ලිපි

ආරම්භකයින්ගේ මාර්ගෝපදේශය

රත්තරං සහ බිට්කොයින් අතරින් වඩා හොදම දේ

Apr 19, 2025

 හැමදාම අපි කතා කලේ ඔයාගේ හීන හැබෑ කරගන්න උදව් වෙන කාරණා ගැන. අදත් කතා කරන්න යන්නේ, ඒ වගේම වැදගත් කාරණාවක් ගැන. උද්ධමනයෙන් වගේම ආර්ථික අර්බුදවලින් බේරෙන්න, එහෙම නැත්නම් ඒවාට සාර්ථකව මුහුණ දෙන්නත් හොඳම ක්‍රමයක් තමයි ආයෝජනය කියන්නේ. අපි කලින් ලිපි වල මේ ගැන කතා කරලා තියනවා. ඔයාට පුළුවන් අපේ මුල් ලිපි සියල්ල මුල ඉඳලා බලන්න.
ආයෝජනයක් කරනවා නම් ඒක ඔයාට ගැලපෙන්න ඕන. සහ ඔයාට පුළුවන් දෙයක් වෙන්න ඕන. ලංකාවට ගැලපෙනම ප්‍රධාන ආයෝජන ක්‍රම දෙකක් ගැන අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ලෝකයේ භාවිතා වන ජනප්‍රියම ආයෝජන ක්‍රම දෙකක් තියෙනවා. ඒ රත්තරං සහ Bitcoin. මේ ආයෝජන ක්‍රම දෙක එකිනෙකට ගොඩක් වෙනස්. අද අපි මේ ආයෝජන ක්‍රම දෙක ගැන කතා කරමු. ඔයා තීරණය කරන්න ලංකාවට ගැලපෙනම ආයෝජන ක්‍රමය මොකක්ද කියලා.

ඉතින් මේ ගැන ඉතාම පැහැදිලිව අපේ Bitcoin Sri Lanka Youtube නාලිකාවේ වීඩියෝ එක්කින් ඉදිරිපත් කරලා තියනවා. මේ පහල තියෙන්නෙ ඒ වීඩියෝ එක. ඔයාට පුළුවන් ඒකත් බලන්න.

රත්තරන් කියන්නේ ආයෝජන ක්‍රමයක්ම නෙවෙයි. ලංකාවේ සංස්කෘතියත් එක්ක දශක ගණනාවක් තිස්සේ පවතින විශ්වාසනීය සංකේතයක් විදිහට අපිට රත්තරන් හඳුන්වන්න පුළුවන්. දීර්ඝ ඉතිහාසයක් රත්තරන් වලට තියෙනවා. Bitcoin කියන්නේ වසර දාසයක් වගේ ඉතිහාසයක් තියෙන දෙයක්. වර්ථමානයේදී ලෝකයේ වඩාත් කතාබහට ලක්වෙන ඉතාම ජනප්‍රිය ඩිජිටල් වත්කමක් විදිහට බිට්කොයින් හඳුන්වන්න පුළුවන්. අද වෙනකොට ලංකාවත් බිට්කොයින් වලට ලොකු අවධානයක් දීලා තියෙනවා.

          ඔයාගේ ධනය ආරක්ෂා කරගන්න වගේම ධනය වර්ධනය කරග ගන්නත් ඔයා කැමති ඇති. ලංකාවට ගැලපෙනම ක්‍රමය මොකද්ද කියලා, ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික තත්ත්වයත්, සංස්කෘතික සාධකත් අවධානයට අරගෙන අපි කතා කරමු.

රත්තරන්වල භූමිකාව

ශ්‍රී ලංකාව තුළ රත්තරන්වල භූමිකාව ගැන කතා කළොත් ශ්‍රී ලංකාවේ සංස්කෘතියත් රත්තරන් අතර තියෙන්නේ විශ්වාසනීය ගැඹුරු සම්බන්ධයක්. අපි බලමු ඇයි ලංකාවේ මිනිස්සු මේ තරම් රත්තරන් වලට කැමති කියලා. 

සංස්කෘතික වැදගත්කම

ශ්‍රී ලංකාවේ රත්තරන් සදාකාලික වත්කමක් විදිහට තමයි හඳුන්වන්නේ. ඒ වගේම පරම්පරාවෙන් පරම්පරාවට ලබා දෙන දායාදයක් කියලත් අපිට කියන්න පුළුවන්.

ශ්‍රී ලංකාවේ සංස්කෘතිය තුළ ජීවත්වෙන අපිට ඉපදුණාට පස්සේ  විවිධ උත්සව, චාරිත්‍ර වාරිත්‍ර, සැමරුම් එක්ක තමයි ජීවිතේ අවසන් කාලය වෙනකන්ම ජීවත් වෙන්නේ. මුලින්ම ඉපදුනාම අපිට පංචායුදයක් දානවා අපේ ආරක්ෂාවට. ගෑණු ළමයෙක් කන විදල කරාපු දානවා. රත්තරං යන්තර දානවා. තව මල්වර වුණාම කලින් දාපු කරාබු දෙක ගලවලා අලුත් කරාබු දානවා. මංගල පෝරුවේදීත් රත්තරන් මුදු මාරු කරන චාරිත්‍රයක් වෙනම තියෙනවා. දෑවෑදි වලට රත්තරන් දෙනවා. මේවා සංස්කෘතිය එක්ක බැඳුණු චාරිත්‍ර. බලන්න මේ හැම තැනදිම රත්තරන් භාවිතා වෙලා තියෙනවා. මේ ගැන සලකලා බලද්දී රත්තරන් කියන්නේ ආයෝජනයක්ම නෙවෙයි. සෞභාග්‍යයේ සහ ආරක්‍ෂාවේ සංස්කෘත සංකේතයක් විදියට රත්තරන් හඳුන්වන්න පුළුවන්.

අර්බුද කාල වලදී ආරක්ෂකයෙක් වීම

පහුගිය අවුරුදු ගැන සුපරික්‍ෂාවෙන් බලද්දී ලංකාවට තිබුණේ එච්චර හොඳ ආර්ථික වාතාවරණයක් නෙමෙයි. සාමාන්‍ය මිනිස්සුන්ට ආර්ථික අපහසුතා ගොඩකට මුහුණ දෙන්න සිද්ධ වුණා. රත්තරන් වලට ආයෝජනය කරලා තිබුණ මිනිසුන් යම්තාක් දුරට තමන්ගේ ජීවන රටාවෙන් ගැටළුවක් නැතුව පවත්වාගෙන ගියා.

හදිසි අවස්ථාවක මුදල් කරගන්න පුළුවන් වත්කමක් විදිහට මිනිසුන් රත්තරන් හඳුන්වනවා. පහුගිය කාලෙදි උද්ධමනය වැඩි වෙනවාත් එක්ක රත්තරං මිලත් වැඩි වුණ හැටි ඔයාට මතක ඇති. මේ හේතුව නිසාත් මිනිසුන් රත්තරන් වලට දැඩි කැමැත්තක් දක්වනවා.

රත්තරන් වලට තියෙන අභියෝග

මේ මොන වටිනාකම තිබුණත් රත්තරන් සම්පූර්ණයෙන්ම හොඳම වත්කම කියලා හඳුන්වන්න අපිට බැහැ. රත්තරන් වලටත් අභියෝග තියෙනවා. රත්තරන් මිනිස්සුන්ට හිතෙන හිතෙන වෙලාවට ගිහින් කඩෙන් සිල්ලට බඩු ගන්නවා වගේ ගන්න බැහැ. අතේ තියන ගානට රත්තරන් අරන් එනවා කියලා ගිහින් රත්තරන් මැනල ගේන්නත් බැහැ.. මොකද රත්තරන් වල මිල අධිකයි.. ලංකාවේ ආර්ථික පීඩනය වැඩි වෙන්න වැඩි වෙන්න රත්තරන්වල මිලත් වැඩිවෙනවා.

තවත් අභියෝගයක් තමයි ගබඩා කිරීමේ අපහසුතාව. විශාල රත්තරන් ප්‍රමාණයක් ගෙදරක තියෙනවා නම් අයිතිකාරයට සැනසිල්ලේ නිදාගන්න බැරි සමාජයක් තමයි අපිට තියෙන්නේ නේද?. රත්තරන් ආරක්ෂා කර ගැනීමට අපට වෙහෙසක් දරන්න වෙනවා. බැංකුවක දාල තියාගත්තත් සීයට සීයක්ම ආරක්ෂිතයි කියලා අපිට කියන්න අමාරුයි.

Bitcoin වල භූමිකාව

දැන් අපි කතා කරමු ජනප්‍රියම වත්කමක් වන Bitcoin ගැන. ලෝකයේ Bitcoin හඳුන්වන තවත් ආකාරයක් තමයි digital gold කියන්නේ. ඒකෙන් පැහැදිලි වෙන්නේ Bitcoin කියන්නෙත් රත්තරන් වගේම ඇසෙට්(assets) එකක්. ඩිජිටල් තාක්ෂණයෙන් ක්‍රියාත්මක වෙන නිසා අපිට ඩිජිටල් ඇසෙට් එකක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඔයාගේ ධනය එහෙම නැත්නම් මුදල් ආරක්ෂා කරගන්න, ආයෝජනය කරන්න හොඳ වත්කමක් විදිහට Bitcoin ඔයාට භාවිතා කරන්න පුළුවන්. Bitcoin නවීන ලෝකෙට, පවතින ආර්ථිකයට ගැලපෙන තාක්ෂණයත් එක්ක බැඳුණු ක්‍රමවේදයක්.

ශ්‍රී ලංකාව වගේ රටකට Bitcoin ගැලපෙන්නේ ඇයි කියලත් අපි දැනගන්න ඕන.

Bitcoin ගෝලීය වත්කමක් වීම

Bitcoin ලෝකයේම ගෝලීය වශයෙන් භාවිතා වන ඇසට් එකක්. ලෝකේ කොතැන තිබුණත් බිට්කොයින් එකක අගය එක සමානයි. ඉතින් මේක ධනය, මුදල් රැක ගන්න ආකර්ෂණීය ආයෝජනයක්. ගෝලීය වශයෙන් භාවිතා වෙන නිසා ඕනෑම රටක කෙනෙක් එක්ක ගනුදෙනු කිරීමේ හැකියාවත් Bitcoin ගනුදෙනුකරුවන්ට ලැබෙනවා.

අවම පිරිවැයකින් ගනුදෙනු කිරීමේ හැකියාව

Bitcoin එක්ක ගනුදෙනු කරද්දී ඔයාට ලොකු මුදලක් ගෙවලා Bitcoin එකක් මිලදී ගන්න ඕනේ නැහැ. ඔයා ලඟ තියෙන්නේ රුපියල් දාහක් නම් ඔයාට පුළුවන් ඒ රුපියල් දාහට Bitcoin මිලදී ගන්න. ඒ කියන්නේ රුපියල් දාහක Bitcoin කොටසකට ආයෝජනය කරන්න ඔයාට පුළුවන්. රත්තරන් වලට ආයෝජනය කරනවට වඩා Bitcoin වලට ආයෝජනය කිරීම පහසු වෙන්නේ මේ නිසා.

Digital ලෙස පැවතීම

 අපි මුලින්ම කතා කළා Bitcoin ඩිජිටල් ඇසට් එකක් කියලා. ඔයාට ඔයාගේ බීට් කොයින් සේප්පුවක දාලා භෞතික ආරක්ෂා කරන්න ඕන නැහැ. ලෝකේ ඕනෑම තැනක ඉන්න කෙනෙක්ට ඔයා කැමති වෙලාවක විනාඩි කිහිපයක් ඇතුළත ගනුදෙනු කිරීමේ හැකියාව ඔයාට තියෙනවා.

Bitcoin වල අභියෝග

රත්තරන් වලට වගේම බිට්කොයින්වලටත් අභියෝග තියෙනවා. Bitcoin ගැන කතා කරන අපි අභියෝග ගැනත් ඔයාට පැහැදිලි කරලා දෙන එක අපේ වගකීමක්.  Bitcoin digital Asset එකක්නෙ. මේක ක්‍රියාත්මක වෙන්නේ Blockchain තාක්ෂණයෙන්. ඒ නිසා Bitcoin ගනුදෙනු කරනවා නම් ඊට අදාළ තාක්ෂණික දැනුම තියෙන්නම ඕන. ඒ වගේම අවශ්‍ය කරන උපකරණ, ඒ කියන්නේ කොම්පියුටර් එකක් හරි smartphone එකක් හරි ඔයාගේ ළඟ තියෙන්න ඕනේ. ඒවගේම අන්තර්ජාලයට සම්බන්ධ වෙන්න පුළුවන් සම්බන්ධකයක්ද ඔයාට තියෙන්න ඕන.

Bitcoin ඇත්තටම සංකීර්ණ තාක්ෂණයක්. අලුත් දෙයක්. මේ දේවල් ගැන දැනුම තියෙන්න ඕන. ගනුදෙනු කරනවා නම් Bitcoin මිල අඩු වැඩි වීම සිදු වන ආකාරය ගැනත් දැනුම ඔයාට තියෙන්න ඕන.

මොකද සම්පූර්ණ දැනුම නොමැතිව Bitcoin සමඟ ගනුදෙනු කරන පුද්ගලයන් මේ තාක්ෂණික ක්‍රමවේදය තේරුම් ගන්න බැරිව ඉක්මනින්ම Bitcoin ගනුදෙනු කරන එක නවත්තනවා. ඒ වගේම මේ නුහුරු බව නිසා අලුත් තාක්ෂණය එක්ක ගනුදෙනු කරන්න මිනිස්සු ගොඩක් බයයි. හොඳම දේ Bitcoin ගැන හොඳ අවබෝධයක් අරගෙන Bitcoin ගනුදෙනු කිරීම් වලට යන එක. ඉතින් අපි ඔයාට ඒ දැනුම දෙන්න බලාපොරොත්තු වෙනවා.

අපි රත්තරන් ගැනත් Bitcoin ගැනත් කතා කළා. ලංකාවට ගැලපෙන අපේ ආර්ථිකයට ගැලපෙන ආයෝජනය මොකක්ද කියලා බලාගන්න නම් අපි මේ වත්කම් දෙකේම තියෙන සුවිශේෂිතා ගැන සංසන්දනාත්මකව බලන්න ඕන. සුවිශේෂී ලක්ෂණ කිහිපයක් අපි සංසන්දනාත්මකව බලමු.

දුර්ලභත්වය

වටිනා දේවල්වල විශේෂම ලක්ෂණයක් තමයි දුර්ලභ බව. රත්තරන් සීමිතව පවතින දෙයක්. ඒ නිසා තමයි රත්තරන් මේ තරම් වටින්නේ.  නමුත් රත්තරන් කැණීම් කරලා අදටත් හොයාගන්නවා. මේ දැනුත් පතල්කරුවන් කොහේ හරි පතලක ඉඳගෙන රත්තරන් කැණීම් කරනවා වෙන්න පුළුවන්. හිතන්නකෝ එක පාරටම ලොකු රත්තරන් නිදියක් හොයාගන්නවා. එහෙම වුණොත් මේ තියෙන වටිනාකම අඩුවෙන්න පුළුවන්. ඒ වගේම අපේ ලෝකේ තියන රත්තරං වලින් මේ වෙනකොට සොයාගෙන තියෙන්නෙ ඉතාම සුළු ප්‍රමාණයක්. අපේ ලොකේ විතරක් නෙවෙයි මේ වෙනකොට වෙනත් ග්‍රහලෝක වලත් රත්තරං තියෙනවා කියලා හොයාගෙන තියෙනවා. ඉතින් මේ නිසා රත්තරං සීමිතයි කියන්න ටිකක් අපහසුයි.

Bitcoin කියන්නෙත් ඉතාම දුර්ලභ දෙයක්. රත්තරන් වගේම වටින්නේ ඒ නිසා. digital gold කියන්නෙත් Bitcoin රත්තරන් වලට සමාන නිසා. රත්තරන් වලට වඩා සුවිශේෂී කාරණාවක් Bitcoin වලට තියෙනවා. Bitcoin ලෝකයේ පවතින්න පුළුවන් මිලියන විසි එකක් විතරයි. මේ කාරණාවත් එක්ක බලද්දි දුර්ලභත්වය, රත්තරන් වලට වඩා Bitcoin වලට වැඩි. කවද හරි දවසක ඔයා Bitcoin එකක අයිතිකාරයෙක් වුනොත්, ඔයා ළඟ Bitcoin එකක් තියෙනවනම්, ඒ මිලියන විසි එකෙන් එක බිට්කොයින්පතියෙක් ඔයා වෙන්නත් පුළුවන්.          

එහා මෙහා ගෙනයාමේ හැකි බව

රත්තරන් මිල මනින්නේ රත්තරන් බරෙන්. රත්තරන් වල වටිනාකම වැඩි වෙන්න වෙන්න බරත් වැඩි වෙනවා. මේ නිසා රත්තරන් එහා මෙහා ගෙන යාමේ අපහසුතාවක් තියෙනවා. එහා මෙහා ගෙනයාමෙදි ආරක්ෂාවේ අවදානමක් ද රත්තරං වලට තියෙනවා.

Bitcoin මීට වඩා ගොඩක් වෙනස්. බොහොම පහසුවෙන් එහා මෙහා ගෙනියන්න පුළුවන්. අමුතුවෙන් භෞතික බරක් එකතු වෙන්නේ නැහැ. ඩිජිටල් වොලට් එකේ තියාගෙන ඔයාට ඕනම තැනකට අරන් යන්න වගේම ගනුදෙනු කරන්නත් ගොඩක් පහසුයි. මිලියන ගණනක Bitcoin වුණත් තප්පර කීපයකින් ලෝකයේ ඕනෑම තැනකට යැවීමේ හැකියාවත් ඔයාට තියෙනවා.

ආරක්ෂාව

Bitcoin වලට සාපේක්‍ෂව වැඩි අවධානයක් රත්තරන් වලට දෙන්න ඕන. මොකද රත්තරන් භෞතිකව තියෙන දෙයක්නේ. ආරක්ෂාකාරී තැනක ගබඩා නොකළහොත් රත්තරන් හොරකම් කරන්න පුළුවන්. ඕනෑ තරම් සොරා ගැනීම් ගැන ප්‍රවෘත්ති වලින් අපිට අහන්න දකින්න ලැබිලා තියෙනවා.

ඒත් blockchain තාක්ෂණයෙන් ඔයාගේ Bitcoin ආරක්ෂා කරනවා. ඔයාට ඔයාගේ බිට් කොයින් ගැන වගකීමක් තියෙනවා. ඔයා ඔයාගේ ප්‍රයිවර් කී එක පරිස්සම් කරලා තියාගන්න ඕන. ඒ වගකීම තියෙන්නෙ ඔයාගේ අතේ. මේ කී එක නැති උනොත් ඔයාගේ සේප්පුව හොරකම් කළා වගේ තමයි. රත්තරන් වලට සාපේක්ෂව Bitcoin වල ආරක්‍ෂාවේ අවදානම අඩු වුණත් ඔයාගේ ප්‍රවේශම ඔයා ළඟම තමයි තියෙන්නේ.

ලබා ගැනීමේ පහසුව

රත්තරන් ස්වර්ණාභරණ සාප්පු වගේම බැංකු වලිනුත් ගන්න පුළුවන්. මුදල් අතේ තියෙනවනම් ඕනෑම වෙලාවක ගිහින් ඔයාට ඕන ප්‍රමාණෙක රත්තරන් ගන්න පුළුවන්.

Bitcoin ගන්න නම් ඔයාට අන්තර්ජාල සම්බන්ධතාවයක් තියෙන්න ඕන. digital platform එකකින් තමයි ඔයාට Bitcoin මිලදී ගන්න වෙන්නේ. Bitcoin ගන්න නම් අන්තර්ජාලය පිළිබඳ දැනුම වගේම ඩිජිටල් ප්ලැට් ෆෝම් ගැන දැනුමත් ඔයාට අවශ්‍ය වෙනවා.

උද්ධමන තත්ත්ව, රුපියලේ වටිනාකම අඩුවීම, විදේශ සංචිත අඩුවීම මගින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය විවිධ අභියෝග වලට ලක්වුනා. මේ අත්දැකීම් නිසා මිනිසුන් වර්තමානයේ දී ඔවුන්ගේ ධනය සුරක්ෂිත කරගන්න විවිධ ක්‍රම හොයනවා වගේම ආර්ථිකය ගැන වෙනස් විදියහකට හිතන්න පටන් අරගෙන තියෙනවා.

 ඉතින් ධනය ආරක්ෂා කර ගැනීමට උත්සාහ කරන ශ්‍රී ලාංකිකයන්ට ඉදිරිය අනාගත මාවත ඔයා හිතන විදිහට මොකක්ද? රත්තරන් වලට වගේම Bitcoin වලටත් සුවිශේෂී ගුණාංග වගේම අභියෝග තියෙනවා. රත්තරන් කියන්නේ අපේ සංස්කෘතියේ විශ්වාසය දිනාගෙන තියෙන සංකේතයක් වගේ දෙයක්. Bitcoin කියන්නේ නවෝත්පාදන යුගයේ ඉතාම ජනප්‍රිය අනාගත ආර්ථිකය තීරණය කරන තාක්ෂණික ක්‍රමවේදයක්. Bitcoin, රත්තරන් වගේම හොඳ ඩිජිටල් ඇසට් එකක්. අවසාන තේරීම තියෙන ඔයාගේ අතේ. අතීත විශ්වාසයද ආර්ථික අනාගතයද කියලා හිතලා බලන්න.

අපේ හීන හැබෑ කරගන්න නම් පවතින සමාජයේ ආර්ථිකය අනිවාර්යයෙන්ම තේරුම් ගන්න ඕන. ගොඩක් වෙලාවට ජීවිතයේ හීන බලාපොරොත්තු, තීරණ රැදිලා තියෙන්නේ මුදල් මත. එහෙනම් අපි අපේ මුදල් වලට හොඳ වටිනාකමක් දෙන්න ඕන. ඉතින් තීරණය තියෙන්නේ ඔයාගේ අතේ හොඳට කල්පනා කරලා තීරණය කරන්න. මේ ලිපියෙන් සදහන් කරපු කාරණා ගැන සවිස්තරාත්මකව අපේ  බිට්කොයින් ශ්‍රී ලංකා යූටියුබ් චැනල් එකේ ඉදිරිපත් කරලා තියනවා. ඔයාට පුළුවන් ඒකත් බලන්න.

සුභ දවසක්.....

සැළකිය යුතුයි:

අධ්‍යාපනික අරමුණු සඳහා පමණි: මෙම වීඩියෝවේ අන්තර්ගතය වර්තමාන තොරතුරු හා අධ්‍යාපනික අරමුණු සඳහා පමණක් එකතු කර ඇති අතර, කිසිඳු ආකාරයක මුදල් ආයෝජන උපදේශයක් නොවේ.

මූල්‍ය උපදෙස් නොවේ: මෙම වීඩියෝව සපයා ඇත්තේ තොරතුරු දැනගැනීම සඳහා පමණක් වන අතර එය මූල්‍ය, නීතිමය හෝ බදු උපදෙස් ලෙස නොසැලකිය යුතුය. ඕනෑම මූල්‍ය තීරණයක් ගැනීමට පෙර ඔබගේම පර්යේෂණ සිදු කර බලපත්‍රලාභී වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබාගන්න.

මෙම ලිපිය හුවමාරු කරගන්න

බිට්කොයින් ශ්‍රී ලංකා ලාංඡනය

බිට්කොයින් ශ්‍රී ලංකාහි අප මූල්‍ය නිදහස සහ ඩිජිටල් සවිබල ගැන්වීමේ විප්ලවයක් සිදු කරමින් සිටි. අපගේ මෙහෙවර වන්නේ බිට්කොයින් හි පරිවර්තනීය බලය භාවිතා කිරීමට පුද්ගලයින් දැනුවත් කිරීම, පෙළඹවීම සහ සක්‍රීය කිරීමයි. සියලු ශ්‍රී ලාංකිකයන් සඳහා මූල්‍ය අන්තර්ගතභාවය යථාර්ථයක් වන අනාගතයක් අපි එක්ව ගොඩනගමු.

Bitcoin Sri Lanka © 2024 | All rights reserved

බිට්කොයින් ශ්‍රී ලංකා ලාංඡනය

බිට්කොයින් ශ්‍රී ලංකාහි අප මූල්‍ය නිදහස සහ ඩිජිටල් සවිබල ගැන්වීමේ විප්ලවයක් සිදු කරමින් සිටි. අපගේ මෙහෙවර වන්නේ බිට්කොයින් හි පරිවර්තනීය බලය භාවිතා කිරීමට පුද්ගලයින් දැනුවත් කිරීම, පෙළඹවීම සහ සක්‍රීය කිරීමයි. සියලු ශ්‍රී ලාංකිකයන් සඳහා මූල්‍ය අන්තර්ගතභාවය යථාර්ථයක් වන අනාගතයක් අපි එක්ව ගොඩනගමු.

Bitcoin Sri Lanka © 2024 | All rights reserved

බිට්කොයින් ශ්‍රී ලංකා ලාංඡනය

බිට්කොයින් ශ්‍රී ලංකාහි අප මූල්‍ය නිදහස සහ ඩිජිටල් සවිබල ගැන්වීමේ විප්ලවයක් සිදු කරමින් සිටි. අපගේ මෙහෙවර වන්නේ බිට්කොයින් හි පරිවර්තනීය බලය භාවිතා කිරීමට පුද්ගලයින් දැනුවත් කිරීම, පෙළඹවීම සහ සක්‍රීය කිරීමයි. සියලු ශ්‍රී ලාංකිකයන් සඳහා මූල්‍ය අන්තර්ගතභාවය යථාර්ථයක් වන අනාගතයක් අපි එක්ව ගොඩනගමු.

Bitcoin Sri Lanka © 2024 | All rights reserved

බිට්කොයින් ශ්‍රී ලංකා ලාංඡනය

බිට්කොයින් ශ්‍රී ලංකාහි අප මූල්‍ය නිදහස සහ ඩිජිටල් සවිබල ගැන්වීමේ විප්ලවයක් සිදු කරමින් සිටි. අපගේ මෙහෙවර වන්නේ බිට්කොයින් හි පරිවර්තනීය බලය භාවිතා කිරීමට පුද්ගලයින් දැනුවත් කිරීම, පෙළඹවීම සහ සක්‍රීය කිරීමයි. සියලු ශ්‍රී ලාංකිකයන් සඳහා මූල්‍ය අන්තර්ගතභාවය යථාර්ථයක් වන අනාගතයක් අපි එක්ව ගොඩනගමු.

Bitcoin Sri Lanka © 2024 | All rights reserved

බිට්කොයින් ශ්‍රී ලංකා ලාංඡනය

බිට්කොයින් ශ්‍රී ලංකාහි අප මූල්‍ය නිදහස සහ ඩිජිටල් සවිබල ගැන්වීමේ විප්ලවයක් සිදු කරමින් සිටි. අපගේ මෙහෙවර වන්නේ බිට්කොයින් හි පරිවර්තනීය බලය භාවිතා කිරීමට පුද්ගලයින් දැනුවත් කිරීම, පෙළඹවීම සහ සක්‍රීය කිරීමයි. සියලු ශ්‍රී ලාංකිකයන් සඳහා මූල්‍ය අන්තර්ගතභාවය යථාර්ථයක් වන අනාගතයක් අපි එක්ව ගොඩනගමු.

Bitcoin Sri Lanka © 2024 | All rights reserved