Bitcoin Sri Lanka YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අපි නිතරම කියනවා Bitcoin කියන්නේ විමධ්‍යගතව පවතින දෙයක් කියලා. ඒ කියන්නේ Bitcoin පාලනය කරන්න පුද්ගලයෙක්වත් සමාගමක්වත් රජයක්වත් නැහැ. ඉතින් ඔයා හිතලා බැලුවද, කොහොමද එහෙනම් මේ ගනුදෙනු මාධ්‍ය ක්‍රියාත්මක වෙන්නෙ කියලා. මොකද Bitcoin කියන්නේ ලෝකෙ පුරා විහිදිලා තියෙන ජනප්‍රිය Asset එකක්. ඉතින් අද බ්ලොග් එකෙන් ඔයාට දැනගන්න පුලුවන් Bitcoin මේ තරම් ආරක්ෂාකාරී, විශ්වාසදායක විදිහට පවතින්නේ කොහොමද කියලා.
අද කතා කරන්නේ Bitcoin Node Network එක ගැන. Bitcoin Node කියන්නේ මොකක්ද? ඇයි Bitcoin Node වැදගත් වෙන්නේ? මේවා වැඩ කරන්නෙ කොහොමද? ඔයාට Bitcoin Node එකක් ක්‍රියාත්මක කරන්න පුළුවන්ද? මේ හැමදේම අද අපි කතා කරනවා. එහෙනම් කියවන්න බ්ලොග් එක අවසන් වෙනකන්ම.
ඉතින් මේ ගැන ඉතාම පැහැදිලිව අපේ Bitcoin Sri Lanka YouTube නාලිකාවේ වීඩියෝ එක්කින් ඉදිරිපත් කරලා තියනවා. මේ පහල තියෙන්නෙ ඒ වීඩියෝ එක. ඔයාට පුළුවන් ඒකත් බලන්න.
Bitcoin කියන්නේ ඩිජිටල් gold වලට. Bitcoin රත්තරන් වගේම කාලයත් එක්ක වටිනාකම වැඩිවෙන, උද්ධමනය වගේ ආර්ථික ගැටලු වලින් බේරෙන්න උපකාරී වන හොද වත්කමක්. Bitcoin මෙච්චර වටිනවනම් ආරක්ෂාකාරී වෙන්න ඕන. විශ්වාසදායක වෙන්නත් ඕන. මේ දෙකම වෙන්නේ Bitcoin Node Network එක නිසා.
Bitcoin Node කියන්නේ මොකක්ද?
නෝඩ් එකක් කියන්නේ Bitcoin Software එක ක්‍රියාත්මක කරන පරිගණක කොටසක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. ලෝකයේ නෝඩ් විශාල ප්‍රමාණයක් තියෙනවා. හැම නෝඩ් එකක්ම එකිනෙකට සම්බන්ධවයි පවතින්නේ. ඒකට node network එක කියල කියනවා. නෝඩ් වලින් ප්‍රදාන වශයෙන්ම සිද්දවෙන්නේ Bitcoin transaction verify කිරීම. බිට්කොයින් ගනුදෙනුවක වැරදීමක් වෙලා තියෙනවා නම් ඒ ගනුදෙනුව බ්ලොක් කිරීම කරන්නෙත් මේ නෝඩ් වලින්. Bitcoin වලට සම්බන්ධ තොරතුරු බෙදා ගැනීම වගේම ගනුදෙනු වලට අදාළ නීති රීති ක්‍රියාත්මක කරමින් විමධ්‍යගත ජාලය හරියාකාරව පවත්වාගෙන යන්නේද මේ Bitcoin Node වලින්. ප්‍රධාන නෝඩ් වර්ග කිහිපයක්ම තියෙනවා. අපි ඒ ගැනත් ටිකක් බලමු.

Bitcoin nodes /නෝඩ් වර්ග
full node
full node එකක් කියන්නේ Bitcoin නීති රීති අනුව transaction වලංගු කිරීම සහ අවලංගු කිරීම කරන පරිගණකයකට. Full node එක Bitcoin Blockchain එකේ සම්පූර්ණ කොපි එකක් save කරලා තියාගන්නවා. Full node එකෙන් bitcoin transaction එකක් ස්වාධීනව වෙරිෆයි කරනවා. Transaction එකක් verify කරන්න තෙවන පාර්ශ්වයක් අවශ්‍ය වෙන්නේ නැහැ. Full node එක Bitcoin. Core කියන software එක තමයි වැඩි හරියක්ම භාවිතා කරන්නේ. 800 GB වගේ ඉඩක් ගන්නවා BLOCKCHAIN එක full node එකට save කරගන්න.
Pruned node
Pruned node එකත් කියන්නෙ ෆුල් නෝට් වර්ගයක්ම තමයි. මේකෙදි disk එකේ ඉඩ තියාගන්න පරණ බ්ලොක් ඩිලීට් කරනවා. ඒත් full node එකේ වගේම ගනුදෙනු නීතී රීති ක්‍රියාත්මක වෙනවා. වෙනසකට තියෙන්නෙ blockchain එකේ ඉතිහාසයම මේ node එකේ save වෙලා නැති එක. 2 GB වගේ තමයි මේ node එකේ save වෙලා තියෙන්නේ.
Mining node
Mining node කියන්නේ mining කරන full node වලට. අපි කලින් වීඩියෝ එකේ කතා කරපු mining ක්‍රියාවලියේ proof of work සිදුවෙන්නේ මේ නෝඩ් එක හරහා. මේකට ලොකු computing power එකක් අවශ්‍ය වෙනවා. මේ ගැන ලොකු විස්තරයක් අපි කලින් වීඩියෝ එකේ කතා කලා. ඔයාට පුළුවන් පහල description එකේ තියන link එකෙන් ගිහින් ඒ වීඩියෝ එකත් බලන්න.

Light node
light node ගොඩක් අය හදුන්වන්නේ SPV (Simple payment verification) කියලා. මේ නෝඩ් එකේදීත් සම්පූර්ණ blockchain එකම ගබඩා කරලා තියාගන්නේ නැහැ. transaction verify කරන්න අවශ්‍ය තොරතුරු ෆුල් නෝට් එකකින් ලබා ගැනීම තමයි ලයිට් නෝට් වලදී සිද්ධ වෙන්නේ. 2MB වගේ ඉතාම කුඩා ඉඩක් තමයි මේ නෝඩ් එක්ක ගබඩාවෙලා තියෙන්නේ. සාමාන්‍ය laptop එකකින් වුණත් මේ නෝඩ් එක ක්‍රියාත්මක කරන්න පුළුවන්.
Super node
Super node එකක් කියන්නේ ඉහළ ක්‍රියාකාරී කාලයක්, Powerful hardware, high- speed internet connection එකක් එක්ක ක්‍රියාත්මක වෙන නෝඩ් වර්ගයක්. මේ නෝඩ් එක ලයිට් නෝඩ් සහ තවත් නෝඩ් ගණනාවක්ම සම්බන්ධ කරගෙන Transaction Verify කිරීම හා block කිරීම සිදු කරනවා. Full node වලට සමාන වුනත් මේකේ ස්පීඩ් එක ගොඩක් වැඩි. Bitcoin සේවා සපයන අය, විශාල ප්‍රමාණයෙන් බිට්කොයින් එක්ක ව්‍යාපාර කරන්න අය වගේම Blockchain ගවේශනය කරන අය, Super node එක භාවිතා කරනවා.
මේ එක එක නෝඩ් වර්ග අවශ්‍යතාවය අනුව කැමති අයට කැමති විදිහට භාවිතා කරන්න පුළුවන්. අපි බලමු ඇයි මේ නෝට් මේ තරම් වැදගත් වෙන්නෙ කියලා.
Bitcoin node වැදගත් වෙන්නේ ඇයි?
Bitcoin network එකේ විනිවිද භාවය, විමධ්‍යගත පද්ධතිය ක්‍රියාත්මක වීමට මේ නෝඩ් ගොඩක් වැදගත් වෙනවා. මේකට හේතු ගොඩක් තියනවා පළවෙනි එක.
ගනුදෙනු සත්‍යාපනය
Bitcoin පාලනය කරන්න, හසුරුවන්න කවුරුත් නැහැනෙ. ඒක ඔයා දන්න දෙයක්. එහෙම පාලනය කරන්න කෙනෙක් හසුරුවන්න කෙනෙක් නැත්තම් ඕනෑ තරම් හොර බොරු වංචා බිට්කොයින් නෙට්වර්ක් එකේ වෙන්න පුළුවන්. එකම බිට්කොයින් එක කීප දෙනෙකුටම යවන්නත් පුළුවන් නේද? මේ ගැටළුව ඇති නොවෙන්න තමයි නෝඩ් එක බිට්කොයින් ජාලයේ සිදුවෙන හැම ගනුදෙනුවක්ම පරීක්ෂාවට ලක් කරන්නේ. ඒ වගේම බිට්කොයින් නීතීරීති වලට අනුව ගනුදෙනු සිදුවෙනවද කියලත් මේ නෝඩ් එක හොයලා බලලා තමයි transaction එකක් verify කරන්නේ.
විමධ්‍යගතකරණය
Bitcoin node වැදගත් වන දෙවැනි හේතුව තමයි විමධ්‍යගතකරණය. Bitcoin ජාලයේ node විශාල ප්‍රමාණයක් තියෙනවා. Node වැඩිවෙන තරමට bitcoin network එක තව තවත් විශාල වෙනවා වගේම සංකීර්ණ වෙනවා. ඒ නිසා මේ ක්‍රියාවලිය කාටවත් පාලනය කරන්න බැහැ. වෙනස් කරන්නත් බැහැ. ඒ වගේම හැක් කරන්න ස්කෑම්වලට යොදව ගන්නත් මේ විමධ්‍යගතකරණය නිසා අමාරු වෙනවා. බිට්කොයින් වල ආරක්‍ෂාව, විශ්වාසනීය බව පවත්වාගෙන යන්න මේ නෝඩ් දායක වෙනවා.
Bitcoin Network එකට සහය වීම
Bitcoin node මේ තරම් වැදගත් වෙන්න තවත් හේතුවක් තමයි, Bitcoin network එකට විශාල සහයක් මේ නෝඩ් හරහා ලැබෙන එක. අපි කලින් කීව්වා ලෝකයේ නෝඩ් විශාල ප්‍රමාණයක් තියෙනවා කියලා. මේ හැම නෝඩ් එකක්ම blockchain එකට සම්බන්දවයි ක්‍රියාතමක වෙන්නේ. නිරන්තරයෙන්ම අලුත් වෙන තොරතුරු නෝඩ් හරහා ගනුදෙනුකරුවන්ට දැකගැනීමේ හැකියාව ලැබෙනවා. ඒකේන් ගනුදෙනුකරුවන්ට බිට්කොයින් ජාලය පිලිබද විනිවිද භාවයක් වගේම විශ්වාසයත් ඇතිකරනවා.
ඉතින් මේ තරම් වැදගත් වෙන නෝඩ් ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලාත් අපි දැනගන්න ඕනනේ අපි ඒ ගැනත් ටිකක් බලමු.
Bitcoin Node ක්‍රියාත්මක වෙන්නේ කොහොමද?

අපි බලමු මේ නෝර්ඩ් එක ක්‍රියා කරන පිළිවෙල මොකක්ද කියලා. මුලින්ම සිදු වන්නේ ,
දත්ත ලබාගැනීම සහ දත්ත වලංගු කිරීම
නව ගණුදෙනුවක් විකාශනය වන විට නෝඩ් එක බලනවා ඒක හරියටම නීති රීතිවලට අනුව සිදුවෙලාද කියලා. ගනුදෙනුව නිවැරදි නම් නෝඩ් එක ගනුදෙනුව තහවුරු කරලා ඒ කියන්නේ verify කරලා, අනෙකුත් නෝඩ්ස් සමග ඒ තොරතුරු බෙදාගන්නවා.
Blockchain ගබඩා කිරීම
ෆුල් නෝඩ් එක සම්පූර්ණ blockchain එකම ගබඩා කරලා තියාගන්නවා. ඒක දවසින් දවස විශාල වෙනවා මොකද දවසකට bitcoin ගනුදෙනු විශාල ප්‍රමාණයක් මේ ලෝකයේ සිද්ධ වෙනවා. ඒ හැම ගනුදෙනුවක්ම මේ blockchain එකට ඇතුළත් වෙනවා. Blockchain එක ලෝකයේ තියෙන හැම node එකකටම සේව් වෙලානේ තියෙන්නේ, ඉතින් එක node එක්කට හානියක් වුණත් මේ blockchain එක නැති වෙන්නේ නැහැ. මේ නිසා බිට්කොයින් ගනුදෙනු වල, තොරතුරු වල ආරක්ෂාව නෝඩ් නිසා පවත්වාගන්න පුළුවන්.
විකාශනය යාවත්කාලීන කිරීම
මයිනර්ස්ලා මයිනින් ක්‍රියාවලියෙන් අලුත් බ්ලොක් එකක් හදල දෙනවා. නෝඩ් එක මේක පරීක්ෂාවට ලක් කරලා නිවැරදි නම් අලුත් බ්ලොක් එක ගබඩා කරලා තියෙන blockchain එකට එකතු කරලා ජාලය පුරා විසුරුවා හරිනවා. මේ නිසා බිට්කොයින් ගනුදෙනු කරුවන්ට ඉතා ඉක්මනින් අලුත් තොරතුරු ලැබෙනවා.
ඉතින් මේ විදිහට තමයි නෝඩ් එකක් ක්‍රියා කරන්නේ. අපි දැන් බලමු කොහොමද මේ නෝඩ් එකක් රන් කරන්නේ කියලා.

Bitcoin Node එකක් Run කරන්නෙ කොහොමද?
බිට්කොයින් නෝඩ් එකක් ඇත්තටම ඔයාටත් run කරන්න පුළුවන්. බැලූ බැල්මට සංකීර්ණයි වගේ පෙනුනත් ඔයා හිතනවට වඩා මේ ක්‍රියාවලියට ලේසියෙන්ම සම්බන්ද වෙන්න පුළුවන්. අපි බලමු කොහොමද මේ ක්‍රියාවලිය පියවරෙන් පියවර වෙන්න කියල. මම ඔයාට නෝඩ් එකක් රන් කරලම මේ ගැන පැහැදිලි කරන්නම්.
පළවෙනි පියවර විදිහට හොඳ hardware එකක් අපි තෝරගන්න ඕන. ඔයාට හොඳ Storage එකක් තියෙන hardware ඕනේ. අවම 800 GB තියෙන්න ඕන. ඒ වගේම ස්තාවර internet connection එකක් තියෙන්නත් ඕන. ගොඩක් අය පිරිවැය අඩු බලශක්ති කාර්යක්ෂමතාවය සඳහා Raspberry Pi භාවිතා කරකරනවා.
දෙවැනි පියවර විදිහට හොඳ Software එකක් node එකක් run කරන ක්‍රියාවලියේදී අපිට අවශ්‍ය වෙනවා. Bitcoin.core කියන්නේ full node එකක් run කරන official software එකක්. මේ සොෆ්ට්වෙයාර් එක ඔයාට නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. එනිසා ඕනෑම කෙනෙක්ට මේකට ඇතුළත් වෙන්න හැකියාව තියෙනවා.
තුවෙනි පියවර විදිහට ඔයාට කරන්න තියෙන්නේ, ඔයාගේ නෝඩ් එක මුල්ම වරට ක්‍රියාත්මක කරන විට සම්පූර්ණ Blockchain එක download කරගන්න ඕන. ඔයාගේ internet speed එක අනුව වෙනස් වුනත් අවම දින කීපයක් මේක download වෙන්න යනවා. මේ blockchain එක ඔයාගේ node එකේ තියනවා කියන්නේ ඉතිහාසයේ හැම ගනුදෙනුවක්ම ඔයාගේ node එකේ තියෙනවා කියන එක.
හතරවෙනි පියවර විදිහට ඔයා ඔයාගේ node එක ක්‍රියාත්මකව තබාගන්න ඕන. ඔයාගේ නෝඩ් එකට blockchain එක download වෙලා ඒක sync වුනාට පස්සේ පුළුවන් තරම් node එක online තියාගන්න ඕන. මොකද bitcoin network එක ශක්තිමත්ව හා ආරක්ෂාකාරීව තියාගන්න එක ගොඩක් වැදගත් වෙනවා.
අපි දැන් බලමු ඇයි අපි නෝඩ් එකක් run කරන්න ඕන කියල.

Node එකක් run කළ යුත්තේ ඇයි?
Node එකක් run කරන එක මේ bitcoin technology එකට ආස අයට විතරක් නෙවෙයි බිට්කොයින් අනාගතය විශ්වාස කරන හැමෝටම ප්‍රතිලාභ ලබාදෙන දෙයක්.
බිට්කොයින් ජාලය ශක්තිමත් කරන්න මේ නෝඩ් උපකාරී වෙනවා. නෝඩ් එකක් run කිරීම නිසා ඔයාට පුලුවන් bitcoin scam වලින් මේ ජාලයම ආරක්ෂා කරනගන්න. Online hackers ලගෙන් මේ ජාලය බේරගන්න වගේම විමධ්‍යගත පද්දතිය ආරක්ෂා කරගන්නත් මේ නෝඩ් එකක් run කිරීම මගින් කරන්න පුළුවන්.
ඔයා නෝඩ් එකක් run කරනවා නම් ඔයාගේ ගනුදෙනු ඒ කියන්නේ transaction verify කරගන්නත් හැකියාව ලැබෙනවා. ඔයාට තවත් නෝඩ් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. තෙවන පාර්ශ්වයක් නැති නිසා විශ්වාසනීය බව වගේම කාලයත් ඔයාට ඉතුරු කරගන්න පුළුවන්.
මූල්‍ය නිදහසට සහාය වීමත් නෝඩ් එකක් run කිරීම මගින් ලැබෙන දෙයක්. Censorship (වාරණයෙන්) එකෙන් bitcoin ආරක්ෂා කරගන්නත් නෝඩ් වලට පුළුවන්. නෝඩ් කියන්නේ මූල්‍ය නිදහස සඳහා හොඳ ටූල් එකක්. විශේෂයෙන්ම, නිරන්තරයෙන් ආර්ථික අභියෝගවලට ලක්වෙන අපේ රටේ මිනිස්සුන්ට මේක ලොකු වාසිදායක තත්ත්වයක්.
නෝඩ් කියන්නේ bitcoin ජාලයම සාර්ථකව, ආරක්‍ෂාකාරීව පවත්වාගෙන යන්න අත්‍යවශ්‍ය දෙයක් කියල ඔයාට අද බ්ලොග් එකෙන් පැහැදිලි වෙන්න ඇති. විමධ්‍යගතකරණයේ විශ්වාසනීය බව රැඳිල තියෙන්නෙත් මේ Bitcoin node network එක නිසා. නෝඩ් එකක් ක්‍රියාත්මක කිරීම ටිකක් සංකීර්ණ වුණත් ඔයාට පුළුවන් මේ ක්‍රියාවලියට දායක වෙන්න. බිට්කොයින් අනාගතය විශ්වාස කරන ඔයාට නෝඩ් ගැන දැනගන්න එක වගේම නෝට් එකක් run කරන ආකාරයත් දැනගන්න එක ගොඩාක් වටිනවා.
අපේ ලංකාවේ තියෙන මූල්‍ය තත්ත්වය වෙනස් කරන්නත් මූල්‍ය පද්ධතියේ නිදහස ඇති කරන්නත් මං හිතනවා ඔයා සූදානම් ඇති කියලා. Bitcoin වලට සම්බන්ධ තවත් ගොඩක් දේවල් අපි අපේ බ්ලොග් සීරීස් එකෙන් කතා කරලා තියෙනවා. ඔයාට පුළුවන් ගිහින් ඒ බ්ලොග්ස් බලන්න. ඒ වගේම තවත් වැදගත් වීඩියෝස් බලන්න අපේ යූටියුබ් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්නත් අමතක කරන්න එපා.
සුභ දවසක්.
සැළකිය යුතුයි:
අධ්‍යාපනික අරමුණු සඳහා පමණි: මෙම වීඩියෝවේ අන්තර්ගතය වර්තමාන තොරතුරු හා අධ්‍යාපනික අරමුණු සඳහා පමණක් එකතු කර ඇති අතර, කිසිඳු ආකාරයක මුදල් ආයෝජන උපදේශයක් නොවේ.
මූල්‍ය උපදෙස් නොවේ: මෙම වීඩියෝව සපයා ඇත්තේ තොරතුරු දැනගැනීම සඳහා පමණක් වන අතර එය මූල්‍ය, නීතිමය හෝ බදු උපදෙස් ලෙස නොසැලකිය යුතුය. ඕනෑම මූල්‍ය තීරණයක් ගැනීමට පෙර ඔබගේම පර්යේෂණ සිදු කර බලපත්‍රලාභී වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබාගන්න.
Share this post