Script
ආයුබෝවන්! ඔයාව සාදරයෙන් පිළිගන්නවා. අපි කතා කරන්න යන්නේ මොකක්ද? කියලා ඔයා දැනටමත් දන්නවා. ඒ Dollar Cost Averaging, නැත්නම් කෙටියෙන් DCA කියලා කියන ක්‍රමය ගැන. මේක අහපු ගමන් ටිකක් ටෙක්නිකල් වගේ දැනෙන්න පුළුවන්, ඒත් විශ්වාස කරන්න – බිට්කොයින් වල ආයෝජනය පටන් ගන්න තියෙන පහසුම සහ ස්මාර්ට්ම ක්‍රම වලින් එකක් තමයි මේක.
මම ඔයාගෙන් මෙහෙම දෙයක් අහන්නම්කෝ – ඔයා ගෙයක් හදනවා නම්, ගඩොල් ඔක්කොම එක තොගෙකට දාලා, ඒක ඉබේම බිත්තියක් වෙයි කියලා බලාගෙන ඉන්නවද? නැහැනේ! ඔයා ගඩොලෙන් ගඩොල හරිම සැලැස්මකට, පරිස්සමින්, ස්ථාවරව බඳිනවා. DCA කියන්නෙත් ඔයාගේ බිට්කොයින් ආයෝජනයට ඒ වගේ දෙයක්. මේක හරියට ඔයාගේ මූල්‍ය අනාගතය ගඩොලෙන් ගඩොල හදනවා වගේ වැඩක්.
ඉතින් මේ ගැන ඉතාම පැහැදිලිව අපේ Bitcoin Sri Lanka YouTube නාලිකාවේ වීඩියෝ එක්කින් ඉදිරිපත් කරලා තියනවා. මේ පහල තියෙන්නෙ ඒ වීඩියෝ එක. ඔයාට පුළුවන් ඒකත් බලන්න.
Dollar Cost Averaging - DCA
එතකොට මොකක්ද මේ Dollar Cost Averaging කියන්නේ? සරලවම කිව්වොත්, DCA කියන්නේ ස්ථාවර මුදලක්, නිශ්චිත කාලසීමාවකට සැරයක් බිට්කොයින් වල ආයෝජනය කරන එක. බිට්කොයින් එකේ මිල කොච්චරද කියලා වැඩක් නැහැ. උදාහරණයක් විදියට, ඔයාට පුළුවන් හැම සඳුදාම රුපියල් 5,000ක බිට්කොයින් ගන්න තීරණය කරන්න. එහෙමත් නැත්නම් හැම මාසෙකම 1 වෙනිදට රුපියල් 10,000ක් ගන්න පුළුවන්. මිල වැඩිද අඩුද කියලා එකේදී වැදගත් වෙන්නේ නැහැ – මූලික දේ තමයි එකම ගාණ, දිගටම, එකම විදියට ආයෝජනය කරන එක. මේකෙන් වෙන්නේ බිට්කොයින් මිලේ උස් පහත් වීම් ස්මූත් වෙනවා, ඒ වගේම වෙළඳපොළේ මිල හරියටම අනුමාන කරන්න හදන රිස්කි ගේම් එකෙන් ඔයාව බේරෙනවා.

වොලැටිලිටි එක ප්‍රශ්නයක්ද?
දැන් ඔයා සමහර විට හිතනවා ඇති – "අයියෝ, බිට්කොයින් කියන්නේ හරිම වොලටයිල් එකක්නේ! (Volatility - උස් පහත් වීම් වැඩියි)" ඔව්, ඔයා හරි. බිට්කොයින් මිල ගොඩක් උස් පහත් වෙනවා. හැබැයි මෙන්න මේකයි වැදගත් දේ: ඔයා DCA කරනවා නම්, ඒ වොලැටිලිටි එක ඔයාගේ යාළුවෙක් බවට පත් වෙනවා. මිල අඩු වෙද්දී, ඔයාගේ ස්ථාවර රුපියල් ගාණට වැඩි බිට්කොයින් ප්‍රමාණයක් ගන්න පුළුවන්. මිල වැඩි වෙද්දී, ඒ ගාණට අඩු බිට්කොයින් ප්‍රමාණයක් ලැබෙනවා. කාලයත් එක්ක බලද්දී, ඔයාගේ මිලදී ගැනීම් වල සාමාන්‍යය (average purchase price) සමබර වෙනවා, ඒ නිසා කිසිම අනාවැකියක් කියන්නේ නැතුව ඔයාට සාධාරණ ගනුදෙනුවක් කරන්න පුළුවන් වෙනවා. ඔයා ට්‍රේඩර් කෙනෙක් වෙන්න අවශ්‍ය නැහැ, ටෙක් එක්ස්පර්ට් කෙනෙක් වෙන්න අවශ්‍ය නැහැ – ඔයාට අවශ්‍ය වෙන්නේ දිගටම මේ පුරුද්ද කරන එක විතරයි.
හැඟීම් පාලනය කරගන්න උදව්වක්
ආයෝජන වලදී ගොඩාක් අය අමාරුවේ වැටෙන්නේම හැගීම නිසා. ඕනවට වඩා ඉමෝෂනල් තීරණ අපිව මෝඩයෝ කරනවා. DCA වල තියෙන ලොකුම වාසියක් තමයි මේකෙන් ඔයාගේ ආයෝජන තීරණ වලින් හැඟීම් ඉවත් කරන එක. ඇත්ත කියමුකෝ – බිට්කොයින් මිල නැගලා යද්දී, හැමෝම ඒ ගැන කතා කරද්දී, ඔයාටත් ගන්න හිතෙනවා. ඒකට කියන්නේ FOMO – Fear of Missing Out කියලා. බය හිතෙනවා මිස් වෙයි කියලා. මිල කඩන් වැටෙද්දී, ඔයාට පැණික් වෙලා (panic) විකුණන්න හිතෙනවා. හැබැයි ඔන්න ඔය වගේ හැඟීම් මත ගන්න තීරණ සාර්ථක ආයෝජකයෝ කරන දේට හරියටම විරුද්ධයි. DCA කරනකොට, ඔයාට මිල ගැන හිතන්න අවශ්‍ය නැහැ. මොනවා වුණත්, ඔයාගේ ෂෙඩියුල් එකට අනුව වැඩේ කරනවා. මේකෙන් විනයක් ගොඩනැගෙනවා, කාලයත් එක්ක ඒ විනය ඔයාගේ සුපිරි බලයක් වෙනවා.

මාකට් එක ටයිම් කරන්න හදන අමාරු ගේම් එකෙන් ගැලවීම
DCA ක්‍රියාත්මක වෙන්න තියෙන තව ලොකු හේතුවක් තමයි මේකෙන් ඔයාට "වෙළඳපොළ හරියටම ටයිම් කරන" (timing the market) අමාරු ගේම් එකෙන් ගැලවෙන්න පුළුවන් වෙන එක. ප්‍රොෆෙෂනල් ඉන්වෙස්ටර්ස්ලාටත් සමහර වෙලාවට ඒක වරදිනවා. ඇත්තටම, ඇමරිකාවේ ස්ටොක් මාකට් එකේ කරපු රිසර්ච් වලින් පෙන්වනවා, අවුරුදු 40ක් තිස්සේ මාකට් එකේ හොඳම දවස් 10 විතරක් ඔයාට මිස් වුණොත්, ඔයාගේ සම්පූර්ණ ලාභය 50%කට වඩා අඩුවෙන්න පුළුවන් කියලා. ඒක ලොකු ගාණක්. මේකෙන් නරකම දේ දන්නවද? ඒ හොඳම දවස් එන්නේ කවදද කියලා කවුරුවත් දන්නේ නැහැ. DCA කරනකොට, ඔයා හැමවිටම මාකට් එකේ ඉන්නවා. ඔයාට කිසිම දෙයක් මිස් වෙන්නේ නැහැ. ඔයා කරන්නේ ඔයාගේ ස්ටැක් එක (stack - බිට්කොයින් තොගය) ගඩොලෙන් ගඩොල ගොඩනගන එක විතරයි.

මාකට් ක්‍රෑෂ් කියන්නේ DCA කරන කෙනෙකුට වාසියක්!
මෙන්න මේක නම් ඔයාව පුදුම කරවන්න පුළුවන් දෙයක්: වෙළඳපොළ කඩන් වැටෙන එක DCA කරන ආයෝජකයන්ට ඇත්තටම හරිම හොඳයි.. බිට්කොයින් මිල පහළ බහිද්දී, ගොඩක් අය බය වෙලා ගන්න එක නවත්තනවා – එහෙමත් නැත්නම් ඊටත් වඩා නරකයි, තියෙන ඒවා විකුණනවා. හැබැයි ඔයා DCA කරන කෙනෙක් නම්, මිල පහළ යන එක කියන්නේ බිට්කොයින් සේල් එකට ගන්නවා වගේ වැඩක්. ඔයාගේ එකම රුපියල් 5,000ට දැන් වැඩි බිට්කොයින් ප්‍රමාණයක් ගන්න පුළුවන්. ඔයා ගන්නේ අඩු මිලට. වෙළඳපොළ ආයෙත් රිකවර් වෙද්දී – ඉතිහාසය පුරාම වෙලා තියෙන්නේ එහෙමයි – ඔයා හිටපු හොඳ තැනක ඉන්නවා. හොඳම ලාභ සමහරක් එන්නේ නරකම කාලවල් වලදී මිලදී ගත්ත අයගෙන් තමයි.
ඇත්ත ලෝකේ උදාහරණ
මම ඔයාට ඇත්ත සිදුවීමකින් උදාහරණයක් දෙන්නම්. හිතන්නකෝ කෙනෙක් 2021 නොවැම්බර් මාසයේදී, බිට්කොයින් එකේ මිල $69,000 වගේ වුණු එහි ඉහළම මිල තිබුණු වෙලාවේම සතියකට $100 ගාණේ DCA කරන්න පටන් ගත්තා කියලා. අහපු ගමන්ම හිතෙනවා නේද පටන් ගන්න තිබුණු නරකම වෙලාව කියලා? හැබැයි එයා හැම සතියෙම $100 ගාණේ දිගටම මිලදී ගත්තා නම්, එයා සම්පූර්ණයෙන් ආයෝජනය කරලා තියෙන්නේ $13,800ක් විතර. අද වෙනකොට එයාගේ බිට්කොයින් වල වටිනාකම $28,000ටත් වැඩියි – ඒ කියන්නේ එයා ආයෝජනය කරපු මුදල වගේ දෙගුණයකටත් වැඩියි, එයා පටන් ගත්තේ වැඩිම මිල තිබුණු වෙලාවේ වුණත්. අන්න ඒක තමයි ස්ථාවරව කරන එකේ තියෙන බලය.

තව උදාහරණයක් බලමු. හිතන්න ඔයා ඇමරිකාවේ ස්ටොක් මාකට් එකේ 2021 අප්‍රේල් මාසයේදී මාසෙකට $100 ගාණේ ආයෝජනය කරන්න පටන් ගත්තා කියලා. අද වෙනකොට ඔයා ආයෝජනය කරපු සම්පූර්ණ $4,400යේ වටිනාකම $5,267ක් විතර වෙනවා – ඒ කියන්නේ 20%ක වගේ ලාභයක්. ඒක හොඳයි වගේ නේද, හැබැයි මතක තියාගන්න: ඒ කාලේ ඉන්ෆ්ලේෂන් (inflation - උද්ධමනය) එකත් ගොඩක් වැඩි වුණා, ඒ නිසා ඔයාගේ ඇත්ත මිලදී ගැනීමේ හැකියාව එච්චර වැඩිවෙලා නැහැ. දැන් ඒක බිට්කොයින් එක්ක සසඳලා බලන්න. එකම $100 මාසෙකට බිට්කොයින් වල ආයෝජනය කරලා තිබුණා නම්, ඒක අද වෙනකොට $7,700ක් විතර වෙලා, ඒ කියන්නේ 60%ක ලාභයක්. බිට්කොයින් එක වොලැටයිල් වුණත්, ඒක අභිබවා ගිහින් තියෙනවා.
ශ්‍රී ලංකාවේ DCA පටන් ගන්නේ කොහොමද?
ඉතින් දැන් ඔයා හිතනවා ඇති, “මට ශ්‍රී ලංකාවේ මේ DCA වැඩේ පටන් ගන්නේ කොහොමද?” කියලා. ඒක හරිම සරලයි.
පළවෙනියටම, ඔයාට පහසුවෙන් ආයෝජනය කරන්න පුළුවන් මුදලක් තීරණය කරන්න – සමහර විට රුපියල් 2,000ක් වෙන්න පුළුවන්, සමහර විට 20,000ක් වෙන්න පුළුවන්. ඔයාට ආතතියක් නැතුව දිගටම ආයෝජනය කරන්න පුළුවන් ඕනෑම මුදලක්.
දෙවෙනියට, ඔයාගේ ෂෙඩියුල් එක තෝරාගන්න. සතියකට සැරයක්ද, මාසෙකට සැරයක්ද, එහෙමත් නැත්නම් ඔයාට පඩි ලැබෙන හැම වෙලාවෙමද කියලා.
තුන්වෙනියට, ඔයාගේ බැංකුව නැත්නම් wallet එක එක්ක වැඩ කරන විශ්වාසදායක ප්ලැට්ෆෝම් එකක් නැත්නම් සර්විස් එකක් බිට්කොයින් ගන්න තෝරාගන්න.
හතරවෙනියට, ප්ලෑන් එකේ දිගටම රැඳී ඉන්න. නිව්ස් එකේ මොනවා කිව්වත්, මිල වැඩි වුණත්, අඩු වුණත් – නවතින්න එපා.
අන්තිමට, දිගු කාලීන ඉලක්කය දිහා බලන් ඉන්න. DCA කියන්නේ ඉක්මන් ලාභ ගන්න ක්‍රමයක් නෙවෙයි. මේක හෙමින්, ස්ථාවරව සම්පත් ගොඩනගන ක්‍රමයක්.

ඔයාගේ මිලදී ගැනීම් ගැන ලොග් එකක් තියාගන්න
මෙන්න මෙතන තියෙනවා ගොඩක් අය කතා නොකරන තව වැදගත් ටිප් එකක් – ඔයා බිට්කොයින් ගත්ත හැම වෙලාවකම ඒ විස්තර ලියලා තියාගන්න. ඇත්තටම. Excel නැත්නම් Google Sheets වල සරල ටේබල් එකක් හදාගන්න. ඔයා ගත්ත දිනය, ආයෝජනය කරපු ගාණ, එදා තිබුණු බිට්කොයින් මිල, ඔයාට ලැබුණු BTC නැත්නම් sats ගාණ, සම්පූර්ණ BTC ප්‍රමාණය, සහ එදා දවස ගැන පොඩි නෝට් එකක් වුණත් දාගන්න පුළුවන් – “මිල අඩු වුණා” නැත්නම් “මාසික DCA එක” වගේ. කාලයත් එක්ක මේ රෙකෝඩ් එක ගොඩක් වටිනවා. ඔයාගේ ප්‍රගතිය බලන්න පුළුවන්, ඔයාගේ සාමාන්‍ය මිලදී ගැනීමේ මිල (average purchase price) බලන්න පුළුවන්, සහ ඔයාට උත්තේජනයක් (motivated) ලැබෙනවා. මේකෙන් ඔයාගේම පුරුදු තේරුම් ගන්නත්, වගකීමෙන් වැඩ කරන්නත් (accountable) උදව් වෙනවා.
ඔයාගේ Excel ෂීට් එක මෙහෙම පේන්න පුළුවන්:
දිනය | ආයෝජනය කරපු ගාණ (LKR) | BTC මිල | ගත්තු බිට්කොයින් ප්‍රමාණය | සම්පූර්ණ BTC ප්‍රමාණය | සටහන |
මැයි 13 | රු 5,000 | රු 30067134.03 | 0.00016 BTC | 0.00016 | මුල්ම ගනුදෙනුව |
මැයි 20 | රු 5,000 | රු 32319266.92 | 0.00015 BTC | 0.00031 | මිල වැඩි වෙද්දී ගත්තා |
ඔයා DCA කරන හැම වෙලාවෙම මේකට දත්ත එකතු කරන්න පුළුවන්. ඔයාට තව ටිකක් දියුණු වෙන්න ඕන නම්, Google Sheets වලට Coin Gecko වලින් එන real-time මිල ගණන් වුණත් API පාවිච්චි කරලා සම්බන්ධ කරන්න පුළුවන් – හැබැයි දැන්ම ඒ ගැන කරදර වෙන්න එපා. මුලික ඉලක්කය තමයි ඔයාගේ බිට්කොයින් තොගය වැඩෙන හැටි ට්‍රැක් කරන එක.
වැදගත් දේවල් ටිකක්
මෙන්න තියෙනවා වැදගත් දේවල් ටිකක්.
පළවෙනියට, DCA එකෙන් ලාභයක් ලැබෙනවා කියලා සහතික වෙන්නේ නැහැ – කිසිම ස්ට්‍රැටජි එකකින් එහෙම සහතිකයක් දෙන්නේ නැහැ. හැබැයි එක්ස්පර්ට් කෙනෙක් නොවී ආයෝජනය කරන්න තියෙන ශක්තිමත්, stress අඩු ක්‍රමයක් මේක.
දෙවෙනියට, හැමවිටම ඔයාගේම රිසර්ච් එක කරන්න. බිට්කොයින් කියන්නේ අලුත් ඇසට් ක්ලාස් එකක්, මේකේ හැකියාවන් ගොඩක් තිබුණත්, රිස්ක් (risk - අවදානම්) නැතුවත් නෙවෙයි.
තුන්වෙනියට, දිගු කාලීනව තියාගන්න පුළුවන්, ඒ කියන්නේ අවුරුදු පහක්, දහයක්, නැත්නම් ඊටත් වඩා තියන් ඉන්න පුළුවන් ගාණක් විතරක් ආයෝජනය කරන්න.

ඇත්ත කියමුකෝ – සෝෂල් මීඩියා, සමහර ඉන්ෆ්ලුවන්සර්ස්ලා වුණත් ට්‍රේඩින් සහ ඉක්මන් ලොකු ලාභ ගැන ගොඩක් හයිප් කරනවා (hype - උනන්දු කරනවා). හැබැයි ඇත්ත කතාව තමයි, බහුතරයක් ට්‍රේඩර්ලාට සල්ලි නැති වෙනවා. ස්ටඩීස් වලින් පෙන්නනවා, 90%කට වඩා වැඩි කෙටි කාලීන ට්‍රේඩර්ලාට දිගු කාලීනව පාඩු සිද්ධ වෙනවා කියලා. අනිත් පැත්තෙන්, බිට්කොයින් අරගෙන (simply - හුදෙක්) අල්ලාගෙන හිටපු අය – විශේෂයෙන්ම අවුරුදු 4 සිට 10 දක්වා වගේ දිගු කාලසීමාවල් වල – කවදාවත් පාඩු වෙලා නැහැ. ඒක හරිම වටින කාරණයක්.
ඉතින් මෙන්න මේක තමයි මට ඔයාට දෙන්න ඕන අවසාන පණිවිඩය: බිට්කොයින් කියන්නේ ලෝන්ග් ගේම් එකක්. ඒ කියන්නේ ඔයාගේ සම්පත් ආරක්ෂා කරගන්න එක, හෙමින් හෙමින් ගොඩනගන එක, සහ කඩදාසි මුදල් වල තියෙන ඒ කියනේ නෝර්මල් අපේ රුපියල් වල තියෙන ඉන්ෆ්ලේෂන් එකෙන් සහ වටිනාකම අඩුවීමෙන් නිදහස් වෙන එක. DCA කියන ක්‍රමය මේ මයින්ඩ්සෙට් එකට (mindset - මානසිකත්වයට) හරිම ලස්සනට ගැලපෙනවා. මේකෙන් හොඳ පුරුදු හදාගන්න, අවට තියෙන අනවශ්‍ය ශබ්ද (noise) ගණන් නොගෙන ඉන්න, සහ ඔයාගේ මූල්‍ය අනාගතය ගොඩනගාගන්න උදව් වෙනවා – එක පොඩි පියවරෙන් පියවර.
සුභ දවසක් .
සැළකිය යුතුයි:
අධ්‍යාපනික අරමුණු සඳහා පමණි: මෙම වීඩියෝවේ අන්තර්ගතය වර්තමාන තොරතුරු හා අධ්‍යාපනික අරමුණු සඳහා පමණක් එකතු කර ඇති අතර, කිසිඳු ආකාරයක මුදල් ආයෝජන උපදේශයක් නොවේ.
මූල්‍ය උපදෙස් නොවේ: මෙම වීඩියෝව සපයා ඇත්තේ තොරතුරු දැනගැනීම සඳහා පමණක් වන අතර එය මූල්‍ය, නීතිමය හෝ බදු උපදෙස් ලෙස නොසැලකිය යුතුය. ඕනෑම මූල්‍ය තීරණයක් ගැනීමට පෙර ඔබගේම පර්යේෂණ සිදු කර බලපත්‍රලාභී වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබාගන්න.
Share this post