Resources

Beginner’s Guide

එල් සැල්වදෝරයේ බිට්කොයින් කතාව

Sajith Caldera

11 Sept 2025

ආයුබෝවන් සාදරයෙන් පිළිගන්නවා.

අද අපි ඔයාලට කියන්න යන්නේ El Salvador රටේ කතාව. එහේ ජනාධිපති Nayib Bukele කොහොමද Bitcoin රටේ ප්‍රධාන ආර්ථික සැලසුමකට ගෙනාවේ, IMF එකෙන් ඒකට විරුද්ධ වුනේ ඇයි, සහ අද වෙනකොට ඒගොල්ලෝ කොයි වගේ තැනකද ඉන්නේ, කොච්චර BTC ප්‍රමාණයක් එයාලා ළඟ තියෙනවද, ලාභ ලබලද කියලා තමයි අපි බලන්නේ.

ඉතින් මේ ගැන ඉතාම පැහැදිලිව අපේ Bitcoin Sri Lanka YouTube නාලිකාවේ වීඩියෝ එක්කින් ඉදිරිපත් කරලා තියනවා. මේ පහල තියෙන්නෙ ඒ වීඩියෝ එක. ඔයාට පුළුවන් ඒකත් බලන්න

Nayib Bukele කවුද?

මුලින්ම බලමු මේ ප්‍රතිපත්තිය පිටිපස්සේ හිටපු කෙනා කවුද කියලා. Nayib Bukele ජනාධිපති පුටුවට ආවේ 2019 ජුනි 1 වෙනිදා, එතකොට එයාට වයස අවුරුදු 37යි. දේශපාලනයට එන්න කලින් එයා වැඩ කරලා තියෙන්නේ Marketing සහ Advertising ක්ෂේත්‍රවල. එයා තමන්ගේම Advertising Company එකක් පටන් අරන් තියෙනවා වගේම එයාගේ තාත්තාගේ Advertising ආයතනයේත් වැඩ කරලා තියෙනවා. ඊට පස්සේ Nuevo Cuscatlán වලටත්, ඊටත් පස්සේ San Salvador වලටත් නගරාධිපති වෙලා තියෙනවා. එයාගේ දේශපාලනය ගැන මොනවා හිතුවත්, මේ කලාපයේ හිටපු ජනප්‍රියම නායකයෙක් විදියට එයා හිටියා. හැමවෙලේම 80-85% වගේ ඉහළ ජනප්‍රියත්වයක් එයාට තිබුණා. මේ තරුණකම, Marketing ගැන තිබ්බ දක්ෂතාවය සහ අහස උසට තිබ්බ ජනප්‍රියත්වය, එයාට ලොකු තීන්දු ගන්න පදනමක් සකස් කළා.

Bitcoin නීත්‍යානුකූල මුදලක් වුණු හැටි

2021 සැප්තැම්බර් මාසයේදී El Salvador, Bitcoin නීත්‍යානුකූල මුදලක් විදියට පිළිගත්තු ලෝකේ පළවෙනි රට බවට පත් වුණා. ඒගොල්ලන්ගේ අදහස සරලයි: මිනිස්සුන්ට තවත් විකල්පයක් දෙන එක, Remittance ගාස්තු අඩු කරන එක සහ ආයෝජන රටට ගෙන එන එක.

රජය Chivo wallet එක හඳුන්වා දුන්නා. ඒ වගේම ප්‍රතිපත්ති සම්බන්ධීකරණය කරන්න සහ දැනුවත් කරන්න National Bitcoin Office එකක් – කෙටියෙන් ONBTC එකක් – පිහිටෙව්වා. "Volcano Mining" කියන අදහසත් එයාලා පරීක්ෂා කළා. ඒ කියන්නේ භූ තාප ශක්තිය (geothermal power) පාවිච්චි කරලා Bitcoin "mine" කරන එක. 2024 මැයි වෙනකොට මේ geothermal pilot project එකෙන් Bitcoin 474ක් විතර නිෂ්පාදනය කරලා තිබුණා. ලෝක මට්ටමෙන් බලද්දි පොඩි ගාණක් වුණත්, මේක පුනර්ජනනීය බලශක්තියෙන් ලැබුණු සැබෑ ප්‍රතිඵලයක්.

Bitcoin එකතු කිරීම සහ "Freedom Visa"

Bukele Bitcoin එකතු කරන එකත් පණිවිඩයක් බවට පත් කළා. 2022 නොවැම්බර් මාසයේදී එයා කිව්වා රට දවසට එක Bitcoin එකක් මිලදී ගන්නවා කියලා. ඒක හරියට "Dollar-Cost-Average" කරනවා වගේ වැඩක්, Market එක කොච්චර උස් පහත් වුණත් දිගටම මිලදී ගන්නවා කියලා.

2022දී Bitcoin මිල පහළ යද්දී, ගොඩක් අය කිව්වේ මේ "Experiment" එක අසාර්ථකයි කියලා. හැබැයි එතකොට වෙනත් පැත්තකින් තවත් දෙයක් සිදුවෙමින් තිබුණා. Bitcoin ව්‍යාපාරිකයෝ සහ විදේශිකයෝ El Salvador වලට එන්න පටන් ගත්තා. මේකට උදව් වුණේ "Freedom Visa" කියලා Premium වීසා මාර්ගයක්. මේක ඇත්තටම "Citizenship-by-Investment" ක්‍රමයක්. ඒ කියන්නේ Bitcoin වලින් හෝ USDT වලින් ඇමරිකානු ඩොලර් මිලියනයක දායකත්වයක් සහ පොඩි අයදුම්පත් ගාස්තුවක් ගෙවලා, සල්ලි තියෙන Bitcoin හිමියන්ට පුරවැසිභාවය ගන්න පුළුවන් ක්‍රමයක්. මේක "නොමිලේ පුරවැසිභාවය" නම් නෙවෙයි, හැබැයි El Salvador Bitcoin සංවර්ධකයින්ට ආරාධනා කරනවා කියන එක මේකෙන් පැහැදිලි වුණා.

Tether එනවා, IMF මැදිහත් වෙනවා

ඊට පස්සේ ලොකු ආයතනික පණිවිඩයක් ආවා: 2025 ජනවාරි මාසයේදී Tether – ඒ කියන්නේ USDT හසුරුවන ආයතනය – කිව්වා එයාලගේ ප්‍රධාන කාර්යාලය El Salvador වලට මාරු කරනවා කියලා. ඒකෙන් එයාලගේ ප්‍රධානීන්වත් එහෙට යනවා කියලා කිව්වා, ඒකට එයාලට අවශ්‍ය බලපත්‍රය ලැබුණාට පස්සේ. මේක කියන්නේ ලෝකේ ලොකුම Stablecoin Network එක San Salvador එයාලගේ ප්‍රධාන මූලස්ථානය විදියට තෝරා ගන්නවා කියන එක.

දැන් බලමු IMF කතාව. El Salvador රටට අවුරුදු ගාණකට සල්ලි අවශ්‍ය වුණා. 2025දී IMF එකෙන් Extended Fund Facility එකක් අනුමත කළා. මූල්‍ය ඉලක්කත් එක්ක, IMF එක Crypto ගැන බලාපොරොත්තු ගණනාවක් ඉදිරිපත් කළා: Chivo wallet එකේ රජයේ මැදිහත්වීම අඩු කරන්න, රජයේ Bitcoin තැන්පතු එහෙමම තියාගන්න, සහ අධීක්ෂණය ශක්තිමත් කරන්න කියලා. ඊට ටික දවසකට පස්සේ, පාර්ලිමේන්තුව Bitcoin නීතිවලට සංශෝධන ගෙනාවා: ව්‍යාපාරිකයන්ට Bitcoin පිළිගැනීම අනිවාර්යයෙන් (compulsory) වෙනුවට ස්වේච්ඡාවෙන් (voluntary) සිදුවන දෙයක් වුණා, බදු ගෙව්වේ ඇමරිකානු ඩොලර් වලින්, ඒ වගේම සිල්ලර Wallet එක කළමනාකරණය කරන එකෙන් රජය ඉවත් වුණා. සරලවම කිව්වොත්: Bitcoin නීතියෙන් තවදුරටත් තිබුණා, හැබැයි "හැමෝම පිළිගත යුතුයි" කියන කොටස ඉවත් වුණා, රජයේ සිල්ලර මට්ටමේ මැදිහත්වීම අඩු වුණා.

El Salvador හැඩගැසුණු හැටි සහ අද තත්වය

එතකොට El Salvador මේකට යටත් වුණාද? හරියටම කිව්වොත් එහෙම නෙවෙයි. එයාලා දිගටම Bitcoin වලට සහයෝගය පෙන්නුවා වගේම තමන්ගේ භාණ්ඩාගාරයේ ආරක්ෂාව ශක්තිමත් කළා. 2025 අගෝස්තු 29 වෙනිදා, National Bitcoin Office එක නිවේදනය කළා, එයාලා රටේ Bitcoin සංචිතය "addresses" 14කට බෙදලා තියෙනවා කියලා. එක wallet එකක Bitcoin 500කට වඩා තිබ්බේ නැහැ. මේක කළේ එක address එකක අවදානම අඩු කරන්න සහ විනිවිදභාවය වැඩි කරන්නයි. මේ මාරු කිරීමෙන් පස්සේ රටේ Bitcoin ප්‍රමාණය 6,270 – 6,280 BTC වගේ වෙලා තිබුණා.

එතකොට අද වෙනකොට එයාලා කොතනද ඉන්නේ? මේ වෙලාවේ Bitcoin එකක් ගනුදෙනු වෙන්නේ ඇමරිකානු ඩොලර් 111,992.10 ක් වගේ මුදලකට. (ලිපිය ලියන දිනට අදාල මිල ගනන් බව කරුණාවෙන් සලකන්න) මේක ~6,284 BTC වලට ගුණ කළොත්, ඒකෙන් ඇමරිකානු ඩොලර් 703,758,356.4 ක් වගේ වටිනාකමක් එනවා. මේක මිලත් එක්ක වෙනස් වෙන ඇස්තමේන්තුවක් වුණත්, අපිට ඒකෙන් ලොකු අදහසක් ගන්න පුළුවන්. මේ අවුරුද්දේ මුලදී Bukele ප්‍රසිද්ධියේ පෙන්නුවා, මිල ඉහළ යද්දී ඇමරිකානු ඩොලර් මිලියන 357–400ක් අතර "Unrealised Profit" එකක් එයාලට තියෙනවා කියලා. ස්වාධීන වාර්තා වලට අනුව, එයාලගේ "Cost Basis" එක ඇමරිකානු ඩොලර් මිලියන 291–300ක් විතර වුණා. සරලවම කිව්වොත්, අද තියෙන මිලට අනුව El Salvador තවමත් ඩොලර් මිලියන ගණනක "Paper Profit" එකක් මත ඉන්නවා.

මේකෙන් කියවෙන්නේ මොකක්ද? සහ අපිට දෙන පාඩම

එතකොට මේ හැමදේකින්ම කියවෙන්නේ මොකක්ද? El Salvador Bitcoin අත්හැරියේ නැහැ; එයාලා හැඩගැසුණා. IMF ගනුදෙනුවෙන් රජය සිල්ලර වෙළඳපොළෙන් ඉවත් වුණා, අනිවාර්යයෙන් Bitcoin පිළිගැනීමේ නීතියත් ඉවත් වුණා. හැබැයි පුද්ගලික අංශයට තවමත් BTC පාවිච්චි කරන්න පුළුවන්, geothermal pilot project එක තවමත් තියෙනවා, Tether එයාලගේ කාර්යාලය මෙහෙට මාරු කළා, සහ රටේ Bitcoin සංචිතයත් තවමත් තියෙනවා – දැන් ඒක addresses ගණනාවකට බෙදලා තියෙන්නේ, ඒ වගේම "on paper" එයාලා ලාභ ලබමින් ඉන්නවා.

අපිට, ලංකාවේ ඉන්න අපිට, මේකෙන් ගන්න පුළුවන් ප්‍රායෝගික පාඩමක් තියෙනවා. ජාතික ප්‍රතිපත්තිවලින් දොරටු විවෘත කරන්න පුළුවන්. හැබැයි ඇත්තටම Bitcoin ජනප්‍රිය වෙන්නේ පහළ මට්ටමෙන් – ඒ කියන්නේ මිනිස්සු සහ ව්‍යාපාරිකයෝ Remittances, ඉතුරුම් (savings), සහ රටවල් අතර ගෙවීම් වගේ සැබෑ ප්‍රශ්න වලට විසඳුම් දෙන මෙවලම් තෝරා ගන්නකොටයි.

සුභ දවසක්

සැළකිය යුතුයි:

අධ්‍යාපනික අරමුණු සඳහා පමණි: මෙම ලිපියේ අන්තර්ගතය වර්තමාන තොරතුරු හා අධ්‍යාපනික අරමුණු සඳහා පමණක් එකතු කර ඇති අතර, කිසිඳු ආකාරයක මුදල් ආයෝජන උපදේශයක් නොවේ.

මූල්‍ය උපදෙස් නොවේ: මෙම ලිපිය සහ වීඩියෝව සපයා ඇත්තේ තොරතුරු දැනගැනීම සඳහා පමණක් වන අතර එය මූල්‍ය, නීතිමය හෝ බදු උපදෙස් ලෙස නොසැලකිය යුතුය. ඕනෑම මූල්‍ය තීරණයක් ගැනීමට පෙර ඔබගේම පර්යේෂණ සිදු කර බලපත්‍රලාභී වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබාගන්න.

Share this post

JOIN THE WAITLIST

Ready to use Bitcoin safely? Try Bitnomi Wallet — built for Sri Lankans.

Bitcoin Sri Lanka logo

At Bitcoin Sri Lanka, we are driving a revolution in financial freedom and digital empowerment. Our mission is to educate, inspire, and enable individuals to harness the transformative power of Bitcoin. Together, we are building a future where financial inclusion is a reality for all Sri Lankans.

Powered by

— the Bitcoin & USDT wallet made for Sri Lankans.

Bitcoin Sri Lanka © 2025 | All rights reserved

the Bitcoin & USDT wallet made for Sri Lankans.