අද අපි කතා කරන්න යන්නේ ගොඩක් දෙනෙක් අපෙන් නිතරම අහන, ටිකක් විතර ව්‍යාකූල මාතෘකාවක් ගැන. ඒ තමයි NFTs (Non-Fungible Tokens)—මේවා හොඳ ආයෝජන අවස්ථාවක්ද? 2021 වගේ කාලේ මේකේ තිබුණු පිස්සුව ගැන අපි දන්නවා. හැබැයි අද වෙද්දි තත්ත්වය ගොඩක් වෙනස්. අපි බලමු මේවායේ ඇත්ත භාවිතය සහ ඇත්ත අවදානම කොහොමද කියලා, ඉතාම සරලව.
ඉතින් මේ ගැන ඉතාම පැහැදිලිව අපේ Bitcoin Sri Lanka YouTube නාලිකාවේ වීඩියෝ එක්කින් ඉදිරිපත් කරලා තියනවා. මේ පහල තියෙන්නෙ ඒ වීඩියෝ එක. ඔයාට පුළුවන් ඒකත් බලන්න
මේක මොකක්ද? (NFT වල මූලික අදහස)
මුලින්ම අපි තේරුම් ගනිමු මේ Non-Fungible කියන එකේ තේරුම.
සාමාන්‍ය සල්ලි ගැන හිතන්න. රුපියල් 100 නෝට්ටුවක් තව රුපියල් 100 නෝට්ටුවකට සමානයි. ඒවා ප්‍රතිමෝජන (Fungible) විදිහට අපිට හදුන්වන්න පුළුවන්. ඒ කියන්නේ සමාන ස්වභාවයක් හෝ වර්ගයක් සඳහා නිදහසේ හුවමාරු කර ගත හැකි හෝ ප්‍රතිස්ථාපනය කළ හැකි දේවල්. ඒ වගේම තමයි Bitcoin. ඔයා මට Bitcoin එකක් එව්වොත්, මම ඔයාට වෙන Bitcoin එකක් ආපහු එව්වත්, ඔයාගේ වටිනාකම වෙනස් වෙන්නේ නැහැ.

හැබැයි, Non-Fungible Token එකක් කියන්නේ එහෙම නැහැ. ඒක සුවිශේෂී ඩිජිටල් වත්කමක්. ඒක හරියට ඩිජිටල් චිත්‍රයක්, නැත්නම් ඩිජිටල් ක්‍රිකට් කාඩ් එකක් වගේ.
මේ NFT එකක් සාමාන්‍යයෙන් Ethereum වගේ Blockchain එකක් උඩ හදන්නේ. Smart Contract එකක් පාවිච්චි කරලා, මේකේ අයිතිය කාටද, ගනුදෙනු ඉතිහාසය මොකක්ද කියලා පැහැදිලිවම පෙන්නන්න පුළුවන්. LeBron James ගේ ඩන්ක් කරන වීඩියෝ ක්ලිප් එකක් ඩොලර් 200,000කට විකිණුන එක වගේ ප්‍රසිද්ධ උදාහරණ තියෙනවා. මේවා අයිති කරගත්තම, ඔයාට පුළුවන් හැමෝටම පෙන්වන්න "මේ සුවිශේෂී Token එක තියෙන්නේ මට" කියලා.

2021 තිබුණ උණ සහ අද ඇත්ත තත්ත්වය
ඇයි මේවා ගැන හැමෝම කතා කරන්න පටන් ගත්තේ?
2021 දී NFT ලෝකේ සම්පූර්ණයෙන්ම පිස්සු වැටිලා තිබුණා. Crypto Punks සහ Bored Ape Yacht Club වගේ ප්‍රොජෙක්ට් එක රැයින් පොහොසත් වුණා. ගල් වල ඩිජිටල් රූප, ඒ කියන්නේ Ether Rocks, මිලියනයකට වඩා විකුණුවා. Beeple කියන කලාකරුවෙක් NFT එකක් ඩොලර් මිලියන 69කට විකුණලා එක රැයකින් ලෝකේ ඉන්න ධනවත්ම කලාකරුවෙක් බවට පත් වුණා. සෙලිබ්‍රිටිලා පවා මේවට ආයෝජනය කරන්න ගත්තා.

හැබැයි, අද තත්ත්වය ඊට වඩා ගොඩක් වෙනස්.
දැන් මේ ක්ෂේත්‍රය 2021 ට සාපේක්ෂව "සම්පූර්ණයෙන්ම මිය ගිහින්" වගේ. මිල ගණන් පහත වැටිලා, Trading Volume එක ඉතාම අඩුයි. කලින් පණ පිටින් තිබුණු කොමියුනිටීස් (Communities) දැන් "ghost towns" වගේ. උදාහරණයක් විදිහට, Bored Apes එකක් කලින් 120 Ethereum (ETH) වගේ මිලකට ගියා. අද ඒකේ වටිනාකම 10 ETH වගේ. හයිප් එකේදී ගත්ත අයට විශාල පාඩුවක් වෙලා තියෙනවා. සමහර ප්‍රොජෙක්ට් වල Floor Price එක 95% කට වඩා අඩු වෙලා.

අපි බලමු කොහොමද මේක වැඩ කරන්නේ? (Marketplaces ගැන දැනුම)
ඔයා NFT එකක් බලන්න ගියා නම්, අනිවාර්යයෙන්ම OpenSea හෝ Rarible වගේ තැනකට ගිහින් ඇති. මේවා තමයි ලොකුම NFT වෙළඳපොළවල්. සරලවම කිව්වොත්, ඩිජිටල් Collectibles විකුණන eBay එක වගේ තමයි මේවා.
මෙහිදී වෙන දේවල් තුනක් වැදගත්:
Minting: මේක තමයි ඔයාගේ ඩිජිටල් File එක (Photo, Video, Art) අර Blockchain එක උඩ Token එකක් බවට පත් කරන ක්‍රියාවලිය.
Listing: නිර්මාණකරුවා හරි, ඒක අයිතිකාරයා හරි මිලක් දාලා විකිණීමට දානවා.
Royalties: මේක තමයි කතන්දරේ. Creator ට පුළුවන් දෙවැනි වතාවට විකුණන හැම වෙලාවකම ඒකෙන් පොඩි කෑල්ලක් ගන්න. ඒක අහන්න හොඳයි, හැබැයි ගැනුම්කරුවන් හැමදාම ගෙවන්නේ වැඩි මිලක්.

NFT මාකට් එක කියවගන්න හැටි (අවදානම් සොයා ගැනීම)
ඕනෑම Collection Page එකකට ගියාම ලස්සන Banner Art එක බලන්න එපා. අංක දිහා බලන්න.
1. Floor Price (පහළම මිල)
Floor Price එක කියන්නේ මේ වෙලාවේ ඒ Collection එකේ තියෙන අඩුම Listing Price එක. මේක ඔයාගේ NFT එකේ ඇත්ත වටිනාකම නෙමෙයි.
මතක තියාගන්න, තනි විකුණුම්කරුවෙක්ට පුළුවන් තවත් හැමෝටම වඩා පොඩ්ඩක් අඩු කරලා විකුණන්න දාලා මේ Floor එක පහළට දාන්න. වෙළඳපොළ සිහින් නම්, එකම පුද්ගලයෙක් භීතියට පත් වෙලා විකුණනවා නම්, ඔයා තිරයේ දකින "වටිනාකම" එකපාරටම කඩා වැටෙන්න පුළුවන්.
තව පොදු උගුලක් තමයි, Floor Price එක 0.5 ETH කියලා පෙන්නුවත්, සති ගණනාවක් තිස්සේ ඒ ගාණට Real Buy එකක් වෙලා නැත්නම්, ඇත්ත වෙළඳපොළ ඊට වඩා පහළින් හෝ නැතිවෙලා.

2. Last Sale / Sales History (අවසාන විකිණීම)
ඕනෑම Item එකක් ඇතුළට ගිහින් බලන්න:
මේක ඇත්තටම ඒ ගාණට ගත්තාද, නැත්නම් නිකන්ම List කරලාද තියෙන්නේ?
අවසාන Real Sale එක වෙලා කොච්චර කල්ද? දවස්ද? මාස ගණනක්ද?
තවමත් Demand එකක් තියෙනවද? නැත්නම් ඒක හයිප් එකේදී වෙච්ච එක වතාවක ගනුදෙනුවක්ද?
3. Volume Traded (ගනුදෙනු වූ ප්‍රමාණය)
Lifetime Volume එක ගොඩක් වැඩි වෙන්න පුළුවන්. ඒක 2021-2022 පිස්සුවෙන් ඉතුරු වෙච්ච දෙයක්. වඩා වැදගත් වෙන්නේ මේ ළඟදි වෙච්ච Recent Volume එක. මේ ළඟදි ගනුදෙනු වෙලා නැත්නම්, ඔයාට පිටවෙන්න තමයි තියෙන්නෙ.

4. Owners & Listings % (අයිතිකරුවන්ගේ තත්ත්වය)
පොඩි Wallets ගණනක් මුළු සැපයුමම අල්ලගෙන ඉන්නවා නම්, මිල පහසුවෙන් Manipulate කරන්න පුළුවන්. සෞඛ්‍ය සම්පන්න Collection එකක අයිතිය පුළුල් විය යුතුයි.
තව දෙයක් තමයි Listings Percentage එක. මුළු Collection එකේම විශාල ප්‍රතිශතයක් විකිණීමට දාලා නම්, ඒ කියන්නේ බොහෝ අයිතිකරුවන් පිටවෙන්න හදනවා. ඒක Supply Overhang එකක්—ඒක මිල ගණන් බිඳ දමනවා.
මෙච්චර අවදානම් ඇයි? (ආයෝජන අභියෝග)
ඔයා NFT එකක් මිල දී ගෙන සල්ලි හොයන්නේ, පස්සේ කාලෙක වෙන කෙනෙකුට ඒක වැඩි මිලකට විකුණන්න පුළුවන් වුණොත් විතරයි. මේකට කියන්නේ "Greater Fool Investing" කියලා.
මේක අමාරු වෙන්නේ ඇයි?
1. Infinite Supply (අනන්ත සැපයුම)
Bitcoin වලට උපරිම සීමාවක් (21 මිලියන) තියෙනවා. හැබැයි NFT වලට එහෙම නැහැ. යම්කිසි කලා කෘතියක මිල වැඩි වුණොත්, ඒ Artist ට පුළුවන් වෙන Blockchain එකක ඒ වගේම Version එකක් නැවත Mint කරන්න. එතකොට සමස්ත සැපයුම වැඩි වෙනවා, ඔයාගේ ආයෝජනයට හානි වෙනවා.

2. Illiquidity (ද්‍රවශීලතාව නොමැතිකම)
NFT, Bitcoin වලට වඩා ගොඩක් අඩු Liquid යි.
අපි කලින් කතා කරා වගේ, Wash-trading කියන දේ හරහා මේවායේ මිල ඉතිහාසය හදන්න පුළුවන්. එකම කණ්ඩායම තමන්ගේ Wallets අතරේ NFT එකක් එහාට මෙහාට කරලා මිල ඩොලර් 1,000 ඉඳන් ඩොලර් 50,000 දක්වා ඉහළ නංවනවා. ඊට පස්සේ ඇත්ත ගැනුම්කරුවෙක්ට ඒක විකුණලා යනවා.
නමුත් ඔයා අවුරුද්දකින් විකුණන්න හැදුවොත් Zero Liquidity වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාගේ සුවිශේෂී Item එක ගන්න කිසිම ගැනුම්කරුවෙක් නැහැ. ඒක ගෙදරින් අයින් කරගන්න බැරි පරණ සෝෆා එකකටත් වඩා Illiquid වෙන්න පුළුවන්.

3. Money Grab Dynamic (සල්ලි අල්ලා ගැනීමේ ක්‍රමවේදය)
Minting කියන්නේ ලාබ වැඩක්. හොඳ කතාවක් හදන එක ඊටත් වඩා ලාබයි. Hype Cycle එකේදී විශාල කර්මාන්තයක් බිහි වුණා.
Designers ලා කුලියට අරගෙන Collection ගොඩ ගහනවා.
Marketers ලා ඒවා "විශේෂයි" (Exclusive), "ප්‍රයෝජනවත්" (Utility-rich) කියලා Frame කරනවා.
අහිංසක ගැනුම්කරුවන් මේ Party එකට සල්ලි දෙනවා; Creators ලා සහ අතරමැදියන් සල්ලි අරගෙන එළියට යනවා. Liquidity එක නැති වෙනවා.
ඔයාට ඉතුරු වෙන්නේ Illiquid JPEGs විතරයි. ඔයාලට කවුරු හරි "මේක මෙම්බර්ශිප් ශෙයාර් එකක්", "ප්‍රතිලාභ ලැබෙන ආයෝජනයක්" කියලා Pitch කරනවා නම්, ඒක රතු එළියක්. NFT කියන්නේ ස්ථාවර ආදායම් නිෂ්පාදන නෙමෙයි. ඒවාට කිසිම සහතික ආදායමක් නැති, Speculative Collectibles විතරයි.
හොඳට පාවිච්චි කරන්න පුළුවන් තැන් (Consumption vs. Investment)
සමහර භාවිතයන් ආයෝජනයක් විදිහට නෙමෙයි, පාවිච්චියක් (Consumption) විදිහට තේරුම් ගත්තොත් තේරුමක් තියෙනවා:

උත්සව ටිකට්පත්: ඔයා ගිහින් විඳපු අත්දැකීම වෙනුවෙන් VIP Pass එකක් සිහිවටනයක් විදිහට තියාගන්නවා. වටිනාකම තිබුණේ Experience එකේ.
Proof-of-Attendance: ඔයා සහභාගි වුණා කියලා ලකුණු කරන Badges. මේවා ආයෝජන නෙමෙයි.
Gaming Items: ඔයා ඇත්තටම Game එක Play කරලා ඒකෙන් සතුටක් ලබනවා නම්.
Real World Assets (RWAs): සැබෑ ලෝකේ වත්කම් (විශේෂයෙන් ඉඩකඩම්) Tokenise කිරීම ගැන කතා කරනවා. මේක ඉතා සංකීර්ණයි. නීතිමය මාර්ග, අයිතිය, සහ ආයෝජක ආරක්ෂාව තහවුරු නොකර, RWA NFT එකක් කියන්නේ පොරොන්දුවක් සහිත පින්තූරයක් විතරයි.

අවසාන තීරණය
ඔයා දැනටමත් හොඳ Art Collector කෙනෙක් නම්, නැත්නම් Collectibles එකතු කරන්න ආස නම්, Disposable Income තියෙනවා නම්, විනෝදාංශයක් විදිහට මේවා එක්ක සෙල්ලම් කරන එකේ ගැටලුවක් නැහැ. ඒක එතකොට Consumption Item එකක්.
හැබැයි, ධනය ගොඩනගන දිගුකාලීන ආයෝජනයක් විදිහට ගත්තොත්, මේ NFT වල තියෙන අනන්ත සැපයුම, අඩු Liquidity එක සහ Manipulation අවදානම් නිසා, Bitcoin වගේ දේවල් වඩා හොඳයි.
සුභ දවසක්.
සැළකිය යුතුයි:
අධ්‍යාපනික අරමුණු සඳහා පමණි: මෙම ලිපියේ අන්තර්ගතය වර්තමාන තොරතුරු හා අධ්‍යාපනික අරමුණු සඳහා පමණක් එකතු කර ඇති අතර, කිසිඳු ආකාරයක මුදල් ආයෝජන උපදේශයක් නොවේ.
මූල්‍ය උපදෙස් නොවේ: මෙම ලිපිය සහ වීඩියෝව සපයා ඇත්තේ තොරතුරු දැනගැනීම සඳහා පමණක් වන අතර එය මූල්‍ය, නීතිමය හෝ බදු උපදෙස් ලෙස නොසැලකිය යුතුය. ඕනෑම මූල්‍ය තීරණයක් ගැනීමට පෙර ඔබගේම පර්යේෂණ සිදු කර බලපත්‍රලාභී වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබාගන්න.
Share this post
