ලිපි
ආරම්භකයින්ගේ මාර්ගෝපදේශය
මහ බැංකුවේ අලුත්ම update එක Bitcoin & Crypto Legal ද?
Sajith Caldera
Oct 15, 2025
ආයුබෝවන් හැමෝටම!
ඔයාලට Bitcoin, USDT, crypto ලංකාවේ නීතිගතද නැද්ද කියලා ගොඩක් කන්ෆියුසින්ග් නිවුස් යනවා නේද? එහෙනම්, මේ blog එක ඔයාලා වෙනුවෙන් තමයි. මම මෙතනින් පැහැදිලිව කියන්නම්—ලංකාවේ මහ බැංකුව (CBSL) සහ Financial Intelligence Unit (FIU) කියන මේ ආයතන ඇත්තටම කරන්නේ මොකක්ද, ඇයි ඒගොල්ලෝ මේ දේවල් කරන්නේ, සහ ඔයාට, එදිනෙදා user කෙනෙක්ට, investment කරන කෙනෙක්ට, නැත්නම් builder කෙනෙක්ට මේක බලපාන්නේ කොහොමද කියලා.
ඉතින් මේ ගැන ඉතාම පැහැදිලිව අපේ Bitcoin Sri Lanka YouTube නාලිකාවේ වීඩියෝ එක්කින් ඉදිරිපත් කරලා තියනවා. මේ පහල තියෙන්නෙ ඒ වීඩියෝ එක. ඔයාට පුළුවන් ඒකත් බලන්න
ලෝකයේ වෙනස සහ FATF එකේ බලපෑම
අපි මුලින්ම ලොකුවටම පෙනෙන දේ බලමු. ලෝකේ පුරාම ආණ්ඩුවල ස්ථාවරය වෙනස් වෙමින් යනවා. කලින් crypto දිහා නොබලා හිටියා නම්, දැන් ඒගොල්ලෝ regulate කරන්න පටන් අරන්.
ඇයි? මොකද Crypto දැන් නොපෙනී ඉන්න බැරි තරම් ලොකුයි. සමහර අය මේක ඇසට් (asset) එකක් විදිහට තියාගන්නවා. සමහරු payments වලට පාවිච්චි කරන්න හදනවා. හැබැයි අවාසනාවට, scammers ලා මේකෙන් මිනිස්සුන්ව අන්දනවා. ඒ වගේම, සමහර අපරාධකාරයෝ මනි ලෝන්ඩරින් (money laundering) කරන්නත් හදනවා.
ඒ නිසා තමයි ලෝකේ බොහෝ රටවල් FATF (Financial Action Task Force) කියලා තියෙන ග්ලෝබල් ආයතනයක් හදන ස්ටෑන්ඩර්ඩ්ස් (standards) පස්සේ යන්නේ. මේ ස්ටෑන්ඩර්ඩ්ස් වලින් කියන්නේ: crypto industry එකත් AML (Anti-Money Laundering) සිස්ටම් එකට ගේන්න. ඒ කියන්නේ, කවුද පාවිච්චි කරන්නේ කියලා දැනගන්න (KYC), සැක සහිත ක්‍රියාකාරකම් රිපෝට් කරන්න (report suspicious activity), සහ transfers වඩාත් පැහැදිලි කරන්න. ලංකාවත් දැන් මේ පාරට තමයි යන්නේ.

CBSL එකේ ස්ථාවරය: මේ වෙනකම් මොකක්ද කිව්වේ?
CBSL එකේ ස්ථාවරය නම් අවුරුදු ගාණක් තිස්සේ ගොඩක් consistent:
1. Crypto ලංකාවේ legal tender නෙමෙයි. ඒ කියන්නේ ඔයාට ලංකාව ඇතුළේ භාණ්ඩ හෝ සේවාවලට ගෙවන්න crypto පාවිච්චි කරන්න බැහැ. පේමන්ට්ස් කරන්න ඕනේ රුපියල් වලින් විතරයි.
2. Crypto unregulated. ඒ කියන්නේ මොකක් හරි වරදක් වුණොත්, අපිට කිසිම පාරිභෝගික ආරක්ෂාවක් (consumer protection) නැහැ.
3. දැනට තියෙන foreign exchange නීති යටතේ, බැංකුවලට හෝ card networks වලට crypto ගන්න පේමන්ට්ස් process කරන්න අවසර නැහැ.
මේක තමයි baseline එක. ඔයාට කැමති නම් ඔයාගේ අවදානම මත crypto ඇසට් එකක් විදිහට තියාගන්න පුළුවන්. හැබැයි ඒක ලංකාව ඇතුළේ 'සල්ලි' නෙවෙයි. ඒ වගේම, දැනට CBSL ලයිසන් දුන්නු කිසිම exchange එකක් හෝ custodian කෙනෙක් නැහැ.

ඇයි දැන් මේ අලුත් වැඩේ පටන් ගත්තේ?
දැන් අලුතින් මේ දේවල් ගැන කතා ඇහෙන්නේ ඇයි? ලංකාව දැන් FATF process එකේ ඊළඟ anti-money-laundering review එකට ලෑස්ති වෙනවා. රටක් review කරනකොට, regulators ලා බලන්නේ කොතනද gaps තියෙන්නේ කියලා—විශේෂයෙන්ම virtual assets වගේ අලුත් risks ගැන.
ඒකට ලෑස්ති වෙන්න තමයි FIU එක public consultation එකක් පටන් අරන් තියෙන්නේ. ඒ වගේම, VASP (Virtual Asset Service Providers) කවුද කියලා අඳුනගන්න සර්වේ එකක් දාලා තියෙනවා—මේක ගොඩක් වැදගත්. VASP කියන්නේ exchanges, OTC dealers, wallet service providers, මේ වගේ crypto සම්බන්ධ බිස්නස් කරන හැමෝම. මේක පියවර 1: market එක map කරන එක. කවුද මොනවද කරන්නේ කියලා හොයාගන්න එක. සරලවම FIU එක කියන්නේ: “ඔයා crypto බිස්නස් කරනවා නම්, අපිට කියන්න කවුද කියලා”.

මේ market map එක හැදුවට පස්සේ, ඊළඟට එන්නේ registration, reporting obligations, සහ supervision වගේ දේවල්. හරියට බැංකු හෝ finance companies වගේමයි. ඒ කියන්නේ: crypto businesses, අනිත් finance ආයතන වගේම, "suspicious stuff report කරන" සිස්ටම් එකට ගේන එකයි.
මේකෙන් crypto එක රැයින් "legal tender" වෙන්නේ නැහැ, exchange එකකට ලයිසන් ලැබෙන්නෙත් නැහැ. හැබැයි මේකෙන් compliance process එක පටන් ගන්නවා.
මේ රෙගුලාසි එන්නේ කොහෙන්ද?
අපි දැන් align වෙන්නේ ප්‍රධාන FATF recommendations දෙකකට:
1. Recommendation 15: මේකෙන් කියන්නේ රටවල් virtual assets සහ VASPs, AML/CFT (ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීම) සඳහා රෙගියුලේට් කරන්න ඕනේ. ඒ කියන්නේ KYC, internal controls, record-keeping, මේ හැමදේම.
2. Recommendation 16, නැත්නම් Travel Rule: මේකේදී එක් crypto platform එකකින් තව එකකට funds යවනකොට, 'කවුද යවන්නේ' සහ 'කවුද ගන්නේ' කියන information එක, බැංකු සිස්ටම් එකේ වගේම, payment එකත් එක්ක යන්න ඕනේ.
ඔයා builder කෙනෙක් නම්, මේ නීති දෙක තමයි ඔයාගේ north star එක. ඔයා user කෙනෙක් නම්, මේ නීති නිසා කාලයත් එක්ක platform එක වඩාත් වගකීමෙන් වැඩ කරන්න පටන් ගනීවි.

CBSL එකේ වැඩපිළිවෙළ: පියවර හතරක්
CBSL එක මේ හරහා කරන්න හදන දේවල් පියවර හතරකින් සරලව සාරාංශ කරන්න පුළුවන්:
පියවර 1: පේමන්ට්ස් LKR වලින් විතරක් තියාගන්න එක.
ලංකාව ඇතුළේ දේවල් වලට ගෙවන්න රුපියල් විතරයි පාවිච්චි කරන්න පුළුවන්. Crypto legal tender නෙවෙයි. ඒ නිසා තමයි "USDT වලින් කුලී ගෙවන්න එපා," "කඩේට Bitcoin ගන්න එපා" කියන warnings දිගටම එන්නේ. මේකෙන් මුදල් පද්ධතිය ස්ථාවරව තියාගන්න පුළුවන්.
පියවර 2: මහජනයාට අනතුරු ඇඟවීම් සහ ස්කෑම් නවත්වන එක.
මේක anti-innovation නෙවෙයි. මේක මූලික පාරිභෝගික ආරක්ෂාව (consumer protection). 'ගැරන්ටිඩ් රිටන්ස්', 'මයිනින් පැකේජ්' වගේ ගොඩක් ස්කෑම් වලට ලංකාවේ මිනිස්සුන්ට සල්ලි නැති වුණා. proper licensing regime එකක් එනකම්, මේ warnings දිගටම ලැබෙයි.
පියවර 3: FIU VASP සර්වේ එකෙන් industry එක map කරන එක.
රෙගියුලේට් කරන්න කලින්, හොඳ data ඕනේ. කවුද operate කරන්නේ? එයාලා KYC කරනවද? මේ FIU survey එක ඒකට. මේක අලුත් නීති හදන ආරම්භක පියවරක්.
පියවර 4: Global AML standards එක්ක align වෙලා evaluation එකට ලෑස්ති වෙන එක.
මේකෙන් එක රැයින් crypto legal tender වෙන්නේ නැහැ, හැබැයි පැහැදිලි නීති සහ compliant businesses වලට හොඳ path එකක් හදන්න මේක ලොකු පදනමක්.

ඉතිං Crypto legal ද illegal ද?
මේ වෙලාවේ ගොඩක් අය අහන ප්‍රශ්නයක් තමයි මේක. සරලම උත්තරේ මෙන්න:
• ඇසට් එකක් විදිහට crypto තියාගන්න එක තහනම් නැහැ.
• හැබැයි, ලංකාව ඇතුළේ භාණ්ඩ සේවාවලට crypto වලින් ගෙවීම තහනම්. මොකද ඒක legal tender නෙවෙයි.
• දැනට CBSL ලයිසන් තියෙන කිසිම exchange එකක් හෝ custodian කෙනෙක් නැති නිසා, ඔයා platform එකක් එක්ක ඩීල් කරනවා නම් ඒක කරන්නේ ඔයාගේම අවදානම මතයි.

බිය දුරු කරගමු: Ban එකක්ද? Legalization එකක්ද?
ගොඩක් දෙනෙක්ට තියෙන පොදු බයවල් දෙකක් ගැන කතා කරමු:
බය 1: මේක ban කරන්න පටන් ගැනීමක්ද?
දැනට ගන්න හැම පියවරක්ම කියන්නේ 'ban' කරනවා කියන එක නෙවෙයි. මේවා පේන්නේ risk-based regulation එකක් විදිහටයි. Market එක map කරනවා, reporting ඕනේ කරනවා, FATF standards පස්සේ යනවා, consumers ලා protect කරනවා.
මේක හරියට රෙඩ් ලයිට් එකක් වගේ දොර වහනවා නෙවෙයි. මේක ඇම්බර් ලයිට් එකක් වගේ: "පරෙස්සමෙන් ඉස්සරහට යන්න, නීති රීති අනුව වැඩ කරන්න, එතකොට අපිට පුළුවන් මේක financial system එකට safe විදිහට ගලපන්න".
බය 2: මේක නිසා crypto legal වුණාද?
නැහැ. මේ process එකෙන් legal tender status එක වෙනස් වෙන්නේ නැහැ. එක රැයින් exchanges වලට ලයිසන් ලැබෙන්නෙත් නැහැ. කරන්නේ crypto services, බැංකු වගේම AML framework එකට අදින එක. අපි ඉන්නේ 'information collect කරලා compliance baseline එක හදන' තැන.

ඊළඟට වෙන්නේ මොකක්ද? (Timeline)
අනිත් රටවල් ගත්ත විදිහට බැලුවොත්, මේක තමයි reasonable timeline එක:
Consultation සහ industry mapping: මේක දැනටමත් FIU survey එකෙන් පටන් අරන් ඉවරයි.
Draft AML rules for VASPs: කවුද register වෙන්න ඕනේ, මොනවද කරන්න ඕනේ, කොහොමද report කරන්නේ කියලා මේ නීති වලින් කියයි. Travel Rule බලාපොරොත්තු වෙන්න.
Registration හෝ Licensing: standards meet කරන platform වලට supervision යටතේ operate කරන්න පුළුවන්.
Consumer disclosures: අවදානම් ගැන පැහැදිලි warnings සහ marketing standards එන්න පුළුවන්.
මේක එක දවසින් වෙන්නේ නැහැ. හැබැයි මේ පියවර හැම එකකින්ම users ලට වගේම builders ලටත් පැහැදිලිකමක් ලැබෙනවා.
සැළකිය යුතුයි:
අධ්‍යාපනික අරමුණු සඳහා පමණි: මෙම ලිපියේ අන්තර්ගතය වර්තමාන තොරතුරු හා අධ්‍යාපනික අරමුණු සඳහා පමණක් එකතු කර ඇති අතර, කිසිඳු ආකාරයක මුදල් ආයෝජන උපදේශයක් නොවේ.
මූල්‍ය උපදෙස් නොවේ: මෙම ලිපිය සහ වීඩියෝව සපයා ඇත්තේ තොරතුරු දැනගැනීම සඳහා පමණක් වන අතර එය මූල්‍ය, නීතිමය හෝ බදු උපදෙස් ලෙස නොසැලකිය යුතුය. ඕනෑම මූල්‍ය තීරණයක් ගැනීමට පෙර ඔබගේම පර්යේෂණ සිදු කර බලපත්‍රලාභී වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබාගන්න.
මෙම ලිපිය හුවමාරු කරගන්න