Resources

Beginner’s Guide

Proof-of-Work (PoW) සහ Proof-of-Stake (PoS) අතර තියෙන වෙනස

9 May 2025

සාධරයෙන් පිලිගන්නවා bitcoin Sri Lanka Page එකට ඔයාලා හැමෝම. අද blog එක ගොඩාක් විශේෂයි. අපේ චැනල් එකට ආපු කමෙන්ට් එක්කට උත්තරයක් විදිහට තමයි මේ blog එක නිර්මාණය වුණේ. Bitcoin ගැන කතා කරද්දි කතා කරන්නම ඕන දෙයක් තමයි අද කතා කරන්නේ.

හරි, අපි බලමු Bitcoin පාවිච්චි කරන Proof-of-Work (PoW) කියන ක්‍රමයයි, අනිත් ගොඩක් cryptocurrency පාවිච්චි කරන Proof-of-Stake (PoS) කියන ක්‍රමයයි අතර තියෙන වෙනස්කම් මොනවද කියලා. මේක තේරුම්ගත්තම ඔයාට තේරෙයි ඇයි Bitcoin මෙච්චර විශේෂයි, ඒ වගේම කොහොමද මේ තරම් කාලයක් දිගටම පවතින්න හදලා තියෙන්නේ කියලා.

ඉතින් මේ ගැන ඉතාම පැහැදිලිව අපේ Bitcoin Sri Lanka YouTube නාලිකාවේ වීඩියෝ එක්කින් ඉදිරිපත් කරලා තියනවා. මේ පහල තියෙන්නෙ ඒ වීඩියෝ එක. ඔයාට පුළුවන් ඒකත් බලන්න.

 consensus mechanism කියන්නේ මොකක්ද?

 මුලින්ම බලමු consensus mechanism කියන්නේ මොකක්ද කියලා. ඔයා දන්නවනේ Bitcoin වගේ cryptocurrency වල අධිකාරියක් නැහැ. ඒ කියන්නේ බැංකුවක් හරි වෙන කිසිම ලොක්කෙක් හරි ආයතනයක් හරි නැහැ. එතකොට ප්‍රශ්නයක් එනවා, කොහොමද අපි හැමෝම එකඟ වෙන්නේ සිදුවන ගනුදෙනු ගැන? කවුරුහරි යවන සල්ලි හරියටම අදාළ කෙනාට ලැබුණා කියලා, ඒ වගේම එකම සල්ලි දෙපාරක් පාවිච්චි කළේ නැහැ කියලා අපි කොහොමද දන්නේ? අන්න ඒකට තමයි මේ consensus mechanism කියන එක පාවිච්චි කරන්නේ.

 ඒක හරියට නීති මාලාවක් වගේ, blockchain එකේ හැමෝම පිළිගන්න ඕන, මොන ගනුදෙනුද වලංගු කියලා තීරණය කරන්න. මේකෙන් තමයි මුළු පද්ධතියම ආරක්ෂිතව, අවංකව, කාගේවත් විශ්වාසය බිදින්නේ නැතුව වැඩ කරන්නේ.

 Proof-of-Work (PoW) ක්‍රමය

 දැන් අපි බලමු Bitcoin වල තියෙන Proof-of-Work (PoW) ක්‍රමය ගැන. මේක තමයි මුලින්ම Satoshi Nakamoto කියන කෙනා හඳුන්වලා දුන්නේ. 2009 ඉඳන් මේක හොඳට වැඩ කරනවා. මේකේ වෙන්නේ ලෝකේ වටේ ඉන්න power full  පරිගණක එකිනෙකා තරඟ කරනවා ගොඩක් අමාරු ප්‍රශ්න විසඳන්න. කවුද මුලින්ම ඒ ප්‍රශ්නය විසඳන්නේ, එයාට අලුත් ගනුදෙනු එකතු කරලා Bitcoin වාර්තාවට - ඒ කියන්නේ blockchain එකට - දාන්න පුළුවන්. ඒ වගේම ඊට ප්‍රතිඵලයක් විදියට එයාට අලුත් Bitcoin ටිකකුත් ලැබෙනවා.

 ඒත් මේ ලැබෙන දේ විතරක් නෙවෙයි මෙතන වැදගත් වෙන්නේ. මේ "වැඩ" කරන්න මේ පරිගණක වලට ගොඩක් විදුලියයි, ඒකටම හදපු යන්ත්‍ර ඒ කියන්නෙ උපකරණ ඕන වෙනවා. මේ වියදම තමයි මේ ක්‍රමය ආරක්ෂිත කරන්නේ. ඔයාට බොරුවට වැඩ කළා කියලා කියන්න බැහැ. ඇත්තටම ඒ මහන්සිය දරන්න ඕන, ඒ සම්පත් වියදම් කරන්න ඕන. ඒක නිසා තමයි මේක සාධාරණ, විවෘත, ඕන කෙනෙක්ට ප්‍රතිඵල පරීක්ෂා කරලා බලන්නත් පුළුවන්.

 PoW ක්‍රමය මෙච්චර ශක්තිමත් වෙන්නේ ඇයි කියලා ඇහුවොත්, ඒක ඩිජිටල් සල්ලි ඇත්ත ලෝකෙත් එක්ක සම්බන්ධ කරන නිසයි මේක මේ තරම් ශක්තිමත්. ඔයාට Bitcoin වලට ඇටැක් කරන්න ඕන නම්, ඇත්ත සම්පත් වියදම් කරන්න වෙනවා - විදුලිය, යන්ත්‍ර, කාලය. ඒක ගොඩක් වියදම් අධිකයි. ඒක තමයි Bitcoin වලට වංචා කරන්න අමාරුම හේතුව. ඇත්තටම Bitcoin කියන්නේ ලෝකේ තියෙන බලවත්ම පරිගණක ජාලය. ඒක කවදාවත් බිඳලා නැහැ, කවදාවත් වහලා නැහැ, ඒ වගේම ඒකට අයිතිකාරයෙක් නැහැ. 

ඒක තමයි අපි කියන්නේ Bitcoin thrustless කියලා. ඔයාට කාගෙවත් විශ්වාසය මත රැදෙන්න ඕන නැහැ. සමාගමක්, සංවර්ධකයෙක්, ආණ්ඩුවක් වුණත්. ඔයාට විශ්වාස කරන්න තියෙන්නේ code එකයි, ජාලයයි, ගණිතයයි විතරයි.

 Proof-of-Stake (PoS) ක්‍රමය

දැන් අපි බලමු ඇයි Proof-of-Stake (PoS) කියන ක්‍රමය කොහොමද ඇතිවුණේ කියලා. Bitcoin වැඩි වැඩියෙන් ජනප්‍රිය වෙද්දී සමහර අය කිව්වා: "Proof-of-Work කියන්නේ ටිකක් පරණයි. ගොඩක් විදුලියත් යනවා." කියලා. ඉතින් අලුත් ව්‍යාපෘති වෙනස් ක්‍රමයක් ගෙනාවා: Proof-of-Stake කියලා. එයාලා කිව්වා විදුලිය පාවිච්චි කරනවා වෙනුවට, සල්ලි පාවිච්චි කරමු කියලා. PoS වලදී, ඔයා ළඟ කොච්චර coins තියෙනවද, ඔයාට ජාලයේ එච්චර බලයක් තියෙනවා. ඔයා ඔයාගේ coins "stake" කරලා ගනුදෙනු වලංගු කරනවට ඔයාට රිවෝඩ් ලැබෙනවා.

පිටින් බලද්දී මේක ලාභයි, වේගවත්.  ඒත් ඒක හැම පැත්තකින්ම හොඳ දෙයක් නෙවෙයි. අපි ටිකක් ඇතුළට ගිහින් බලමු.

 PoS ක්‍රමය බැලූ බැල්මට කාර්යක්ෂමයි වගේ පේන්න පුළුවන්. ඒත් ඒකෙන් ලොකු ප්‍රශ්න ගොඩක් එනවා. PoW වලදී ඔයාට Bitcoin උපයන්න යන්ත්‍ර වලයි, විදුලියෙයි ආයෝජනය කරන්න ඕන - ඒකේ ඇත්ත අවදානමක් සහ වියදමක් තියෙනවා. PoS වලදී ඔයාට කරන්න තියෙන්නේ ගොඩක් coins ඔයා ගාව තියාගෙන ඉන්න එක විතරයි. එච්චරයි. ඔයා ළඟ කොච්චර තියෙනවද, ඔයා එච්චර උපයනවා - ඒ වගේම එච්චරටම පද්ධතිය පාලනය කරනවා.

 මේකෙන් වෙන්නේ පොහොසත් අය තව තවත් පොහොසත් වෙන එකයි, ඒ වගේම එයාලා ජාලය පාලනය කරන එකයි. ඒක decentralization නෙවෙයි. ඒක centralized ධනය හා බලය - අපි උත්සාහ කරන්නේ ඒ ක්‍රම වලින් ඈත් වෙන්න.

අපි මේ දේවල් ඇත්ත ලෝකෙත් දැකලා තියෙනවා. ගොඩක් PoS coins වල මේ වගේ ප්‍රශ්න ඇවිත් තියෙනවා:

  • Downtime - Solana කිහිප වතාවක්ම වැඩ නතර කළා.

  • Hacks සහ scams - Terra/LUNA බිඳ වැටුණා. බිලියන ගාණක් නැති වුණා.

  • Pump and dumps - මුලින්ම ඇතුළට ගිය අය hype එකක් හදලා, තමන්ගේ කොටස් විකුණලා දාලා, මිල පහළ දානවා.

මේ coins වල පිටිපස්සේ සාමාන්‍යයෙන් central teams හරි foundations හරි ඉන්නවා. එයාලට නීති වෙනස් කරන්න පුළුවන්. ඔයාව censor කරන්න පුළුවන්. ඒ වගේම ඔක්කොම වහලා දාන්නත් පුළුවන්. ඒත් Bitcoin වල එහෙම කාටවත් කරන්න බැහැ. එතන CEO කෙනෙක් නැහැ, marketing team එකක් නැහැ - තියෙන්නේ ගණිතයයි, miners ලයි විතරයි.

 Bitcoin වල විදුලි පරිභෝජනය

 දැන් අපි Bitcoin වල විදුලි පරිභෝජනය ගැන කතා කරමු. ඔව් - Bitcoin mining වලට විදුලිය යනවා. ඒක නිතර එන විවේචනයක්. ඒත් අපි අවංකව කතා කළොත්: ඒක එහෙම වෙන්න ඕන. ඒ විදුලිය තමයි ඒකට වටිනාකමක් දෙන්නේ. රත්තරන් බිමෙන් හාරලා ගන්න මහන්සි වෙනවා වගේ, Bitcoin mine කරන්න වැඩ කරන්න ඕන. ඒ වැඩේ තමයි වංචා කරන්න බැරි තරම් අමාරු කරන්නේ. ඒ වගේම ගොඩක් අය නොදන්න දෙයක් තමයි, අද වෙනකොට Bitcoin mining වලින් භාගයකටත් වඩා කරන්නේ පුනර්ජනනීය හරි අපතේ යන හරි විදුලිය පාවිච්චි කරලා. ඇත්තටම Bitcoin mining වලට පුළුවන් සමහර වෙලාවට විදුලි ජාල ස්ථාවර කරන්න, වැඩියෙන් තියෙන විදුලිය අරගෙන එහෙම නැත්නම් අපතේ යන විදුලිය අරගෙන. ඉතින් විදුලි පරිභෝජනය කියන්නේ නරකම දෙයක් නෙවෙයි; ඒක ශක්තිමත් ආරක්ෂාවකට කරන වියදමක්, ඒ වගේම හිතුවේ නැති වාසිත් ඒකෙන් ලැබෙන්න පුළුවන්.

 තවත් ලොකු වෙනසක් තියෙනවා කවුද මේකට සහභාගී වෙන්නේ කියන එකේ. Bitcoin වල PoW ක්‍රමයේදී ඕන කෙනෙක්ට mine කරන්න පටන් ගන්න පුළුවන්, හරියන යන්ත්‍රයි විදුලියයි තියෙනවා නම්. ඒක permission less system එකක්. ඒක තමයි ඇත්ත decentralization කියන්නේ. ඒත් ගොඩක් PoS ක්‍රම වලදී, ටික දෙනෙක් ළඟ ගොඩක් coins තියෙනවා නම්, එයාලා තමයි ජාලයේ බලයෙන් වැඩි කොටසක් පාලනය කරන්නේ. එයාලා තමයි තීරණය කරන්නේ කවුද blocks වලංගු කරන්නේ කියලා. ඒ වගේම නීති වෙනස් කරනවට ඡන්දෙ දෙන්නෙත් එයාලා. ඒ වගේම විරුද්ධ අයට දඬුවම් කරන්නත් එයාලට පුළුවන්.

මේකෙන් වෙන්නේ hidden centralization එකක් ඇතිවෙන එකයි. බලද්දී decentralized වගේ පෙනුනත්, ඇත්තටම ටික දෙනෙක් - ගොඩක් වෙලාවට මුලින්ම ඒ coin එක හදපු අය - තමයි ඔක්කොම පාලනය කරන්නේ. 

Bitcoin හදලා තියෙන්නේ ටිකක් "බෝරිං" වෙන්නයි - ඒත් ඒක හොඳයි. Bitcoin ඉක්මනට වෙනස් වෙන්නේ නැහැ. අලුත් apps එහෙම හදන්නේ නැහැ. hype එක පස්සේ යන්නේ නැහැ. ඒක හොඳයි, මොකද සල්ලි ගැන කතා කරද්දී ඔයාට ඕනෙ පුදුම දේවල් නෙවෙයි. ඔයාට ඕනෙ විශ්වාසවන්ත දෙයක්. Bitcoin කාටවත් නීති හදන්නෙ නැහැ. ඔයා කවුද කියලා ඒකට ප්‍රශ්නයක් නැහැ. ඒක කාටවත් විශේෂ සැලකිල්ලක් දෙන්නේ නැහැ. ඒ විශ්වාසය නිසා තමයි එල් සැල්වදෝරය වගේ රටවල්, MicroStrategy වගේ සමාගම්, ඒ වගේම ශ්‍රී ලංකාවේ මිනිස්සුත් Bitcoin විශ්වාස කරන්න පටන් අරන් තියෙන්නේ - විශේෂයෙන්ම දේශීය මුදල් වල අගය අඩු වෙනකොටයි, පද්ධති වල අවුල් තියෙනකොටයි.

එහෙනම් අපි මේක සාරාංශ කරමු:

  • Proof-of-Work අමාරුයි, ඒත් අවංකයි , විශ්වාසවන්තයි.

  • Proof-of-Stake ලේසියි, ඒත් අවදානම්. විශ්වාසකරන්න අමාරුයි

Bitcoin කෙටි පාරවල් ගත්තේ නැහැ. ඒක ගියේ අමාරු පාරේ - ඇත්ත විශ්වාසයක් ගොඩනඟන පාරේ, marketing hype එකක් පස්සේ ගිය පාරේ නෙවෙයි. ඒක තමයි අවුරුදු ගාණක් ගියත් Bitcoin තාමත් ශක්තිමත්ව ඉන්න හේතුව, අනිත් දහස් ගාණක් coins ඇවිත් ගිහින් තියෙද්දීත්.

 අපි දන්න දේ එක්ක ඉමු. අපි ඇත්ත මත පදනම් වෙමු, trends මත නෙවෙයි. මේ පැහැදිලි කිරීම ඔයාට PoW සහ PoS අතර වෙනස තේරුම් ගන්න උදව් වෙන්න ඇති කියලා අපි හිතනවා. මේ වගේ තවත් පැහැදිලි, අවංක, තේරුම් ගන්න ලේසි Bitcoin ගැන දැනගන්න කැමති නම්, Bitcoin Sri Lanka අපේ YouTube චැනල් එකත් එකතු වෙන්න, අප්ව්ව් පේජ් එකත් එක්කත් එකතුවෙලා ඉන්න. ඒ වගේම අපේ චැනල් එක subscribe කරන්නත් අමතක කරන්න්න එපා.

 අපි Bitcoin වලින් ශක්තිමත්, ස්වාධීන මූල්‍ය අනාගතයක් ගොඩනඟමු. එහෙනම් අදට ගිහින් එන්නම් සුභ දවසක්

සැළකිය යුතුයි:

අධ්‍යාපනික අරමුණු සඳහා පමණි: මෙම වීඩියෝවේ අන්තර්ගතය වර්තමාන තොරතුරු හා අධ්‍යාපනික අරමුණු සඳහා පමණක් එකතු කර ඇති අතර, කිසිඳු ආකාරයක මුදල් ආයෝජන උපදේශයක් නොවේ.

මූල්‍ය උපදෙස් නොවේ: මෙම වීඩියෝව සපයා ඇත්තේ තොරතුරු දැනගැනීම සඳහා පමණක් වන අතර එය මූල්‍ය, නීතිමය හෝ බදු උපදෙස් ලෙස නොසැලකිය යුතුය. ඕනෑම මූල්‍ය තීරණයක් ගැනීමට පෙර ඔබගේම පර්යේෂණ සිදු කර බලපත්‍රලාභී වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබාගන්න.

Share this post

Bitcoin Sri Lanka logo

At Bitcoin Sri Lanka, we are driving a revolution in financial freedom and digital empowerment. Our mission is to educate, inspire, and enable individuals to harness the transformative power of Bitcoin. Together, we are building a future where financial inclusion is a reality for all Sri Lankans.

Bitcoin Sri Lanka © 2025 | All rights reserved

Bitcoin Sri Lanka logo

At Bitcoin Sri Lanka, we are driving a revolution in financial freedom and digital empowerment. Our mission is to educate, inspire, and enable individuals to harness the transformative power of Bitcoin. Together, we are building a future where financial inclusion is a reality for all Sri Lankans.

Bitcoin Sri Lanka © 2025 | All rights reserved

Bitcoin Sri Lanka logo

At Bitcoin Sri Lanka, we are driving a revolution in financial freedom and digital empowerment. Our mission is to educate, inspire, and enable individuals to harness the transformative power of Bitcoin. Together, we are building a future where financial inclusion is a reality for all Sri Lankans.

Bitcoin Sri Lanka © 2025 | All rights reserved

Bitcoin Sri Lanka logo

At Bitcoin Sri Lanka, we are driving a revolution in financial freedom and digital empowerment. Our mission is to educate, inspire, and enable individuals to harness the transformative power of Bitcoin. Together, we are building a future where financial inclusion is a reality for all Sri Lankans.

Bitcoin Sri Lanka © 2025 | All rights reserved

Bitcoin Sri Lanka logo

At Bitcoin Sri Lanka, we are driving a revolution in financial freedom and digital empowerment. Our mission is to educate, inspire, and enable individuals to harness the transformative power of Bitcoin. Together, we are building a future where financial inclusion is a reality for all Sri Lankans.

Bitcoin Sri Lanka © 2025 | All rights reserved