ලිපි

ආරම්භකයින්ගේ මාර්ගෝපදේශය

Bitcoin Fee කියන්නේ මොකක්ද?

Sajith Caldera

Sep 12, 2025

ආයුබෝවන්. අද අපි කතා කරන්නේ Bitcoin වල transaction fees ගැන – ෆී එකක් කියන්නෙ මොකද්ද, ඇයි මේවා තියෙන්නේ, සහ හරියටම fee එකක් තෝරගන්නේ කොහොමද කියලා. ඊට අමතරව, Lightning Network එක දෛනික ගෙවීම් වලදී fees අඩු කරන්නේ කොහොමද කියලත් කෙටියෙන් පැහැදිලි කරනවා. කලින් අපි Lightning ගැන   ලියපු Blog එකත් බලන්න පුළුවන් ඔයාට ඒ ගැන තව අවබෝදයක් ගන්න ඕන නම්.

ඉතින් මේ ගැන ඉතාම පැහැදිලිව අපේ Bitcoin Sri Lanka YouTube නාලිකාවේ වීඩියෝ එක්කින් ඉදිරිපත් කරලා තියනවා. මේ පහල තියෙන්නෙ ඒ වීඩියෝ එක. ඔයාට පුළුවන් ඒකත් බලන්න

Bitcoin network එක පාරක් වගේ කියලා හිතමු, ඒ පාරේ තියෙන්නේ සීමිත මංතීරු ගාණක්. හැම විනාඩි කීපෙකටම අලුත් block එකක් එනවා – ඒක බස් එකක් වගේ හිතන්න – ඒකේ යම්කිසි ගනුදෙනු ගාණකට විතරයි ඉඩ තියෙන්නේ. ඉතින් මේ ඉඩකඩ සීමිතයි. ගොඩක් අය එකපාරටම මේ බස් එකට නගින්න හැදුවොත්, ටිකට් එකේ මිල වැඩි වෙනවා. කට්ටිය අඩු වෙලාවට, මිල අඩු වෙනවා. මේ ඉල්ලුමයි සැපයුමයි අතර තියෙන සම්බන්ධතාවය තමයි fees වෙනස් වෙන්න ප්‍රධානම හේතුව.

ඔයා ගෙවන fee එක තීරණය කරන ප්‍රධාන දේවල් දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි ඔයාගේ ගනුදෙනුවේ data size එක, මිසක් ඔයා යවන මුදලේ වටිනාකම නෙවෙයි. පොඩි payment එකක් වුණත්, ගොඩක් පරණ inputs වලින් එකතු වුණා නම්, ඒක disk එකේ ලොකු වෙන්න පුළුවන්. ඒත් ලොකු payment එකක් වුණත්, එක clean input එකක් පාවිච්චි කළොත්, ඒක පොඩි වෙන්න පුළුවන්. තැපැල් කන්තෝරුව වගේ හිතන්න: ඝන ලියුම් කවරයකට postcard එකකට වඩා වියදම් වැඩියි. ලොකු data එකකට block එකේ වැඩි ඉඩක් යනවා, ඒ නිසා ඔයාට වැඩිපුර ගෙවන්න වෙනවා, නැත්නම් වැඩි වෙලාවක් ඉන්න වෙනවා.

දෙවෙනි කාරණය තමයි හදිස්සිය. ඔයාට පුළුවන් "මට මේක ඊළඟ block එකේදීම confirm වෙන්න ඕනේ" කියලා වැඩි fee එකක් එක්ක කියන්න. එහෙමත් නැත්නම් "මට ඉන්න පුළුවන්" කියලා අඩු fee එකක් තෝරගන්න. ගොඩක් wallets වල මේක පහසුයි Fast, Normal, සහ Slow කියන options එක්ක. ඔයා වෙළෙන්දෙකුට ගෙවනවා නම් සහ ඉක්මනින් වෙන්න ඕනේ නම්, Fast තෝරගන්න. ඔයාගේ coins ඔයාගේම savings wallet එකකට මාරු කරනවා නම්, Normal හෝ Slow සාමාන්‍යයෙන් ප්‍රමාණවත්.

Mempool එකයි, Miners ලායි ඔයාගේ transaction එක confirm වෙන්න කලින්, ඒක mempool එකේ තියෙනවා. ඒක තමයි confirm නොවූ transactions තියෙන පොදු පෝලිම. Miners ලා ඊළඟ block එක හදන්නේ, data byte එකකට වැඩිම fee ගෙවන transactions තෝරගෙන. අලුතින් ලැබෙන bitcoin වලට අමතරව, fees තමයි network එක ආරක්ෂා කරන එකට ඔවුන්ට තියෙන දිරිගැන්වීම. කාලයත් එක්ක bitcoin අලුතින් නිකුත් කරන එක අඩු වෙනකොට, fees කියන්නේ miner income එකේ ලොකු කොටසක් වෙනවා. ලොකු junk activity (spam) එකක් කරන්න යන වියදම වැඩිකරලා, fees ඒ වගේ දේවල් වලක්වනවා.

Fees කියන්නේ market එකක් නිසා, ඒවා දවස පුරාම වෙනස් වෙනවා. අපේ සාමාන්‍ය මාර්කට් එක බලන්නකො.  මිල ඉක්මනින් වෙනස් වෙනවා, නැත්නම් ලොකු ආරංචියක් ආවොත්, ඉල්ලුම වැඩිවෙලා fees ඉහළ යනවා. නිස්කලංක වෙලාවට fees අඩු වෙනවා. ඔයාගේ හදිස්සිය, network එකේ තදබදයට ගලපන්න. හදිස්සියක් නැත්නම්, අඩු fee option එකක් තෝරගෙන ඔයාගේ wallet එකට වෙලාව බලාගන්න දෙන්න.

හිතමු ඔයාගේ wallet එකේ options තුනක් තියෙනවා කියලා. Fast එකට රුපියල් දෙසීයක් විතර යන්න පුළුවන්, ඒක ඊළඟ block එකේදීම confirm වෙනවා. Normal එකට ඊට වඩා අඩුයි, සාමාන්‍යයෙන් blocks දෙකක් ඇතුළත confirm වෙනවා. Slow තමයි අඩුම, ඒකට blocks කීපයක් යන්න පුළුවන්. ඉල්ලුම වැඩි වෙලාවක ඔයා Slow තෝරගත්තොත්, ඔයාගේ transaction එක mempool එකේ පැය ගණනක් තියෙන්න පුළුවන්. ගොඩක් wallets වල Replace-By-Fee, නැත්නම් fee bumping කියන feature එක තියෙනවා, ඒ නිසා ඔයාගේ plans වෙනස් වුණොත් පස්සේ fee එක වැඩි කරන්න පුළුවන්.

 Confirmations වලින් මනින්නේ finality එක. ඔයාගේ transaction එක block එකකට එකතු වුණාම, ඒක එක confirmation එකක්. ඒක උඩට අලුත් block එකක් හැම වෙලාවෙම එකතු වෙනකොට, reversal එකක් වෙන්න තියෙන ඉඩකඩ අඩු වෙනවා. Exchanges සහ payment processors ලා එයාලගේ risk එක අනුව එකක්, තුනක්, නැත්නම් හයක් වගේ confirmations එනකල් ඉන්නවා. ඔයාට අයිති wallets දෙකක් අතර funds මාරු කරනවා නම්, counterparty risk එක අඩු නිසා ඔයාට අඩු confirmations ප්‍රමාණයක් පිළිගන්න පුළුවන්.

ඇයි එහෙනම් block size එක ලොකු කරලා fees හැමදාටම අඩු මට්ටමක තියාගන්නේ නැත්තේ? ඒකට හේතුව තමයි, මේ සීමිත බව නිසා Bitcoin වල decentralisation (විමධ්‍යගතභාවය) රැකෙන එක. Blocks ඕනවට වඩා ලොකු වුණොත්, ලොකු data centres වලට විතරයි full nodes පවත්වාගෙන ගිහින් chain එක verify කරන්න පුළුවන් වෙන්නේ. සාමාන්‍ය මිනිස්සුන්ට ඒකට සම්බන්ධ වෙන්න බැරි වෙනවා, ඒ වගේම system එක control කරන්න ලේසි වෙනවා. Blocks පොඩියට තියාගන්න නිසා, Bitcoin ඕන කෙනෙක්ට audit කරන්න පුළුවන් විදියට විවෘතව තියෙනවා.

දැන් අපි Lightning Network එක ගැන කතා කරමු. base layer එක අපේ normal බස් එක වගේ නම්, Lightning කියන්නේ private, high-speed lane එකක්. ඔයාට පුළුවන් එක on-chain transaction එකකින් channel එකක් open කරන්න. ඊට පස්සේ, ඔයයි ඔයාගේ අනිත් පාර්ශවයයි අතර off-chain payments දහස් ගණනක් ක්ෂණිකව යවන්න පුළුවන්, fees ගොඩක් වෙලාවට රුපියලක පොඩි කොටසක් වගේ. ඔයා blockchain එකට ආයෙත් සම්බන්ධ වෙන්නේ channel එක close කරනකොට, නැත්නම් rebalancing කරනකොට විතරයි. නිතර කරන payments base layer එකෙන් එළියට ගන්න නිසා, Lightning Network එක දෛනික වියදම් අඩු කරලා, වේගය වැඩිකරනවා. 

Fees තෝරගන්න ප්‍රායෝගික උපදෙස් තුනක් Fees බුද්ධිමත්ව තෝරගන්න පුළුවන් ප්‍රායෝගික උපදෙස් තුනක්.

  1. ඔයාගේ හදිස්සිය ගැන අවංක වෙන්න. ගෙවීමක් කාලයට සංවේදී නම්, වේගය වෙනුවෙන් ගෙවන්න, stress නොවී ඉන්න.

  2. පුළුවන් නම් batch කරන්න. සමහර wallets වලින් ඔයාට එක transaction එකකින් address කිහිපයකට යවන්න පුළුවන්, ඒක එක postage stamp එකකින් ලියුම් කීපයක් යවනවා වගේ.

  3. අඩු fee තියෙන වෙලාවට ඔයාගේ maintenance වැඩ ටික plan කරගන්න. පොඩි deposits ගොඩක්, ලොකු inputs කීපයකට එකතු කරන එක හොඳම දේ නිස්කලංක වෙලාවට කරන එක.

සාමාන්‍ය වැරදි කීපයක්

 මුදලේ වටිනාකමයි, transaction size එකයි පටලවා ගන්න එපා. clean, single-input payment එකකින් රුපියල් 100,000 ක් යවන එක, messy wallet එකකින්, පොඩි inputs ගොඩක් එක්ක රුපියල් 5,000 ක් යවනවට වඩා ලාභ වෙන්න පුළුවන්.

  • හදිස්සි payment එකකට අඩුම option එක තෝරගෙන, confirm වෙනකම් බලාගෙන වද වෙන්න එපා. වේගය වැදගත් නම්, Fast තෝරගන්න.

  • ඔයාගේ wallet එකේ estimates නොසලකා හරින්න එපා. ඒවා වර්තමාන network conditions පෙන්නනවා, සාමාන්‍යයෙන් ඔයා අනුමාන කරනවට වඩා නිවැරදියි.

 අපි සරල ක්‍රමවේදයකින් මේක අවසන් කරමු.

·       පළවෙනි පියවර: ඔයාගේ හදිස්සිය තීරණය කරන්න.

·       දෙවෙනි පියවර: wallet එකේ suggested fees ටික බලන්න.

·       තුන්වෙනි පියවර: ඔයාගේ වෙලාවටයි, budget එකටයි ගැලපෙන option එක තෝරගන්න.

·       හතරවෙනි පියවර: ඔයා Slow තෝරගෙන, plans වෙනස් වුණොත්, පුළුවන් තැනක fee bumping පාවිච්චි කරන්න.

·       පස්වෙනි පියවර: ඔයාගේ counterparty ට ඕන confirmations ගාණ එනකල් ඉන්න.

 සාරාංශයක් විදියට කිව්වොත්: Bitcoin fees කියන්නේ සීමිත block space එකකට තියෙන market එකක්. මේවා miners ලට ගෙවනවා, network එක spam වලින් ආරක්ෂා කරනවා, සහ decentralisation එක පවත්වාගෙන යන්න උදව් කරනවා. ඔයාගේ fee එක ප්‍රධාන වශයෙන්ම transaction එකේ data size එකයි, ඔයාගේ හදිස්සියයි මත රඳා පවතිනවා. Mempool කියන්නේ transaction එක confirm වෙනකල් ඉන්න room එක. Confirmations වලින් finality එක මනිනවා. Lightning Network එකෙන් නිතර කරන, පොඩි payments off-chain මාරු කරනවා, ඒ නිසා fees ගොඩක් පොඩි වෙනවා වගේම payments ක්ෂණිකව වෙනවා.

සුභ දවසක්

සැළකිය යුතුයි:

අධ්‍යාපනික අරමුණු සඳහා පමණි: මෙම ලිපියේ අන්තර්ගතය වර්තමාන තොරතුරු හා අධ්‍යාපනික අරමුණු සඳහා පමණක් එකතු කර ඇති අතර, කිසිඳු ආකාරයක මුදල් ආයෝජන උපදේශයක් නොවේ.

මූල්‍ය උපදෙස් නොවේ: මෙම ලිපිය සහ වීඩියෝව සපයා ඇත්තේ තොරතුරු දැනගැනීම සඳහා පමණක් වන අතර එය මූල්‍ය, නීතිමය හෝ බදු උපදෙස් ලෙස නොසැලකිය යුතුය. ඕනෑම මූල්‍ය තීරණයක් ගැනීමට පෙර ඔබගේම පර්යේෂණ සිදු කර බලපත්‍රලාභී වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබාගන්න.

මෙම ලිපිය හුවමාරු කරගන්න

නිතර අසන පැන

Ready to use Bitcoin safely? Try Bitnomi Wallet — built for Sri Lankans.

බිට්කොයින් ශ්‍රී ලංකා ලාංඡනය

බිට්කොයින් ශ්‍රී ලංකාහි අප මූල්‍ය නිදහස සහ ඩිජිටල් සවිබල ගැන්වීමේ විප්ලවයක් සිදු කරමින් සිටි. අපගේ මෙහෙවර වන්නේ බිට්කොයින් හි පරිවර්තනීය බලය භාවිතා කිරීමට පුද්ගලයින් දැනුවත් කිරීම, පෙළඹවීම සහ සක්‍රීය කිරීමයි. සියලු ශ්‍රී ලාංකිකයන් සඳහා මූල්‍ය අන්තර්ගතභාවය යථාර්ථයක් වන අනාගතයක් අපි එක්ව ගොඩනගමු.

Bitcoin Sri Lanka © 2024 | All rights reserved