මේ දක්වා අපේ ලිපි වලින්, මුලින් අපි මුදල් වල ඉතිහාසය හා පරිණාමය ගැන, භාණ්ඩ හුවමාරුවේ ඉඳලා රත්තරන් දක්වා ගනුදෙනු මාධ්‍ය නිර්මාණය වුණ ආකාරය ගැන, රජය විසින් නිකුත් කරන කඩදාසි මුදල් ගැන කතා කලා. ඊට පස්සෙ අපි බිට්කොයින් කියන්නේ මොකද්ද? කොහොමද බිට්කොයින් බිහිවුනේ, සාම්ප්‍රදායික මූල්‍ය පද්ධතිවලට කොහොමද මේ බිට්කොයින් අභියෝග කරන්නේ? මේ දේවල් ගැන අපි කතා කලා. ඒත් බිට්කොයින් ඇයි මේ තරම් වැදගත් වෙන්නෙ කියලා දැන ගන්න නම් ඇත්තටම අපි උද්ධමනය ගැන ඉගෙන ගන්න ඕන.
උද්දමනය සෑම පුද්ගලයෙකුටම බලපානවා. ඔයාගේ වැටුපේ වටිනාකම, නිවාස වල මිල ගනන්, වාහන වල මිල ගනන්, ඉතුරුම් වල වටිනාකම් වලටත් උද්දමනය බලපානවා. ඉතුරුම් අනාගතයේදී කොයිතරම් දුරට ප්‍රයෝජනවත් වෙනවද කියල තීරණය කරන්නෙත් මේ උද්ධමනය විසින්. උද්ධමනය, සරලවම මිල ඉහළ යෑම විතරක්ම නෙවෙයි. මිල ඉහළ යන්නේ ඇයි, මුදල් වල වටිනාකම අඩුවීම වෙන්නේ කොහොමද, කවුද මේකෙන් වාසි ලබාගන්නේ කියලත් උද්දමනයයෙන් අපිට පැහැදිලි කරලා දෙනවා. ගොඩක් අය හිතන්නේ අපි කොච්චර මහන්සි වෙලා වැඩ කළත් වැඩක් නැහැ, කිසිම ඉතුරුවක් නෑ කියලා. උද්ධමනය ඒකට ප්‍රධානම හේතුවක්. ඔයාගේ ධනය ආරක්ෂා කරගන්න, ඔයාගේ වත්කම් ආරක්ෂා කරගන්න, නිවැරදිම මුල්‍ය තීරණ ගන්න, නම් ඔයා අනිවාර්යයෙන්ම මේ උද්ධමනය ගැන ඉගෙන ගන්න ඕන.
මේ ලිපිය අවසන් වෙනකොට උද්ධමනය කියන්නේ මොකක්ද? කොහොමද උද්ධමනය මනින්නේ? කාටද උද්ධමනයෙන් ප්‍රතිලාභ තියෙන්නේ? කාටද උද්ධමනයෙන් වැඩිපුර රිදෙන්නේ වගේම කොහොමද ඔයා ඔයාවම ආරක්ෂා කරගන්නේ කියලත් ඔයාට දැනගන්න පුලුවන් වෙයි.
ඉතින් මේ ගැන ඉතාම පැහැදිලිව අපේ Bitcoin Sri Lanka Youtube නාලිකාවේ වීඩියෝ එක්කින් ඉදිරිපත් කරලා තියනවා. මේ පහල තියෙන්නෙ ඒ වීඩියෝ එක. ඔයාට පුළුවන් ඒකත් බලන්න.
උද්ධමනය යනු කුමක්ද?
උද්ධමනය කියලා කියන්නේ කාලයත් එක්ක පුද්ගලයන්ගේ මිලදී ගැනීමේ හැකියාව අඩුවීමට. මේක ආර්ථිකයේ මිල ඉහළ යෑමත් එක්ක සිදුවන දෙයක්. උද්ධමනයක් ඇතිවුණාම කලින් රුපියල් දාහට ගත්ත බඩු ටික උද්ධමන කාලයේදී ඒ මුදලටම ගන්න බැරිවෙනවා. ප්‍රධාන වශයෙන්ම සිද්ද වෙන්නේ මුදල් සැපයීමේ වැඩිවීමක් වෙනකොට. මුදල් ප්‍රසාරණය වැඩිවෙනකොට මුදලේ වටිනාකම අඩුවෙනවා.
විවිධ ආකාරයේ උද්ධමනයන් තියෙනවා. මහ බැංකු හා රජයන් මුදල් සැපයුම වැඩි කරනකොට, ඒ කියන්නේ නව මුදල් මුද්‍රණය කිරීමෙන් හරි ණය නිකුත් කිරීමෙන් හරි මුදල් උද්ධමනය සිදු වෙනවා. කොටස් සහ දේපළ වෙළඳාම් වැනි ආයෝජනවලට මුදල් ගලා යනකොට වත්කම් උද්ධමනය ඇති වෙනවා. ඒ නිසා ඒවායේ මිල ඉහළ යනවා. පාරිභෝගික මිල උද්ධමනය (CPI උද්ධමනය) කියන්නේ ආහාර, නිවාස සහ ප්‍රවාහනය, සෞඛ්‍ය වගේ එදිනෙදා භාවිතා කරන භාණ්ඩ හා සේවාවල මිල ඉහළ යාමට.

උද්ධමනයේ බලපෑම් සෑම කෙනෙකුටම එක වගේ බලපාන්නෙ නැහැ. දේපල හෝ කොටස් වැනි දේවල් වටිනාකමින් ඉහළ යන විට වත්කම් හිමි අය ගොඩක් වෙලාවට උද්දමනයෙන් ප්‍රතිලාභ ලබනවා. මාසික වැටුපෙන් හරි ඉතිරිකිරීම් මත හරි යැපෙන අය උද්දමනයත් එක්ක අපහසුතාවයට පත්වෙනවා. මූල්‍ය ස්ථාවරත්වයක් තියෙන වෙනත් පුද්ගලයෙකුට වඩා නිවාස කුලිය, සෞඛ්‍ය සේවා, ආහාර සඳහා වැඩිපුර වියදම් කරන කෙනෙකුට, ඉහළ උද්ධමන අනුපාතයක් අත්විඳින්න සිදුවෙනවා. මේ නිසා උද්ධමනය පුද්ගලිකයි - එක් පුද්ගලයෙකුට පිරිවැයේ තියුණු වැඩිවීමක් විදිහට දැනෙන දෙයක් තවත් කෙනෙකුට ඒ ආකාරයෙන්ම බලපාන්නේ නැහැ.
උද්ධමනය කියන්නෙත් ආර්ථිකයේ එක කොටසක්. ඒත් අධික උද්ධමනය ලෝකයෙ සාමාන්‍ය පුද්ගලයන්ට වගේම ශ්‍රී ලංකාව වගේ රටවල් වලටත් බරපතල විදිහට බලපානවා. මේක ලොකු ගැටලුවක්. මුදල් වල අගය පහළ වැටීමට විවිධ හේතු තියෙනවා. නමුත් ප්‍රධාන වශයෙන්ම, උද්ධමනය මුදල් අගය පහළ වැටීමට බලපානවා. අපි බලමු උද්ධමනය ඇති වෙන්න බලපාන හේතු මොනවද කියල.
ඉල්ලුමෙන් ඈදුණ උද්ධමනය
හිතන්න රටක නිෂ්පාදනය කරන ප්‍රමාණයන්ගෙ වෙනසක් සිද්ධ නොවී තියෙද්දී මිනිස්සුන්ට භාණ්ඩ මිලදී ගැනීමේ හැකියාව වැඩි වුනොත් මොකද වෙන්නේ කියලා? වෙළඳපොලේ ඉල්ලුම ඉහළ යනවා. ඉහල යන ඉල්ලුම සම්පූර්ණ කරන්න ප්‍රමාණවත් නිෂ්පාදනයක් සිද්ධ නොවන නිසා තියෙන භාණ්ඩවල මිල ගණන් ඉතා ඉක්මනින් වැඩි වෙනවා. ඉතින් මේ හේතුව නිසා ඇතිවන උද්ධමනය, ආර්ථික විශ්ලේෂකයන් හඳුන්වන්නේ ඉල්ලුමෙන් ඈදුන උද්ධමනය කියලා.
පිරිවැයෙන් තල්ලු වූ උද්ධමනය
භාණ්ඩ නිෂ්පාදනය සඳහා යොදවා ගන්නා නිෂ්පාදන සාධක වල මිල ගණන්.., ඒ කියන්නෙ පිරිවැය ඉහළ යාම නිසා නිෂ්පාදනය අඩුවෙන්න පුළුවන්. මේ සාධක විදිහට නිෂ්පාදනයට යොදවා ගන්න ද්‍රව්‍ය මෙන්ම, සේවක වැටුප් වැඩිවීම, ඉන්දන මිල ඉහළයාම, අධික ආනයනය වගේ දේවල් අයත් වෙනවා. නිෂ්පාදන සාධකවල මිල ඉහළ ගියත් භාණ්ඩ වල ඉල්ලුම වෙනස් වෙන්නේ නැත්නම් භාණ්ඩවල මිල අඛණ්ඩව ඉහළ යෑමක් සිද්ධ වෙනවා. මේ තත්ත්වය නිසා ඇතිවන උද්ධමනය විශ්ලේෂකයන් හඳුන්වන්නේ පිරිවැයෙන් තල්ලු වූ උද්ධමනය කියලා.
අනවශ්‍ය ලෙස මුදල් මුද්‍රණය
අපි කතා කරපු ප්‍රධාන ක්‍රම දෙකට අමතරව උද්ධමනය ඇතිවෙන්න තවත් හේතු තියෙනවා. මම කලින් ලිපි වලත් කතා කරලා තියෙනවා අනවශ්‍ය ලෙස මුදල් මුද්‍රණය කළොත් මොකද වෙන්නේ කියලා. ප්‍රධාන වශයෙන්ම සිද්ධ වෙන්නේ රුපියලේ වටිනාකම අඩුවීම. හිතන්නකෝ ඔයා පලතුරු බීම එකක් හදනවා, ප්‍රමාණය වැඩි කරගන්න වතුර වැඩිපුර දානවා. එහෙම වතුර වැඩි කරන්න වැඩි කරන්න බීම එකේ රසය වගේම ගුණයක් අඩුවෙනවා. මුදල් මුද්‍රණය කරද්දිත් මේකම තමයි සිද්ධ වෙන්නේ. ශ්‍රී ලංකාවේ මෑත ඉතිහාසයේ ඇතිවුන උද්ධමන තත්ත්වයට අපි මේ කතා කරපු හේතු තුනම බලපෑවා.

උද්ධමනය මනිනු ලබන ආකාරය: පාරිභෝගික මිල දර්ශකය (CPI)
උද්ධමනය නිරීක්ෂණය කරන ප්‍රධානම ක්‍රමවලින් එකක් තමයි පාරිභෝගික මිල දර්ශකය (CPI). ආහාර, ඉන්ධන, සෞඛ්‍ය සේවා සහ නිවාස වගේ අත්‍යවශ්‍ය දේවල් ඇතුලත් "භාණ්ඩ කූඩයක" සාමාන්‍ය මිල කාලයත් එක්ක වෙනස් වීම, CPI මගින් මනිනවා.
කොහොම වුනත්, CPI එකෙන් හැම කෙනෙකුටම උද්ධමනය සමානව බලපාන බව පෙන්නන්න්නෙ නෑ. පුද්ගලාගෙන් පුද්ගලයාට තමගෙ මුදල් වියදම් කරන විදිහ වෙනස්. ඒ නිසා උද්ධමනය ඔවුන්ගේ පෞද්ගලික අත්දැකීම වාර්තා ආකාරය අනුව CPI මිනුමට වඩා වැඩි හෝ අඩු වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට, නිවාස කුලිය එන්න එන්නම වැඩිවෙනවා. ඒත් ඔයා ඉන්න නිවස ඔයාටම අයිති එකක් නම් ඔයාගෙ පෞද්ගලික උද්ධමන අනුපාතය කුලී නිවසක ජීවත් වෙන කෙනෙක්ට වඩා අඩු වෙන්න පුළුවන්. ඒ හා සමානව, වෛද්‍ය වියදම් වැඩි වෙනව වුනත් ඔයාට සෞඛ්‍ය සේවා අවශ්‍ය වන්නේ කලාතුරකින් නම්, උද්ධමනය ඔයාට එතරම් දරුණු විදිහට දැනෙන්නේ නැහැ.
CPI ගණනය කරන ආකාරය ද කාලයත් සමඟ වෙනස් වෙනවා. සමහර විට, රජය මේ භාණ්ඩ කූඩය සකස් කර, මිල අධික දේවල් ලාභදායී විකල්ප වලට මාරු කරනවා. මේ විදිහට උද්ධමනය මනින එකෙන් මිනිසුන් අත්විඳින උද්ධමනයට වඩා අඩු උද්ධමනයක් තමයි රජය ප්‍රකාශ කරන්නේ. නිල සංඛ්‍යාලේඛන යෝජනා කරන ප්‍රමාණයට වඩා වේගයෙන් තම ජීවන වියදම ඉහළ යන බව ගොඩාක් අයට තේරෙන්න මේක එක හේතුවක් වෙනවා.

උද්ධමනය සිදුවන්නේ ඇයි?
උද්ධමනය ස්වභාවික නීතියක් නෙවෙයි. - ඒක ණය සහ මුදල් නිර්මාණය හරහා වර්ධනයට ප්‍රමුඛත්වය දෙන ආර්ථික ප්‍රතිපත්ති සහ මූල්‍ය පද්ධතිවල සෘජු ප්‍රතිඵලයක්. උද්ධමනයට ප්‍රධාන සාධක කිහිපයක් දායක වෙනවා.
මධ්‍යම බැංකු පොලී අනුපාත අඩු කර, මුදල් පද්ධතියට මුදල් එන්නත් කරන විට මුදල් මුද්‍රණය සහ ණය ප්‍රසාරණය සිදු වෙනවා, ඒ මඟින් ණය ගැනීම ලාභදායී වුනත් වියදම් වැඩි වෙනවා. කොහොම වුනත්, මේ දේ නිසා මුදල් වල වටිනාකම අඩුවෙනවා. ඒක මිල ඉහල යෑමටත් හේතුවෙනවා. රජයන් අයවැය අඩුවෙන් (budget deficits) ඒ කියන්නෙ අයවැය හිගයකින් ක්‍රියාත්මක වෙනකොට රජයේ වියදම් සහ මූල්‍ය ප්‍රතිපත්ති (fiscal policy) රජය පවත්වාගෙන යන්න ලොකු කාර්යභාරයක් ඉටු කරනවා. අයවැය හිගයක් කියන්නේ රජයක් එක් අවස්ථාවක ලබා ගන්නා බදු ආදායමට වඩා වැඩි මුදලක් වියදම් කිරීම නිසා ඇතිවෙන ආර්ථික අස්ථාවරත්වයට. හිඟය පියවා ගැනීම සඳහා, රජය කරන්නේ මුදල් මුද්‍රණය කිරීම හෝ හෝ ණයට ලබා ගැනීම. මේ දෙකම උද්ධමනය වැඩි කරනවා.
සැපයුම් දාම බාධා (Supply chain disruptions) සහ ඉහළ යන බලශක්ති පිරිවැය ද උද්ධමනය ඇති කරනවා. මොකද ව්‍යාපාර මේ පිරිවැයත් පාරිභෝගිකයින්ගෙන් තමයි අය කරගන්නේ.

අවසාන වශයෙන්, වත්කම් උද්ධමනය සහ ධනය සාන්ද්‍රණය (wealth concentration) සිදුවන්නේ අලුතින් නිර්මාණය කරන මුදල් පාරිභෝගික භාණ්ඩ වෙනුවට මූල්‍ය වෙළඳපොළට යොමු කරන විටයි. මේක තවත් පැහැදිලි කළොත්, රජය හෝ මහ බැංකුව නිකුත් කරන නව මුදල්, සාමාන්‍ය භාණ්ඩ හෝ සේවාවලට වෙනුවට කොටස් වෙළඳපොල(stocks market) හෝ Real Assets වගේ මූල්‍ය වෙළඳපොලවලට යොමු කිරීම මගින් ඒවාගේ මිල ඉහළ යනවා. දැනටමත් මේ වත්කම් අයිති කරගත් අයට මෙයින් ප්‍රයෝජන ලැබෙනවා. අලුත් ගැනුම්කරුවන්ට මේවාගේ මිල අධිකබව නිසා මේ වත්කම් මිලදී ගැනීම අපහසුයි. මෙය ධන සාන්ද්‍රණය (wealth concentration) වැඩි කරනවා.
නිදහස් වෙළඳපොළ සහ ස්වභාවික මිල ස්ථායිතාව
ඇත්තටම සැබෑ නිදහස් වෙළඳපොලක (free market), තරඟය (competition) සහ තාක්ෂණික දියුණුව (technological advancements) හේතුවෙන් කාලයත් සමඟ මිල පහත වැටීමට (prices fall) ස්වාභාවික ප්‍රවණතාවක් තියෙනවා. ව්‍යාපාරිකයන් නිතරම කාර්යක්ෂමතාව (efficiency) වැඩි දියුණු කරන නිසා නිෂ්පාදනය හා බෙදාහැරීම (production and distribution) අඩු වියදමින් සිදු කරනවා. තාක්ෂණ ක්ෂේත්‍රය (technology sector) මෙයට හොඳ උදාහරණයක්, පරිගණක (computers), ස්මාර්ට්ෆෝන් (smartphones), සහ මෘදුකාංග (software) වසර ගණනාවක් තිස්සේ වඩාත් ශක්තිමත් හා ලාභදායී (affordable) වෙලා තියෙනවා.

කෙසේ වෙතත්, මිල අඩුවීමේ (lower prices) ප්‍රතිලාභ පාරිභෝගිකයන්ට ලබා නොදී, රජයන් සහ මහ බැංකු (central banks) මුදල් සැපයුම (money supply) වැඩි කිරීමෙන් මේකට මැදිහත් වෙනවා. මෙය කෘතිම ලෙස මිල නැවත ඉහළ යාමට (artificially pushes prices back up) හේතුවක් වෙනවා වගේම, සෑම කෙනෙකුටම මිලදී ගැනීමේ හැකියාව (affordability) වැඩි කරන ස්වාභාවික මිල පහත වැටීමේ (deflation) ක්‍රියාවලිය වළක්වනවා.
උද්ධමනය ප්‍රතිලාභ ලබන්නේ කවුද සහ එයින් පීඩා විඳින්නේ කවුද?
උද්ධමනය (inflation) මිනිසුන්ට වෙනස් විදිහට බලපානවා. ඒක මිනිසුන්ගේ මූල්ය තත්ත්වය (financial situation) අනුව වෙනස් වෙනවා. real estate, කොටස් (stocks), සහ මූලික භාණ්ඩ (commodities) වගේ වත්කම් අයිති කරගත් අයට බොහෝ විට ප්‍රයෝජන ලැබනවා. මොකද මෙම ආයෝජන (investments) උද්ධමනයත් එක්ක වටිනාකම ඉහළ යන නිසා. රජයන් සහ මහ බැංකු වගේම විශාල ණය ගැනුම්කරුවන් (large borrowers) ද මේ නිසා ප්‍රයෝජන ලබනවා, මොකද උද්ධමනය එයාලගේ ණය (debt) වල සැබෑ වටිනාකම (real value) අඩු කරන නිසා. මේකෙන් ණය ආපසු ගෙවීම පහසු වෙනවා. මූල්‍ය ආයතන (financial institutions) සහ නව මුදල් නිෂ්පාදනයට (newly created money) සමීපව සිටින බැංකු හා විශාල සමාගම් (large corporations) වගේ ආයතන “කැන්ටිලොන් ආචරණය” එකෙන් ප්‍රයෝජන ලබාගන්නවා. මේ සමාගම් වලට පුළුල් ආර්ථිකයේ (broader economy) මිල ඉහළ යාමට පෙර මුදල් වියදම් කිරීමට හෝ ආයෝජනය කිරීමට
හැකියාව ලැබෙනවා.

අනෙක් අතට, උද්ධමනය වැටුප් ලබන අය (wage earners), ඉතුරුම් කරන්නන් (savers), සහ ස්ථාවර ආදායම් (fixed incomes) ලබන අයට හානි කරයි. වැටුප, මිල ඉහළ යාමේ වේගයට (rising prices) ගැලපෙන්නේ නැතිනම්, සේවකයන්ගේ මිලදී ගැනීමේ බලය (purchasing power) අඩු වෙනවා. ඒ මඟින් එදිනෙදා අවශ්‍යතා (everyday necessities) වඩාත් මිල අධික වෙනවා. මුදල් හෝ අඩු පොලී ගිණුම් (low-interest accounts) වල තබා ඇති ඉතුරුම් කාලයත් සමඟ වටිනාකම අඩු වෙනවා. ස්ථාවර ආදායම් මත රඳා පවතින විශ්‍රාමිකයින්ට (retirees) ජීවන වියදම් (cost of living) කළමනාකරනය කරගන්න අපහසු වෙනවා. බදුදීම්කරුවන් (renters) සහ පළමු වතාවට නිවස් මිලදී ගන්නන් (first-time homebuyers) නිවාස වියදම් (housing costs) ඉහළ යාමට මුහුණ දෙනවා වගේම විචල්‍ය පොලී අනුපාත (variable interest rate loans) ණය ගැනුම්කරුවන්ට මහ බැංකු පොලී අනුපාත (interest rates) ඉහළ නංවන විට ණය ගෙවීමේ වියදම් (repayment costs) වැඩි වෙනවා.
සමස්තයක් වශයෙන්, උද්ධමනය ආර්ථික අසමානතාවය (economic inequality) වැඩි කරනවා. වටිනාකම ඉහළ යන වත්කම් (appreciating assets) අයිති කරගත් අයට එයාලාගේ සම්පත් ආරක්ෂා කර ගැනීමට හෝ වර්ධනය කර ගන්න පුළුවන්. එත් වැටුප් හෝ ඉතුරුම් මත රඳා පවතින අයට එයාලගේ මූල්‍ය තත්ත්වය (financial position) දුර්වල වෙනවා. මේකෙන් පැහැදිලි වෙන්නේ උද්ධමනය, මූල්‍ය බලය (financial leverage) ඇති අයට ප්‍රයෝජන ලබා දෙනවා වගේම සාමාන්‍ය අයට ඉදිරියට යාම අපහසු කරන එක. මෙය ආර්ථික අසමානතාවය වැඩි කරන චක්‍රයක් (reinforcing cycle) ඇති කරනවා.
උද්ධමනයෙන් ඔබව ආරක්ෂා කර ගන්නේ කෙසේද?
උද්ධමනයෙන් (inflation) ආරක්ෂා වීමට, පුද්ගලයන් කාලයත් සමඟ වටිනාකම ඉහළ යන වත්කම් අයිති කර ගැනීමට අවධානය යොමු කරන්න. හොඳම විකල්ප කිහිපයක් අතර real estate ගොඩාක් වැදගත්. මේ වත්කම කාලයත් එක්ක වටිනාකම ඉහළ යනවා වගේම, උද්ධමනයට එරෙහිව ආරක්ෂාවක් ලබා දෙනවා. විශේෂයෙන් ශක්තිමත් pricing power එකක් ඇති සමාගම්වල කොටස්, පාරිභෝගිකයින් මත පිරිවැය පැවරීමෙන් උද්ධමනයට අනුවර්තනය වෙනවා. රත්රන් (gold) සහ රිදී (silver) වගේ භෞතික වටිනාකමක් සහිත වත්කම් සියවස් ගණනාවක් තිස්සේ උද්ධමන කාලවලදී වටිනාකම ගබඩා කිරීමේ (store of value) මාධ්‍යයක් ලෙස භාවිතා කරලා තියෙනවා. බිට්කොයින් (Bitcoin), සම්ප්‍රදායික මුදල් වලට වඩා, මිලියන 21 සීමිත සැපයුමක් (fixed supply) ඇති දෙයක්. ඒ නිසාම උද්ධමන මූල්‍ය ප්‍රතිපත්ති (inflationary monetary policies) වලින් බේරීමේ හැකියාව බිට්කොයින් වලට තියෙනවා.

බිට්කොයින් තවමත් ජනප්‍රිය වෙමින් පවතින වත්කමක් වුනත්, බිට්කොයින් වල තියෙන විමධ්‍යගතකරණය (decentralization) සහ දුර්ලභතාවය (scarcity) නිසා බිට්කොයින් උද්ධමනයට එරෙහිව ආරක්ෂාවක් ලෙස ගනුදෙනු කරුවන්ට අද්විතීය වාසි ලබාදෙනවා. දේපළ වෙලදාම හෝ කොටස් වෙළදපොල, වගේ වත්කම් වලට වඩා බිට්කොයින් ඕනෑම කෙනෙකුට පහසුවෙන් ලබාගන්න පුලුවන්දෙයක්. ඔයාගේ බිට්කොයින් පාලනය කරන්නෙත් ආරක්ෂා කරගන්න්නෙත් ඔයා විසින්මයි.
උද්ධමනය සහ ආර්ථිකය වෙනස්වීමේ අනාගතය
උද්ධමනය සෞඛ්‍ය සම්පන්න ආර්ථිකයක නොවැළැක්විය හැකි කොටසක් නෙවෙයි. උද්ධමනය අධික මුදල් ප්‍රසාරණය වන ණය සහ රජයේ වියදම් මත රඳා පවතින මුදල් ප්‍රතිපත්තිවල ප්‍රතිවිපාකයක්. රජයක්, තාක්‍ෂණය සහ විමධ්‍යගත මූල්‍ය පද්ධති පරිණාමය වෙනකොට, බිට්කොයින් වගේ විකල්ප උද්ධමන පද්ධතිවලින් පිටත වටිනාකම ගබඩා කිරීමට මිනිසුන්ට අලුත් ක්‍රම ලබාදෙන්න ඕන. බිට්කොයින් කියන්නෙ මුදල් වගේ දෙය නෙවෙයි. ඒක දැනටමත් ඔයා දන්න කාරණාවක්. බිට්කොයින් සීමිත බව එක්ක වටිනාකම රැදෙන වත්කමක් කියලා තමයි හදුවන්නේ. ඒක තමයි බිට්කොයින් වලට ඩිජිටල් ගෝල්ඩ් කියලා කියන්නේ. උද්ධමන පීඩනයන්ට යටත් නොවන පද්ධතියක ඔයාගේ ධනය සුරක්ෂිත කර ගැනීමට බලාපොරොත්තු වන අයට බිට්කොයින් හොද විකල්පයක්.
දැනුම කියන්නෙ බලයට. උද්ධමනය සහ මූල්‍ය වෙලඳපොලවල් ගැන ඔයා වැඩි වැඩියෙන් තේරුම් ගන්නා තරමට, ආර්ථික අස්ථාවරත්වයට මුහුණදීමේ හැකියාව ඔයාට ලැබෙනවා. ඒ වගේම අවශ්‍ය අවස්ථාවල දී ඔයාගේ ධනය සුරක්ෂිත කරගන්න ඕන කරගන්න ඕන දැනුමත් ඔයාට ලැබෙනවා. ඉතින් දැනුවත්ව සිටින්න, සූදානම්ව සිටින්න සහ ඔයාගේ මූල්‍ය අනාගතය පාලනය කරන්න.
සුබ දවසක්.
සැළකිය යුතුයි:
අධ්‍යාපනික අරමුණු සඳහා පමණි: මෙම වීඩියෝවේ අන්තර්ගතය වර්තමාන තොරතුරු හා අධ්‍යාපනික අරමුණු සඳහා පමණක් එකතු කර ඇති අතර, කිසිඳු ආකාරයක මුදල් ආයෝජන උපදේශයක් නොවේ.
මූල්‍ය උපදෙස් නොවේ: මෙම වීඩියෝව සපයා ඇත්තේ තොරතුරු දැනගැනීම සඳහා පමණක් වන අතර එය මූල්‍ය, නීතිමය හෝ බදු උපදෙස් ලෙස නොසැලකිය යුතුය. ඕනෑම මූල්‍ය තීරණයක් ගැනීමට පෙර ඔබගේම පර්යේෂණ සිදු කර බලපත්‍රලාභී වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබාගන්න.
මෙම ලිපිය හුවමාරු කරගන්න