ඔයා කවදාහරි හිතලා තියෙනවද Bitcoin Wallet එකක් කියන්නේ මොකක්ද කියලා, එහෙමත් නැත්නම් ඔයාට හරියන Wallet එක තෝරගන්නේ කොහොමද කියලා? එහෙනම් අද මේ Blog එක ඔයාට තමයි. මුලින්ම Bitcoin Wallet කියන එක ටිකක් අමාරු දෙයක් වගේ, බය හිතෙන දෙයක් වගේ පෙනුනත්, ඔයා බය වෙන්න එපා. මේ blog එක කියවලා ඉවර වෙනකොට, වොලට් එකක් කියන්නෙ හරියටම මොකක්ද, ඒක වැඩ කරන්නේ කොහොමද, ඔයාගේ අවශ්‍යතාවයට ගැලපෙන වොලට් එකක් තෝරගන්නේ කොහොමද කියලා ඔයාලට හොඳට තේරෙයි.
ඉතින් මේ ගැන ඉතාම පැහැදිලිව අපේ Bitcoin Sri Lanka YouTube නාලිකාවේ වීඩියෝ එක්කින් ඉදිරිපත් කරලා තියනවා. මේ පහල තියෙන්නෙ ඒ වීඩියෝ එක. ඔයාට පුළුවන් ඒකත් බලන්න.
Bitcoin Wallet එකක් කියන්නේ මොකක්ද?
ඇත්තටම Bitcoin Wallet එකක් කියන්නේ මොකක්ද? සරලව කිව්වොත්, ඒක ඔයාගේ Bitcoin තියාගන්නත්, ඒක පාවිච්චි කරන්න ඕන වුණාම පාවිච්චි කරන්නත් පුළුවන් දෙයක්. මම මෙහෙම කියන්නම්කෝ දැන් ඔයා කඩේකට බඩුගන්න ගියාම, නැත්තම් ඉඩමක් හරි වාහනයක් හරි ගන්න ගියාම සල්ලි යූස් කරන්න ඕනනේ. ඔයාලා සල්ලි කොහෙද දාගෙන යන්නේ. ඔයාගේ පර්ස් එකෙ. එක්කෝ කෑශ් විදිහට නැත්තම් ක්‍රෙඩිට් , ඩෙබිට් කාඩ් විදිහටනේ. නැත්තම් ඔන්ලින් ඇප් එකෙන්. ඉතින් බිට්කොයින් යූස් කරන්න පුළුවන් එක උපාංගයක් තමයි වොලට් කියන්නේ. ඒත් මෙතනදී ඔයා මතක තියාගන්න ඕන හරිම වැදගත් දෙයක් තියෙනවා. ඔයාගේ Bitcoin ඇත්තටම තියෙන්නේ Wallet එක "ඇතුලේ" නෙවෙයි. මොකද Bitcoin තියෙන්නේ blockchain කියන එකේ.

බ්ලොක්චේන් එක ගැන දැනටමත් ඔයා දන්නවා ඇති. අපි ඔයාට අපේ කලින් දාපු බ්ලොග් එක්කින් ඒ ගැන පැහැදිලිව කියලා දීලා තියෙනවා. Bitcoin වලින් කරන හැම ගනුදෙනුවක්ම එතන සටහන් වෙනවා. ඔයාගේ Wallet එක කරන්නේ ඔයාගේ Bitcoin තියෙන තැනට අවශ්‍ය කී ටික දෙන එකයි. ඒක හරියට බැංකුවේ තියෙන ඔයාගේ සේප්පුවේ යතුර වගේ. ඔයා ළඟ යතුරු ටික තියෙනවා නම්, ඔයාට බිට්කොයින් ටික පාලනය කරන්න පුළුවන්. ඒත් ඔයාට ඒ යතුරු ටික නැති වුණොත්, ඔයාට ඔයාගේ Bitcoin වලට ප්‍රවේශය නැති වෙනවා. ඒකයි මේ Wallet කියන ඒවා එච්චර වැදගත් වෙන්නේ. ඉතින් මේ කී ගැන්ත් අපි ඉස්සරහට කතා කරමු.
Bitcoin Wallet වැඩ කරන්නේ කොහොමද?
දැන් අපි බලමු මේ Bitcoin Wallet වැඩ කරන්නේ කොහොමද කියලා. අපි මේක සරලව කතා කරමු. හැම Wallet එකකම ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. එක කොටසකට කියන්නේ Public Key කියලා. ඒක හරියට ඔයාගේ බැංකු ගිණුම් අංකය වගේ. කාට හරි ඔයාට Bitcoin එවන්න ඕන නම්, මේ Public Key එක ඔයාට එයාලට දෙන්න පුළුවන්, ඒක ප්‍රශ්නයක් නැහැ. අනිත් කොටස තමයි Private Key. මේක හරිම රහසිගත දෙයක්, හරියට ඔයාගේ ATM කාඩ් එකේ PIN නම්බර් එක හරි ඔයාගේ ඔන්ලයින් බැංකු පාස්වර්ඩ් එක වගේ. කවුරු හරි මේ Private Key එක දන්නවා නම්, එයාට ඒකට අදාළ Bitcoin සම්පූර්ණයෙන්ම පාලනය කරන්න පුළුවන්.

ඔයාගේ Wallet එක තමයි මේ යතුරු දෙක ඔයා වෙනුවෙන් හදලා, ඒවා ආරක්ෂිතව කළමනාකරණය කරගන්න උදව් කරන්නේ. දැන් සමහර Wallet ඔයාගේ Private Key එක එයාලම තියාගන්නවා, එතකොට ඒක පාවිච්චි කරන්න ටිකක් ලේසියි. ඒත් තවත් සමහර ඒවායේ මේ වගකීම සම්පූර්ණයෙන්ම ඔයාට පැවරෙනවා, ඔයා තමයි ඒක ආරක්ෂිතව තියාගන්න ඕන. ඉතින්, ඔයා කොච්චර තාක්ෂණය ගැන දන්නවද, ඔයාට කොච්චර වගකීමක් ගන්න පුළුවන්ද කියන දේ අනුව, විවිධ වර්ගයේ Wallet තමයි විවිධ අයට ගැලපෙන්නේ.
Bitcoin Wallet වර්ග
දැන් අපි Bitcoin Wallet වල තියෙන වර්ග ගැන කතා කරමු. ප්‍රදාන වර්ග දෙකක් තියනවා. එකක් තමයි Custodial Wallets . අනිත් වර්ගේ තමයි. Non-Custodial Wallets.
Custodial Wallets කියන්නේ ඔයාගේ Private Keys වෙන කෙනෙක්, ඒ කියන්නේ සාමාන්‍යයෙන් වොලට් එක නිර්මාණය කරන සමාගමක් හරි ආයතනයක් හරි, ඔයා වෙනුවෙන් තියාගන්න Wallet වලට. ඔයා ලොග් වෙන්නේ Username එකකුයි Password එකකුයි දාලා, හරියට ඔන්ලයින් බැංකු සේවාවක් පාවිච්චි කරනවා වගේ. මේවා පාවිච්චි කරන්න ගොඩාක් ලේසියි. අලුතින් පටන් ගන්න අයට ගොඩක් හොඳයි. ඒත් මෙතන තියෙන අවාසිය මොකක්ද? ඔයා ඔයාගේ Bitcoin වෙන සමාගමක විශ්වාසය මත තමයි තියාගන්න ඕන. ඒ සමාගම හැක් වුණොත් හරි, නැත්නම් ඒගොල්ලෝ වැඩ නවත්තලා දැම්මොත් හරි, ඔයාගේ Bitcoin නැති වෙලා යන්න පුළුවන්.

Non-Custodial Wallets වලදි වෙන්නෙ, ඔයා තමයි ඔයාගේ Keys වල අයිතිකාරයා. වෙන කාටවත් ඒවාට ප්‍රවේශයක් නැහැ. මේ Wallet ඔයාට සම්පූර්ණ පාලනය දෙනවා, ඒත් ඒ එක්කම සම්පූර්ණ වගකීමත් ඔයාට පැවරෙනවා. ඔයාගේ Backup Phrase එක නැත්නම් Seed Phrase එක නැති වුණොත්, Wallet එක හදපු අයටවත් ඔයාගේ Bitcoin ආපහු ගන්න උදව් කරන්න බැහැ. ඒත් ඔයා Non-Custodial Wallet එකක් හරියට පාවිච්චි කරන්න ඉගෙනගෙන ඔයාගේ Backup එක ආරක්ෂිතව තියාගත්තොත්, මේක තමයි Bitcoin පාවිච්චි කරන්න තියෙන හොඳම සහ ස්වාධීනම ක්‍රමය විදිහට සලකන්නේ.
තවත් විදිහට මේ වොලට් වර්ග කරගත්තොත් Hot Wallets සහ Cold Wallets විදිහට මේ වර්ග දෙක බෙදා ගන්න පුළුවන්. අපි ඒ ගැනත් කතා කරමු.
Hot Wallets කියන්නේ මොකක් හරි විදිහකින් අන්තර්ජාලයට සම්බන්ධ වෙලා තියෙන Wallet වලට. මේවා ඔන්ලයින් නිසා, පාවිච්චි කරන්න බොහොම ලේසියි, ඉක්මන් ගෙවීම් කරන්න වගේ දේවල්ට හොඳයි. Blue Wallet, Phoenix, Muun වගේ මොබයිල් ඇප්ස් මේවට උදාහරණ විදිහට කියන්න පුළුවන්.
Cold Wallets කියන්නේ අන්තර්ජාලයට සම්බන්ධ නොවී Offline වල තියෙන Wallet වලට. මේවා Offline නිසා, ගොඩක් ආරක්ෂිතයි, වැඩි කාලයක් Bitcoin ගොඩක් ප්‍රමාණයක් පරිස්සම් ඇතුව තියාගන්න මේ වොලට් වර්ගේ ගොඩක් හොඳයි. Trezor, Ledger වගේ Hardware Wallets, එහෙමත් නැත්නම් ඔයාගේ Keys ටික කඩදාසියක ලියලා ආරක්ෂිත තැනක තියෙන Paper Wallets මේවට උදාහරණ විදිහට කියන්න පුළුවන්.
මතක තියාගන්න ලේසි නීතියක් තමයි, Hot Wallets වියදම් කරන්න, Cold Wallets ඉතුරු කරන්න කියන එක.
Bitcoin Wallet එක තෝරගන්නේ කොහොමද?
දැන් අපි බලමු ඔයාට හරියන Bitcoin Wallet එක තෝරගන්නේ කොහොමද කියලා. මේකට ඔයා ඔයාගෙන්ම ප්‍රශ්න කිහිපයක් අහන්න ඕන.
ඔයා Bitcoin වලට අලුත් කෙනෙක්ද? ඔව් නම්, පටන් ගන්න හොඳම දේ තමයි Muun හරි BlueWallet, GreenWallet හරි වගේ සරල Mobile Wallet එකකින් පටන් ගන්න එක. මේවා Non-Custodial, ඒ කියන්නේ ඔයාට පාලනය තියෙනවා, ඒත් පාවිච්චි කරන්නත් ගොඩාක් ලේසියි.
ඔයා Bitcoin වලට ඉන්වෙස්ට් කරන, ලොකු කාලයක් වියදම් නොකර තියාගන්න හිතන කෙනෙක් නම්, එහෙම නම් ඔයා අනිවාර්යයෙන්ම Cold Wallet එකක් ගැන හිතන්න ඕන. Trezor වගේ Hardware Wallet එකක් ගන්න. මුලින් ටිකක් වියදම් වෙයි, ඒත් ඔයාගේ Bitcoin වල ආරක්ෂාවට ඒක වටිනවා.
ඔයා පවුලේ අයත් එක්ක හරි, නැත්නම් ව්‍යාපාරයක් වෙනුවෙන් හරි Bitcoin පාවිච්චි කරන්න හිතනවාද? එහෙම නම් Multisig Wallet කියන දෙයක් ගැන හොයලා බලන්න පුළුවන්. මේ Wallet එකේ ගනුදෙනුවක් කරන්න එක්කෙනෙකුට වඩා වැඩි දෙනෙක්ගේ අනුමැතිය අවශ්‍යයි. ඒක කණ්ඩායම් වලට හරි, පාරම්පරික දායාද වගේ දේවල් වලට හරි ගොඩක් ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්.

ඔයාට සම්පූර්ණ පාලනයක් ඕනෙද, එහෙමත් නැත්නම් පහසුව ගැන වැඩිපුර හිතනවා නම්? Custodial Wallet එකක් හොඳ වෙයි, ඒත් එතන ගොඩක් Bitcoin තියාගන්න එපා. ඔයා ඇත්තටම Bitcoin වලින් ලැබෙන ස්වාධීනත්වය භුක්ති විඳින්න කැමති නම්, Non-Custodial Wallet තමයි හොඳම.
අන්තිමට කියන්න තියෙන්නේ, Bitcoin Wallet එකක් තෝරගන්න එකට, මේක තමයො හොඳම දේ කියලා කියන්න බෑ. හොදම එක තීරණය වෙන්නෙ ඔයාගේ අවශ්‍යතා මොනවද, ඔයා Bitcoin පාවිච්චි කරන්නේ කොහොමද කියලා හරියට තේරුම් ගන්න එකත් එක්ක තමයි. ඒක තමයි පළවෙනි වැදගත්ම පියවර.
Bitcoin පාවිච්චිකරන අය කරන පොදු වැරදි
දැන් අපි අලුතින් Bitcoin පාවිච්චි කරන්න පටන් ගන්න අය කරන පොදු වැරදි කිහිපයක් ගැනත් කතා කරමු. පළවෙනි දේ තමයි, ඔයාගේ Bitcoin ගොඩක් කාලයක් Cryptocurrency Exchanges වල තියන්න එපා. මතක තියාගන්න, Exchanges කියන්නේ ගනුදෙනු කරන්න තියෙන තැනක් මිසක් ඔයාගේ Bitcoin ආරක්ෂිතව තියාගන්න තියෙන තැන් නෙවෙයි, ඒවා හැකර්ලාගේ ලොකු ඉලක්ක වෙන්න පුළුවන්.
දෙවෙනි දේ තමයි, කවදාවත් ඔයාගේ Seed Phrase එකේ Screenshots ගන්න එපා, එහෙමත් නැත්නම් ඒක ඔයාගේ Computer එකේ හරි Phone එකේ හරි ලියාගන්න එපා. හැමවෙලේම ඒක කඩදාසියක ලියලා ආරක්ෂිත, කාටවත් හොයාගන්න බැරි Offline තැනක තියාගන්න. තුන්වෙනි දේ තමයි, ඔයාගේ Private Key එක කවදාවත් කාටවත් දෙන්න එපා. කවුරු හරි ඒක ඉල්ලනවා නම්, ඒක අනිවාර්යයෙන්ම Scam එකක්, එයාලා ඔයාගේ Bitcoin හොරකම් කරන්න තමයි හදන්නේ.

අන්තිමට, ඔයාගේ Wallet එක හරියට Backup කරන්න අමතක කරන්න එපා. ඔයාගේ Phone එක නැති වුණොත් හරි, ඔයාගේ Computer එක කැඩුනොත් හරි, ඔයාගේ Seed Phrase එක Backup කරලා නැත්නම්, ඔයාගේ Bitcoin සදහටම නැති වෙනවා.
මේ තියෙන්නේ ඔයාලට පොඩි Bonus Tip එකක්, විශේෂයෙන් ඔයා Bitcoin පාවිච්චි කරන පළවෙනි පාර නම්. මුලින් ටිකක් පොඩි ගාණක් Bitcoin ඔයාගේ Wallet අතරෙම යවලා බලන්න. ගනුදෙනු වැඩ කරන්නේ කොහොමද කියලා තේරුම් ගන්න. ලොකු ගාණක් යවන්න කලින් මේ දේවල් එක්ක ටිකක් පුරුදු වෙන්න. මේ පොඩි පියවරෙන් පස්සේ ඔයාට වෙන්න තියන ගොඩක් කරදර, වැරදි වලක්වගන්න පුළුවන්.
මතක තියාගන්න, Bitcoin කියන්නේම මූල්‍යමය නිදහසට සහ ඔයාගේම සල්ලි පාලනය කිරීමේ නිදහසට. ඒත් ඒ නිදහසත් එක්ක වගකීමකුත් එනවා. ඔයා මූලික දේවල් ටික ඉගෙනගත්තට පස්සේ, Non-Custodial Wallet එකක් හරහා ඔයාගේම Bitcoin කළමනාකරණය කරන එක ඇත්තටම ගොඩක් වැදගත් දෙයක්.
Bitcoin Wallet එක කියන්නේ ඇත්තටම ඔයාගේ Phone එකේ තියෙන App එකකට වඩා දෙයක්, නැත්නම් Hardware එකකට වඩා දෙයක්. ඒක තමයි අලුත් විදිහේ සල්ලි වලට ඔයාගේ තියන එකම පාර. ඒ සල්ලි ඔයාට තමයි අයිති, බැංකුවකට නෙවෙයි, සමාගමකට නෙවෙයි, ආණ්ඩුවකට නෙවෙයි. ඒක ඔයාට පාලනයක්, පෞද්ගලිකත්වයක් සහ ඇත්ත මූල්‍ය බලයක් දෙන මුදල් වර්ගයක්.
ඒත් හැමවෙලේම මතක තියාගන්න, ලොකු බලයක් එක්ක ලොකු වගකීමකුත් එනවා. ඒ නිසා ඔයාගේ Wallet එක හොඳට හිතලා තෝරගන්න, ඒක තේරුම් ගන්න කාලය ගන්න, සහ හැමවෙලේම ඔයාගේ Keys Backup කරන්න.
අද අපිත් එක්ක ඔයාගේ වටිනා කාලය ගත කරපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තූතියි. මම හිතනවා අද කතා කරපු දේවල් වලින් Bitcoin Wallet ගැන ඔයාලට තිබුණ අවුල් ටික නැතිවෙලා, ඔයාගේ Bitcoin ගමනේ ඊළඟ පියවර ගන්න ඔයාලට විශ්වාසයක් ලැබුණා කියලා. මේ බ්ලොග් එක ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම්, තව මේ වගේ සරලව Bitcoin ගැන ඉගෙනගන්න ඕන නම්, අනිවාර්යයෙන්ම Bitcoin Sri Lanka අපිත් එක්ක එකතු වෙලා ඉන්න.
එහෙනම් අදට ගිහින් එන්නම් සුභ දවසක්.
සැළකිය යුතුයි:
අධ්‍යාපනික අරමුණු සඳහා පමණි: මෙම වීඩියෝවේ අන්තර්ගතය වර්තමාන තොරතුරු හා අධ්‍යාපනික අරමුණු සඳහා පමණක් එකතු කර ඇති අතර, කිසිඳු ආකාරයක මුදල් ආයෝජන උපදේශයක් නොවේ.
මූල්‍ය උපදෙස් නොවේ: මෙම වීඩියෝව සපයා ඇත්තේ තොරතුරු දැනගැනීම සඳහා පමණක් වන අතර එය මූල්‍ය, නීතිමය හෝ බදු උපදෙස් ලෙස නොසැලකිය යුතුය. ඕනෑම මූල්‍ය තීරණයක් ගැනීමට පෙර ඔබගේම පර්යේෂණ සිදු කර බලපත්‍රලාභී වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබාගන්න.
මෙම ලිපිය හුවමාරු කරගන්න