ආයුබෝවන් හැමෝටම! ඔයාලා හැමෝවම ආදරයෙන් පිළිගන්නවා අලුත් බ්ලොග් එකකට.
ඔයාලා Crypto ලෝකේ ටික කාලයක් හිටියා නම්, මේ වගේ කතා ඕන තරම් අහලා ඇති. "අද Trading කරලා මම 20%ක් හොයා ගත්තා!"නැත්නම් YouTube එකේ දකින ඇති "රුපියල් 100කින් රුපියල් 1000ක් එක රැයින් හොයමු!" වගේ දේවල්. ඇත්තටම මේකෙන් කියවෙන්නේ මොකක්ද? මේක ඇත්තක්ද? හැමදාම කරන්න පුළුවන්ද? ඒ වගේම වැදගත්ම දේ, ඔයත් මේක කරන්න ඕනෙද?
අද අපි කතා කරන්නේ Crypto Trading ගැන. විශේෂයෙන්ම Spot Trading සහ Leverage Trading කියන්නේ මොනවද කියලා. ඒවා වැඩ කරන්නේ කොහොමද, මිනිස්සු සල්ලි හොයන්නේ (ඒ වගේම නැති කරගන්නේ) කොහොමද කියලා අපි සරල උදාහරණ එක්ක බලමු. අන්තිමට, ගොඩක් Crypto Influencers ලා ඔයාට නොකියන ඇත්ත කතාවක් කියන්නත් බලාපොරොත්තු වෙනවා.
ඉතින් මේ ගැන ඉතාම පැහැදිලිව අපේ Bitcoin Sri Lanka YouTube නාලිකාවේ වීඩියෝ එක්කින් ඉදිරිපත් කරලා තියනවා. මේ පහල තියෙන්නෙ ඒ වීඩියෝ එක. ඔයාට පුළුවන් ඒකත් බලන්න.
Spot Trading
හරි, මුලින්ම පොඩ්ඩක් Basics වලින් පටන් ගමු. Spot Trading කියන්නේ ගොඩක් Beginners ලා කරන දෙයක්. මේකේදී ඔයා ඔයාගේ සල්ලි (LKR වගේ) දීලා ඇත්තටම Crypto එකක් ගන්නවා. ඒ කියන්නේ Bitcoin හරි USDT හරි වගේ Asset එකක අයිතිය ඔයාට ලැබෙනවා.
සරලව කිව්වොත්, ඔයා Bitcoin එකක් ගන්නවා. Bitcoin වල ගාන වැඩි වෙනවා නම්, ඔයාට ඒක විකුණලා ලාභයක් ගන්න පුළුවන්. ගාන අඩු වෙනවා නම්, පාඩුවක් වෙනවා. ඒත්, වැදගත්ම දේ තමයි, Asset එක තාමත් තියෙන්නේ ඔයා ළඟ.

උදාහරණයක් බලමු:
ඔයා ළඟ රුපියල් 200,000ක් තියෙනවා. Bitcoin එකක ගාන රුපියල් මිලියන 20යි. ඔයාට පුළුවන් රුපියල් 200,000ට 0.01 BTC (Bitcoin වලින් පොඩි කොටසක්) ගන්න.
දැන් හිතන්න Bitcoin ගාන රුපියල් මිලියන 22ට වැඩි වුණා කියලා. ඔයා ගත්ත 0.01 BTC එකේ වටිනාකම රුපියල් 220,000ක් වෙනවා. එතකොට ඔයාට රුපියල් 20,000ක ලාභයක්.
හැබැයි, Bitcoin ගාන රුපියල් මිලියන 18ට බැස්සා නම්? ඔයාගේ 0.01 BTC එකේ වටිනාකම රුපියල් 180,000යි. ඒ කියන්නේ රුපියල් 20,000ක පාඩුවක්.
ඒත් මේකේ තියෙන හොඳම දේ තමයි, ඔයාට විකුණන්නම බල කරන්නේ නැහැ. ඔයාට පුළුවන් ආයෙත් ගාන වැඩි වෙනකම් "Hold" කරගෙන ඉන්න. කාල සීමාවක් නැහැ. "Liquidation" වීමක් නැහැ.
Spot Trading කියන්නේ සරල දෙයක්. ඔයා crypto ගන්නවා. ඔයා බලාගෙන ඉන්නවා. ඔයා crypto විකුණනවා. කිසිම Tricks නැහැ, ණයට ගත්තු සල්ලි නැහැ. ඒ වගේම ගොඩක් අයට පටන් ගන්න තියෙන ආරක්ෂිතම ක්‍රමය තමයි මේක.
Spot Trading ඇත්තටම වෙන්නේ කොහොමද?
ගොඩක් අය හිතන්නේ Exchange එකෙන් කෙලින්ම Crypto ගන්නවා කියලා. ඒත් ඔයා Binance හරි OKX හරි වගේ Exchange එකකින් Bitcoin ගන්නකොට, ඔයා ඒක ගන්නේ Exchange එකෙන් නෙවෙයි, තව කෙනෙක්ගෙන්.

මේ Exchange වල තියෙනවා "Order Book" එකක්. ඒක හරිම සරල දෙයක්. හිතන්න ඔයා කඩේකට ගිහින් මෙහෙම කියනවා කියලා:
"මට අඹ කිලෝ 1ක් රුපියල් 500ට ඕනේ!"
එතකොට ළඟ හිටපු තව කෙනෙක් කියනවා:
"හරි! මම රුපියල් 500ට විකුණන්න ලෑස්තියි."
Boom! එතනම Trade එක සිද්ධ වෙනවා.
හැබැයි රුපියල් 500ට විකුණන්න කවුරුත් හිටියේ නැත්නම්? ඔයාට විකල්ප දෙකයි.
ඔයාගේ ගාන වැඩි කරන එක (වැඩි ගානකට ගන්න ලෑස්ති වෙන එක).
නැත්නම් ඔයාගේ ගානට දෙන්න කැමති කෙනෙක් එනකම් බලාගෙන ඉන්න එක.
Crypto Exchange එකක වෙන්නෙත් මේකම තමයි. Order Book එක කියන්නේ ගන්න ලෑස්ති අයගේ (Bids) සහ විකුණන්න ලෑස්ති අයගේ (Asks) Real-time List එකක්. ඔයාගේ ගානට ගැලපෙන කෙනෙක් ඉන්නවා නම්, Trade එක එවලෙම සිද්ධ වෙනවා. නැත්නම් ඔයාගේ Order එක ඒ List එකේ තියෙනවා.

ශ්‍රී ලංකාවේ තියෙන ප්‍රශ්නය: Banks vs. Exchanges
හැබැයි මෙන්න මෙතනයි පොඩි අවුල තියෙන්නේ. ඔයා ළඟ Binance හරි OKX හරි Account එකක් තිබුණත්, ඔයාගේ ලංකාවේ Bank Card එක (Credit හරි Debit හරි) කෙලින්ම පාවිච්චි කරලා Crypto ගන්න බැහැ.
ඒ ඇයි?
ලංකාවේ Banks, Crypto වලට අදාල Transaction Block කරලා තියෙන්නේ. ඔයා Card එක පාවිච්චි කරන්න හැදුවොත්, ඒක Declined වෙන්න පුළුවන්. සමහර වෙලාවට ඔයාගේ Bank Account එක Flag වෙන්න හරි Restricted වෙන්න හරි වුණත් ඉඩ තියෙනවා.
ඉතින්, ලෝකේ ගොඩක් අය කරන සාමාන්‍ය ක්‍රමය (Exchange වල Card එකෙන් Crypto ගන්න එක) අපිට, ශ්‍රී ලංකාවේ අයට කරන්න බැහැ. එහෙනම් අපිට තියෙන්නේ එකම ක්‍රමයක්: ඒ තමයි P2P Market එක.
P2P Trading කියන්නේ මොකක්ද? (සහ ඒක වැඩ කරන්නේ කොහොමද?)
P2P කියන්නේ Peer-to-Peer. ඒ කියන්නේ Person-to-Person (කෙනෙක්ගෙන් තව කෙනෙක්ට). ඔයා මේකේදී ගන්නේ Exchange එකෙන් නෙවෙයි. ඔයා ගන්නේ තව සාමාන්‍ය User කෙනෙක්ගෙන්. මේකට ඔයාගේ Local Bank Account එක පාවිච්චි කරන්න පුළුවන්.

මේක වෙන්නේ මෙහෙමයි:
ඔයා Binance හරි OKX හරි එකේ P2P Section එකට යනවා. එතන පේනවා ගොඩක් අය LKR වලට USDT හරි BTC හරි විකුණන්න දාලා තියෙන List එකක්. ඔයා ඒකෙන් Offer එකක් තෝරගන්නවා. උදාහරණයක් විදිහට, 100 USDTක් එකක් LKR 330 ගානේ. ඔයා "Buy" Click කරනවා. Exchange එකෙන් මොහොතකට Seller ගේ Crypto ටික Lock කරනවා. දැන් ඔයා රුපියල් 33,000 (100 * 330) Seller ගේ Bank Account එකට කෙලින්ම Transfer කරනවා. Seller ඒක Confirm කරාට පස්සේ, Exchange එකෙන් ඔයා Lock කරපු Crypto ටික ඔයාගේ Wallet එකට Release කරනවා.
මේක හරිම සරලයි. ඒ වගේම මේක තමයි ලංකාවේ ගොඩක් අය දැන් Bitcoin හරි USDT හරි ගන්න පාවිච්චි කරන ක්‍රමය.
විකුණනකොටත් මේකම තමයි වෙන්නේ. ඔයා ඔයාගේ USDT List කරනවා. Buyer කෙනෙක් ඔයාට LKR සල්ලි එවනවා. ඔයාට සල්ලි ලැබුණා කියලා Confirm කරාම, Exchange එකෙන් Crypto ටික Buyer ට Release කරනවා.
Exchange එක මෙතනදි Middleman කෙනෙක් විදිහට වැඩ කරනවා. දෙගොල්ලොන්ගේම ආරක්ෂාවට එයාලා Coins ටික Lock කරනවා.
P2P වල තියෙන Risky දේවල් සහ අපි බලාගන්න ඕන දේවල් ගැන අපි වෙනම වීඩියෝ එකකින් කතා කරමු.
Leverage Trading: දිනන්න වේගවත්ම හරි නැති කරගන්න වේගවත්ම ක්‍රමය!
හරි, දැන් අපි කතා කරමු Leverage Trading ගැන. මේක තමයි ගොඩක් අයට Excited හිතෙන, ඒත් ගොඩක් Beginners ලගේ සල්ලි නැති කරන Trading පැත්ත.
ඔයා අහලා ඇති මේ වගේ දේවල්: "මම 10x Leverage පාවිච්චි කරලා දවසින් 50%ක් හෙව්වා!"

මේක අහන්න ගොඩක් සුපිරි වගේ පෙනුනට, මේක වැඩ කරන්නේ දෙපැත්තටමයි කියලා ගොඩක් අය තේරුම් ගන්නේ නැහැ. ඒ වගේම ගොඩක් අයට මේකේ අනිත් පැත්තෙන් බේරෙන්න ලැබෙන්නේ නැහැ. සරලවම කිව්වොත් Leverage Trading කියන්නේ මොකක්ද?
සරලව මෙහෙම හිතන්න. ඔයා ළඟ රුපියල් 100,000ක් තියෙනවා, ඒත් ඔයාට ඕනේ ඒකට වඩා ගොඩක් ලොකු Trade එකක් කරන්න. එතකොට ඔයා Exchange එකෙන් සල්ලි ටිකක් ණයට ගන්නවා. ඒ කියන්නේ කෙටි කාලීන Loan එකක් වගේ. මේකෙන් ඔයාගේ Trade Size එක වැඩි කරගන්න පුළුවන්.
මේකට තමයි Leverage කියන්නේ.
5x Leverage = ඔයා ඔයාගේ සල්ලි වගේ 5 ගුණයක් පාවිච්චි කරලා Trade කරනවා. 10x Leverage = 10 ගුණයක්. 100x Leverage = 100 ගුණයක්! මේකේදී ඔයා ඇත්තටම Asset එක (Bitcoin එක) අයිති කරගන්නේ නැහැ. ඔයා කරන්නේ ගාන වැඩි වෙයිද නැත්නම් අඩු වෙයිද කියලා "Bet" කරන එක. මේක හරියට Tuk Tuk එකක් 100 km/h ට පැදගෙන යනවා වගේ. හරිම Thrill එකක් තියෙන්න පුළුවන්, ඒත් පොඩි වැරැද්දකින් වුණත් Crash වෙන්න පුළුවන්.
Long Position (ගාන වැඩි වෙනවා කියලා Bet කරනවා)
අපි කියමුකෝ ඔයා ළඟ රුපියල් 200,000ක් තියෙනවා කියලා. ඔයා Bitcoin වල Trade එකක් Open කරනවා 10x Leverage පාවිච්චි කරලා. දැන් ඔයාට රුපියල් 2,000,000ක් වටිනා BTC ප්‍රමාණයක් Control කරන්න පුළුවන්.
දැන් හිතන්න Bitcoin ගාන 5%ක් වැඩි වුණා කියලා. ඒ කියන්නේ රුපියල් 2,000,000න් 5%ක්. ඒ කියන්නේ රුපියල් 100,000ක ලාභයක්. ඔයා දාපු රුපියල් 200,000ට සාපේක්ෂව බැලුවොත්, ඒක 50%ක Gain එකක්.
හැබැයි, Bitcoin ගාන 5%ක් පහළ ගියා නම්?ඔයාගේ මුළු රුපියල් 200,000ම නැති වෙනවා.ඔයාගේ Trade එක "Liquidated" වෙනවා.
ඔයාට Spot Trading එකේ වගේ බලාගෙන ඉන්න බැහැ. Recover වෙන්න අවස්ථාවක් නැහැ. Exchange එක ඔයා ණයට ගත්තු සල්ලි ආරක්ෂා කරගන්න, ඔයාගේ Trade එක Auto Close කරනවා.
මේකට තමයි "Getting Liquidated" වෙනවා කියන්නේ. ඒ වගේම මේක ඔයා හිතනවාට වඩා ගොඩක් ඉක්මනට වෙන්න පුළුවන්.
ඔයාට තව පැහැදිලි කරන්නම්

Short Position (ගාන අඩු වෙනවා කියලා Bet කරනවා)
කියමුකෝ ඔයා හිතනවා Bitcoin ගාන පහළ යයි කියලා. ඔයා Bitcoin එක "Short" කරනවා 10x Leverage පාවිච්චි කරලා. මේකේදී ඔයා Bet කරන්නේ ගාන අඩු වෙනවා කියලා.
ගාන ඇත්තටම අඩු වුණොත්, ඔයා සල්ලි හොයනවා.
හැබැයි ගාන වැඩි වුණොත්, ඔයාට පාඩුයි. ඒ වගේම පොඩි Movement එකකින් වුණත් ඔයාගේ සල්ලි ඔක්කොම නැති වෙන්න පුළුවන්.
උදාහරණයක්:
Bitcoin $60,000යි. ඔයා 10x Leverage පාවිච්චි කරලා Short කරනවා. Bitcoin ගාන $63,000ට වැඩි වෙනවා (+5%). ඔයා Liquidated වෙනවා. ඔයාගේ රුපියල් 200,000 නැති වෙනවා.
Spot Trading vs Leverage Trading - පැත්තෙන් පැත්ත සරලව බැලුවොත්:
Trading Type | Use කල සල්ලි | Market එකේ වෙනස | ප්‍රතිඵලය |
Spot (1x) | LKR 200,000 | -5% | LKR 10,000 පාඩුවක් |
Spot (1x) | LKR 200,000 | +5% | LKR 10,000 ලාභයක් |
Leverage (10x) | LKR 200,000 | +5% | LKR 100,000 ලාභයක් |
Leverage (10x) | LKR 200,000 | -5% | LKR 100,000 පාඩුවක් |
Spot Trading එකේදී ඔයාට ගාන බැස්සත් බලාගෙන ඉන්න පුළුවන්. ඒත් Leverage Trading එකේදී, එක වැරදි Movement එකකින් ඔයාගේ සල්ලි එකපාරටම නැති වෙනවා.
ඇයි මේක Beginners ලට මෙච්චර භයානක?
ගොඩක් Beginners ලා:
Trade කොච්චර ඉක්මනට වෙනස් වෙන්න පුළුවන්ද කියලා දන්නේ නැහැ.
"Stop-Loss" වගේ Tools පාවිච්චි කරන්නේ නැහැ.
Emotional වෙනවා. (ගාන වැඩි වුණාම අසීමිතව ආසාවෙන් Trade කරනවා, ගාන අඩු වුණාම බය වෙලා Trade වහනවා.)
Leverage කියන්නේ ඉක්මනට පොහොසත් වෙන්න තියෙන Shortcut එකක් කියලා හිතනවා.
මේවා තමයි ගොඩක් අය Trade කරලා සල්ලි නැති කරගන්න හේතු. ඇත්තටම ගොඩක් Exchange වල ප්‍රධානම ආදායම් මාර්ගයක් තමයි "Liquidations" සහ High-Fee Trading. ඒ නිසා තමයි Crypto Influencers ලා මේ Leverage Trade කරන එක මෙච්චර PUSH කරන්නේ. මොකද ඔයා Account හදලා සල්ලි නැති කරගත්තම එයාලටත් වාසියි. ඔයාට එක පාරක් දෙපාරක් Leverage Trade කරලා දිනන්න පුළුවන් වෙයි. ඒත් කාලයත් එක්ක බැලුවම, ඔයාට පාඩු වෙනවා. Exchange එක හැමදාම දිනනවා.

මේක ඉගෙන ගන්න Tool එකක් නෙවෙයි! Leverage කියන්නේ හරියට වෙපන් එකක් කවදාවත් අතින් අල්ලලා නැති කෙනෙක්ට දෙනවා වගේ. ඔයා Crypto ලෝකේ අලුත් කෙනෙක් නම්, තාමත් Wallet එකක් වැඩ කරන්නේ කොහොමද, Bitcoin යවන්නේ කොහොමද, ලංකාවේ P2P කරන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න ගමන් ඉන්නවා නම්, Leverage Trading කියන්නේ 100%ක්ම ඔයාට නෙවෙයි.
ඔයාට ඇත්තටම Bitcoin වලින් ඔයාගේ ධනය හදන්න ඕනේ නම්, මේකට වඩා ගොඩක් හොඳ ක්‍රමයක් තියෙනවා. ඒක මොකක්ද කියලා අපි ඊළඟ වීඩියෝ එකෙන් බලමු.
නිගමනය: Trading කියන්නේ Beginners ලට නෙවෙයි. මෙන්න ඇත්ත කතාව.
ගොඩක් Trading Influencers ලා ඔයාට නොකියන දේ තමයි මේක: ඔයා අද Trade කරන්න පටන් ගත්තොත්, 95%ක අවස්ථාවක් තියෙනවා ඔයාට සල්ලි නැති වෙන්න. එයාලා පෙන්නන්නේ දිනපු Trades විතරයි, ඒකට පිටිපස්සේ නැති වුණ දේවල් ගැන කියන්නේ නැහැ. Exchange එකෙන් ඔයා සල්ලි නැති කරගත්තම එයාලට වාසි වෙනවා කියලා එයාලා කියන්නේ නැහැ.
ඒ වගේම මේකත් එයාලා ඔයාට කියන්නේ නැහැ:
ඔයා 2024ට කලින් ඕනෑම අවුරුද්දක Bitcoin අරගෙන, Hold කරගෙන හිටියා නම්, ඔයා අද අනිවාර්යයෙන්ම ලාභ පිට ඉන්නවා. හැම වෙලාවෙම.

ඉතින් හැමෝම ලොකු Trade පස්සේ පන්නනවා. ඇත්ත කතාව තමයි:
සරලව Bitcoin අරගෙන Hold කරන එක, 100%ක් Trade කරන අයට වඩා සාර්ථකයි. මම ආයමත් කියනවා Trading කියන්නේ Beginners ලට නෙවෙයි.
ඒ වගේම මගේ මතේට අනුව - Trading කියන්නේ මෝඩයෙක් කරන වැඩක්.
ඇයි මම එහෙම කියන්නේ කියලා ඊළඟ වීඩියෝ එකෙන් මම ඔප්පු කරලා පෙන්නනවා.
එතනදි මම ඔයාට පෙන්නනවා
Bitcoin වල ආයෝජනය කරන්න තියෙන හොඳම ක්‍රමය මොකක්ද කියලා. ඇයි Long-term Holding කරන එක Trading වලට වඩා සාර්ථක කියලා. ඒ වගේම ශ්‍රී ලාංකිකයෙක්ට පොඩියට පටන් අරගෙන ආරක්ෂිතව තමන්ගෙ ධනය හදන්නේ කොහොමද කියලා. ඒ නිසා ඊළඟ වීඩියෝ එක අනිවාර්යයෙන්ම බලන්න.
සද්දෙට නෙවෙයි, බුද්ධිමත්ව ඉගෙන ගමු. ඒ වගේම මේක මතක තියාගන්න:
Crypto ලෝකේ, දැනුම කියන්නේ බලය විතරක් නෙවෙයි - ඒක ලොකු ආරක්ෂාවක්. එහෙනම් අදට ගිහින් එන්නම්. සුභ දවසක්.
සැළකිය යුතුයි:
අධ්‍යාපනික අරමුණු සඳහා පමණි: මෙම වීඩියෝවේ අන්තර්ගතය වර්තමාන තොරතුරු හා අධ්‍යාපනික අරමුණු සඳහා පමණක් එකතු කර ඇති අතර, කිසිඳු ආකාරයක මුදල් ආයෝජන උපදේශයක් නොවේ.
මූල්‍ය උපදෙස් නොවේ: මෙම වීඩියෝව සපයා ඇත්තේ තොරතුරු දැනගැනීම සඳහා පමණක් වන අතර එය මූල්‍ය, නීතිමය හෝ බදු උපදෙස් ලෙස නොසැලකිය යුතුය. ඕනෑම මූල්‍ය තීරණයක් ගැනීමට පෙර ඔබගේම පර්යේෂණ සිදු කර බලපත්‍රලාභී වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබාගන්න.
මෙම ලිපිය හුවමාරු කරගන්න