Resources

Beginner’s Guide

CIA එක ද Bitcoin හැදුවේ? | ඇත්තටම කවුද Satoshi Nakamoto?

Sajith Caldera

21 Oct 2025

ආයුබෝවන්.

අපි හැමෝම අහන කටකතා තියෙනවනේ. මේ දවස්වල internet එකේ වැඩිපුරම යන theory එකක් තමයි ඇත්තටම ඇමරිකාවේ ඔය intelligence ආයතනයක්—විශේෂයෙන්ම CIA එක, Central Intelligence Agency එක—තමයි Bitcoin හැදුවේ කියන එක. Tucker Carlson වගේ ප්‍රසිද්ධ අය මේක ගැන කතා කරපු නිසා මේක දැන් social media පුරාම පැතිරිලා. ඉතින්, අපි බලමු ඇත්තටම මේකට තියෙන evidence මොනවද, ඇයි මේ ගැන experts ලා සැක කරන්නේ කියලා.

ඉතින් මේ ගැන ඉතාම පැහැදිලිව අපේ Bitcoin Sri Lanka YouTube නාලිකාවේ වීඩියෝ එක්කින් ඉදිරිපත් කරලා තියනවා. මේ පහල තියෙන්නෙ ඒ වීඩියෝ එක. ඔයාට පුළුවන් ඒකත් බලන්න

මේ Theory එකට තියෙන කරුණු මොනවද?

මේ theory එකට කියන ප්‍රධානම දේ තියෙන්නේ, Bitcoin නිර්මාණය කරපු අද්භූත පුද්ගලයාගේ නම analyse කරන එකේ. ඒ තමයි Satoshi Nakamoto.

මේ ජපන් වචනවල තේරුම බැලුවොත්, theory එක කියනවා මේකේ CIA සම්බන්ධයක් තියෙනවා කියලා. 'Nakamoto' කියන්නේ මැද තැනකින් ආපු කෙනෙක්, නැත්නම් Central origin එකක් කියන එක. එතකොට 'Satoshi' කියන්නේ 'wisdom', 'intellect' නැත්නම් intelligence කියන එක. ඉතින්, 'Central' එකයි 'Intelligence' එකයි එකතු වුණාම, අපිට ලැබෙනවා 'Central Intelligence Agency' එක කියලා.

තව සමහර අය පෙන්නනවා, NSA එක (National Security Agency) තමයි Bitcoin භාවිතා කරන hashing algorithm එකක් වන SHA-256 හැදුවේ කියලා. ඒ වගේම, crypto ගැන පළමුම paper එක ලිව්වෙත් NSA එකේ researchers ලා තුන් දෙනෙක්. මේවා තමයි එයාලා පෙන්නන ප්‍රධානම කරුණු.

බුද්ධි අංශයක් මෙහෙම දෙයක් කරයිද?

හැබැයි මෙතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. සාමාන්‍යයෙන් හෙවණැලිවල වැඩ කරන US intelligence ආයතනයක් තමන්ගේ සම්බන්ධය පැහැදිලිවම එළි වෙන විදිහේ නමක් හිතාමතාම තෝරගන්න එක ටිකක් අමුතුයි නේද?

ඇත්තටම CIA එක Bitcoin හැදුවා නම්, එයාලා කවදාවත් නොකරන තීරණ කීපයක් අරගෙන තියෙනවා. උදාහරණයක් විදිහට, Bitcoin වල ප්‍රධානම design එක තමයි ඒකේ ledger එක, ඒ කියන්නේ සියලුම ගනුදෙනු සටහන් වෙන තැන, සම්පූර්ණයෙන්ම open සහ transparent වෙන එක. ගනුදෙනු pseudonymous වුණාට, ඇත්තටම ඒවා truly anonymous නෑ.

CIA එකට ඕන වුණා නම් මේකෙන් උගුලක් අටවන්න, නැත්නම් honeypot එකක් හදන්න, එයාලා කරන්න ඕන users ලට අඩුම තරමේ privacy එකක් තියෙනවා කියලා illusion එකක්වත් දෙන්න. එතකොටනේ පස්සේ එයාලව අල්ලගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසයි Monero හෝ Zcash වගේ අනිත් crypto පාවිච්චි කරන අය මේ වගේ අවදානමක් ගැන වැඩියෙන් බය වෙන්න ඕන වෙන්නේ.

Gavin Andresen සහ Satoshi ගේ අවසන් පිටවීම

Bitcoin වල මුල්ම developers ලාගෙන් කෙනෙක් වන Gavin Andresen සම්බන්ධ ඉතාම අමුතු සිදුවීමක් තියෙනවා. ඔහු තමයි Satoshi ගේ දකුණු අත වගේ හිටියේ. Satoshi ඉවත් වෙනකොට project එක බාර දුන්නෙත් එයාට.

2011 දී, Andresen ට CIA headquarters එකට ඇවිල්ලා Bitcoin ගැන talk එකක් දෙන්න කියලා ආරාධනා කළා. ඒ වෙනුවෙන් එයාලා ඩොලර් 3,000 ක් ගෙව්වා.

මෙතන තියෙන ලොකුම ප්‍රශ්නය තමයි: ඇත්තටම CIA එක තමයි Bitcoin හැදුවේ නම්, එයාලා අනිත් කෙනෙකුට සල්ලි දීලා Bitcoin ගැන අහගන්නේ ඇයි?

ඊටත් වඩා වැදගත් දේ තමයි Satoshi Nakamoto මේකට ප්‍රතිචාර දැක්වූ විදිහ. Andresen මේ සංචාරය ගැන ප්‍රසිද්ධියේ කියන්න දවස් කීපයකට කලින්, Satoshi එයාගේ අන්තිම email එක යවලා තිබුණා. ඒකේ කිව්වේ එයා දැන් වෙන වැඩකට මාරු වුණා කියලා.

මේ timeline එකෙන් පේනවා, Andresen ගේ CIA සංචාරය නිසා වෙන්න ඇති Satoshi මේ project එකෙන් ඉවත් වෙන්න තීරණය කළේ. ඒ කියන්නේ intelligence community එක මේකට සම්බන්ධ වෙන එක ගැන Satoshi අනිවාර්යයෙන්ම සතුටු වෙලා නෑ.

ඇයි බය වෙන්න ඕන නැත්තේ?

ඔයාලා තාමත් හිතනවා නම් ආණ්ඩුවේ ආයතනයක් මේක හැදුවා කියලා, මේ ප්‍රධාන කරුණු තුන ගැන හොඳට හිතන්න.

  1. පළවෙනි කාරණාව: Bitcoin වල software code එක සම්පූර්ණයෙන්ම open source එකක්. ඒක ඕන කෙනෙක්ට බලන්න පුළුවන්. මේකේ වටිනාකම දැන් trillion dollar ගාණක් නිසා, ලෝකේ වෙන ඕනෑම software එකකට වඩා මේ code එක දිහා වැඩි පිරිසක් ඇහැ ගහගෙන ඉන්නවා. මේ නිරන්තර පරීක්ෂාව නිසා, කිසියම් ආයතනයක් backdoors නැත්නම් හොර වැඩ දාලා තිබුණා නම්, ඒවා අනිවාර්යයෙන්ම අද වෙනකොට හොයාගෙන ඉවරයි.

  2. දෙවැනි කාරණාව: Bitcoin වලට පාදක වෙලා තියෙන ගණිතය, නැත්නම් mathematics එක ඉතාම සරලයි. ඒ වගේම ඒක ඇමරිකානු ආණ්ඩුවේ jurisdiction එකට අයිති නෑ. මේ cryptography කියන්නේ අපේ දෛනික ඩිජිටල් ජීවිතයේ තියෙන military-grade defence එකක් වගේ දෙයක්. ඒක ඔයාලගේ ගෙවීම් තොරතුරු වල ඉඳලා email එක දක්වා හැමදේම ආරක්ෂා කරනවා.

  3. තුන්වැනි කාරණාව: Bitcoin හදලා තියෙන්නේ ඉතාම decentralized වෙන්න. ඒක opt-in system එකක්. ඕනෑම කෙනෙකුට miner කෙනෙක් වෙන්න හෝ node එකක් run කරන්න පුළුවන්. කාටවත් මේ software එක run කරන්න බල කරලා නෑ. මේක වැඩ කරන විදිහ තේරුම් ගත්තාම, CIA එකට මේක control කරන්න central mechanism එකක් නෑ කියලා ඔයාලට තේරෙයි.

CIA එක තමන්ටම වෙඩි තියා ගනියිද?

ඇත්තටම CIA එක තමයි Bitcoin හැදුවා නම්, ඒක එයාලටම කරගන්න පුළුවන් ලොකුම විනාශය වෙන්න තිබුණා. Bitcoin හදලා තියෙන්නේ Fiat money (අපේ සාමාන්‍ය මුදල්) විනාශ කරන්න සහ "සදාකාලිකව ඉහළ යන්න" කියන අදහසින්. මේකේ තියෙන්නේ කාසි මිලියන 21 ක සීමිත සැපයුමක්.

ඉතින්, එයාලා මේ asset එක හැදුවා නම්, එයාලා නොදැනුවත්වම හදලා තියෙන්නේ දවසක ලෝකයේ global reserve currency එක වන US dollar එක විනාශ කරන දෙයක්. ඊට පස්සේ US government එකටත්, CIA එකටත් fund ලැබෙන mechanism එකත් නැති වෙනවා. ඒක හරියට "තමන්ගේ කකුලටම වෙඩි තියාගත්තා" වගේ වැඩක්.

හැබැයි, අපි මතක තියාගන්න ඕන දෙයක් තියෙනවා: CIA එක සහ වෙනත් රජයේ ආයතන දැන් Bitcoin වල වැදගත්කම තේරුම් අරගෙන ඉන්නේ. එයාලා දැන් Bitcoin දකින්නේ විරුද්ධවාදීන්ට එරෙහිව පාවිච්චි කරන්න පුළුවන් tool එකක් නැත්නම් weapon එකක් විදිහට. එයාලා ඒ "පරණ මානසිකත්වයෙන්" මිදිලා. දැන් එයාලා Bitcoin බලන්නේ money වලට තියෙන protocol එකක් විදිහට. ඒක email වැඩ කරන protocol (SMTP) හෝ secure website (HTTPS) වගේ අනිත් protocol වලට වඩා වෙනස් නෑ.

අන්තිමට, අපි රෝදය හැදුවේ කවුද කියලා හොයන්නේ නෑනේ? ඒ වගේම තමයි, කවුද ඇත්තටම Bitcoin හැදුවේ කියන එක මේ වෙලාවේදී වැදගත් වෙන්නේ නෑ. මේ system එක හදලා තියෙන්නේ decentralized technology සහ ගණිතය පාවිච්චි කරලා. ඒ නිසා US government එක ඔව් කිව්වත්, නෑ කිව්වත් මේ system එක දිගටම වැඩ කරනවා.

 ගිහින් එන්නම් සුභ දවසක්

සැළකිය යුතුයි:

අධ්‍යාපනික අරමුණු සඳහා පමණි: මෙම ලිපියේ අන්තර්ගතය වර්තමාන තොරතුරු හා අධ්‍යාපනික අරමුණු සඳහා පමණක් එකතු කර ඇති අතර, කිසිඳු ආකාරයක මුදල් ආයෝජන උපදේශයක් නොවේ.

මූල්‍ය උපදෙස් නොවේ: මෙම ලිපිය සහ වීඩියෝව සපයා ඇත්තේ තොරතුරු දැනගැනීම සඳහා පමණක් වන අතර එය මූල්‍ය, නීතිමය හෝ බදු උපදෙස් ලෙස නොසැලකිය යුතුය. ඕනෑම මූල්‍ය තීරණයක් ගැනීමට පෙර ඔබගේම පර්යේෂණ සිදු කර බලපත්‍රලාභී වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබාගන්න.

Share this post

JOIN THE WAITLIST

Ready to use Bitcoin safely? Try Bitnomi Wallet — built for Sri Lankans.

Bitcoin Sri Lanka logo

At Bitcoin Sri Lanka, we are driving a revolution in financial freedom and digital empowerment. Our mission is to educate, inspire, and enable individuals to harness the transformative power of Bitcoin. Together, we are building a future where financial inclusion is a reality for all Sri Lankans.

Powered by

— the Bitcoin & USDT wallet made for Sri Lankans.

Bitcoin Sri Lanka © 2025 | All rights reserved

the Bitcoin & USDT wallet made for Sri Lankans.