Resources
Beginner’s Guide
රත්තරන් සහ රිදී මිල ඉහළ යෑම සහ Bitcoin වල සැබෑ වෙනස
Sajith Caldera
13 Feb 2026
2025 වසර කියන්නේ ඉතිහාසගත වසරක්. රත්තරන් සහ රිදී මිල හැසිරෙන්නේ හරියට "meme stocks" වගේ. 2025 වසරේදී විතරක් රත්තරන් මිල 53 වතාවක් අලුත් වාර්තා පිහිටුවමින් (all-time highs) ඉහළ ගියා. රත්තරන් අවුන්සයක් ඩොලර් 5,000 සීමාවට ආසන්න වුණා
ඇයි මෙහෙම වෙන්නේ? ලෝක ආර්ථිකය ඇත්තටම බිඳ වැටෙනවද? අද අපි කතා කරමු රත්තරන් සහ රිදී මිල මෙච්චර වැඩි වෙන්න හේතුව, මේ ලෝහ වල තියෙන "Elasticity Problem" එක, සහ ඇයි Bitcoin කියන්නේ රත්තරන් වලට වඩා හාත්පසින්ම වෙනස් තාක්ෂණයක් කියලා.
ඉතින් මේ ගැන ඉතාම පැහැදිලිව අපේ Bitcoin Sri Lanka YouTube නාලිකාවේ වීඩියෝ එක්කින් ඉදිරිපත් කරලා තියනවා. මේ පහල තියෙන්නෙ ඒ වීඩියෝ එක. ඔයාට පුළුවන් ඒකත් බලන්න
ලෝක ආර්ථිකයේ "පිපිරීම" (The Macro Rupture)
මෑතකදී Davos වල පැවැත්වුණු ලෝක ආර්ථික සමුළුවේදී (World Economic Forum) බලධාරීන් කෙලින්ම කිව්වා දැන් "Globalism" එහෙමත් නැත්නම් ගෝලීයකරණය අසාර්ථකයි කියලා. කලින් වුණේ ඇමෙරිකාව ලෝකෙට ඩොලර් දීලා, වෙනත් රටවල් වලින් බඩු ගන්න එක (Triffin’s Dilemma). ඒත් දැන් ඒ ක්‍රමය බිඳ වැටෙන ලකුණු පේනවා.

මිල ඉහළ යන්න ප්‍රධාන හේතු කිහිපයක් තියෙනවා:
කඩදාසි පොරොන්දු vs භෞතික වත්කම්: කාලයක් තිස්සේ මිනිස්සු ගනුදෙනු කළේ "paper gold" (ETFs/Futures) එක්ක. ඒත් දැන් ලෝකයේ තියෙන අවිනිශ්චිතතාවය නිසා හැමෝම තමන්ගේ අතටම භෞතිකව (Physical settlement) රත්තරන් සහ රිදී ලබාගන්න උත්සාහ කරනවා.
මහ බැංකු වල මිලදී ගැනීම්: පෝලන්තය වැනි රටවල් තමන්ගේ රත්තරන් සංචිත ටොන් සිය ගණනින් වැඩි කරනවා.
AI තාක්ෂණය: AI සර්වර් සහ නවීන තාක්ෂණය දියුණු කරන්න රිදී විශාල වශයෙන් අවශ්‍ය වෙනවා.
භූ විද්‍යාත්මකව බැලුවොත්, රත්තරන්වලට වඩා රිදී 17 සිට 19 ගුණයක් පොළොවේ බහුලව තියෙනවා. ඒත් වර්තමානයේ පතල්වලින් රත්තරන් අවුන්ස එකකට හෑරෙන්නේ රිදී අවුන්ස 7 ක් හෝ 8 ක් වැනි සුළු ප්‍රමාණයක් විතරයි.

මොකක්ද මේ රිදීවල තියෙන ප්‍රශ්නය?
• පහසුවෙන් ගත හැකි රිදී ඉවරයි: පොළොවේ මතුපිට තිබුණු රිදී මිනිස්සු හාරලා ඉවරයි. දැන් තව තවත් රිදී ගන්න නම් හරිම ගැඹුරට හාරන්න වෙනවා. මේකට ලොකු පිරිවැයක් (cost) යනවා.
• අතුරු නිෂ්පාදනයක් වීම (Byproduct): ලෝකයේ රිදී නිෂ්පාදනයෙන් 72% ක්ම ලැබෙන්නේ තඹ, රත්තරන් හෝ සින්ක් හාරනකොට ලැබෙන අතුරු නිෂ්පාදනයක් විදිහටයි. මේ නිසා රිදී මිල වැඩි වුණාට විතරක්ම නිෂ්පාදනය වැඩි වෙන්නේ නැහැ. පතල්කරුවන් නිෂ්පාදනය වැඩි කරන්නේ ඔවුන් හාරන ප්‍රධාන ලෝහයේ මිල වැඩි වුණොත් විතරයි.

මේ නිසා රිදී දැන් වසර 5 ක් තිස්සේම සැපයුම් හිඟයක (structural supply deficit) පවතිනවා. අපි දැනටමත් 2021 සිට අවුන්ස මිලියන 800 කට වඩා වැඩි හිඟයක් පියවලා තියෙනවා.
Elasticity කියන්නේ මොකක්ද? (රත්තරන් වල ඇති ගැටලුව)
ආර්ථික විද්‍යාවේ "Elasticity" කියන සංකල්පය තේරුම් ගන්න "exercise band" එකක් ගැන හිතන්න. මිල වැඩි වෙනකොට (වැඩි බලයක් යොදනකොට), සැපයුම "ඇදෙනවා" නම් ඒක elastic supply එකක්.
රත්තරන් වල ඇති ගැටලුව:
• ආයෝජන සහ නිෂ්පාදනය: රත්තරන් මිල වැඩි වෙනකොට Barrick Gold වැනි පතල් සමාගම් වල ආදායම සීඝ්‍රයෙන් ඉහළ යනවා (2025 දී Barrick සමාගමේ ආදායම 61.7% කින් වැඩි වුණා).රිදී මිල වැඩි වෙනකොට පතල් සමාගම්වල ලාභය අතිවිශාල ලෙස වැඩි වෙනවා. උදාහරණයක් විදිහට, First Majestic Silver (AG) සමාගමේ 2025 Q3 ආදායම 95.1% කින් ඉහළ ගියා. ඒ වගේම ඔවුන්ගේ ශුද්ධ ලාභය 261.6% කින් වැඩි වුණා.

මෙතනදී තමයි රිදී සහ රත්තරන්වල "Elasticity" (ප්‍රත්‍යස්ථතාව) ක්‍රියාත්මක වෙන්නේ. මිල වැඩි වෙනකොට පතල්කරුවන්ට අලුත් ප්‍රාග්ධනය ලැබෙනවා, ඔවුන් තව තවත් රිදී සහ රත්තරන් හාරන්න පටන් ගන්නවා. මේ අලුත් සැපයුම නිසා වත්කමේ වටිනාකම කාලයක් යද්දී අඩු වෙනවා. රත්තරන් සැපයුම සෑම වසර 47 කට වරක්ම දෙගුණ වෙනවා.
• සැපයුම වැඩි වීම: සමාගම් වලට වැඩිපුර ප්‍රාග්ධනය ලැබෙනකොට, ඔවුන් අලුත් තාක්ෂණය පාවිච්චි කරලා, කලින් ලාභදායී නොවූ පතල් පවා නැවත විවෘත කරලා වැඩිපුර රත්තරන් හාරනවා. 2025 දී ලෝකයේ රත්තරන් නිෂ්පාදනය ටොන් 3,672 ක වාර්තාවක් පිහිටුවූවා.
• වටිනාකම අඩුවීම: රත්තරන් සැපයුම සෑම වසර 47 කට වරක්ම දෙගුණ වෙනවා. මේකේ තේරුම තමයි ඔබ රත්තරන් වල සල්ලි ඉතිරි කරනකොට, පතල් කාරයෝ තව තවත් රත්තරන් හාරලා ඔබේ වත්කමේ වටිනාකම අඩු කරන (dilute) එක.

Bitcoin වල "Perfect Inelasticity" එක
Bitcoin කියන්නේ මේ ලෝකයේ තියෙන එකම "Perfectly Inelastic" වත්කමයි. ඒ කියන්නේ ඒකේ සැපයුම කිසිම බලපෑමක් යටතේ "ඇදෙන්නේ" නැහැ.
• ස්ථාවර සැපයුම: Bitcoin මිල ඩොලර් ලක්ෂයක් වුණත්, මිලියනයක් වුණත්, miners ලාට අලුතින් Bitcoin හදන්න බැහැ. විනාඩි 10 කට වතාවක් බිහි වෙන්නේ නියමිත Bitcoin ප්‍රමාණයක් විතරයි.
• හිඟකම: ලෝකෙටම තියෙන්නේ Bitcoin මිලියන 21 ක් විතරයි. 2024 halving එකෙන් පස්සේ Bitcoin වල සැපයුම වැඩි වෙන වේගය (supply growth) 1% ටත් වඩා අඩු වුණා. ඒ කියන්නේ Bitcoin දැන් රත්තරන් වලට වඩා හිඟ වත්කමක්.
රත්තරන් මිල වැඩි වුණාම සැපයුම වැඩි වෙනවා, ඒත් Bitcoin මිල වැඩි වුණාම සැපයුම වැඩි වෙන්නේ නැහැ, ඒ වෙනුවට වෙන්නේ network එකේ ආරක්ෂාව (security) වැඩි වෙන එක විතරයි.

රත්තරන් වල තියෙන ප්‍රායෝගික අපහසුතා
රත්තරන් වලට වඩා Bitcoin ප්‍රායෝගික ඇයි කියලා හේතු කිහිපයක් තියෙනවා:
1. විකිණීමේ අපහසුව (Liquidity): ඔබ ළඟ විශාල රත්තරන් ප්‍රමාණයක් තිබුණොත්, ඒක ඉක්මනින් විකුණන්න ගියොත් වෙළඳපොළ මිලට වඩා 20% - 30% ක විතර අඩුවෙන් (discount) දෙන්න සිද්ධ වෙනවා.
2. අරන් යෑමේ අපහසුව (Portability): ඩොලර් මිලියන 10 ක රත්තරන් අරන් ගුවන් තොටුපළකින් යන්න බැහැ. හැබැයි Bitcoin නම් ඔබේ ඔළුවේ වචන 12 ක් මතක තියාගෙන ලෝකේ ඕනෑම තැනකට අරන් යන්න පුළුවන්.
3. සත්‍යතාව පරීක්ෂා කිරීම (Verifiability): ලෝකයේ ව්‍යාජ රත්තරන් (fake gold) ඕනෑතරම් තියෙනවා. ඒක පරීක්ෂා කරන්න ලොකු වියදමක් යනවා. හැබැයි ඔබේම node එකක් පාවිච්චි කරලා Bitcoin වල සත්‍යතාව තත්පරයකින් පරීක්ෂා කරන්න පුළුවන්

අවසානය: "කහ පාට ගල්" ද? ඩිජිටල් තාක්ෂණයද?
Host: රත්තරන් කියන්නේ අද තියෙන ආර්ථික ප්‍රශ්න වලට තාවකාලික විසඳුමක් විතරයි. ඒත් අනාගත ඩිජිටල් ලෝකය දුවන්නේ "කහ පාට ගල්" වලින් නෙවෙයි.
අනාගතයේදී අපිට තියෙන්නේ තේරීම් දෙකයි. එක්කෝ රජයෙන් පාලනය කරන CBDC කියන "ඩිජිටල් හිරගෙදරකට" යන්න පුළුවන්, නැත්නම් Bitcoin හරහා මූල්‍ය නිදහස (Freedom money) ලබාගන්න පුළුවන්.
තීරණය ඔබේ අතේ. හැමදාම වගේ කියන්නේ "Zoom out" කරලා ලොකු චිත්‍රය දිහා බලන්න.
ගිහින් එන්නම් සුභ දවසක්.
සැළකිය යුතුයි:
අධ්‍යාපනික අරමුණු සඳහා පමණි: මෙම ලිපියේ අන්තර්ගතය වර්තමාන තොරතුරු හා අධ්‍යාපනික අරමුණු සඳහා පමණක් එකතු කර ඇති අතර, කිසිඳු ආකාරයක මුදල් ආයෝජන උපදේශයක් නොවේ.
මූල්‍ය උපදෙස් නොවේ: මෙම ලිපිය සහ වීඩියෝව සපයා ඇත්තේ තොරතුරු දැනගැනීම සඳහා පමණක් වන අතර එය මූල්‍ය, නීතිමය හෝ බදු උපදෙස් ලෙස නොසැලකිය යුතුය. ඕනෑම මූල්‍ය තීරණයක් ගැනීමට පෙර ඔබගේම පර්යේෂණ සිදු කර බලපත්‍රලාභී වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබාගන්න.
Share this post

