අද කතා කරන්නෙ මේ දවස් වල ගොඩාක් කතා බහට ලක් වෙන දෙයක් ගැන.
2026 ජනවාරි මාසයේදී ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව (DOJ) මගින් එප්ස්ටයින්ට අදාළ ලිපිගොනු වලින් තවත් පිටු ලක්ෂ 30ක් විතර ප්‍රසිද්ධ කළා. හැමෝම බලාගෙන හිටියේ ලෝකයේ ප්‍රසිද්ධ අයගේ නම් මෙහි තියෙයි කියලා. හැබැයි හිතපු නැති විදිහට මේ ලේඛන වල බිට්කොයින් (Bitcoin) ගැනත් සඳහන් වෙලා තිබුණා.
සමාජ මාධ්‍ය වල එකපාරටම ලොකු කලබලයක් ඇති වුණා. සමහරු කිව්වේ එප්ස්ටයින් තමයි "සතෝෂි නකාමොටෝ" (Satoshi Nakamoto) කියන නමින් බිට්කොයින් හැදුවේ කියලා. තවත් අය කිව්වා එයා තමයි බිට්කොයින් වලට මුලින්ම සල්ලි දුන්නේ කියලා. අද අපි මේ ලිපිගොනු ඇත්තටම පරීක්ෂා කරලා බලමු මොකක්ද මේකේ ඇත්ත කතාව කියලා.
ඉතින් මේ ගැන ඉතාම පැහැදිලිව අපේ Bitcoin Sri Lanka YouTube නාලිකාවේ වීඩියෝ එක්කින් ඉදිරිපත් කරලා තියනවා. මේ පහල තියෙන්නෙ ඒ වීඩියෝ එක. ඔයාට පුළුවන් ඒකත් බලන්න
"එප්ස්ටයින් තමයි සතෝෂි" කියන කතාව බොරුවක්ද?
අපි මුලින්ම ලොකුම කටකතාව ගැන කතා කරමු. ඒ තමයි එප්ස්ටයින් තමයි සතෝෂි නකාමොටෝ කියන එක.
සමාජ මාධ්‍ය වල 2008 අවුරුද්දේ එප්ස්ටයින් විසින් යවපු ඊමේල් එකක් කියලා ෆොටෝ එකක් පැතිරුණා. ඒකේ තිබුණේ "සතෝෂි කියන නම හොඳට වැඩ කරනවා, අපේ ඩිජිටල් රන් ආකරය ලෝකයට දෙන්න ලෑස්තියි" වගේ දෙයක්.

ඇත්ත කතාව: මේ ඊමේල් එක සම්පූර්ණ බොරුවක්. ඔබ රජයේ නිල වෙබ් අඩවියේ තියෙන එප්ස්ටයින් ලිපිගොනු පරීක්ෂා කළොත්, මෙහෙම ඊමේල් එකක් එහි නැහැ. ඒ වගේම, එප්ස්ටයින් 2016 දී යවපු ඊමේල් එකක කියලා තියෙනවා එයා බිට්කොයින් නිර්මාතෘවරුන් (plural) එක්ක කතා කළා කියලා. ඒ කියන්නේ එයා බිට්කොයින් හැදුවා නෙවෙයි, හදපු අයව දැනගෙන හිටියා කියන එකයි.
https://www.instagram.com/p/DUPNBPsETB0/
එප්ස්ටයින් සතෝෂි නොවුණත්, එයා හිතපු නැති තරම් කලින් බිට්කොයින් ගැන දැනගෙන හිටියා.
2011 ජුනි මාසයේදී, ඒ කියන්නේ සතෝෂි බිට්කොයින් වලින් අයින් වෙලා සති කිහිපයකට පස්සේ, එප්ස්ටයින් බිට්කොයින් වල ප්‍රධාන සංවර්ධකයෙක් වුණු ගැවින් ඇන්ඩ්‍රේසන්ට (Gavin Andresen) කෝල් එකක් දෙන්න උත්සාහ කරලා තියෙනවා.

සල්ලි වල ඇත්ත කතාව: මෙන්න මෙතනයි වැදගත්ම දේ තියෙන්නේ. 2015 දී MIT ආයතනයේ ඩිජිටල් කරන්සි ඉනිෂියේටිව් (DCI) එකට එප්ස්ටයින් සල්ලි දීලා තියෙනවා. ඒ කාලේ බිට්කොයින් වල ප්‍රධාන වැඩ කරන අයට පඩි ගෙව්වේ මේ DCI එක හරහායි. ඒ කියන්නේ එප්ස්ටයින්ගේ සල්ලි වක්‍රාකාරයෙන් බිට්කොයින් දියුණු කරන්න පාවිච්චි වෙලා තියෙනවා. හැබැයි මතක තියාගන්න, සල්ලි දුන්න පලියට බිට්කොයින් පාලනය කරන්න එයාට කිසිම හැකියාවක් ලැබුණේ නැහැ.
එප්ස්ටයින් බිට්කොයින් වලට විතරක් නෙවෙයි, වෙනත් ක්‍රිප්ටෝ සමාගම් වලටත් සල්ලි දාලා තියෙනවා:
1. Blockstream: 2014 දී එප්ස්ටයින් මේ සමාගමට ඩොලර් ලක්ෂ 8ටකට වඩා ආයෝජනය කළා. හැබැයි ටික කාලෙකට පස්සේ ඒ සමාගම ඒ සම්බන්ධය නතර කරලා තියෙනවා.
2. Coinbase: 2014 දී එප්ස්ටයින් කොයින්බේස් (Coinbase) එකේ ඩොලර් මිලියන 3ක් විතර ආයෝජනය කරලා, 2018 දී ඒකෙන් ඩොලර් මිලියන 15ක් විතර ලාභ ලබාගෙන තියෙනවා.
3. අනෙකුත් coins: එයා Zcash, Ripple සහ Stellar ගැනත් උනන්දු වෙලා තියෙනවා.

මේ හැමදේම අහනකොට අපිට හිතෙන්න පුළුවන් බිට්කොයින් දැන් විශ්වාස කරන්න බැරිද කියලා.
කෙටි උත්තරය: නැහැ.
බිට්කොයින් වලට අයිතිකාරයෙක් හෝ සී.ඊ.ඕ (CEO) කෙනෙක් නැහැ. එප්ස්ටයින් සල්ලි දුන්නා කියලා බිට්කොයින් වල කෝඩ් එක (code) වෙනස් කරන්න එයාට බැහැ. ඒ වගේම, මේ ලිපිගොනු වල කොහේවත් සඳහන් වෙන්නේ නැහැ එප්ස්ටයින් එයාගේ වැරදි වැඩ වලට ක්‍රිප්ටෝ පාවිච්චි කළා කියලා. ඒක ක්‍රිප්ටෝ ලෝකයට ලොකු සහනයක්.
අවසානය: ඔහු හුදෙක් වාසි බැලූ අයෙක් පමණයි
"ඇත්ත vs බොරුව"
අවසාන වශයෙන් කියන්න තියෙන්නේ, ජෙෆ්රි එප්ස්ටයින් කියන්නේ ක්‍රිප්ටෝ ගැන ලොකු දැක්මක් තිබුණු කෙනෙක් නෙවෙයි. එයා නිකන්ම සල්ලි දාලා තවත් සල්ලි හොයන්න බලපු කෙනෙක් විතරයි.
ඇත්තටම 2017 දී බිට්කොයින් වල මිල ගොඩක් වැඩි වෙනකොට, එයාගෙන් ඇහුවා තව බිට්කොයින් ගන්නද කියලා. එයා කිව්වේ "එපා" කියලා. ඒ කියන්නේ එයාටත් බිට්කොයින් වල අනාගතය ගැන හරි වැටහීමක් තිබුණේ නැහැ.
එප්ස්ටයින්ගේ කතාව හරිම අඳුරු එකක් වුණත්, බිට්කොයින් වලට ඒකෙන් ලොකු බලපෑමක් වෙලා නැහැ. බිට්කොයින් තවමත් ශක්තිමත්ව තියෙනවා.
ගිහින් එන්නම් සුභ දවසක්
සැළකිය යුතුයි:
අධ්‍යාපනික අරමුණු සඳහා පමණි: මෙම ලිපියේ අන්තර්ගතය වර්තමාන තොරතුරු හා අධ්‍යාපනික අරමුණු සඳහා පමණක් එකතු කර ඇති අතර, කිසිඳු ආකාරයක මුදල් ආයෝජන උපදේශයක් නොවේ.
මූල්‍ය උපදෙස් නොවේ: මෙම ලිපිය සහ වීඩියෝව සපයා ඇත්තේ තොරතුරු දැනගැනීම සඳහා පමණක් වන අතර එය මූල්‍ය, නීතිමය හෝ බදු උපදෙස් ලෙස නොසැලකිය යුතුය. ඕනෑම මූල්‍ය තීරණයක් ගැනීමට පෙර ඔබගේම පර්යේෂණ සිදු කර බලපත්‍රලාභී වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබාගන්න.
Share this post

