අද අපි කතා කරන්න යන්නේ සමහරුන් දැනටමත් බය වෙලා ඉන්න ටොපික් එකක් ගැන. ඒ තමයි Bitcoin 51% attack එක. මේක හරියටම මොකක්ද? කොහොමද මේක වැඩ කරන්නේ කියලා අපි සරලව, පැහැදිලිව බලමු.
ඉතින් මේ ගැන ඉතාම පැහැදිලිව අපේ Bitcoin Sri Lanka YouTube නාලිකාවේ වීඩියෝ එක්කින් ඉදිරිපත් කරලා තියනවා. මේ පහල තියෙන්නෙ ඒ වීඩියෝ එක. ඔයාට පුළුවන් ඒකත් බලන්න
Bitcoin 51% attack මොකක්ද? (The 51% Concept)
මේ 51% attack එක කියන්නේ, එක පුද්ගලයෙක්ට හරි නැත්නම් බලවත් mining pool එකක් වගේ entity එකකට හරි පුළුවන් වෙනවා මුළු Bitcoin network එකේම තියෙන computational power එකෙන්, අපි මේකට කියන්නේ hash rate එක කියලා, ඒකෙන් 51% ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් පාලනය කරන්න.

ඇයි 51%? මොකද, ඔයාට 51% hash power එක තියෙනවා නම්, සාමාන්‍යයෙන් අලුතින් හැදෙන blocks වලින් 51% ක් මයින් කරන්න පුළුවන් වෙන්නේ ඔයාට. ඔයා hash rate එකේ වැඩි කොටස පාලනය කරනකොට, නරක චේතනාවෙන් ඉන්න කෙනෙක්ට "සමහර දේවල් එයාට වාසී දේවල් කරන්න" පුළුවන් වෙනවා.
කොහොමද Chain එකේ වෙනසක් කරන්නේ? (Rewriting the Chain)
මේක භයානක වෙන්නේ ඇයි කියලා තේරුම් ගන්න, අපි Bitcoin වල golden නීතිය මතක් කරගන්න ඕනේ: දිගම chain එක දිනනවා.
Bitcoin blockchain එක කියන්නේ එකට සම්බන්ධ වුණු blocks ගොඩක්. හැම block එකකම කලින් block එකේ hash එක (ගණිතමය සාරාංශයක්) තියෙනවා.
හිතන්නකෝ, ඔයා පරණ block එකක පොඩි විස්තරයක් වෙනස් කළොත්, ඒකෙන් hash එක වෙනස් වෙනවා. එතකොට ඒකට පස්සේ ආපු හැම block එකක්ම ආයෙත් re-mine කරන්න වෙනවා, එතකොට තමයි chain එක වලංගු වෙන්නේ.

51% ක් පාලනය කරන කෙනෙක්ට පුළුවන් රහස්‍ය විදිහට තමන්ගේම chain එකක් background එකේ හදන්න පටන් ගන්න. ඔවුන්, අනිත් 49% ක් මයින් කරන blocks ගණන් ගන්නේ නැහැ. මේ අය 51% බලය පාලනය කරන නිසා, එයාලට පුළුවන් අර රහසින් හදන chain එක අනිවාර්යයෙන්ම අනිත් chain එකට වඩා දිගම එක බවට පත් කරලා, මුළු network එකෙන්ම පිළිගන්න තත්ත්වයට ගේන්න.
මෙහෙම වලංගු blocks මකලා, අලුත් blocks වලින් ආදේශ කරන ක්‍රියාවලියට තමයි block reorg එකක් නැත්නම් "rewriting the chain" කියන්නේ.

51% Attack එකකින් මොනවද කරන්න පුළුවන්?
නරක චේතනාවෙන් ඉන්න කෙනෙක්ට මේ බලයෙන් ප්‍රධාන දේවල් දෙකක් කරන්න පුළුවන්.
1. Denial of Service (DoS) attack
පළවෙනි දේ තමයි Denial of Service (DoS) attack එකක්. මේ pool එකට පුළුවන් කිසිම transaction එකක් නැති empty blocks ගොඩක් මයින් කරන්න. මේක දිගටම වුණොත්, users ලට transaction යවන්නවත්, ගන්නවත් බැරි වෙනවා. ඒක හරිම කරදරකාරී තත්ත්වයක්. හැබැයි මේ empty blocks මයින් කරද්දීත්, එයාලට block subsidy reward එක හම්බෙනවා (උදාහරණයක් විදියට block එකකට Bitcoin 3.125 ක් වගේ). ඒකෙන් එයාලගේ mining වියදම් පියවා ගන්න පුළුවන්.

2. Double Spending Attack
දෙවෙනියට සහ මේ attack එකත් එක්කම නිතරම කතා කරන දේ තමයි double spending attack එක.
සරල උදාහරණයක් ගමු. හිතන්න, ඔයා අලුත් කාර් එකක් Bitcoin දීලා ගන්නවා. ඔයා half a Bitcoin එකක් car dealer ට යවනවා, ඒ transaction එක පළවෙනි block එකේ තහවුරු වුණාම, car dealer කාර් එක drive කරගෙන යන්න ඔයාට අවසර දෙනවා.
ඒත් එක්කම, ඔයා ඔයාව පාලනය කරන mining pool එකට කෝල් කරලා කියනවා, ඔයාගේ ගෙවීම් transaction එක තිබුණු block එක ආයෙත් re-mine කරන්න කියලා. මොකද 51% බලය මෙයාලා ළඟ තියෙන නිසා, එයාලට පුළුවන් ඒ chain එක ආයෙත් අලුතින් ලියලා, ඔයාගේ ගෙවීම් transaction එක නැති අලුත්, දිග chain එකක් හදන්න.

එතකොට ප්‍රතිඵලය? ඔයාට කාර් එකත් තියාගන්න පුළුවන්, ඔයාගේ මුල් Bitcoin ටිකත් තාමත් ඔයා ළඟ තියෙනවා. මොකද, අලුතින් හැදුණු (canonical) chain එකේ ඔයාගේ ගෙවීම් transaction එකක් සිද්ධ වුණේ නැහැ. මේකට තමයි double spending කියන්නේ. මේ දේම crypto exchange එකකින් fiat currency අරගෙන ඉක්මනටම මුල් තැන්පතුව ආපස්සට හරවන්න උත්සාහ කරන්නත් පුළුවන්.
එතකොට බැරි දේවල් මොනවද? (The Limitations)
51% attack එකක් කරන කෙනෙක්ට බැරි දේවල් ගැනත් අපි දැනගන්න ඕනේ.
එයාලට Bitcoin වල මූලික software code එක වෙනස් කරන්න බැහැ.
අහසින් අලුතෙන් Bitcoin හදන්නත් බැහැ.
තව කෙනෙක්ගේ private key එක හොයාගෙන එයාලගේ Bitcoin ටික හොරකම් කරන්නත් බැහැ.
Attack කරන කෙනෙක්ට පුළුවන් වෙන්නේ එයාලා මෑතකදී වියදම් කරපු තමන්ගේම transaction එකක් ආපස්සට හරවන්න උත්සාහ කරන්න විතරයි.
ඔබ ආරක්ෂා වෙන්නේ කොහොමද?
ඒ නිසා, ඔයා ලොකු ගාණක් transact කරනවා නම්, අනිවාර්යයෙන්ම blocks හයක් හරි ඊට වැඩියෙන් හරි confirm වෙනකම් බලන් ඉන්න. එතකොට transaction එක chain එක ඇතුළේ හොඳට තැන්පත් වෙලා තියෙන නිසා ආයෙත් rewrite කරන එක හරිම අමාරුයි.
තව දෙයක්: ඔයාට attack එකක් වෙනවා කියලා සැක හිතුනොත්, හොඳම ආරක්ෂාව තමයි (sit on your hands), ඒ කියන්නේ attack එක ඉවර වෙනකම් කිසිම Bitcoin transaction එකක් නොයවා ඉන්න එක.
Bitcoin වලට කවදාවත් මේක වෙලා තියෙනවද? (The Reality Check)
මේක තමයි ලොකුම ප්‍රශ්නය: Bitcoin වලට කවදාවත් 51% attack එකක් වෙලා තියෙනවද?
උත්තරේ තමයි: නැහැ! Bitcoin වලට කවදාවත් 51% attack එකක් වෙලා නැහැ.
හැබැයි, Monero, BSV, Ethereum Classic (ETC) වගේ පොඩි proof-of-work chains මේ වගේ hash rate attack වලට ගොඩක් දුරට ගොදුරු වෙන්න පුළුවන්. මොකද Bitcoin වලට attack කරන්න ගියොත්, ඒකට "අදහාගන්න බැරි තරම් විදුලියක්" සහ ASIC machines වගේ විශේෂිත උපකරණ විශාල ප්‍රමාණයක් ඕනේ.

තව දෙයක්: විශාල mining pools වලට මේක කරන්න theoretical විදියට පුළුවන් වුණත්, ආර්ථිකමය හේතු නිසා එයාලා එහෙම කරන්නේ නැහැ. මොකද, තමන්ට ආදායම ගෙනත් දෙන "ප්‍රධානියා මරලා දාන්න" එයාලට උවමනාවක් නැහැ.
ඉතින්, මේ පැහැදිලි කිරීම නිසා 51% attack කියන්නේ සමහර networks වලට serious theoretical threat එකක් වුණත්, Bitcoin network එකේ තියෙන විශාලත්වය සහ ආරක්ෂාව නිසා ඒක හරිම ශක්තිමත් කියලා ඔයාලට තේරෙන්න ඇති.
ගිහින් එන්නම් සුභ දවසක්.
සැළකිය යුතුයි:
අධ්‍යාපනික අරමුණු සඳහා පමණි: මෙම ලිපියේ අන්තර්ගතය වර්තමාන තොරතුරු හා අධ්‍යාපනික අරමුණු සඳහා පමණක් එකතු කර ඇති අතර, කිසිඳු ආකාරයක මුදල් ආයෝජන උපදේශයක් නොවේ.
මූල්‍ය උපදෙස් නොවේ: මෙම ලිපිය සහ වීඩියෝව සපයා ඇත්තේ තොරතුරු දැනගැනීම සඳහා පමණක් වන අතර එය මූල්‍ය, නීතිමය හෝ බදු උපදෙස් ලෙස නොසැලකිය යුතුය. ඕනෑම මූල්‍ය තීරණයක් ගැනීමට පෙර ඔබගේම පර්යේෂණ සිදු කර බලපත්‍රලාභී වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබාගන්න.
මෙම ලිපිය හුවමාරු කරගන්න
