂි නකමොටෝ තමයි පළවෙනි Blockchain එක සංකල්පනය (Conceptualized) කරලා තියෙන්නේ. මේ Blockchain එක තව තවත් දියුණු කිරීමට නකමොටෝ උත්සාහගෙන තියෙනවා.
Blockchain එකක් කියන්නේ මොකක්ද?
Blockchain එකක් කියන්නේ bitcoin network එකේ වෙන හැම ගනුදෙනුවක්ම සටහන් කරගන්න ලෙජර් එකක් වගේ දෙයක්. මේ ලෙජර් එක ගබඩාවෙලා තියෙන්නේ නෝඩ් එක ඇතුලේ. නෝඩ් එකක් කියන්නෙ හරියට කම්පියුටර් එක්කට. ඉතින් නෝඩ් ගැනත් සම්පූර්ණ විස්තරයක් වෙනත් ලිපියකින් ගෙන එන්න බලාපොරොත්තු වෙනවා. නෝඩ් විශාල ප්‍රමාණයක් ලෝකයේ තියෙනවා. ඒ හැම නෝඩ් එකකම මේ Blockchain එකේ කොපි එකක් save වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා කිසිම කෙනෙකුට Blockchain එකට ඇටෑක් කරන්න බැහැ.
මධ්‍යගත බැංකුවලත් මේ විදිහට ගිණුම් පොතක් එහෙම නැත්නම් ලේජර් එකක් තියෙනවා. ඒත් ඒක මධ්‍යගතයි. තොරතුරු ගබඩා වෙලා තියෙන්නේ එක තැනක. තොරතුරු බෙදා හැරීම කරන්නෙත් එතනින්මයි. පාලනය කරන්නේත් එතනින්.
ඉතින් මේ ලේජර් වල තොරතුරු ගබඩා වෙන ආකාරය අනුව වර්ග කරන්න පුළුවන්.
Centralized
Decentralized
රජය සහ බැංකු පද්ධතිය ක්‍රියාත්මක වෙන්නේ මේ centralized ආකාරයට. එක තැනක විතරක් මේ දත්ත තැන්පත් වුනාම දත්ත පාලනය කරන්න වගේම වෙනස් කරන්නත් පුළුවන් වෙනවා. ආරක්‍ෂාව සහ විනිවිදභාවය මේ ක්‍රමයේදී සහතික වෙන්න බැහැ.

Blockchain එක ක්‍රියාත්මක වෙන්නේ decentralized ආකාරයට. එක තැනක විතරක් නෙවෙයි දත්ත, තොරතුරු ගබඩා වෙන්නේ. විමද්‍යගතවයි මේ තාක්ෂණය පවතින්නේ. ඒ නිසා කාටවත් දත්ත වෙනස් කරන්න පාලනය කරන්න බැහැ. ඒ වගේම ලෙජර් එකට ඇතුලත් වෙන අලුත් තොරතුරු ඉතා ඉක්මනින් ලෝකයේම පැතිරෙනවා. මේ ක්‍රියාවලියේ ආරක්ෂාව විනිවිද භාවය උපරිමට තියන බවට සහතික වෙන්න පුළුවන්.
Blockchain එක හැදිලා තියෙන්නෙ බ්ලොක් පිටු ගණනාවක එකතුවකින්. එක බ්ලොක් එකක ගනුදෙනු රාශියක තොරතුරු තියෙනවා. ඉතින් මේ විදිහට තමයි එක බ්ලොක් එකක් නිර්මාණය වෙන්නේ.
බ්ලොක් එකක් නිර්මාණය වෙන්නේ මයිනින් වලින්. ඒ ගැනත් අපි අලුත් ලිපියකින් කතා කරනවා. මේ හැම බ්ලොක් එකක්ම එකකට එකක් සම්බන්ධයි. හරියට චේන් එකක් වගේ. ඒක තමයි මේකට Blockchain එකක් කියල කියන්නෙ.
Blockchain එකක් ක්‍රියා කරන ආකාරය
Blockchain එකක් ක්‍රියා කරන ආකාරය ගැන පියවර විදිහට අපිට පැහැදිලි කරන්න පුළුවන්.

1. පියවර - ගනුදෙනු පටිගත කිරීම
Bitcoin network එකේ වෙන හැම ගනුදෙනුවක්ම පටිගත කිරීම තමයි මුලින්ම සිද්ධ වෙන්නේ. කවුරුහරි කෙනෙක් ගනුදෙනු කරන විට යවන්නා, ලබන්නා වගේම යවන මුදල පිළිබඳවත් තොරතුරු මුලින්ම පටිගත කරගන්නවා.
2. පියවර - සත්‍යාපනය
දෙවන පියවරෙන් වෙන්නේ මේ ලබාදුන්න තොරතුරු නිවැරදිද කියලා බලන එක. මේක වෙන්නේ මයිනින් ක්‍රියාවලියෙන්. ගනුදෙනුව නිවරදිව සිදුවෙලා නම් ඒ ගනුදෙනුව නීත්‍යානුකූල ගනුදෙනුවක් විදිහට වෙරිෆයි කරනවා.
3. පියවර - Blockchain එකට එකතු කිරීම
තුන්වෙනි පියවර විදිහට මේ ගනුදෙනු Blockchain එකට එකතු කිරීම සිද්ධ වෙනවා. Blockchain එකට එක ගනුදෙනුවක් එකතු වුණාට පස්සේ මොනම හේතුවකටවත් ඒක වෙනස් කරන්න බැහැ.
4. පියවර - නෝඩ් සමග තොරතුරු බෙදා ගැනීම
හතරවෙනි පියවරෙන් වෙන්නේ විමාධ්‍යගතව පවතින මේ ජාලයට වෙරිෆයි කරපු තොරතුරු බෙදා හැරීමයි. මේ ජාලයේ තියෙන හැම නෝඩ් එකක්ම තොරතුරු බෙදාගන්නවා. මේ නිසා bitcoin ගනුදෙනු වල විනිවිදභාවය වගේම ආරක්ෂාවත් තහවුරු වෙනවා.
Blockchain මේ තරම් සුවිශේෂී දෙයක් වෙන්නේ ඇයි?
Blockchain ගැන මේ තරම් අපි කතා කරන්නේ මේකෙ තියෙන සුවිශේෂීතාවය නිසාමයි. ප්‍රධාන හේතු තුනක් අරගෙන අපි මේ ගැන කතා කරමු.

1. විමධ්‍යගතවීම
සාමාන්‍යයෙන් ඕනෑම පද්ධතියක්, ආයතනයක් හෝ පුද්ගලයෙක් විසින් තමයි පාලනය වෙන්නේ. ඒ කියන්නේ මාධ්‍යගතවයි පවතින්නේ. Blockchain කියන්නේ විමධ්‍යගතව පවතින ක්‍රියාත්මක වෙන පද්දතියක්. Blockchain එකක් කවුරුත් පාලනය කරන්නේ නැහැ. ඉතින් ඒ නිසා දත්තවල විශ්වාසනී බව පවත්වගන්න පුළුවන්.
2. ආරක්ෂාව
Blockchain එක හරිම ආරක්‍ෂාකාරී. මෙ තරම් ආරක්ෂාකාරී වෙන්න හේතුව තමයි මේකෙදි භාවිතා කරන ප්‍රධානම තාක්ෂණ ක්‍රම දෙක. Encryption සහ Immutability කියන තාක්ෂණ ක්‍රම දෙක තමයි Blockchain වල භාවිතා වෙන්නේ. එක් වරක් Blockchain එකට ගනුදෙනුවක් ඇතුළත් වුණොත් මොන හේතුවකටවත් ඒක වෙනස් කරන්න බැහැ. එනිසා වංචාවලින් වගේම ව්‍යාජ ගණුදෙනුවලින් Blockchain එකෙන් ගනුදෙනුකරුවන්ට ආරක්ෂාව ලැබෙනවා. එක කුඩාම දත්තයක් වෙනස් කලත් එක ව්‍යාජයි කියල දැනගැනීමේ හැකියාව මේ Blockchain තාක්ෂණය තියෙනවා. එකම බිට්කොයින් එක කීප දෙනුකුට යවන්න බැරි මේ නිසා.
3. විනිවිදභාවය
Blockchain පද්ධතිය විශේෂ වෙන්න තවත් එක හේතුවක් තමයි මේ විනිවිදභාවය. නිකම් හිතන්න බැංකු පද්ධතිය, සෞඛ්‍ය පද්ධතිය මොන පද්ධතිය ගත්තත් ඒවාගේ තොරතුරු සාමාන්‍ය ජනතාවට පෙන්නන්නෙ නැහැ. දත්ත වෙනස් කරනවද නැද්ද කියල විතරක් නෙමෙයි ඇත්තටම ඒවගේ කිසිම තොරතුරක් අපි දන්නේ නෑ. අපිට අයිතියක් තියෙනවා ඒවා දැනගන්න. නමුත් දැනගන්න පුළුවන් විදිහක් තවම නිර්මාණය වෙලා නැහැ. බිට්කොයින් වලදී දැනගැනීමට අවශ්‍ය සෑම තොරතුරක්ම දැක බලාගැනීමට හැකියාව ලැබිලා තියෙන්නෙ මේ Blockchain තාක්ෂණය නිසා. තමන් එක්ක ගනුදෙනු කරන පුද්ගලයාගේ සියලු ගනුදෙනුවල තොරතුරු ලබා ගැනීමට මේ Blockchain තාක්ෂණයෙන් පුළුවන්. වැරදි ගනුදෙනු වංචා වගේ දේවල් මේ විනිවිදභාවය නිසා කරන්න බැහැ.

ඉතින් මේ කියපු විමධ්‍යගත වීම, ආරක්ෂාව විනිවිදභාවය නිසා Blockchain තාක්ෂණය මිනිසුන්ගේ විශ්වාසය වර්ධනය කරගන්න ගොඩක් දායක වෙලා තියෙනවා. ඒ වගේම මේ Blockchain තාක්ෂණය මූල්‍ය පද්ධතිය සෞඛ්‍ය පද්ධතිය, රජය, smart contacts, වගේ ක්ෂේත්‍ර රැසකට ලොකු බලපෑමක් වෙලා තියෙනවා. ඒ වගේම මිනිස් ජීවිත වෙනස් කරන්න, මිනිස්සු හිතන පතන විදිහ පවා වෙනස් කරන්න මේ තාක්ෂණයට හැකියාව ලැබිලා තියෙනවා. අපි දැන් බලමු මේක අපේ ජීවිත වලට කොයි විදිහට ද බලපාන්නේ කියලා.
Blockchain සැබෑ ලෝකයේ භාවිතා වීම
මම මුලින්ම ඔයාලට කිවුවා Blockchain කියන්නේ බිට්කොයින් වගේ crypto Asset එක්ක විතරක් ක්‍රියාත්මක වෙන ටෙක්නොලොජි එකක් නෙවෙයි කියලා. දැනටමත් ලෝකයේ සංවර්ධිත රටවල විශාල වශයෙන් මේ Blockchain තාක්ෂණය භාවිතා වෙනවා. අපි ඒ ගැනත් ටිකක් බලමු. මොකද ශ්‍රී ලංකාව වගේ රටක ජීවත් වෙනකොට අපිට මේ ගැන අවබෝදයක් තියන එක වටිනවා කියලා මම හිතනවා.
දැනට හරියාකාරවම මේ Blockchain තාක්ෂණය භාවිතා වෙන්නේ බිට්කොයින් වල පමණයි. වසර දාසයක කාලයක් ඉතාම ප්‍රයෝජනවත් ලෙස මේ තාක්ෂණය bitcoin ජාලයේ දැවැන්ත මෙහෙයක් සිදුකරලා තියෙනවා. අනෙක් ක්ශේත්‍රවලට Blockchain කියන්නේ සංකල්පයක් විතරයි. මොකද මේ විමද්‍යගත වීම පහසුවෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ භාවිතාව හරිම දුර්ලභයි. අපිට රජයේ අයවැය වලට, සැපයුම් දාම වලට , දේපල ලියාපදිංචි කීරීම වගේ ක්ෂේත්‍ර වලට භාවිතා කරන්න පුළුවන්.

නමුත්, ලංකාව වගේ රටක තාමත් සෑම පද්දතියකම භාගයක්වත් paper system එකෙන් තමයි ක්‍රියාත්මක වෙන්නෙ. Blockchain තාක්ෂණය තියා මේවාගෙ හරියට ඩේටාබේස් සිස්ටම් එකවත් ක්‍රියාත්ක වෙන්නෙ නෑ. ඉතින් මේ තාක්ෂණික ක්‍රමවේද හරියට භාවිතා කරනවා නම් දැන් තියන තත්ත්වයට වඩා කාර්‍යක්ෂම සිස්ටම් එකක් අපිට ලබාගන්න පුළුවන්.
අපනයන ක්ෂේත්‍රය නවීකරණයට, මුදල් පද්ධතිය සරල කිරීම, වගේම පසුගිය අවුරුදුවලින් ඇතිවුනා වගේ අර්බුද වලින් බේරෙන්න මේ තාක්ෂණය ඇත්තටම ගොඩක් වටිනවා. Blockchain කියන්නේ සරල දෙයක් නෙවෙයි. අපේ ජීවිත අනාගතය සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න පුළුවන් විප්ලවීය නවෝත්පාදනයක් කියලා කිව්වොත් වැරදි නැහැ. නමුත් ලංකාවේ අපි තවම මේ සංකීර්ණ තාක්ෂණය භාවිතා කරන්න සූදානම් ද කියන එක කල්පනා කරන්න ඕන ගැටළුවක්.
මේ ලිපියෙන් බිට්කොයින් වලට වගේම අපේ ජීවිතයට සහ අපේ රටේ සමාජයට ආර්ථිකයට ගොඩක් වටින දෙයක් තමයි කතා කළේ. කල්පනා කරන්න ගොඩක් දේවල් ඔයාට ඇති. බිට්කොයින් වලට සම්බන්ධ තාක්ෂණික දෙයක් ගැන තමයි අද අපි කතා කලේ. ඒ වගේම නෝඩ් සහ මයිනින් ක්‍රියාවලිය ගැනත් අපි ඉස්සරහට කතා කරන්න බලාපොරොත්තු වෙනවා. කලින් ලිපි වලින් බිට්කොයින් වලට සම්බන්ද ගොඩාක් දේවල් කතා කරලා තියෙනවා. ඔයාට පුළුවන් ඒ ලිපි කියවලා නව දැනුමක් එකතු කරගන්න.
ඉතිං අද අපි සංකීර්ණ කාරණාවක් ගැන සරලව කතා කළා. මේ කතා කරපු දේවල් ඉතාම පැහැදිලිව bitcoin sri lanka අපේ යූටියුබ් චැනල් එකේ තියනවා. ඉතින් ඔයාට පුළුවන් අපේ වීඩියෝස් බලන්න සහ දිගටම අපේ චැනල් එකත් එක්ක එකතු වෙලා ඉන්න. අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා.
එහෙනම් අදට ගිහින් එන්නම් සුභ දවසක්.
සැළකිය යුතුයි:
අධ්‍යාපනික අරමුණු සඳහා පමණි: මෙම වීඩියෝවේ අන්තර්ගතය වර්තමාන තොරතුරු හා අධ්‍යාපනික අරමුණු සඳහා පමණක් එකතු කර ඇති අතර, කිසිඳු ආකාරයක මුදල් ආයෝජන උපදේශයක් නොවේ.
මූල්‍ය උපදෙස් නොවේ: මෙම වීඩියෝව සපයා ඇත්තේ තොරතුරු දැනගැනීම සඳහා පමණක් වන අතර එය මූල්‍ය, නීතිමය හෝ බදු උපදෙස් ලෙස නොසැලකිය යුතුය. ඕනෑම මූල්‍ය තීරණයක් ගැනීමට පෙර ඔබගේම පර්යේෂණ සිදු කර බලපත්‍රලාභී වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබාගන්න.
මෙම ලිපිය හුවමාරු කරගන්න