Resources
Beginner’s Guide
Bitcoin Trade නොකර HOLD කරන්න කියන්නෙ ඇයි? | NEVER Trade Bitcoin
20 May 2025
ආයුබෝවන් Bitcoin Sri Lanka එකට ආයෙත් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා.
කලින් blog එකේදී අපි කතා කළා spot trading, P2P, ඒ වගේම leveraged trading වැඩ කරන විදිහ ගැන. හැබැයි ඒ blog එකේදී මම දෙයක් කිව්වා, ඒක සමහර විට ඔයාලව පුදුම කරන්න ඇති… නැත්නම් පොඩ්ඩක් හිත රිද්දන්නත් ඇති.
මම කිව්වා Bitcoin trading කියන්නේ සාමාන්‍යයෙන් හොඳ අදහසක් නෙමෙයි කියලා. ඔව් – මම කිව්වා "low IQ thing" එකක් කියලත්. මම දන්නවා ඒක පොඩ්ඩක් සැර වැඩියි කියලා. ඒත් මගේ කතාව අහන්න. මේක කාටවත් insult කරන්න කියන දෙයක් නෙමෙයි. මේක ඇත්තටම ගොඩාක් අය Bitcoin ගැන , වැරදි දේවල් විශ්වාස කරන දෙයක්. ඒ කියන්නේ Bitcoin trading කරනවා කියන්නේ ගොඩක් වෙලාවට ඔයාලා Bitcoin කියන්නේ මොකක්ද කියලා සම්පූර්ණයෙන් තේරුම් අරගෙන නැහැ කියන එක.
අපි බලමු ඇයි Bitcoin trading කියන එක හොඳ අදහසක් නෙවෙයි කියන්නෙ ඇයි කියලා, සහ ඇයි holding – ඒ කියන්නේ Bitcoin ලෝකයේ අපි කියන විදියට HOLD – කියන එක ඔයාලට කරන්න පුළුවන් හොඳම financial move එක වෙන්නේ කියලා.
ඉතින් මේ ගැන ඉතාම පැහැදිලිව අපේ Bitcoin Sri Lanka YouTube නාලිකාවේ වීඩියෝ එක්කින් ඉදිරිපත් කරලා තියනවා. මේ පහල තියෙන්නෙ ඒ වීඩියෝ එක. ඔයාට පුළුවන් ඒකත් බලන්න.
මුලින්ම ඇහුවම trading කියන එක හොඳ plan එකක් වගේ පේනවා නේද? මිල අඩු වෙනකොට Bitcoin ගන්නවා, මිල වැඩි වෙනකොට විකුණනවා. ආයෙත් අඩු වෙනකොට ගන්නවා, වැඩි වෙනකොට විකුණනවා. මේ process එක repeat කරනවා. එහෙම තමයි සල්ලි හම්බ කරන්නේ – අඩුම ගානේ මිනිස්සු හිතන් ඉන්නේ එහෙමයි.
හැබැයි ඇත්ත කතාව තමයි, ගොඩක් මිනිස්සු trading කරන්න ගිහින් සල්ලි නැති කරගන්නවා. මේක Bitcoin වලට විතරක් නෙවෙයි, ඕනෑම market එකක එහෙමයි – stocks, forex, ඕනෑම දෙයක්. පර්යේෂණ වලින් පෙන්නලා තියෙනවා 90% කට වඩා tradersලා long run එකේදී fail වෙනවා කියලා. Professionalsලටවත් මේක හැමදාම හරි යන්නේ නැහැ.

ඒකට හේතුව හරිම සරලයි. market එකේ timing එක හරි අමාරුයි. Bitcoin වල මිල කවදද එකපාරටම ලොකු jump එකක් ගන්නේ කියලා ඔයාට කවදාවත් හරියටම දැනගන්න බැහැ. ඒ jumps එක ගොඩක් වේගවත්, එකපාරටම සිද්ධ වෙන, සහ ලොකු jump වෙන්න පුළුවන්.
US එකේ තියෙන S&P 500 වගේ සාම්ප්‍රදායික market වල data වලින් පේනවා, අවුරුද්දකට එන ලාභයෙන් ගොඩක්ම එන්නේ එක දවසකින් දෙකකින් විතරයි කියලා. සති ගණන්, මාස ගණන් නෙවෙයි. පැය කිහිපයක් ඇතුළත. ඔයා හරියටම ඒ වැදගත් වෙලාවේ market එකෙන් එළියේ හිටියා නම්, ඔයාට හැමදේම වගේ මිස් වෙනවා.

මේකම තමයි Bitcoin වලටත් අදාළ වෙන්නේ. ඔයා එළියේ ඉඳගෙන “හොඳම මිලට” ගන්න වෙලාව එනකම් බලන් ඉන්නකොට, එකපාරටම Bitcoin, එක රැයකින් 30%කින් එහෙම jump වෙන්න පුළුවන්. ඔයාට ඒක මිස් වුණා කියන්නේ, ඒ අවුරුද්දේ තියෙන වැදගත්ම දවස් වලින් එකක් ඔයාට මිස් වෙලා. ඒ නිසා ඔයා බිට්කොයින් ට්‍රේඩ් කරනවානම් හැම වෙලාවකම ලොකු අවදානෙකින් ඉන්න ඕන. ඔයා මහන්සි වෙන්න ඕන. කාලය වැය කරන්න ඕන. මිල හිහල පහල යන වෙලාවල් ගැන සැලකිලිමත් වෙන්න ඕන. ඉතින් ට්‍රේඩින් වලට අදාල දේවල් දන්නේ නැත්තම් ඔයා ඉගෙන ගන්නත් ඕන.
දැන් බලන්න ඔයා SHORT TERM ආයෝජන කරන්නෙ නැතුව LONG TERM ආයෝජනය කරනවා කියලා. ඒ කියන්නෙ දිගු කාලීන ආයෝජනයක් කරනවා කියලා. ඔයාට කරන්න දෙයක් නෑ. ඔයාට තියෙන්නෙ බලාගෙන ඉන්න විතරයි. ලොකු ස්ට්‍රෙස් එකක් නෑ. කාලයට හැමදේම භාරදීලා ඉන්න තියෙන්නෙ. අනිවාර්‍යෙන්ම අවුරුදු හතරක් පහක් ගියාම ඔයාට ප්‍රොෆිට් එකක් ලැබෙනවා. පරණ දත්ත බලද්දි ඒක පැහැදිලි වෙනවා.

SHORT TERM TRADE කරද්දි ගොඩාක් හිතන්න දේවල් තියෙනවා. ඔයා අද Bitcoin කිහිපයක් ගන්නවා. අපි කියමු ඔයා 3 Bitcoin ගන්නවා කියලා. අද තියෙන මිලට, සමහරවිට ඔයා හිතනවා අවුරුදු කිහිපයකින් මේවා විකුණලා car එකක් ගන්න. සමහරවිට luxurious car එකක්, එහෙම නැත්නම් ඔයාට හැමදාම ගන්න ඕන වුණු dream car එකක්.
හැබැයි මෙන්න මේ ප්‍රශ්නේ ඔයාගෙන් අහගන්න ඕනේ. ඒ තීරණේ ඇත්තම cost එක මොකක්ද? Bitcoin දිගටම වර්ධනය වෙලා, තව අවුරුදු 20කින් ඔයාගේ ඒ 3 Bitcoin එකක් කොච්චර වටීවිද කියලා කියන්න බෑ. ඔයාට ඒ වෙනකොටත් ඕන වෙනවද ඒ ටික විකුණලා, ගත්තු ගමන් වටිනාකම නැතිවෙන car එකක් ගන්න?
මේක තමයි opportunity cost එකේ power එක. මේක short term එකේදී ඔයාට ලැබෙන දේ ගැන නෙවෙයි. මේක long term එකේදී ඔයාට නැතිවෙලා යන දේ ගැන.
දැන් අපි කියමු ඔයා trading කරනවට වඩා, සරලවම hold කරනවා කියලා. ඔයා ඔයාගේ Bitcoin ආරක්ෂිතව තියාගන්නවා – අපි wallet සහ keys බ්ලොග් එකේදී කතා කළා වගේ. ඔයා බලාගෙන ඉන්නවා. Market එක බහිනකොට ඔයා විකුණන්නේ නැහැ. ඔයා කලබල වෙන්නේ නැහැ. ඔයා සන්සුන්ව ඉඳගෙන කාලයට ඒ බර වැඩේ කරන්න දෙනවා. කාලයත් එක්ක, ඉතිහාසයෙන් පෙන්නලා තියෙනවා, Bitcoin ඉවසීමෙන් ඉන්න අයට ප්‍රතිලාභ දෙනවා කියලා. මම කලින් කීවා වගේ.

මේ වෙනකම්, Bitcoin අරගෙන අවුරුදු 10ක් hold කරපු කිසිම කෙනෙකුට සල්ලි නැති වෙලා නැහැ. කලින් cycles වලදී වැඩිම මිලට ගත්ත අය වුණත් – එයාලා අවුරුදු හතරක් එහෙම නැත්නම් ඊට වැඩිය hold කළා නම් – එයාලත් අන්තිමට profit වෙලා තියෙනවා.
ඇයි ඒ? මොකද Bitcoin වල මිල short term එකේදී උච්චාවචනය(අඩු වැඩි) වෙන්න පුළුවන්, හැබැයි long term එකේදී ඒක පුදුමාකාර විදියට stable වෙලා තියෙනවා. මේක හරියට කොස් ගහක් හිටවනවා වගේ. පළවෙනි සතියේ ඔයාට ගෙඩි ලැබෙන්නේ නැහැ. හැබැයි ඔයා ඒකට වතුර දාලා, ආරක්ෂා කරලා, කාලය දුන්නා නම් – දවසක ඔයාට ගමටම දෙන්න කොස් තියෙනවා. ඒකට අමතර වැඩක් කරන්නේ නැතුව.
ඉතින් ඔයා ඔයාගෙන්ම අහගන්න: ඔයා trader කෙනෙක්ද එහෙම නැත්නම් investor කෙනෙක්ද? Trading කරද්දි රශ් එකක් එනවා, ඔව්. හැබැයි ඒක risky, emotional, සහ මහන්සි වෙන වැඩක්. Holding කරද්දි ඔයාට peace of mind එක ලැබෙනවා. ඒක slow, steady, සහ powerful. ඒකට එක දෙයක් අනිවාර්යයෙන්ම ඕනේ: conviction එක.
ඒ conviction එක එන්නේ Bitcoin ඇත්තටම මොකක්ද කියලා තේරුම් ගත්තමයි. ඒක screen එකේ පේන price එකක් විතරක් නෙවෙයි. ඒක අලුත්ම ආකාරයේ සල්ලි. Digital property එකක්. ඔයා මහන්සි වෙලා හම්බ කරන දේවල් අවුරුදු ගානක් තිස්සේ devalue කරන system එකෙන් escape වෙන්න පුළුවන් tool එකක්.

මේකේ හොඳම දේ තමයි, ඔයා whole Bitcoin එකක්ම ගන්න ඕනේ නැහැ. රුපියල් 1,000කින් වුණත් පටන් ගන්න පුළුවන්. සමහරවිට ඊටත් අඩුවෙන්. ටිකක් ගන්න. Hold කරන්න. පුළුවන් වෙලාවට ටික ටික add කරන්න. කාලයට වැඩේ කරන්න දෙන්න.
ඔයා genius කෙනෙක් වෙන්න ඕනේ නැහැ. ඔයා සල්ලි තියෙන කෙනෙක් වෙන්න ඕනේ නැහැ. ඔයාට ඕනේ පටන් ගන්න එක – සහ ඔයාට ඕනේ hold කරන එක.
ඉතින් ඊළඟ පාර කවුරු හරි Bitcoin trading කරනවා නම්, pumps පස්සේ යනවා නම්, dips වල timing කරනවා නම්, smart වෙන්න හදනවා නම් එයාලගෙන් අහනකොට අහගන්න එයාලා long-term wealth එකක් හදනවද, එහෙම නැත්නම් එයාලගේ අනාගතයත් එක්ක gambling කරනවද? කියලා.
මොකද Bitcoin hold කරන එක – ඇත්තටම conviction එකෙන් සහ patience එකෙන් hold කරන එක – ඒක smart investing විතරක් නෙවෙයි. ඒක digital capital හදන එක. ඒක ඔයාගේ දරුවන්ට උරුම කරන්න පුළුවන් අනාගතයක් හදන එකක්. ඒක inflation trap එකෙන් escape වෙන එකක්. ඒක ඔයා win කරන එකක්.
අපිත් එක්ක එකතු වෙලා මේ වෙලාව ගත කරපු එක ගැන ගොඩක් ස්තූතියි. මම හිතනවා මේකෙන් ඔයාලට HODL කරන එක ඇත්තටම මොකක්ද කියලා සහ ඇයි ගොඩක් අයට trading කරන එකෙන් මුළු point එකම මිස් වෙන්නේ කියලා අලුත් perspective එකක් ලැබුණා කියලා.
හරි, මේ BLOG එක ඉවර වෙනකම් ඔයා කියෙවුවා නම්, ඔයා clearly ඉගෙන ගන්න serious කෙනෙක්.
ඉතින් මට කියන්න – ඔයා තාමත් හිතනවද Bitcoin trading කරන එක හොඳ අදහසක් කියලා?
ඊළඟ බ්ලොග් එකෙන් හම්බවෙමු. ඒ වෙනකම් – stay humble, stack sats, and hodl on. ගිහින් එන්නම් සුභ දවසක්..
සැළකිය යුතුයි:
අධ්‍යාපනික අරමුණු සඳහා පමණි: මෙම වීඩියෝවේ අන්තර්ගතය වර්තමාන තොරතුරු හා අධ්‍යාපනික අරමුණු සඳහා පමණක් එකතු කර ඇති අතර, කිසිඳු ආකාරයක මුදල් ආයෝජන උපදේශයක් නොවේ.
මූල්‍ය උපදෙස් නොවේ: මෙම වීඩියෝව සපයා ඇත්තේ තොරතුරු දැනගැනීම සඳහා පමණක් වන අතර එය මූල්‍ය, නීතිමය හෝ බදු උපදෙස් ලෙස නොසැලකිය යුතුය. ඕනෑම මූල්‍ය තීරණයක් ගැනීමට පෙර ඔබගේම පර්යේෂණ සිදු කර බලපත්‍රලාභී වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබාගන්න.
Share this post