ලිපි

ආරම්භකයින්ගේ මාර්ගෝපදේශය

අනාගතය දැකපු සතෝෂිගේ ලියවිල්ල | Bitcoin Whitepaper

Jun 10, 2025

ආයුබෝවන්

අද අපි කතා කරන්න යන්නේ සතෝෂි නකමෝටෝ (Satoshi Nakamoto) විසින් ලියපු බිට්කොයින් වයිට් පේපර් (Bitcoin white paper) එක ගැන. මේක තමා බිට්කොයින් හැදෙන්න මුලික වුන සැලැස්ම. මේ ලේඛනය පිටු නවයක පොඩි එකක් වුනත්, මේකෙන් අපේ සල්ලි ගැන හිතන විදිහ සම්පූර්ණයෙන්ම වෙනස් කරපු ලොකු අදහස් ගොඩක් ඉදිරිපත් කරලා තියෙනවා. අපි මේක සරලව, පියවරෙන් පියවර, වයිට් පේපර් එකේ තියෙන විදිහටම පැහැදිලි කරගමු, එතකොට ඔයාලට බිට්කොයින් පිටිපස්සේ තියෙන හේතුව සහ ක්‍රියාත්මක වෙන විදිහ හොඳට තේරෙයි. ඒ වගේම දැනට තියෙන ක්‍රමයේ ප්‍රශ්නය මොකක්ද කියලත් ඔයාට පැහැදිලි වෙයි.

https://bitcoin.org/bitcoin.pdf - Bitcoin white paper

 ඉතින් මේ ගැන ඉතාම පැහැදිලිව අපේ Bitcoin Sri Lanka YouTube නාලිකාවේ වීඩියෝ එක්කින් ඉදිරිපත් කරලා තියනවා. මේ පහල තියෙන්නෙ ඒ වීඩියෝ එක. ඔයාට පුළුවන් ඒකත් බලන්න.

සතෝෂි මුලින්ම පැහැදිලි කරන්නේ දැනට අපි සල්ලි ගෙවන්න පාවිච්චි කරන ක්‍රමයේ තියෙන ප්‍රශ්න. හිතන්න ඔයා ඔන්ලයින් පොඩි භාණ්ඩයක් ගන්නවා කියලා. ඔයා ඔයාගේ කාඩ් විස්තර දෙනවා. මේ විස්තර ඔයාගේ බැංකුව, විකුණුම්කරුගේ බැංකුව, කාඩ් ප්‍රොසෙසර් කෙනෙක් වගේ සම්පූර්ණ පද්ධතියක් හරහා යනවා. මේක මැදිහත්කරුවන් ගොඩක ජාලයක්. මේ හැමෝම එකිනෙකා විශ්වාස කරන්න ඕනේ. ඒ වගේම මේ හැම තැනකම ඔයාගේ පෞද්ගලික දත්ත තියාගන්නවා. ඒ අයට පුළුවන් ඔයාගේ ගෙවීම් නවත්වන්න, ආපහු හරවන්න, නැත්නම් ප්‍රමාද කරන්න. තව දෙයක් තමයි, පොඩි පොඩි ගනුදෙනු වලට මේ ක්‍රමය අනුව ගොඩක් වියදම් යනවා. කෙටියෙන් කිව්වොත්, දැනට තියෙන ක්‍රමය ගොඩක් රඳා පවතින්නේ විශ්වාසය මත. ඒත්, ඒ විශ්වාසය කඩවෙන්න පුළුවන්.

බිට්කොයින් එකේ අරමුණ

ඉතින් මේ ධවල පත්‍රිකාවේ බිට්කොයින් වල අරමුණත් පැහැදිලි කරලා තියනවා. බිට්කොයින් එකේ අරමුණ තමයි මේ විශ්වාසය කියන එක අවශ්‍ය නැති කරන එක. බැංකු සහ ආයතන විශ්වාස කරනවට වඩා, බිට්කොයින් රඳා පවතින්නේ මීට වඩා ශක්තිමත් දෙයක් මතයි: ඒක තමයි ක්‍රිප්ටෝග්‍රැෆික් පෲෆ් (cryptographic proof). මේක ගණිතය. ඕනෑම කෙනෙක්ට මේ ගණිතය චෙක් කරන්න පුළුවන්. ඒත්, කිසිම කෙනෙක්ට මේකෙන් රැවටීමක් කරන්න බැහැ.

ගනුදෙනු (Transactions)

බිට්කොයින් පද්ධතිය හැදිලා තියෙන්නේ ගනුදෙනු (transactions) වටා. බිට්කොයින් එකක් කියන්නේ ඇත්තටම ඩිජිටල් සිග්නේචර්ස් (digital signatures) දම්වැලක්. ඔයා බිට්කොයින් එකක් යවනකොට, ඔයා ඔයාගේ ප්‍රයිවට් කී (private key) එක පාවිච්චි කරලා ඩිජිටල් මැසේජ් එකක් සිග්නේචර් කරනවා. ඒකෙන් ඔප්පු වෙනවා ඔයාට ඒ බිට්කොයින් එකේ අයිතිය තියෙනවා කියලා. මේක ගන්න කෙනාට ඒ සිග්නේචර් එක චෙක් කරලා මේක වලංගුයිද කියලා තහවුරු කරගන්න පුළුවන්.

හැබැයි, මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඩිජිටල් ලෝකයේ ඕනෑම තොරතුරක් කොපි කරන්න පුළුවන්නේ. එතකොට කෙනෙක්ට පුළුවන්ද එයාගේ බිට්කොයින් කොපි කරලා දෙපාරක් වියදම් කරන්න? මේකට කියන්නේ ඩබල් ස්පෙන්ඩින් ප්‍රොබ්ලම් (double spending problem) එක කියලා. අර කලින් කිව්ව පරණ ක්‍රමයේදී බැංකු මේක නවත්වන්නේ වාර්තා තියාගෙන. බිට්කොයින් වලටත් ඕනේ මේ ඩබල් ස්පෙන්ඩින් නවත්වන්න ක්‍රමයක්, ඒත් කිසිම කෙනෙක්ගේ පාලනයක් නැතුව.

ටයිම් ස්ටෑම් සර්වර් (Timestamp Server)

සතෝෂිගේ විසඳුම පටන් ගන්නේ ටයිම් ස්ටෑම් සර්වර් (timestamp server) එකකින්. මේකේදී ගනුදෙනු එකට එකතු කරනවා, ඒවා අද්විතීය ඩිජිටල් ඇඟිලි සලකුණක් වගේ දෙයක් බවට පත් කරනවා. මේකට කියන්නේ හැෂ් (hash) එක කියලා. මේක හැමෝටම පේන්න ප්‍රසිද්ධ කරනවා. හැම ටයිම් ස්ටෑම් එකකටම කලින් එකේ හැෂ් එකත් ඇතුළත් වෙනවා. මේකෙන් ගනුදෙනු සිද්ධ වුන පිළිවෙල පෙන්නන දම්වැලක් හැදෙනවා. මේක හරියට හැමෝටම පේන පොදු ලෙජරයක් (public ledger) වගේ. මුලින්ම සිද්ධ වුන වලංගු ගනුදෙනුව විතරයි නෙට්වර්ක් එක පිළිගන්නේ. මේකෙන් ඩබල් ස්පෙන්ඩින් නවතිනවා.

 Proof-of-Work

දැන් එන්නේ මේකේ තියෙන හරිම දක්ෂ වැඩේ: ඒක තමයි (proof-of-work). මේකෙන් කරන්නේ ගනුදෙනු කොටසක් (block) හදන එක හරිම අමාරු කරන එක, ඒත් ඕනෑම කෙනෙක්ට ඒක චෙක් කරන එක හරිම ලේසි කරන එක. මයින් කරන්නන් (Miners) ගනුදෙනු එකතු කරලා බ්ලොක් එකක් හදනවා. ඊට පස්සේ විශේෂ හැෂ් එකක් (බිංදු ගානකින් පටන් ගන්න) හොයාගන්න බලනවා. ඒක එයාලා කරන්නේ නෝන්ස් (nonce) කියන නම්බර් එක ආපහු ආපහු වෙනස් කරමින්. මේක හරිම ලොකු අනුමාන ගේමක් වගේ. මේකට ගොඩක් මහන්සියක් යනවා.

වලංගු බ්ලොක් එකක් හම්බුනාම, මයින් කරන්නන් ඒක නෙට්වර්ක් එකට යවනවා. අනිත් හැමෝටම පුළුවන් මේ ප්‍රූෆ්-ඔෆ්-වර්ක් එක ඉක්මනින් චෙක් කරන්න. කවුරු හරි පරණ බ්ලොක් එකක තියෙන ගනුදෙනුවක් වෙනස් කරන්න හැදුවොත්, ඒ බ්ලොක් එකේ ප්‍රූෆ්-ඔෆ්-වර්ක් එක ආපහු කරන්න වෙනවා. ඒ විතරක් නෙවෙයි, ඒකට පස්සේ ආපු හැම බ්ලොක් එකේම ප්‍රූෆ්-ඔෆ්-වර්ක් එකත් ආපහු කරන්න වෙනවා. මේක ඇත්තටම කරන්න බැරි තරම් අමාරුයි. මේ පද්ධතිය ආරක්ෂිත වෙන්නේ මේ වංචාවක් කරන්න ඕන කරන එනර්ජි (energy) එක ගොඩක් වැඩි නිසා.

 නෙට්වර්ක් (Network)

බිට්කොයින් නෙට්වර්ක් එක වැඩ කරන ආකාරයත් මේ ධවල පත්‍රිකාවේ සදහන් කරලා තියනවා. ඉතින් ඒක වෙන්නෙ මෙහෙමයි.

  1. අලුත් ගනුදෙනු හැමෝටම (හැම නෝඩ් එකකටම - node) යවනවා.

  2. හැම නෝඩ් එකක්ම ගනුදෙනු එකතු කරලා බ්ලොක් එකක් හදනවා.

  3. මයින් කරන්නන් ප්‍රූෆ්-ඔෆ්-වර්ක් ප්‍රශ්නය විසඳන්න මහන්සි වෙනවා.

  4. මයින් කෙනෙක්ට වලංගු බ්ලොක් එකක් හම්බුනාම, එයාලා ඒක හැමෝම එක්ක බෙදාගන්නවා.

  5. අනිත් නෝඩ්ස් ඒ බ්ලොක් එක චෙක් කරනවා. වලංගු නම්, එයාලා ඒක පිළි අරගෙන ඒකට උඩින් අලුත් බ්ලොක් හදන්න පටන් ගන්නවා.

  6. මයින් කරන්නන් දෙන්නෙක්ට එකම වෙලාවේ බ්ලොක් හම්බුනොත්, නෙට්වර්ක් එක වැඩිම ප්‍රූෆ්-ඔෆ්-වර්ක් එක තියෙන, ඒ කියන්නේ දිගම දම්වැල (longest chain) අනුගමනය කරනවා.

මේ ක්‍රියාවලියෙන් නෙට්වර්ක් එක විමද්‍යගත (decentralized) සහ ආරක්ෂිතව පවත්වාගෙන යනවා.

 හේතුව (Incentive)

මයින් කරනවට ගොඩක් විදුලියයි වෙලාවයි යනවනේ. එහෙනම් මිනිස්සු මේක කරන්නේ ඇයි? සතෝෂිගේ පද්ධතියේ මේකට හේතුවක් (incentive) තියෙනවා. හැම බ්ලොක් එකකම පලවෙනි ගනුදෙනුව විශේෂ එකක්. ඒකෙන් ඒ බ්ලොක් එක මයින් කරපු කෙනාට අලුත් බිට්කොයින් (new Bitcoins) දෙනවා. අලුත් බිට්කොයින් සංසරණයට එන්නේ මෙහෙමයි. මේක නෙට්වර්ක් එක ආරක්ෂා කරන්න කරපු මහන්සියට දෙන ත්‍යාගයක් වගේ.

 මයින් කරන්නන්ට තව දෙයක් ලැබෙනවා. ඒක තමයි ට්‍රාන්සැක්ෂන් ෆීස් (transaction fees). ඔයා බිට්කොයින් යවනකොට පොඩි ගාස්තුවක් දානවා. කාලයත් එක්ක බ්ලොක් රිවෝඩ් එක (new Bitcoins දෙන එක) අඩු වෙනකොට, මයින් කරන්නන්ගේ ප්‍රධාන රිවෝඩ් එක වෙන්නේ මේ ට්‍රාන්සැක්ෂන් ෆීස්.

ඩිස්ක් ස්පේස් ඉතුරු කරගැනීම (Reclaiming Disk Space)

සතෝෂි දැනගෙන හිටියා කාලයත් එක්ක බ්ලොක්චේන් (blockchain) එක හරිම විශාල වෙන්න පුළුවන් කියලා. පද්ධතිය කාර්යක්ෂම කරන්න බිට්කොයින් පාවිච්චි කරන්නේ මර්කල් ට්‍රීස් (Merkle trees) කියන ක්‍රමයක්. මේකෙන් පුළුවන් ගනුදෙනු තහවුරු කරන්න අවශ්‍යම දත්ත විතරක් තියාගන්න. බ්ලොක් හෙඩර්ස් (Block headers) හරිම පොඩියි - බයිට් 80යි වගේ. ඒ නිසා බිට්කොයින් වලට ගොඩක් ඉඩ නැතුව වර්ධනය වෙන්න (scale වෙන්න) පුළුවන්.

 සිම්ප්ලිෆයිඩ් පේමන්ට් වෙරිෆිකේෂන් (Simplified Payment Verification)

සතෝෂි තව විශේෂාංගයක් ගැන පැහැදිලි කරනවා. ඒක තමයි සිම්ප්ලිෆයිඩ් පේමන්ට් වෙරිෆිකේෂන් (Simplified Payment Verification), කෙටියෙන් SPV. මේකෙන් පුළුවන් ඔයාට සම්පූර්ණ බ්ලොක්චේන් එක ඩවුන්ලෝඩ් නොකරම ගනුදෙනුවක් හරිද කියලා චෙක් කරන්න. ඔයාට ඕනේ වෙන්නේ බ්ලොක් හෙඩර්ස් ටිකයි, මර්කල් බ්‍රාන්ච් (Merkle branch) කියන පොඩි තොරතුරු කොටසකුයි විතරයි. මේක හරියට පොතක එක පිටුවක් චෙක් කරනවා වගේ මිසක් සම්පූර්ණ පොතම කියවනවා වගේ නෙවෙයි. මේක නිසා බිට්කොයින් ෆෝන් (mobile devices) වල වගේ උපාංග වල පවා පාවිච්චි කරන්න පුළුවන්.

 වටිනාකම් එකතු කිරීම සහ බෙදීම (Combining and Splitting Value)

බිට්කොයින් එකක, ගනුදෙනුවක් කියන්නේ හැම වෙලේම එක ඉන්පුට් (input) එකයි, එක අවුට්පුට් (output) එකයි නෙවෙයි. එක ගනුදෙනුවක ගොඩක් ඉන්පුට්ස් සහ ගොඩක් අවුට්පුට්ස් තියෙන්න පුළුවන්. උදාහරණෙකට, ඔයාට තැන් කීපයකින් සල්ලි එකතු කරලා, එකපාරටම කීප දෙනෙක්ට බිට්කොයින් යවන්න පුළුවන්. ඒ වගේම, ඔයාට ඉතුරු වෙන සල්ලිත් (change) අර ගනුදෙනුවෙන්ම ආපහු ඔයාටම යවන්න පුළුවන්. මේකෙන් බිට්කොයින් එදිනෙදා පාවිච්චියට හරිම ප්‍රායෝගික වෙනවා.

 ප්‍රයිවසි (Privacy) 

බිට්කොයින් කියන්නේ සියුඩොනිමස් (pseudonymous) දෙයක්. ඔයාගේ ගනුදෙනු ප්‍රසිද්ධයි, ඒත් ඔයාගේ අනන්‍යතාවය කෙලින්ම පෙන්නන්නේ නැහැ. ඒ වෙනුවට ඔයා පාවිච්චි කරන්නේ බිට්කොයින් ඇඩ්‍රස් (Bitcoin addresses) - ඒ කියන්නේ අහඹු අකුරුයි ඉලක්කම්යි. ඒත්, කවදා හරි ඔයාගේ ඇඩ්‍රස් එක ඔයාගේ ඇත්ත අනන්‍යතාවයත් එක්ක සම්බන්ධ වුනොත් (උදාහරණෙට KYC කරන exchange එකක් හරහා), එතකොට ඔයාගේ හැම ගනුදෙනුවක්ම හොයාගන්න පුළුවන්. වයිට් පේපර් එක යෝජනා කරන්නේ වැඩි ප්‍රයිවසියක් (privacy) තියාගන්න හැම ගනුදෙනුවකටම අලුත් ඇඩ්‍රස් එකක් පාවිච්චි කරන්න කියලා.

 ගණනය කිරීම් (Calculations)

සතෝෂි තව පැහැදිලි කරනවා මේ නෙට්වර්ක් එකට ප්‍රහාරයක් එල්ල කරන එක කොච්චර අමාරුද කියලා. ප්‍රහාරකයෙක් (attacker) බොරු බ්ලොක්චේන් එකක් හදන්න හැදුවොත්, එයාට එයා වෙනස් කරන්න හදන හැම බ්ලොක් එකේම ප්‍රූෆ්-ඔෆ්-වර්ක් එක ආපහු කරන්න වෙනවා. ඒ විතරක් නෙවෙයි, එයාට මේක සම්පූර්ණ ඇත්ත නෙට්වර්ක් එකට වඩා ඉක්මනින් කරන්නත් වෙනවා. අලුත් බ්ලොක් වැඩි වෙන තරමට, ප්‍රහාරකයෙක්ට මේක අල්ලාගන්න තියෙන අවස්ථාව අඩු වෙනවා. බිට්කොයින් ආරක්ෂිතයි කියලා සලකන්නේ මේ නිසයි: මේක ආරක්ෂා වෙන්නේ ගණිතයෙන්, කිසිම ආයතනයකින්වත් ආණ්ඩුවකින්වත් නෙවෙයි.

 නිගමනය (Conclusion)

වයිට් පේපර් එක අවසන් කරමින් සතෝෂි පැහැදිලි කරන්නේ බිට්කොයින් එකේ අරමුණ තමයි සල්ලි ඔන්ලයින් කෙලින්ම කෙනෙක්ගෙන් කෙනෙක්ට (person to person) යවන්න පුළුවන් පද්ධතියක් හදන එක. ඒකෙදි බැංකුවක්වත් වෙනත් විශ්වාසවන්ත තුන්වෙනි පාර්ශවයක්වත් (trusted third party) අවශ්‍ය වෙන්නේ නැහැ. මේකෙන් ඩබල් ස්පෙන්ඩින් ප්‍රශ්නය විසඳනවා. ඒකට පාවිච්චි කරන්නේ පොදු ලෙජරයක් (public ledger), ප්‍රූෆ්-ඔෆ්-වර්ක් (proof-of-work), සහ ඉන්සෙන්ටිව් සිස්ටම් (incentive system) එකක්. මේක සල්ලි හසුරුවන්න තියෙන අලුත් ක්‍රමයක් – ලෝක ව්‍යාප්ත (global), විමද්‍යගත (decentralized), සහ කිසිම කෙනෙක්ට අයිති නැති ක්‍රමයක් (controlled by no one).

අපිට ශ්‍රී ලංකාවේ ඉන්න අයට මේක හරිම වැදගත් අදහසක්. ඉන්ෆ්ලේෂන් (inflation) සහ කරන්සි ප්‍රශ්න (currency problems) බහුල, ඒ වගේම ගොඩක් වෙලාවට මැදිහත්කරුවන් (middlemen) මත රඳා පවතින්න සිද්ධ වෙන රටක, බිට්කොයින් වෙනස් දෙයක් ලබා දෙනවා. ඒක තමන්ගේ සල්ලි (own money) තමන්ගේ පාලනය යටතේ තියාගන්න පුළුවන් ක්‍රමයක්. දැනට තියෙන පද්ධතියේ තියෙන අවදානම් වලින් මිදිලා.

 මෙන්න මේකයි බිට්කොයින් වයිට් පේපර් එකේ සම්පූර්ණ පැහැදිලි කිරීම. අදට ගිහින් එන්නම් සුභ දවසක්..

සැළකිය යුතුයි:

අධ්‍යාපනික අරමුණු සඳහා පමණි: මෙම වීඩියෝවේ අන්තර්ගතය වර්තමාන තොරතුරු හා අධ්‍යාපනික අරමුණු සඳහා පමණක් එකතු කර ඇති අතර, කිසිඳු ආකාරයක මුදල් ආයෝජන උපදේශයක් නොවේ.

මූල්‍ය උපදෙස් නොවේ: මෙම වීඩියෝව සපයා ඇත්තේ තොරතුරු දැනගැනීම සඳහා පමණක් වන අතර එය මූල්‍ය, නීතිමය හෝ බදු උපදෙස් ලෙස නොසැලකිය යුතුය. ඕනෑම මූල්‍ය තීරණයක් ගැනීමට පෙර ඔබගේම පර්යේෂණ සිදු කර බලපත්‍රලාභී වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබාගන්න.

මෙම ලිපිය හුවමාරු කරගන්න

බිට්කොයින් ශ්‍රී ලංකා ලාංඡනය

බිට්කොයින් ශ්‍රී ලංකාහි අප මූල්‍ය නිදහස සහ ඩිජිටල් සවිබල ගැන්වීමේ විප්ලවයක් සිදු කරමින් සිටි. අපගේ මෙහෙවර වන්නේ බිට්කොයින් හි පරිවර්තනීය බලය භාවිතා කිරීමට පුද්ගලයින් දැනුවත් කිරීම, පෙළඹවීම සහ සක්‍රීය කිරීමයි. සියලු ශ්‍රී ලාංකිකයන් සඳහා මූල්‍ය අන්තර්ගතභාවය යථාර්ථයක් වන අනාගතයක් අපි එක්ව ගොඩනගමු.

Bitcoin Sri Lanka © 2024 | All rights reserved

බිට්කොයින් ශ්‍රී ලංකා ලාංඡනය

බිට්කොයින් ශ්‍රී ලංකාහි අප මූල්‍ය නිදහස සහ ඩිජිටල් සවිබල ගැන්වීමේ විප්ලවයක් සිදු කරමින් සිටි. අපගේ මෙහෙවර වන්නේ බිට්කොයින් හි පරිවර්තනීය බලය භාවිතා කිරීමට පුද්ගලයින් දැනුවත් කිරීම, පෙළඹවීම සහ සක්‍රීය කිරීමයි. සියලු ශ්‍රී ලාංකිකයන් සඳහා මූල්‍ය අන්තර්ගතභාවය යථාර්ථයක් වන අනාගතයක් අපි එක්ව ගොඩනගමු.

Bitcoin Sri Lanka © 2024 | All rights reserved

බිට්කොයින් ශ්‍රී ලංකා ලාංඡනය

බිට්කොයින් ශ්‍රී ලංකාහි අප මූල්‍ය නිදහස සහ ඩිජිටල් සවිබල ගැන්වීමේ විප්ලවයක් සිදු කරමින් සිටි. අපගේ මෙහෙවර වන්නේ බිට්කොයින් හි පරිවර්තනීය බලය භාවිතා කිරීමට පුද්ගලයින් දැනුවත් කිරීම, පෙළඹවීම සහ සක්‍රීය කිරීමයි. සියලු ශ්‍රී ලාංකිකයන් සඳහා මූල්‍ය අන්තර්ගතභාවය යථාර්ථයක් වන අනාගතයක් අපි එක්ව ගොඩනගමු.

Bitcoin Sri Lanka © 2024 | All rights reserved

බිට්කොයින් ශ්‍රී ලංකා ලාංඡනය

බිට්කොයින් ශ්‍රී ලංකාහි අප මූල්‍ය නිදහස සහ ඩිජිටල් සවිබල ගැන්වීමේ විප්ලවයක් සිදු කරමින් සිටි. අපගේ මෙහෙවර වන්නේ බිට්කොයින් හි පරිවර්තනීය බලය භාවිතා කිරීමට පුද්ගලයින් දැනුවත් කිරීම, පෙළඹවීම සහ සක්‍රීය කිරීමයි. සියලු ශ්‍රී ලාංකිකයන් සඳහා මූල්‍ය අන්තර්ගතභාවය යථාර්ථයක් වන අනාගතයක් අපි එක්ව ගොඩනගමු.

Bitcoin Sri Lanka © 2024 | All rights reserved

බිට්කොයින් ශ්‍රී ලංකා ලාංඡනය

බිට්කොයින් ශ්‍රී ලංකාහි අප මූල්‍ය නිදහස සහ ඩිජිටල් සවිබල ගැන්වීමේ විප්ලවයක් සිදු කරමින් සිටි. අපගේ මෙහෙවර වන්නේ බිට්කොයින් හි පරිවර්තනීය බලය භාවිතා කිරීමට පුද්ගලයින් දැනුවත් කිරීම, පෙළඹවීම සහ සක්‍රීය කිරීමයි. සියලු ශ්‍රී ලාංකිකයන් සඳහා මූල්‍ය අන්තර්ගතභාවය යථාර්ථයක් වන අනාගතයක් අපි එක්ව ගොඩනගමු.

Bitcoin Sri Lanka © 2024 | All rights reserved