Resources

Beginner’s Guide

සතොෂි නකමොටෝ අභිරහස

6 Jun 2025

ආයුබෝවන් හැමෝටම, Bitcoin Sri Lanka එකට සාදරයෙන් පිළිගන්නවා! අද blog එක මට ගොඩාක් වීශේෂ එකක් වගේම. මම ගොඩාක් ගෞරවයෙන් කරන blog එකක්. අද අපි කතා කරන්නේ Bitcoin හැදුණේ කොහොමද කියන පුදුම හිතෙන කතාව ගැන. විශේෂයෙන්ම මේක හැදුවේ කවුද කියලා තාමත් ලෝකෙට අභිරහසක් වෙලා ඉන්න, සතෝෂි නකමොටෝ (Satoshi Nakamoto) කියන පුද්ගලයා හෝ කණ්ඩායම ගැන.

ඉතින් මේ ගැන ඉතාම පැහැදිලිව අපේ Bitcoin Sri Lanka YouTube නාලිකාවේ වීඩියෝ එක්කින් ඉදිරිපත් කරලා තියනවා. මේ පහල තියෙන්නෙ ඒ වීඩියෝ එක. ඔයාට පුළුවන් ඒකත් බලන්න.

හිතන්නකෝ, ලෝකයම වෙනස් කරන පුදුමාකාර දෙයක් හොයාගෙන, සමහරවිට ලෝකේ ඉන්න සල්ලි තියෙනම අය අතරට යන්න පුළුවන් වුණත්, කවුද මේක කළේ කියලා කිසිම කෙනෙක් දන්නේ නැහැ. අන්න ඒක තමයි සතෝෂි නකමොටෝ කියන අභිරහස. Bitcoin කියන්නේ, ඔයා දන්නවා වගේම, මේ කාලේ කතාබහට ලක්වෙන ඩිජිටල් වත්කම් වර්ගයක්. මේ පිටිපස්සේ තියෙන තාක්ෂණය, ඒ කියන්නේ බ්ලොක්චේන් (blockchain) එක, ගොඩක් අය දකින්නේ 90 දශකයේ අන්තර්ජාලය වගේ ලෝකය වෙනස් කරන්න පුළුවන් රත්තරං වගේ දෙයක් කියලා.

 

සතෝෂි නකමොටෝ මේ හැමදෙයක්ම හඳුන්වලා දුන්නේ 2008 ඔක්තෝබර් මාසයේදී, "white paper" එකක් හරහා. ඒ කියන්නේ මේ ගැන තියෙන සවිස්තරාත්මක ලේඛනයක්. හැබැයි, සතෝෂි එකපාරටම කොහෙන්වත් ඇවිත් මේ අදහස් දුන්නා නෙවෙයි. Bitcoin එන්න කලින්, පරිගණක ක්‍රමලේඛකයින්ගෙන් සහ ගුප්ත-ලේඛණ ශිල්පීන්ගෙන් (cryptographer) හැදුණු කණ්ඩායමක් හිටියා, එයාලට කිව්වේ සයිෆර්පන්ක්ස්ලා (Cypherpunks) කියලා. මෙයාලව හිතන්න පුළුවන් ඩිජිටල් ලෝකයේ සම්පූර්ණ පෞද්ගලිකත්වය (privacy) ඇති කරන්න උනන්දු වුණ කැරලිකාර කණ්ඩායමක් විදිහට. ගොඩක් අය ආණ්ඩු මැදිහත් වීමකින් තොරව ඔන්ලයින් සම්බන්ධ වෙන්න ඕනේ කියලා විශ්වාස කළ අය. එයාලා බැංකු හෝ වෙනත් අතරමැදියන් නැතුව ඔන්ලයින් සල්ලි යවන එක ගැන අත්හදා බැලීම් කළා. ඩේවිඩ් චෝම් (David Chaum) ගේ DigiCash වගේ දේවල්, එහෙම නැත්නම් නික් සාබෝ (Nick Szabo) ගේ "Bit Gold" වගේ අදහස් තිබුණා. ඒත් එයාලට හරියටම පීඅර්-ටු-පීඅර් (peer-to-peer) ඩිජිටල් මුදල් පද්ධතියක් තාක්ෂණිකව හදන්න බැරි වුණා.

ඔන්න ඕතනට තමයි සතෝෂි නකමොටෝ එන්නේ. එයා මේ සයිෆර්පන්ක්ස්ලට ඊමේල් කරලා, තමන්ගේ අලුත් සිස්ටම් එක, ඒ කියන්නේ "බ්ලොක්චේන්" එක හදන්න උදව් ඉල්ලුවා. එයා යෝජනා කළේ පුද්ගලයන්ට සල්ලි කෙලින්ම එකිනෙකාට යවන්න පුළුවන් පරිගණක ජාලයක්. ඒකට අන්තර්ජාල සේවා සපයන්නෙක්වත්, බැංකුවක්වත් අතරමැදි වෙන්නේ නැහැ. බ්ලොක්චේන් එක කියන්නේ හැම ගනුදෙනුවක්ම සටහන් වෙන පොදු ගිණුම් පොතක්, එහෙම නැත්නම් ලෙජරයක් (ledger) වගේ දෙයක්. රුපියල් හෝ ඩොලර් වෙනුවට, මේ වටිනාකම තියෙන්නේ අලුත් ඩිජිටල් මුදල් වර්ගයක, ඒකට කිව්වේ Bitcoin කියලා.

 

මේක තමයි සයිෆර්පන්ක්ස්ලා හොය හොය හිටිය විසඳුම. හැබැයි මුලදී ගොඩක් අය සතෝෂිව ගණන් ගත්තේ නැහැ. මොකද එයාලා කලින් මේ දේවල් කරන්න හදලා අසාර්ථක වෙලා තිබුණා. Bitcoin කියන්නේ එයාලට විද්‍යා ප්‍රබන්ධයක් වගේ හිතුණා. හැබැයි කැලිෆෝනියාවේ හිටපු පරිගණක ක්‍රමලේඛකයෙක් වුණු හැල් ෆිනී (Hal Finney) මේකේ තියෙන හැකියාව දැක්කා.

හැල් ෆිනී කියන්නේ හරිම සිත්ගන්නා සුළු කෙනෙක්. එයා පරිගණක ක්‍රමලේඛකයෙක් (programmer) සහ ගුප්ත-ලේඛණ ශිල්පියෙක්(cryptographer). කැල්ටෙක් (Caltech) වලින් ඉංජිනේරු උපාධියක් අරගෙන තිබුණා. එයා වැඩ කළේ PGP Corporation එකේ. මේ ආයතනය හැදුවේ දත්ත ආරක්‍ෂාව (data privacy) සම්බන්ධ සොෆ්ට්වෙයාර්. PGP කියන්නේ Pretty Good Privacy එකේ කෙටි නම. මේක කොච්චර හොඳද කිව්වොත් ඇමරිකානු ආණ්ඩුව මේ සොෆ්ට්වෙයාර් එක බලපත්‍රයක් නැතුව පිටරට යවන ආයුධ වගේ සැලකුවා. හැල් අවුරුදු දහයකට වැඩි කාලයක් සයිෆර්පන්ක්ස් කණ්ඩායම එක්ක සම්බන්ධ වෙලා හිටියා. ඉතින් ඩිජිටල් මුදල් සම්බන්ධයෙන් එන අලුත් දේවල් ගැන එයා හොඳට අවධානයෙන් හිටියා.

 

හැල් ෆිනී Bitcoin ප්‍රොජෙක්ට් එකට නොමිලේ වැඩ කරන්න කැමති වුණා. දන්නවද ඊට පස්සේ මොකද වුණේ කියලා? Bitcoin නිල වශයෙන් 2009 ජනවාරි 3 වෙනිදා පටන් ගත්තාම, සතෝෂි නකමොටෝගෙන් Bitcoin ගනුදෙනුවක් මුලින්ම ලැබුණේ හැල් ෆිනීට. සතෝෂි එයාට ටෙස්ට් එකක් විදිහට Bitcoin 10ක් යැව්වා. මුල් කාලයේ හැල් සහ සතෝෂි ගොඩක් වෙලාවට කතාබහ කළා. ඊමේල්, ඔන්ලයින් ෆෝරම් (online forums) හරහා පණිවිඩ යවා ගත්තා. කෝඩ් ටෙස්ට් කරලා, අඩුපාඩු හදා ගත්තා. එයාලගේ කතාබහ තනිකරම තිබුණේ මේ ජාලයේ තාක්ෂණික පැති ගැන.

සතෝෂි නකමොටෝ අවුරුදු කීපයක් විතර හිටියා. මුල් කාලීන සංවර්ධනයට මග පෙන්වලා, අනිත් ක්‍රමලේඛකයින් එක්ක කතාබහ කළා. හැබැයි 2010 අවුරුද්ද වගේ වෙනකොට, සතෝෂි ටිකෙන් ටික අයින් වෙන්න පටන් ගත්තා. ඔන්ලයින් දාන පෝස්ට් නැවතුණා. අන්තිමට ළඟින්ම වැඩ කරපු ඩිවෙලොපර්ලා (developers) එක්ක තිබුණු සම්බන්ධකම් පවා නැවතුණා. තව වැදගත් කාරණාවක් තමයි: සතෝෂි ළඟ Bitcoin මිලියන 1ක් විතර ඇති කියලා විශ්වාස කරනවා. ඒ වගේම ඒ කොයින් තාමත් එහෙම්මම තියෙනවා, ඒවා කවදාවත් මූව් කරලා නැහැ. හිතන්න අද ඒකේ වටිනාකම කොච්චරද කියලා. මේක අතුරුදහන් වීමත්, තාමත් තියෙන කොයින් ටිකත් නිසා ගොඩක් තියරි (theories) හැදිලා තියෙනවා.

 

එක ප්‍රධාන තියරියක් තමයි, සතෝෂි අතුරුදහන් වීම හැල් ෆිනීට සම්බන්ධ කරන එක. මෙහෙමයි, 2009 අවුරුද්දේ හැල් ෆිනීට ALS කියන දරුණු රෝගය හැදිලා තිබුණා. මේක මෝටර් ස්කීල්ස් (motor skills) දුර්වල කරන ලෙඩක්. හැල් නැති වුණේ 2014 අගෝස්තු මාසයේදී. සමහර අය තියරියක් විදිහට කියනවා සතෝෂි මැරිලා ඇති කියලා. එහෙම නම්, සතෝෂි වැඩ නවත්වපු 2010 අවුරුද්ද වගේ කාලේ හැල් ෆිනීගේ තත්ත්වය නරක අතට හැරුණු කාලෙට ආසන්නව එනවා. සතෝෂි කියන්නේ හැල් නම්, එයාගේ ලෙඩේ නිසා Bitcoin වැඩ නවත්වන්න ඇති කියලා කියනවා.

හැබැයි, හැල් ෆිනී ගැන ගත්තාම පුදුම හිතෙන දේවල් සමපාත වුණත්, එයා තමයි සතෝෂි නෙවෙයි කියලා සැක කරන්න පුළුවන් හොඳ හේතුත් තියෙනවා. හැල්ම කියලා තියෙනවා එයා සතෝෂි නෙවෙයි කියලා. සතෝෂි කණ්ඩායමක හිටියත් එයා ඒකෙ හිටියේ නැහැ කියලා කිව්වා. එයාලා අතර තිබුණු කතාබහ බැලුවාම, හැල් තමන්ටම කතා කරනවා වගේ පේනවා. ඒක වෙන්න බැහැ වගේ. මුල් කාලේ Bitcoin කෝඩ් එක ලියලා තිබුණේ C++ කියන ප්‍රෝග්‍රෑමින්ග් භාෂාවෙන්. හැල් පිළිගත්තා එයා ඒ භාෂාවට එච්චර කැමති නැහැ කියලා. එයා ප්‍රධාන වශයෙන්ම වැඩ කළේ C වලින්.

ඒ වගේම, මුල් කාලේ Bitcoin කෝඩ් එකේ පැහැදිලි අඩුපාඩු තිබුණා. ඒවා ඉක්මනටම අයින් කරන්න වුණා. හැල් ෆිනී දුර්ලභ දක්ෂයෙක්, දක්ෂ කෝඩර් කෙනෙක්. එයාට මේ අඩුපාඩු දකිද්දි, ඒවා මග අරින්න තිබුණා. ඉතින්, හැල් මුල් කාලීන වැදගත් කෙනෙක් වුණත්, Bitcoin මුලින්ම ගත්ත කෙනා වුණත්, තියෙන සාක්ෂි වලින් පේන්නේ එයා සතෝෂි නකමොටෝ නෙවෙයි කියලයි.

 

සතෝෂිගේ අනන්‍යතාවය ගැන තියෙන අභිරහස නිසා තවත් ගොඩක් අය කතා කරන හරිම පුදුම හිතෙන කතාවක් තියෙනවා ඩෝරියන් සතෝෂි නකමොටෝ (Dorian Satoshi Nakamoto) කියන කෙනා ගැන. එයා ජපන්-ඇමරිකානු පරිගණක ඉංජිනේරුවෙක්. එයා ජීවත් වුණේ හැල් ෆිනීගේ ගෙදර ඉඳලා සැතපුම් 1.6ක් වගේ පොඩි දුරකින්. Bitcoin මුලින්ම ගත්තු කෙනා සහ සතෝෂි නකමොටෝ කියලා කෙනෙක් ජීවත් වුණේ ලඟ ලඟ කියන එක පුදුමයක් නේද? Newsweek සඟරාවක ඩෝරියන් තමයි Bitcoin නිර්මාතෘ කියලා හඳුන්වලා දුන්නා. ඒත් පස්සේ පැහැදිලි වුණා එයා Bitcoin ගැන මුකුත්ම දන්නේ නැහැ කියලා. මාධ්‍ය අවධානය නිසා එයාගේ ජීවිතේ ගොඩක් වෙනස් වුණා. එයා කිව්වා මේ ප්‍රොජෙක්ට් එකත් එක්ක කිසිම සම්බන්ධයක් නැහැ කියලා. අදටත් එයාට ආදරේට කියන්නේ "ව්‍යාජ සතෝෂි" කියලා. එයා දැන් මේ කොමියුනිටි (community) එක එක්ක එකතු වෙලා, Bitcoin ඩොනේට් පවා ගන්නවා.

තවත් කෙනෙක් තමන් සතෝෂි කියලා කිව්වා, ඕස්ට්‍රේලියාවේ කෙනෙක්, ආචාර්ය ක්‍රේග් රයිට් (Dr. Craig Wright). එයා සම්මුඛ සාකච්ඡා දීලා, සාක්ෂි ඉදිරිපත් කරලා සමහර මාධ්‍යවේදීන්ව විශ්වාස කරෙව්වා. හැබැයි Bitcoin කොමියුනිටි එකේ ගොඩක් අය, මුල් කාලීන කෙනෙක් වුණු විටාලික් බියුටෙරින් (Vitalik Buterin) වගේ අය කිව්වේ, එයාගේ සාක්ෂි තාක්ෂණික උපක්‍රම පාවිච්චි කරලා ව්‍යාජව හදපු ඒවා කියලා. තමන්ගේ අනන්‍යතාවය ඔප්පු කරන්න තිබුණු ලේසිම ක්‍රම එයා පාවිච්චි කළේ නැහැ කියලා බියුටෙරින් පෙන්නලා දුන්නා. ක්‍රේග් රයිට් ක්‍රිප්ටෝකරන්සි (cryptocurrency) සම්බන්ධ නඩු වලටත් සම්බන්ධ වෙලා තියෙනවා. ගොඩක් අය එයා තමයි සැබෑ සතෝෂි කියලා තාමත් විශ්වාස කරන්නේ නැහැ.

 

තව ගොඩක් තියරි තියෙනවා. සමහරු එලොන් මස්ක් (Elon Musk) වෙන්න ඇති කිව්වා (හැබැයි එයා ඒක ප්‍රතික්ෂේප කළා). එහෙම නැත්නම් NSA වගේ ආණ්ඩු ආයතනයක් වෙන්න ඇති කිව්වා. සිත්ගන්නා සුළු තියරියක් තමයි සතෝෂි Bitcoin අතහැරලා දාලා වෙන ප්‍රොජෙක්ට් එකකට යන්න ඇති කියන එක. සමහරු ඩේවිඩ් ෂ්වාට්ස් (David Schwartz) වෙන්න පුළුවන් කිව්වා. එයා තමයි දැන් Ripple එකේ ප්‍රධාන ගුප්ත-ලේඛණ ශිල්පියා (lead cryptographer). අන්තර්ජාලය එන්න කලින්ම එයා බෙදා හැරෙන ජාල (distributed network) අදහස් ගැන වැඩ කරලා තියෙනවා. ඔන්ලයින් අන්වර්ථ නාම (online aliases) පාවිච්චි කළා. Ripple එකේ තාක්ෂණය Bitcoin එකට වඩා සමහර පැති වලින් හොඳයි කියලා දකිනවා, වේගය සහ ගාස්තු වගේ දේවල් වලින්. ෂ්වාට්ස් Ripple එකෙන් ගොඩක් සල්ලි හොයලා තියෙනවා නම්, ඒක හොඳ හේතුවක් වෙන්න පුළුවන් සතෝෂිගේ Bitcoin වස්තුව එයා ඇල්ලුවේ නැත්තේ ඇයි කියලා. එයාට ඒ සල්ලි ඕනේ නැති වෙන්න ඇති, එහෙම නැත්නම් ඒක ඇල්ලුවොත් එයා කවුද කියලා හෙළි වෙයි කියලා හිතන්න ඇති. ඒත් ඇත්තටම ෂ්වාට්ස් කියනවා එයා සතෝෂි නෙවෙයි කියලා.

ඉතින්, කවුද මේ සතෝෂි නකමොටෝ? ඇත්තම කිව්වොත් අපි තාමත් හරියටම දන්නේ නැහැ. සතෝෂි එයාගේ අනන්‍යතාවය හංගන්න ගොඩක් උත්සාහ කළා. නොදන්න කෙනෙක්ගේ ඊමේල්, ටෝර් (Tor) වගේ ටූල්ස් පාවිච්චි කළා. එයා තමන් ගැන පෞද්ගලික විස්තර මුකුත්ම කිව්වේ නැහැ. අවධානය යොමු කළේ තාක්ෂණික දේවල් වලට විතරයි. එයා හරිම නිහතමානී වගේ හිටියා. කිව්වා වචන වලට වඩා එයා කෝඩ් වලින් දක්ෂයි කියලා. සමහරවිට සතෝෂි කියන්නේ එක්කෙනෙක් වෙන්න ඇති. එහෙම නැත්නම් කණ්ඩායමක් වෙන්නත් පුළුවන්. බිට්කොයින් මූව් වෙලා නැහැ. සමහරවිට සතෝෂි මැරිලා ඇති. නැත්නම් එයාට සල්ලි ඕනේ නැති වෙන්න ඇති. එහෙම නැත්නම් ඒ කොයින් අල්ලන්නේ නැතුව ඉන්න පුදුමාකාර හිතේ ශක්තියක් එයා ළඟ තියෙනවා වෙන්න ඇති.

 

නිර්මාතෘ කවුද කියලා නොදැන හිටියත්, එයා කරපු වැඩේ බලපෑම ප්‍රතික්ෂේප කරන්න බැහැ. Bitcoin සහ බ්ලොක්චේන් එක නිසා ලෝකේ පුරාම ලොකු වෙනසක් ඇති වුණා. ගණන් නැති අනිත් ප්‍රොජෙක්ට් වලටත් මේක ආශ්වාදයක් වුණා. සතෝෂි නකමොටෝගේ අනන්‍යතාවය තාමත් ඩිජිටල් ලෝකයේ තියෙන ලොකුම අභිරහසක් වුණත්, එයාගේ නිර්මාණය මුදල් සහ තාක්ෂණයේ අනාගතය හැඩගස්සවමින් යනවා.

හරි, අදට සතෝෂි නකමොටෝ අභිරහස ගැන කියන්න තියෙන්නේ ඔච්චරයි. ඔයාට මොකද හිතෙන්නේ? කවුද මේ සතෝෂි? හිතලා බලන්න.

අදට ගිහින් එන්නම්. සුභ දවසක්.

සැළකිය යුතුයි:

අධ්‍යාපනික අරමුණු සඳහා පමණි: මෙම වීඩියෝවේ අන්තර්ගතය වර්තමාන තොරතුරු හා අධ්‍යාපනික අරමුණු සඳහා පමණක් එකතු කර ඇති අතර, කිසිඳු ආකාරයක මුදල් ආයෝජන උපදේශයක් නොවේ.

මූල්‍ය උපදෙස් නොවේ: මෙම වීඩියෝව සපයා ඇත්තේ තොරතුරු දැනගැනීම සඳහා පමණක් වන අතර එය මූල්‍ය, නීතිමය හෝ බදු උපදෙස් ලෙස නොසැලකිය යුතුය. ඕනෑම මූල්‍ය තීරණයක් ගැනීමට පෙර ඔබගේම පර්යේෂණ සිදු කර බලපත්‍රලාභී වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබාගන්න.

Share this post

Bitcoin Sri Lanka logo

At Bitcoin Sri Lanka, we are driving a revolution in financial freedom and digital empowerment. Our mission is to educate, inspire, and enable individuals to harness the transformative power of Bitcoin. Together, we are building a future where financial inclusion is a reality for all Sri Lankans.

Bitcoin Sri Lanka © 2025 | All rights reserved

Bitcoin Sri Lanka logo

At Bitcoin Sri Lanka, we are driving a revolution in financial freedom and digital empowerment. Our mission is to educate, inspire, and enable individuals to harness the transformative power of Bitcoin. Together, we are building a future where financial inclusion is a reality for all Sri Lankans.

Bitcoin Sri Lanka © 2025 | All rights reserved

Bitcoin Sri Lanka logo

At Bitcoin Sri Lanka, we are driving a revolution in financial freedom and digital empowerment. Our mission is to educate, inspire, and enable individuals to harness the transformative power of Bitcoin. Together, we are building a future where financial inclusion is a reality for all Sri Lankans.

Bitcoin Sri Lanka © 2025 | All rights reserved

Bitcoin Sri Lanka logo

At Bitcoin Sri Lanka, we are driving a revolution in financial freedom and digital empowerment. Our mission is to educate, inspire, and enable individuals to harness the transformative power of Bitcoin. Together, we are building a future where financial inclusion is a reality for all Sri Lankans.

Bitcoin Sri Lanka © 2025 | All rights reserved

Bitcoin Sri Lanka logo

At Bitcoin Sri Lanka, we are driving a revolution in financial freedom and digital empowerment. Our mission is to educate, inspire, and enable individuals to harness the transformative power of Bitcoin. Together, we are building a future where financial inclusion is a reality for all Sri Lankans.

Bitcoin Sri Lanka © 2025 | All rights reserved