ලිපි

ආරම්භකයින්ගේ මාර්ගෝපදේශය

ෆියට් මුදල් ගැන හරියට දැනගමු Let's properly learn about Fiat Money

Apr 4, 2025

අපි හැමෝම, හැමදාම මුදල් භාවිතා කරනවා. මොනවා හරි මිලදී ගන්න, බිල් ගෙවන්න, අනාගතයට ඉතුරු කරන්න මේ හැම දේටම මුදල් ඕන වෙනවා. හැබැයි ඔයා හිතලා තියෙනවද ඔයාගේ පර්ස් එකේ දාගෙන ඉන්න මොණරු කොල මොනවද කියලා. අපි ඒවා ඇයි සල්ලි කියල පිළිගන්නේ.

අද අපි භාවිතා කරන මුදල් fiat money කියලා තමයි හඳුන්වන්නේ. මේවට නිශ්චිත ආවේණික වටිනාකමක් නෑ. රත්තරන්, රිදී වලට වගේ භෞතික වටිනාකමක් නෙවෙයි fiat money වලට තියෙන්නේ. මේවගේ වටිනාකම රැඳිලා තියෙන්නේ රජයේ ප්‍රකාශ මත.

ඉතින් අද අපි fiat money වල ඉතිහාසය, fiat money  කියන්නේ මොනවද, කොහොමද ඒවා වැඩ කරන්නේ, කවුද පාලනය කරන්නේ, digital යුගයෙදි fiat money වලට මොකද වෙන්නේ, මේ වගේ ගොඩක් දේවල් කතා කරනවා.

මේ ගැන වැඩි විස්තර ඇතුලත් වීඩියෝ එකක් අපේ Bitcoin Sri Lanka Youtube චැනල් එකේ තියනවා. ඔයාට පුළුවන් පහලින් ඒකත් බලන්න.

Fiat Money කියන්නේ මොනවද?

Fiat money කියලා කියන්නේ රජයක් මුදල් වර්ගයක් නීත්‍යානුකූල මුදලක් විදිහට ප්‍රකාශ කිරීම නිසා වටිනාකමක් ඇති බවට සැලකෙන මුදල් වලට.

මේවා රන්කාසි වගේවත් රන්පත් වගේවත් නෙමෙයි. මොකද මේවට භෞතික වටිනාකමක් නැහැ. මේවගේ වටිනාකම තනිකරම තියෙන්නේ විශ්වාසය මත.

fiat Money වටිනාකම = රජය + ආර්ථිකය පිළිබඳ විශ්වාසය

මේ ක්‍රමය රජයට ආර්ථික අවශ්‍යතා සැලසුම් කිරීමට වගේම මුදල් මුද්‍රණය කරන්න අවස්ථාව ලබා දෙනවා. ‘Fiat’ කියන්නේ ලතින් වචනයක්. ඒකෙ තේරුම තමයි එය කිරීමට ඉඩ දෙන්න. (Let it be done) රජයක් මේ ක්‍රමය යූස් කරන්නේ ආර්ථිකය පාලනය කරන්න වගේම අවශ්‍ය අවස්ථාවලට මුදල් ලබා දීම සරල කරන්නයි. උදාහරණයක් විදිහට කිව්වොත් එක් රටක ආර්ථිකය බිඳ වැටුණොත්, රජය අළුතින් මුදල් මුද්‍රණය කරලා ජනතාවගේ පරිභෝජනය, ආයෝජන ව්‍යුහය නැවත පිහිටුවා ගන්නා මේ ක්‍රමය උපකාරී වෙනවා. Fiat money වලට කලින් තිබුණේ භාණ්ඩ හුවමාරු මුදල් ක්‍රමය. අපි බලමු කොහොමද මේ fiat money වලට මේ ක්‍රමය මාරු උනේ කියලා.

ෆියට් මුදල් පද්ධතියේ ආගමනය

මිනිස් ඉතිහාසයේ දීර්ඝ කාලයක්, මුදල් සැබෑ වටිනාකමක් සහිත දෙයක් සමඟ සම්බන්ද වෙලයි පැවතුණේ. උදාහරණයක් විදිහට කීවොත් රන් හා රිදී වගේ දේවල් එක්ක. මේ ක්‍රමය මගින් මුදල්වලට අන්තර්ගත වටිනාකමක් තිබුණා. ඒ නිසා රජයන්ට අනවසරයෙන් මුදල් මුද්‍රණය කිරීම වගේම උද්දමනයත් වැළකුණා. එත්, පසුගිය සියවසේදී, අපි මේ ක්‍රමයෙන් ඉවත් වෙලා ෆියට් මුදල් (fiat money) ලෙස හඳුන්වන ක්‍රමයකට ගියා. ෆියට් මුදල් කියන්නේ රජය එයට වටිනාකමක් ඇතැයි ප්‍රකාශ කිරීම නිසා පමණක්, වටිනාකමක් ඇති මුදල් වර්ගයක්. අපි බලමු කොහොමද මේ ෆියට් මුදල් ආරම්භ වුනේ කියලා.

රන් සම්මත යුගය - The Gold Standard Era (පළමු ලෝක යුද්ධයට පෙර – 1914)

පළමු ලෝක යුද්ධයට පෙර, ලෝකයේ බොහෝ රටවල් ක්‍රියා කලේ "රන් සම්මත යුගයක්" (Gold Standard) යටතේ. මෙම ක්‍රමය යටතේ, කඩදාසි මුදල් එහෙම නැත්තම් බැංකු නෝට්ටු නිශ්චිත ප්‍රමාණයක් රත්තරන් වලට හුවමාරු කරන්න පුලුවන් වුණා. රටක් වැඩිපුර මුදල් මුද්‍රණය කළහොත්, ජනතාව ඒ මුදල් රත්තරන් වලට හුවමාරු කරන නිසා, රජයට මුදල් සැපයුම පාලනය කිරීමට සිදු වුණා. මේ ක්‍රමය ආර්ථික ස්ථාවරත්වය, මුදල් ප්‍රසාරණය සීමා කිරීම සහ මුදල් කෙරෙහි විශ්වාසය ගොඩනැගීම සහතික කළා.

උදාහරණයක් විදිහට කීවොත්, නිදහස ලබාගන්න කලින් කාලය ගැන මම කියන්නේ, ශ්‍රී ලංකා රුපියල් නිශ්චිත ප්‍රමාණයක රත්තරන් හෝ රිදී සම්බන්ධ වී තිබුණා. ජනතාවට ඔවුන්ගේ මුදල්වලට සැබෑ වටිනාකමක් ඇති බව විශ්වාසයක් තිබුණා. මෙම ක්‍රමය ජාත්‍යන්තර වෙළඳාම සුමටව ක්‍රියාත්මක වීමට ඉඩ සලස්වා දුන්නා, ඒ ඇයි කීවොත්, සෑම මුදල් වර්ගයක්ම භෞතික වටිනාකමක් සහිත දෙයක් සමග සෘජුව සම්බන්ධ වී තිබුණා.

එත්, පළමු ලෝක යුද්ධය (1914-1918) ආරම්භ වූ විට, රටවල් වලට ඔවුන්ගේ යුද්ධ අරමුදල් සඳහා විශාල මුදල් ප්‍රමාණයක් අවශ්‍ය වුණා. රජයන් තමන් සතුව තිබූ රන් තැන්පතුවට වඩා වැඩි මුදල් මුද්‍රණය කිරීමට පටන් ගත්තා. මේක රනින් සම්බන්ධ මුදල් ක්‍රමයේ අවසානය ආරම්භය  කළා.

යුද්ධ අතර කාලයේ අස්ථාවරත්වය හා මහා ආර්ථික අවපාතය (Interwar Instability & The Great Depression) (1918-1944)

පළමු ලෝක යුද්ධයෙන් පස්සේරන්මය ක්‍රමයට ආපසු යාමට උත්සාහ ගැනුණා. එත්, ඒ කාලය වෙනකොට ගෝලීය ආර්ථිකය වෙනස් වෙලා තිබුණා. බ්‍රිතාන්‍ය හා ඇමරිකාව වැනි රටවල් වැඩිපුර මුදල් මුද්‍රණය කර තිබූ නිසා, රන්මය ක්‍රමය ප්‍රතිස්ථාපනය කිරීම අපහසු වුණා. මහා ආර්ථික අවපාතය 1929-1939 දක්වා කාලේ, දේවල් තවත් අතිශයින් දුෂ්කර කළා. මුදල් ප්‍රසාරණය (deflation) හා ආර්ථික බිඳවැටීම නිසා, රජයන්ට ඔවුන්ගේ ආර්ථිකයන් පාලනය කිරීම සඳහා රන් හුවමාරු කිරීමේ හැකියාව අත්හැරීමට සිදු වුණා.

1930 දශකයේදී, ඇමරිකාවේ ජනාධිපති ෆ්‍රැන්ක්ලින් ඩී. රූස්වෙල්ට් (FDR) යටතේ, ඇමරිකානුවන්ට පෞද්ගලිකව රන් තබා ගැනීම නීති විරෝධී කිරීම වැනි තීරණාත්මක පියවර පවා ගත්තා. මෙ මගින් රජයට රන් තැන්පතුවෙන් සීමා නොවී මුදල් සැපයුම පුළුල් කිරීමට හැකි වුණා.

බ්‍රෙටන් වුඩ්ස් ක්‍රමය (The Bretton Woods System) (1944-1971) – නව රන්මය ක්‍රමය

දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ, ගෝලීය නායකයන්ට නව මූල්‍ය ක්‍රමයක් අවශ්‍ය බව තේරුණා. 1944 දී, මිත්‍ර රටවල් 44 ක් ඇමරිකා එක්සත් ජනපදයේ නිව් හැම්ප්ෂයර් වල බ්‍රෙටන්වුඩ්ස් හී රැස්වී නව ගෝලීය ආර්ථික රාමුවක් නිර්මාණය කළා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට බ්‍රෙටන්වුඩ්ස් ගිවිසුම ඇති වුණා. එයින් රත්‍රන් මත පදනම් වූ ලෝකයේ ප්‍රාථමික සංචිත මුදල් ඒකකය විදිහට එක්සත් ජනපද ඩොලරය ස්ථාපිත කළා.

මේ ක්‍රමය යටතේ ඇමරිකානු ඩොලර් රත්තරන් වලට සෘජුව සම්බන්ධ වී තිබුණා.  රන් අවුන්සයක් සඳහා $35 ක්. අනෙක් මුදල් උදාහරණයක් විදිහට බ්‍රිතාන්‍ය පවුම්, ශ්‍රී ලංකා රුපියල් ආදිය ඇමරිකානු ඩොලර් වෙත සම්බන්ධ වී තිබුණා. මේකෙන් ඇමරිකාව අනෙකුත් රටවල් වලට ඔවුන්ගේ ඩොලර් රන් සමග හුවමාරු කිරීම මගින් ඔවුන්ගේ රන් තැන්පතුව පවත්වා ගත්තා.

මුලදී, මෙ ක්‍රමය හොඳින් ක්‍රියාත්මක වුණා. එය ස්ථාවරත්වය හා ගෝලීය වෙළඳාම ඉහළ නැංවීමට දායක වුණා. එත්, 1960 දශකයේදී,  වියට්නාම් යුද්ධය හා දේශීය සුබසාධන වැඩසටහන් ඇතුළු තවත් දේවල් නිසා ඇමරිකාවට වියදම් වැඩි වුණා. මේ නිසා ඩොලර් වැඩිපුර මුද්‍රණය කිරීමට පටන් ගත්තා. ප්‍රංශය වැනි රටවල්, ඇමරිකාව මුදල් ප්‍රසාරණය කරන බව තේරිලා, ඔවුන්ගේ ඩොලර් නැවත රත්තරන් වලට හුවමාරු කිරීමට පටන් ගත්තා. ඉතින් මේක ඇමරිකාවට ලොකු බලපෑමක් එල්ල කළා.

රන්මය ක්‍රමයේ අවසානය

1971 වන විට, ඇමරිකාවේ රන් තැන්පතුව අවසන් වී ගොස් තිබුණා. අනෙක් රටවල් වලට මේ ක්‍රමය ගැන විශ්වාසය බිඳ වැටෙමින් තිබුණා. 1971 අගෝස්තු 15 වන දින, ජනාධිපති රිචඩ් නික්සන් " The Nixon Shock” ලෙස හඳුන්වන තීරණය ගත්තා. ඇමරිකාව තවදුරටත් ඩොලර් රත්තරන් වලට හුවමාරු කිරීමට ඉඩ නොදෙන බව ප්‍රකාශ කළා. මෙම තීරණය රන්මය ක්‍රමය ලොව පුරා අවසන් කළා. දැන්, මුදල්වල වටිනාකම රජයේ ප්‍රතිපත්ති හා ආර්ථික විශ්වාසය මත රඳා පැවතුණා. මෙය නවීන ෆියට් මුදල් ක්‍රමයේ ආරම්භය සනිටුහන් කළා. මෙම ක්‍රමය යටතේ, මුදල් රන් රිදී වගේ කිසිදු භෞතික භාණ්ඩයක් සමග සම්බන්ධ නෑ. ඒ වෙනුවට, එය රජය කෙරෙහි විශ්වාසය මත පදනම් වුණා.

fiat money ක්‍රමය රජයට ආර්ථික කළමනාකරණය කිරීමේදී වැඩි නම්‍යශීලී භාවයක් ලැබෙනවා.

ලෝකයේ අද භාවිතා කරන ශ්‍රී ලංකා රුපියල් වල ඉඳලා අමෙරිකානු ඩොලර් දක්වාම තියෙන්නේ FIAT MONEY.

The Fiat money System - fiat මූල්‍ය පද්ධතිය

ෆියර්ට් මූල්‍ය පද්ධතිය කියල කියන්නේ නවීන ආර්ථික පද්ධති ක්‍රියාත්මක කරන ආකාරයට. රජය විසින් තමයි මුදල් නිකුත් කරන්නෙ. එතකොට මහ බැංකුව තමයි  එවගේ සැපයුම පාලනය කරන්නෙ. මේ ක්‍රියාවලිය කාර්යක්ෂමව පවතින්නේ මිනිසුන්ගේ විශ්වාසය මත. මිනිස්සු විශ්වාස කරනවා මුදල්වල වටිනාකමක් තියෙනවා කියලා. ඒවගේම භාණ්ඩ හා සේවා මිලදී ගැනීමේදී ලබා දෙන මුදල ඔවුන් පිළිගනී කියලා විශ්වාසයක් මිනිස්සුන්ට තියෙනවා. ඉතින් අපි කතා කරමූ ෆියට් මනී වල තියෙන වාසි හා අවාසි ගැන. මුලින්ම අපි කතා කරමු වාසි ගැන.

ආර්ථික නම්‍යශීලී බව

  fiat money ආර්ථික අර්බුද වගේ දේවල් වලදී කළමනාකරණය කරගන්න රජයට ඉඩ හදල දෙනවා. අවශ්‍යතා මත මුදල් මුද්‍රණය කිරීම වගේම පොලී අනුපාතය වෙනස් කිරීම මගිනුත් රජයට පුළුවන් වෙනවා නැවත ආර්ථිකය ස්ථාවර කරගන්න.

භාවිතයේ පහසුව

පහසුව කියන්නේ fiat money වල තියෙන තවත් එක වාසියක්. රත්තරන්, රිදී වගේ නෙමෙයි ෆියට් මුදල් එහා මෙහා ගෙනියන්න පහසුයි. සැහැල්ලුයි. ඒ නිසා භාවිතා කරන්න ලේසියි. ඒ වගේම, ඩිජිටල් ආකාරවලින්, ඊ ගෙවීම් වලින්, ‍ක්‍රෙඩිට් කාඩ් වලින්, ජංගම ගෙවීම් වගේ ගෙවීම් ක්‍රම වලින් කරන්න පුළුවන්. මේකත් ලොකු පහසුවක් වාසියක් වෙනවා මිනිසුන්ට.

fiat money වල වාසි මෙන්ම අවාසිත් තියෙනවා. ඉතිං අවාසි ගැනත් අපි ටිකක් බලමු.

අනවශ්‍ය ලෙස මුදල් මුද්‍රණය

කොහොම වුනත් fiat money වලට සැලකිය යුතු අවදානමක් තියෙනවා. අවශ්‍යතාවට වඩා මුදල් මුද්‍රණය කිරීම මගින් උද්ධමන තත්ත්ව ඇති වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම මුදලේ වටිනාකමත් මේ මගින් අඩුවෙනවා. ඉතින් ඒක රටේ ආර්ථිකයට වගේම සාමාන්‍ය මිනිසුන්ගේ දෛනික ජීවිතයට බලපෑමක් වෙනවා. වෙනිසියුලාව, සිම්බාබ්වේ වගේ රටවත් ෆියට් මුදල් අවභාවිතාව නිසා දැඩි අපහසුතාවයන්ට ලක් වෙලා තියෙනවා.

 

රජයේ ස්ථාවරත්වය මත යැපීම

ෆියට් මුදල්වල වටිනාකම, එය නිකුත් කරන රජයේ විශ්වාසය සහ ස්ථාවරත්වය මත දැඩි ලෙස රඳා පවතිනවා. දේශපාලන අස්ථාවරත්වය, දූෂණ හෝ දුර්වල ආර්ථික ප්‍රතිපත්ති මගින් මුදල් ඒකකය කෙරෙහි විශ්වාසය අඩපණ කරන්න පුළුවන්. ඇමරිකාව වගේ සංවර්දිත රටවත් වලත් ආර්ථික අර්බුදවලින් සාමාන්‍ය මිනිසුන් ලොකු අපහසුතාවලට ලක් වෙලා තියෙනවා.

ව්‍යාජ මුදල් සඳහා ඇති අවදානම

උපරිම ආරක්ෂක ක්‍රම තිබිලත්, ෆියට් මුදල් තවමත් ව්‍යාජ මුදල් වලට ගොදුරු විමේ අවදානම ප්‍රමුඛ පෙලේ රටවල් වලටත් තියෙනවා. ව්‍යාජ මුදල් අච්චු ගැසීමෙන් ෆියට් මුදල් වල වටිනාකම අඩපණ කර ආර්ථික පාඩු ඇති කිරීමට හේතු වෙනවා.

ගෝලීය වෙළඳාමේ අපහසුතා

 රටින් රටට මුදල් වටිනාකම වෙනස් වෙනවා. ඒ නිසා ජාත්‍යන්තර වෙළඳාම එක්ක ගනුදෙනු කිරීම් කරන්න අපහසු වෙනවා.

ඉතින් ඔයාට පැහැදිලි වෙන්න ඇති ෆියට් මනි කියන්නෙ වාසි අවාසි දෙකම තියෙන දෙයක් කියලා.

අපිට අද කතා කරන්න තවත් වැදගත් topic  එකක් තියෙනවා. Fiat money ගැන කතා කරනවනම් මේ ගැන අනිවාර්යෙන්ම කතා කරන්න ඕන.

ෆ්‍රැක්ෂනල් රිසව් බැංකු ක්‍රමය - what is fractional reserve banking

fractional reserve banking කියන්නේ fiat money වලට විශේෂයෙන්ම සම්බන්ධ ක්‍රමයක්. අපේ මුදල් වැඩි හරියක් භෞතික විදිහට පවතින්නේ නැහැ. ඒවා ඩිජිටල් විදිහට නිර්මාණය වෙන්නේ මේ අපි කතා කරන ප්‍රැක්ෂනල් බැංකු ක්‍රමය හරහා.

How fractional reserve banking works- ප්‍රැක්ෂනල් බැංකු ක්‍රමය කොහොමද වැඩ කරන්නේ.

ඔයා හිතනවද ඔයා ගිහින් බැංකුවේ තැම්පත් කරන මුදල් ටික බැංකුවේ අය සේප්පුවක දාල වහල පරිස්සමට අරන් තියනවා කියලා. ඇත්තටම එහෙම වෙන්නේ නැහැ.. තැන්පත් මුදලින් 10% ඉතුරු කරගෙන, අනෙක් මුදල් ටික ණය විදිහට ලබාදීමක් තමයි fractional reserve bank ක්‍රමයේදී වෙන්නේ. ඉතින් මේ ඉතුරු කරගන්න ගාන රටින් රටටත් වෙනස් වෙනවා.

මේ ක්‍රියාවලිය නව මුදල් නිර්මාණය කරනවා. උදාහරනයක් විදිහට, රුපියල් දාහක් බැංකුවේ තැන්පත් කරොත් ඒ රුපියල් දායෙන් රුපියල් 100ක් ඉතුරු කරගෙන අනිත් නවසීය ණය විදිහට ලබාදීමක් තමයි මේ ක්‍රමයෙදි වෙන්නේ. මෙහෙම කීවාම ඔයාට තේරෙන්න ඇති.

මේ ක්‍රමයෙන් මහ බැංකුව මගින් නිකුත් කරන මුදල් ප්‍රමාණයට වඩා ප්‍රමාණයක් ආර්ථික වර්ධනයට එකතු වෙනවා. ඒත් මේ ක්‍රමේ ටිකක් අවදානම්. අපි බලමු  ඒ ඇයි කියලා.

bank runs

පළවෙනි අවදානම තමයි bank runs. මිනිස්සු වැඩි පිරිසක් ණය මුදල් වැඩිපුර ගනිද්දි, බැංකුවේ ඇති රක්ෂිත මූල්‍ය ප්‍රමාණය සම්පූර්ණ මුදල් ආපසු දෙන්න තරම් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඉතින් මේක ලොකු ගැටළුවක්.

Debt Dependency

දෙවෙනි අවදානම තමයි debt dependency. fractional reserve banking ක්‍රමය රඳා පවතින්නේ ලබාදෙන රක්ෂිත මුදල් ණය ආපසු ගෙවීම මත. ණය මුදල් ආපහු ගෙවීම අසාර්ථක නම් මේ ක්‍රමයේ මුළු පද්ධතියම අසාර්ථක වෙනවා. ඒක අපි තැන්පත් කරන මුදලට බලපානවා.

මේ වගේ අවදානමක් මේ ක්‍රමයේදි තියෙනවා. අපි බැංකුවක මුදල් තැන්පත් කරද්දී මුදලේ ආරක්ෂාව සියයට සීයක් තියෙනවද කියලා ටිකක් හිතන්න වෙනවා.

who control the fiat system? ෆියට් පද්දතිය පාලනය කරන්නේ කවුද?

Fiat system එක පාලනය කරන්නේ කවුද කියලත් අපි දැනගන්න ඕන. fiat money පාලනය කරන්නේ රජය සහ මහ බැංකුවලින්.

·         මහා බැංකුවේ කාර්යභාරය ගැන අපි මුලින් කතා කරමු

 මහ බැංකුව, ආර්ථික ස්ථාවරත්වය සහතික කිරීම සඳහා වගකිවයුතු ස්වාධීන ආයතනයක්. ඒ වගේම උද්ධමනය කළමනාකරණය කිරීමත් මහ බැංකුවේ කටයුත්තක්. මුදල් නිකුත් කිරීම, අර්බුදවලදී ණය ලබා දීමත් කරන්නේ මහ බැංකුවෙන්.  පහුගිය කාලයේදී අපේ රටේ සිදුවුණු ආර්ථික අස්ථාවරත්වයත් එක්ක මහා බැංකුව ගැන වැඩිපුර ලංකාව ඇතුලෙ කතා වුණා. ඔයාට ඒ සිදුවීමුත් මතක ඇති. මහ බැංකුව කියන්නේ හරියට ආර්ථිකයේ පිට කොන්ද වගේ. රටත් නැගිටලා පන ඇතුව ඉන්න නම් මහ බැංකුව ශක්තිමත්ව තියෙන්න ඕන.

·         රජයේ කාර්ය භාරය ගැන කතා කළොත්

 රජයත් ආර්ථිකය සකසන ලේඛන ප්‍රතිපත්ති, උදාහරණයක් විදිහට බදු සහ රජයේ වියදම් වගේ දේවල් ක්‍රියාත්මක කිරීම සිදුකරනවා. රජයේ අධික ණය ගැනීම් ෆියර්ට් මුදල් වල විශ්වාසය දුර්වල කිරීමට ලොකු හේතුවක් වෙලා තියෙනවා. මහ බැංකුව ක්‍රියාත්මක වෙන්නෙත් රජයේ අනු දැනුම මත.

The global nature of fiat money - ෆියට් මුදල් වල ගෝලීය ස්වභාවය

fiat money ජාත්‍යන්තර වෙළඳපොළ හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වගේ ආයතන සමඟ සම්බන්ධව කටයුතු කරනවා. මේ මගින් පැහැදිලි වෙන්නේ එක් රටක ආර්ථික අස්ථාවරත්වය ලොවපුරා අනෙක් රටවල් වලටත් බලපාන බවයි. පහුගිය කාලේ ආර්ථික බිද වැටීම් ඔයාලට මතක ඇති. මෑත කාලයේදි සිද්ද වුණ යුක්‍රේන් රුසියා යුධමය තත්ත්වත් ලෝකයේ අනෙක් රටවල ආර්ථිකයට බලපෑපා ඔයාට මතක ඇති.

 ඉතින් අපි අද ෆියට් මනී ගැන ගොඩාක් දේවල් කතා කලා. ඔයාට පැහැදිලි වෙන්න ඇති ෆියට් මනි කියන්නෙ දැනට තියන විශ්වාස කරන්න පුලුවන් ගනුදෙනු මාධ්‍යක් කියලා. ඒත් මේකේ හොද නරක දෙකම තියනවා. ඒ ගැනත් අපි කතා කලා. මේකේ වටිනාකම ඇත්තටම රැදිලා තියෙන්නේ රජයේ ප්‍රකාශ මත කියලා දැන් ඔයා දන්නවා. ඉතින් ඔන්න ඔයා ළඟ එහෙම නැත්තම් ඔයාගේ බෑංක් එකේ තියන ෆියට් මනී වල සම්පූර්ණ අයිතිය ඔයාට තියනවා කියලා හිතාගෙන හිටියන්ම් මම හිතනවා අද වීඩියෝ එක ඔයා හරියට බැලුවන්ම් ඒ සිතුවිල්ල වෙනස් වෙන්න ඇති කියලා. 

මට හිතෙන විදිහටනම් ඇත්තටම රත්තරන් සම්මත යුගයේ දී මීට වඩා මිනිස්සුන්ට තමන්ගෙ ධනය ගැන විශ්වාසයක් තියාගන්න පුළුවන් වුණා. අපි කතා කරන්නෙ ඩිජිටල් ගොල්ඩ් ගැනනේ. ෆියට් මනී එක්ක බිට්කොයින් ගැන කතා කලොත්, ෆියැට් මනී රජය විසින් පාලනය කරන දෙයක් වගේම රජය විසින් වටිනාකමක් දෙන දෙයක් බිට්කොයින් සම්පූර්ණයෙන්ම ඒකේ විරුද්ද පැත්ත කියලා අපිට කියන්න පුළුවන්. රජයට පුළුවන් ෆියට් මනි අවශ්‍ය වෙලාවට මුද්‍රණය කරන්න පුලුවන්. බිට්කොයින් ගැන කතා කරපු අපේ කලින් ලිපියේ සදහන් කලා මතක ඇති ඔයාට බිට්කොයින් ලෝකෙටම තියෙන්නෙ මිලියන 21 කියලා. ඒ නිසා ඒවාගේ වටිනාකමට බලපෑම් කරන්න ගොඩාක් අමාරුයි.

සුබ දවසක්.

 

සැළකිය යුතුයි:

අධ්‍යාපනික අරමුණු සඳහා පමණි: මෙම වීඩියෝවේ අන්තර්ගතය වර්තමාන තොරතුරු හා අධ්‍යාපනික අරමුණු සඳහා පමණක් එකතු කර ඇති අතර, කිසිඳු ආකාරයක මුදල් ආයෝජන උපදේශයක් නොවේ.

මූල්‍ය උපදෙස් නොවේ: මෙම වීඩියෝව සපයා ඇත්තේ තොරතුරු දැනගැනීම සඳහා පමණක් වන අතර එය මූල්‍ය, නීතිමය හෝ බදු උපදෙස් ලෙස නොසැලකිය යුතුය. ඕනෑම මූල්‍ය තීරණයක් ගැනීමට පෙර ඔබගේම පර්යේෂණ සිදු කර බලපත්‍රලාභී වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබාගන්න.

මෙම ලිපිය හුවමාරු කරගන්න

බිට්කොයින් ශ්‍රී ලංකා ලාංඡනය

බිට්කොයින් ශ්‍රී ලංකාහි අප මූල්‍ය නිදහස සහ ඩිජිටල් සවිබල ගැන්වීමේ විප්ලවයක් සිදු කරමින් සිටි. අපගේ මෙහෙවර වන්නේ බිට්කොයින් හි පරිවර්තනීය බලය භාවිතා කිරීමට පුද්ගලයින් දැනුවත් කිරීම, පෙළඹවීම සහ සක්‍රීය කිරීමයි. සියලු ශ්‍රී ලාංකිකයන් සඳහා මූල්‍ය අන්තර්ගතභාවය යථාර්ථයක් වන අනාගතයක් අපි එක්ව ගොඩනගමු.

Bitcoin Sri Lanka © 2024 | All rights reserved

බිට්කොයින් ශ්‍රී ලංකා ලාංඡනය

බිට්කොයින් ශ්‍රී ලංකාහි අප මූල්‍ය නිදහස සහ ඩිජිටල් සවිබල ගැන්වීමේ විප්ලවයක් සිදු කරමින් සිටි. අපගේ මෙහෙවර වන්නේ බිට්කොයින් හි පරිවර්තනීය බලය භාවිතා කිරීමට පුද්ගලයින් දැනුවත් කිරීම, පෙළඹවීම සහ සක්‍රීය කිරීමයි. සියලු ශ්‍රී ලාංකිකයන් සඳහා මූල්‍ය අන්තර්ගතභාවය යථාර්ථයක් වන අනාගතයක් අපි එක්ව ගොඩනගමු.

Bitcoin Sri Lanka © 2024 | All rights reserved

බිට්කොයින් ශ්‍රී ලංකා ලාංඡනය

බිට්කොයින් ශ්‍රී ලංකාහි අප මූල්‍ය නිදහස සහ ඩිජිටල් සවිබල ගැන්වීමේ විප්ලවයක් සිදු කරමින් සිටි. අපගේ මෙහෙවර වන්නේ බිට්කොයින් හි පරිවර්තනීය බලය භාවිතා කිරීමට පුද්ගලයින් දැනුවත් කිරීම, පෙළඹවීම සහ සක්‍රීය කිරීමයි. සියලු ශ්‍රී ලාංකිකයන් සඳහා මූල්‍ය අන්තර්ගතභාවය යථාර්ථයක් වන අනාගතයක් අපි එක්ව ගොඩනගමු.

Bitcoin Sri Lanka © 2024 | All rights reserved

බිට්කොයින් ශ්‍රී ලංකා ලාංඡනය

බිට්කොයින් ශ්‍රී ලංකාහි අප මූල්‍ය නිදහස සහ ඩිජිටල් සවිබල ගැන්වීමේ විප්ලවයක් සිදු කරමින් සිටි. අපගේ මෙහෙවර වන්නේ බිට්කොයින් හි පරිවර්තනීය බලය භාවිතා කිරීමට පුද්ගලයින් දැනුවත් කිරීම, පෙළඹවීම සහ සක්‍රීය කිරීමයි. සියලු ශ්‍රී ලාංකිකයන් සඳහා මූල්‍ය අන්තර්ගතභාවය යථාර්ථයක් වන අනාගතයක් අපි එක්ව ගොඩනගමු.

Bitcoin Sri Lanka © 2024 | All rights reserved

බිට්කොයින් ශ්‍රී ලංකා ලාංඡනය

බිට්කොයින් ශ්‍රී ලංකාහි අප මූල්‍ය නිදහස සහ ඩිජිටල් සවිබල ගැන්වීමේ විප්ලවයක් සිදු කරමින් සිටි. අපගේ මෙහෙවර වන්නේ බිට්කොයින් හි පරිවර්තනීය බලය භාවිතා කිරීමට පුද්ගලයින් දැනුවත් කිරීම, පෙළඹවීම සහ සක්‍රීය කිරීමයි. සියලු ශ්‍රී ලාංකිකයන් සඳහා මූල්‍ය අන්තර්ගතභාවය යථාර්ථයක් වන අනාගතයක් අපි එක්ව ගොඩනගමු.

Bitcoin Sri Lanka © 2024 | All rights reserved