වසර 500 ක් පරණ ලෝකයේ පළවෙනි “Blockchain” එක

Beginner’s Guide

30 Oct 2025

අද අපි ටිකක් අතීතයට ගිහින්, ඉතිහාසයේ තියෙන අද්භූතම මුදල් ක්‍රමය ගැන කතා කරන්නයි යන්නේ. ඇත්තටම, Bitcoin මේ තරම්ම විප්ලවීය වුණේ ඇයි කියලා තේරුම් ගන්න මේ කතාව අපිට ගොඩක් උදව් වෙනවා. අපි කතා කරන්නේ මයික්‍රෝනීසියාවේ තියෙන යාප් දූපත් වල 'රායි ගල්' (Rai Stones) ගැන.

ඉතින් මේ ගැන ඉතාම පැහැදිලිව අපේ Bitcoin Sri Lanka YouTube නාලිකාවේ වීඩියෝ එක්කින් ඉදිරිපත් කරලා තියනවා. මේ පහල තියෙන්නෙ ඒ වීඩියෝ එක. ඔයාට පුළුවන් ඒකත් බලන්න

'රායි ගල්' (Rai Stones) මේක මොකක්ද? (රායි ගල්වල සයිස් එක)

සාමාන්‍යයෙන් ඔයාලා සල්ලි කිව්වහම හිතන්නේ දිලිසෙන කොයින්ස් (coins) ගැනනේ. හැබැයි මේ රායි ගල් එහෙම නෙවෙයි. මේවා මහා විශාල ගල් වලින් හදපු කාසි. මේවා වටකුරු හැඩැති, මැදින් සිදුරක් කපපු ඒවා.

මේවායේ පුංචිම එක සෙන්ටිමීටර 03 ක් විතර වුණත්, ලොකුම ඒවා මීටර් හතරක් විතර උසයි. ඒ වගේම කිලෝ 4000ක් විතර බරයි. හිතන්න! ඒ කියන්නේ සාමාන්‍ය පිරිමි ආසියානු අලියෙක්ගේ බර වගේ!

මේ ගල් ට්‍රාන්ස්පෝර්ට් කරන්න පාවිච්චි කරපු බෝට්ටු පවා සමහර වෙලාවට පෙරළිලා තියෙනවා. ගොඩබිමට ගත්තට පස්සේ මේවා අදින්න මිනිස්සු සියයකට වැඩි පිරිසක් ඕන වුණාලු.

අපි බලමු කොහොමද වැඩෙ කරන්නේ කියලා?

හරි, මෙච්චර චලනය කරන්න බැරි, අතිවිශාල ගල් කාසියක් කොහොමද සල්ලි විදිහට වැඩ කළේ?

කාසි ඇතිවෙන්නත් කලින් අපේ පැරණි අය ආර්ථික ප්‍රශ්නවලට මුහුණ දෙන්න ක්‍රමයක් හොයමින් හිටියා. යාප් දූපත්වාසීන්ට අවසානයේ තේරුණා, මේ ගල් ටික දූපතට ගෙනාවට පස්සේ ඒක සදහටම එතනම තියෙනවා කියලා.

මෙතන තමයි නියම බුද්ධිමත් වැඩේ තියෙන්නේ. ට්‍රේඩ් එකක් (trade) කරලා අයිතිය වෙනස් වුණත්, ගල තිබුණ තැනමයි තියෙන්නේ. ඒ කියන්නේ ගලක් ඕන නම් මුහුදේ පතුලටම ගිලුනත්, කටින් කට කතා කරලා ඒක ට්‍රේඩ් කරන්න පුළුවන්, ඒ වටිනාකම එහෙම්මම තියාගෙන.

මේකට හේතුව තමයි රායි ගල් ක්‍රමය රඳා පැවතුණේ ප්‍රජා ලෙජර් සිස්ටම් එකක් (community ledger system) මත වීමයි.

ගලක අයිතිය මාරු වෙන හැම වෙලාවෙම, විශේෂ උත්සවයක් තියලා, දූපත් ප්‍රධානීන් ඒ ගනුදෙනුව හැමෝටම දැනුම් දුන්නා. මේ සිස්ටම් එක හරියට වැඩ කරන්න නම්, ගොඩක් අවංකකම ඕන වුණා. ඒ වගේම නොපෙනෙන ගල් සම්බන්ධ ගනුදෙනු සිද්ධ වුණේ, ඒ දූපත්වාසියා ප්‍රජාව අතර ගොඩක් පිළිගැනීමට ලක්වුණු කෙනෙක් නම් විතරයි. ගලේ කටින් කට පැතිරුණු ඉතිහාසය හොඳින් ස්ථාපිත වෙලා තිබුණා නම් තමයි මේවා වටින්නෙත්.

ඒ වගේම වටිනාකම තීරණය වුණේ ගලේ සයිස් එකට විතරක් නෙවෙයි. ඒ ගල ලබාගන්න කොච්චර අමාරු වුණාද කියන එකත් බලපෑවා. මේ කැල්සයිට් ගල් (calcite) හදුවේ සැතපුම් 200ක් ඈතින් තියෙන පලාඋ (Palau) කියන දූපතින්. ඒ වගේම කැටයම් වල ක්වොලිටි එකයි, ඒක හැදූ ශිල්පියාගේ හොඳ නමයි වැදගත් වුණා.

නාවිකයා හඳුන්වා දුන් "ඉන්ෆ්ලේෂන්"

මේ රායි ගල් කතාවේ ආර්ථික ප්‍රශ්න ගෙනාපු එක්තරා පුද්ගලයෙක් ගැනත් සඳහන් වෙනවා.

ඒ තමයි 1871 දී පැමිණි ඩේවිඩ් ඕ’කීෆ් (David O’Keefe) කියන අයර්ලන්ත-ඇමරිකානු නැවියා. එයා කරේ ගල් හදන්න තව දියුණු ටූල්ස් (tools) හඳුන්වා දුන්න එකයි. ඒක නිසා අලුත් රායි ගල් හදන එක වෙනදට වඩා ගොඩක් පහසු වුණා. මේකෙන් වුණේ දේශීය ආර්ථිකයට හානි වීමයි.

ගලේ වටිනාකම තීරණය වුණේ ඒක ලබාගන්න කොච්චර අමාරු වුණාද කියන එක මත නිසා, අලුතින් පහසුවෙන් හදපු ගල් වලට පරණ 'ලේ දහඩියෙන්' හදපු ගල් වල වටිනාකම තිබුණේ නැහැ. මේ නිසා යාප් වල මේ අතිවිශාල කාසි ක්‍රමය උද්ධමනයට (inflation) ලක් වුණා. ඒ කියන්නේ මිලදී ගැනීමේ බලය හරි වේගයෙන් අඩු වුණා.

හැබැයි මේ අභියෝග තිබුණත්, පුදුමයට වගේ මේ රායි ගල් අදටත් විශේෂ ගනුදෙනු කිහිපයක් සඳහා පාවිච්චි කරනවා. හැබැයි දෛනික මිලදී ගැනීම් වලට නම් සාමාන්‍ය සල්ලි තමයි පාවිච්චි වෙන්නේ.

බිට්කොයින් එක්ක මේවගේ තියෙන සම්බන්ධය මොකක්ද?

අපි Bitcoin channel එකක් වෙලත්, මේ මහා ගල් කාසි ගැන කතා කරන්නේ ඇයි කියලා ඔයා හිතනවා ඇති.

හේතුව මේ රායි ගල් පිටිපස්සේ තියෙන සංකල්ප පුදුම විදිහට ඇඩ්වාන්ස්ඩ් වෙලා තියෙනවා. ඒ වගේම මේවාට ඔයාලගේ wallet එකේ තියෙන චූටි කාසි වලට වඩා Bitcoin එක්ක ලොකු සම්බන්ධයක් තියෙනවා.

මේ සිස්ටම් දෙකම රඳා පවතින්නේ ගනුදෙනු වල ආරක්ෂාව සහ විනිවිදභාවය තහවුරු කරන ලෙජර් සිස්ටම් එකක් මතයි. Bitcoin වල මේ ආරක්ෂිත පොදු වාර්තාව තමයි Blockchain එක. රායි ගල් වලට ඒක තමයි ප්‍රජාව විසින් පවත්වාගෙන ගිය කටින් කට කියන සිස්ටම් එක.

අනිවාර්යයෙන්ම අවධානය දෙන්න ඕන කාරණාව තමයි, රායි ගල් සහ Bitcoin කියන දෙකම ක්‍රියාත්මක වෙන්නේ මධ්‍යගත බැංකු ක්‍රමයක් (centralized banking system) නැතුවයි. මේවා අපි අද හිතන අලුත් අදහස් වුණත්, යාප් දූපත්වාසීන් මේවා පාවිච්චි කළේ අවුරුදු පන්සීයකටත් කලින්.

අන්තිමට, අවුරුදු 500කට කලින් යාප්වාසීන් පලාඋ දූපතෙන් කැල්සයිට් 'මයිනින්' (mining) කළා වගේ, අපි අද කතා කරන්නේ මිනිස්සු Bitcoin මයිනින් කරනවා කියලයි.

රායි ගල් වලින් ඔප්පු වෙනවා සල්ලි කියන දේ භෞතික වෙන්න, මධ්‍යගත වෙන්න, නැත්නම් ඒ තැනින් තැනට ගෙනියන්න ඕන නැහැ කියලා. ඕන වෙන්නේ, අයිතිය ගැන ආරක්ෂිත, හැමෝම එකඟ වුණු වාර්තාවක් විතරයි.

පරිස්සමින් ඉන්න සුභ දවසක්.

සැළකිය යුතුයි:

අධ්‍යාපනික අරමුණු සඳහා පමණි: මෙම ලිපියේ අන්තර්ගතය වර්තමාන තොරතුරු හා අධ්‍යාපනික අරමුණු සඳහා පමණක් එකතු කර ඇති අතර, කිසිඳු ආකාරයක මුදල් ආයෝජන උපදේශයක් නොවේ.

මූල්‍ය උපදෙස් නොවේ: මෙම ලිපිය සහ වීඩියෝව සපයා ඇත්තේ තොරතුරු දැනගැනීම සඳහා පමණක් වන අතර එය මූල්‍ය, නීතිමය හෝ බදු උපදෙස් ලෙස නොසැලකිය යුතුය. ඕනෑම මූල්‍ය තීරණයක් ගැනීමට පෙර ඔබගේම පර්යේෂණ සිදු කර බලපත්‍රලාභී වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබාගන්න.

Share this post

Bitcoin for
Sri Lankans

When you are ready to take the next step, Bitnomi helps you move from learning to action with a self-custodial Bitcoin experience built for Sri Lankans.

Bitcoin Sri Lanka is building a stronger Bitcoin culture in Sri Lanka through education, community, and real-world engagement. Our mission is to help people understand Bitcoin clearly and move toward greater financial freedom with confidence.

Powered by

Bitcoin Sri Lanka

Bitcoin Sri Lanka © 2026 | All rights reserved

Bitcoin for Sri Lankans

When you are ready to take the next step, Bitnomi helps you move from learning to action with a self-custodial Bitcoin experience built for Sri Lankans.

Bitcoin Sri Lanka is building a stronger Bitcoin culture in Sri Lanka through education, community, and real-world engagement. Our mission is to help people understand Bitcoin clearly and move toward greater financial freedom with confidence.

Powered by

Bitcoin Sri Lanka

Bitcoin Sri Lanka © 2026 | All rights reserved

Bitcoin for Sri Lankans

When you are ready to take the next step, Bitnomi helps you move from learning to action with a self-custodial Bitcoin experience built for Sri Lankans.

Bitcoin Sri Lanka is building a stronger Bitcoin culture in Sri Lanka through education, community, and real-world engagement. Our mission is to help people understand Bitcoin clearly and move toward greater financial freedom with confidence.

Powered by

Bitcoin Sri Lanka

Bitcoin Sri Lanka © 2026 | All rights reserved