Back

ලංකාවේ Bitcoin වලට තියෙන නීතිය

Beginner’s Guide

17 Jun 2025

ආයුබෝවන් හැමෝටම, Bitcoin Sri Lanka Page එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා!

ශ්‍රී ලංකාවෙදි Bitcoin ගන්න, විකුණන්න යනකොට හරිම පරෙස්සමින් ඒ දේවල් කරන්න ඕනේ නේද? සමහරවිට ඔයාට දැනෙනවා ලොකු හොර වැඩක් කරනවා වගේ කියලා. පොඩි වැරැද්දක් වුණොත්, ඔයාගෙ බැංකු ගිණුම freeze වෙනවා, බැංකුවෙන් ප්‍රශ්න අහනවා, ඔයාට ලොකු ස්ට්‍රෙස් එකක් දැනෙනවා. ඉතින්, අද අපි කතා කරමු මේ වගේ අවුල් වලට අහු නොවී ඉන්නෙ කොහොමද කියලා. එහෙනම් යමු අපි වීඩීයෝ එකට..

 අද මේ වීඩියෝ එකෙන් අපි කාරණා තුනක් පැහැදිලිව කතා කරනවා.

  1. ශ්‍රී ලංකාවේ නීතිය Bitcoin ගැන මොකද කියන්නෙ?

  2. විදේශ විනිමය පනත Bitcoin ගැන මොකද කියන්නෙ?

  3. නීතිමය ප්‍රශ්න වලට අහුවෙන්නෙ නැතුව අපි ආරක්ෂා වෙන්නෙ කොහොමද?

ඉතින් මේ ගැන ඉතාම පැහැදිලිව අපේ Bitcoin Sri Lanka YouTube නාලිකාවේ වීඩියෝ එක්කින් ඉදිරිපත් කරලා තියනවා. මේ පහල තියෙන්නෙ ඒ වීඩියෝ එක. ඔයාට පුළුවන් ඒකත් බලන්න.

මේවා නිකම්ම නිකම් කතා නෙමෙයි. පසුගිය අවුරුද්ද පුරාවට ශ්‍රී ලාංකිකයෝ ගොඩක් මේ වගේ ප්‍රශ්න වලට මුහුණ දුන්නා. ඒ අය කිසිම වැරැද්දක් කරලා නෙමෙයි. එයාලා Bitcoin විකුණපු කෙනාගෙ LKR සල්ලි ආවේ කොහෙන්ද කියලා නොදැන හිටපු නිසා. සමහරවිට ඒ සල්ලි Scam එකකින් වෙන්න ඇති, නැත්නම් මොකක් හරි Illegal Pyramid Scheme එකකින් වෙන්න ඇති. හැබැයි ඒ සල්ලි ඔයාගෙ ගිණුමට ආවට පස්සේ, ඒක ඔයාගෙ ප්‍රශ්නය වෙනවා. බැංකු වලින් ගිණුම් Block කරනවා. CID එකෙන් ප්‍රශ්න අහනවා. ඔයාට සම්බන්ධයක් නැති ප්‍රශ්නයක් මැද්දෙ ඔයා හිර වෙනවා. මේක ෆික්ෂන් එකක් නෙමෙයි, මේක ඇත්තටම අපේ රටේ ගොඩක් සිද්ධ වෙන දෙයක්

ඒ නිසා අපි මේක සරලව තේරුම් ගමු. අමාරු වචන නැතුව, පැහැදිලිව කාරණා තුනක් ඔයා දැනගන්න ඕනේ, ඔයාගෙ Bitcoin ගනුහෙනු ආරක්ෂිතව, නීත්‍යානුකූලව, කිසිම ස්ට්‍රෙස් එකක් නැතුව කරගෙන යන්න.

පළවෙනි කාරණය: ශ්‍රී ලංකාවේ නීතිය Bitcoin ගැන කියන්නේ මොකක්ද?

පැහැදිලිවම කියනවා නම්, ශ්‍රී ලංකාව Bitcoin Ban කරලා නැහැ. හැබැයි Bitcoin Regulate කරලත් නැහැ. මේක ටිකක් "අළු පාට කලාපයක්" (Grey Zone) වගේ. හරියට කිව්වොත්, හෙල්මට් නැතුව, පාරෙ සයින් බෝඩ් නැති පාරක බයික් එකක් පදිනවා වගේ. ඔයාට එහෙම කරන්න පුළුවන්. හැබැයි මොකක් හරි වරදක් වුණොත්, ඔයාව බේරගන්න නීතිමය ආරක්ෂාවක් නැහැ. ඒකයි මේ සීමාවන් දැනගෙන ඉන්න එක හරිම වැදගත් වෙන්නෙ.

දෙවෙනි කාරණය: විදේශ විනිමය පනත Bitcoin ගැන මොකද කියන්නෙ?

මේ පනතෙන් අපිට ටිකක් අදාල වෙන කාරණා ටිකක් කියලා තියෙනවා. මේකෙදි කියනවා අපි අපේ ලංකාවේ රුපියක් වෙනත් රටක වෙනත් මුදල් වර්ගයකට මාරු කරනවා නම් මේ පනතේ නීති රීති අනුගමනය කරන්න ඕන කියලා. නමුත් අපි දන්නේ නෑ මේ කාරණා Bitcoin වලට අදාල වෙනවද කියලා. හැබැයි එක දෙයක් තියනවා. අපිට කෙලින්ම රුපියල් වලින් bitcoin ගන්න බෑනේ දැනට. ඉතින් අපි ඒවා USDT වලට හරවලානේ Bitcoin ගන්නේ. එතකොට අපි දැනටමත් දන්නවා USDT කියන්නේ ඩොලරයට සමානව යන දෙයක්. ඉතින් මේ කාරණය නිසා අපි මේ පනතේ නීතී රීති උල්ලන්ගනය කරනවාද කියලා සැළකිල්ලක් දක්වන්න ඕන.

2017 අංක 12 විදේශ විනිමය් පනත - https://www.dfe.lk/web/images/downloads/acts/fca_s.pdf

අපි තවමත් හරියටම දන්නේ නෑ. බිට්කොයින් කියන්නේ වත්කමක්ද? මුදල්වර්ගයක්ද? නැත්තම් තේ කෝපි රත්තරන් , තෙල් වගේ කොමඩටි එකක්ද ඒ කියන්නේ හුවමාරු භාණ්ඩයක්ද කියලා තවම නීතිමය වශයෙන් තහවුරු කරලා නෑ. හැබැයි අපි දන්නවා Bitcoin ක්‍රිප්ටොකරන්සි ඇතුලේ තිබුනට ඒක අනෙත් ක්‍රිප්ටොකරන්සි වලින් ගොඩාක් වෙනස් එකක් කියලා. අපි කලින් ඒ ගැන කතා කරලා තියනවා.

තුන්වෙනි කාරණය: නීතිමය ප්‍රශ්න වලට අහුවෙන්නෙ නැතුව අපි ආරක්ෂා වෙන්නෙ කොහොමද?

හිතමු කෙනෙක් ඔයාගෙ Bitcoin ටික අරගෙන, එයාගෙ LKR සල්ලි ටික ඔයාට ඉක්මනටම එවන්නම් කිව්වා කියලා. නියමයි නේද? හැබැයි ඒ LKR සල්ලි ආවෙ මොකක් හරි Scam එකකින් හරි Drug Operation එකකින් හරි නම් මොකද වෙන්නේ? නැත්නම් ඔයා ගත්ත Bitcoin හොරකම් කරපුවා නම් මොකද වෙන්නේ? ඔයා මොනවත් නොදැනම Investigations වලට පැටලෙන්න පුළුවන්. ඔයා වැරැද්දක් කරල නැතුව ඇති. හැබැයි ඔයාගෙ Wallet එක හරි Account එක හරි "කිලිටි" වෙනවා. මේක තමයි කවුරුත් කතා නොකරන ඇත්තම අවදානම.

මේක ඔයාව බය කරන්න කරන කතාවක් නෙමෙයි. මේක නිදහස ගැන කතාවක්. ඔයා ඔයාගෙ වැඩ පිළිවෙල හදාගෙන ඉන්නවා කියලා දැනගෙන ඉන්න එකෙන් ඔයාට නිදහස ලැබෙනවා. මොකක් හරි වුණත්, ඔයාට කියන්න පුළුවන්: "මෙන්න මගේ Records, මෙන්න මම කරපු දේවල්, මෙන්න මේකයි මම Clear වෙන්නෙ". ඒ Confidence එක? ඒක හරිම වටිනවා.

එහෙනම් අපි දැන් දන්නවා:

  • Bitcoin Ban කරලා නැහැ - හැබැයි තියෙන්නෙ අළු පාට කලාපයක (Grey Zone).

  • ඔයාගෙ Transaction හරිම පිරිසිදු නැත්නම්, බැංකු ඔයාගෙ පැත්තෙ නැහැ.

  • ඇත්තම අවදානම තමයි - අනුන්ගෙ ප්‍රශ්න වලට පැටලෙන එක. ඔයා කිසිම වැරැද්දක් නොකලත්.

ඉතින්, ආරක්ෂිතව ඉන්න ඔයාට කරන්න පුළුවන් දේවල් මෙන්න මේවා:

  1. Bitcoin සම්බන්ධ වැඩ වලට වෙනමම බැංකු ගිණුමක් පාවිච්චි කරන්න. ඒක පිරිසිදුව තියාගන්න. ඔයාගෙ පඩිය හරි දෛනික වියදම් හරි මේ ගිණුම එක්ක මිශ්‍ර කරන්න එපා.

  2. Bitcoin ගන්න, විකුණන්න විශ්වාසවන්ත අයව හරි Platforms හරි විතරක් පාවිච්චි කරන්න. අලුත් කෙනෙක් නම් ප්‍රශ්න අහන්න. වැඩේ අවුල් වගේ දැනෙනවා නම්, එතනින් අයින් වෙන්න.

  3. හැම වෙලාවෙම Records තියාගන්න. Screenshots, Transaction IDs, Chat Logs – මේ ඔක්කොම Save කරගන්න. Google Drive එකේ එක Folder එකක් ඔයාව සති ගණන් ස්ට්‍රෙස් එකෙන් බේරගන්න පුළුවන්.

තවත් Bonus Tip එකක් දෙන්නම්. හොඳම Price එක හොයන්න ගිහිල්ලා කෑදර වෙන්න එපා. වඩාත්ම ආරක්ෂිත Price එක තමයි ඔයාට හිතේ peace ගේන Price එක.

Bitcoin Sri Lanka අපි ඉන්නෙ ඔයාලට තොරතුරු දැනගෙන, ආරක්ෂිතව, Confident එකෙන් ඉන්න උදව් කරන්න. අපි එකතු වෙලා ශ්‍රී ලංකාවෙ Smart, Strong, Stress-free Bitcoin Adoption එකක් හදමු.

අදට ගිහින් එන්නම්. සුභ දවසක්...

සැළකිය යුතුයි:

අධ්‍යාපනික අරමුණු සඳහා පමණි: මෙම ලිපියේ අන්තර්ගතය වර්තමාන තොරතුරු හා අධ්‍යාපනික අරමුණු සඳහා පමණක් එකතු කර ඇති අතර, කිසිඳු ආකාරයක මුදල් ආයෝජන උපදේශයක් නොවේ.

මූල්‍ය උපදෙස් නොවේ: මෙම වීඩියෝව සපයා ඇත්තේ තොරතුරු දැනගැනීම සඳහා පමණක් වන අතර එය මූල්‍ය, නීතිමය හෝ බදු උපදෙස් ලෙස නොසැලකිය යුතුය. ඕනෑම මූල්‍ය තීරණයක් ගැනීමට පෙර ඔබගේම පර්යේෂණ සිදු කර බලපත්‍රලාභී වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබාගන්න.

Share this post

Bitcoin for
Sri Lankans

When you are ready to take the next step, Bitnomi helps you move from learning to action with a self-custodial Bitcoin experience built for Sri Lankans.

Bitcoin Sri Lanka is building a stronger Bitcoin culture in Sri Lanka through education, community, and real-world engagement. Our mission is to help people understand Bitcoin clearly and move toward greater financial freedom with confidence.

Powered by

Bitcoin Sri Lanka

Bitcoin Sri Lanka © 2026 | All rights reserved

Bitcoin for Sri Lankans

When you are ready to take the next step, Bitnomi helps you move from learning to action with a self-custodial Bitcoin experience built for Sri Lankans.

Bitcoin Sri Lanka is building a stronger Bitcoin culture in Sri Lanka through education, community, and real-world engagement. Our mission is to help people understand Bitcoin clearly and move toward greater financial freedom with confidence.

Powered by

Bitcoin Sri Lanka

Bitcoin Sri Lanka © 2026 | All rights reserved

Bitcoin for Sri Lankans

When you are ready to take the next step, Bitnomi helps you move from learning to action with a self-custodial Bitcoin experience built for Sri Lankans.

Bitcoin Sri Lanka is building a stronger Bitcoin culture in Sri Lanka through education, community, and real-world engagement. Our mission is to help people understand Bitcoin clearly and move toward greater financial freedom with confidence.

Powered by

Bitcoin Sri Lanka

Bitcoin Sri Lanka © 2026 | All rights reserved