Resources

Beginner’s Guide

බිට්කොයින් Transaction ගැන හැමදේම

6 Apr 2025

ආයුබෝවන්! ඔයාලා හැමෝම Bitcoin Sri Lanka වලට ආපහු සාදරයෙන් පිළිගන්නවා. මේ ඔයාලා අපේ බ්ලොග් එකක් කියවන පළවෙනි වතාව වුණත්, නැත්තං අපේ බ්ලොග් දිගටම කියවන කෙනෙක් වුණත්, ඔයාලා අපිත් එක්ක ඉන්න එක ගැන අපි ගොඩක් සතුටු වෙනවා. මේ බ්ලොග් ලියන එක පටන් ගත්තේ අපේ ලංකාවේ සාමාන්‍ය මිනිස්සුන්ට Bitcoin කියන්නේ මොකක්ද කියලා සරලව, පැහැදිලිව කියලා දෙන්න. මෙතනදි අමාරු වචන නෑ, බොරු hype නෑ. තියෙන්නේ අවංක, සරල දැනුමක් බෙදා දීම විතරයි.

ගිය බ්ලොග් එකේ අපි Bitcoin wallet, public key, private key ගැන කතා කළා මතක ඇතිනේ. ඔයාට පුළුවන් ඒ බ්ලොග් එකත් ගිහින් බලන්න. අපි මේ තරම් වැඩකෑලි දාලා bitcoin ගැන කතා කලාට, අද තමයි ඔයා බලාගෙනම හිටපු බ්ලොග් එක ගෙනාවේ. Bitcoin යූස් කරන්නේ අපි මොකක් හරි ගනුදෙනුවක් කරන්නනෙ. ඉතින් අද අපි කතා කරන්නේ ඒ ගැන. මේ බ්ලොග් එකෙන් පස්සෙ bitcoin transaction කියන දේ ඔයාට සිම්පල්ම සිම්පල් දෙයක් වෙයි. 

ඉතින් මේ ගැන ඉතාම පැහැදිලිව අපේ Bitcoin Sri Lanka YouTube නාලිකාවේ වීඩියෝ එක්කින් ඉදිරිපත් කරලා තියනවා. මේ පහල තියෙන්නෙ ඒ වීඩියෝ එක. ඔයාට පුළුවන් ඒකත් බලන්න.

Bitcoin Transaction එකක් වැඩ කරන්නේ කොහොමද?

දැන් අද අපි බලන්න යන්නේ Bitcoin transaction එකක් ඇත්තටම වැඩ කරන්නේ කොහොමද කියලා. ඔයා wallet එක open කරලා “send” කියන button එක ඔබලා අනිත් කෙනාට Bitcoin ලැබෙනකම් මොකද වෙන්නේ කියලා අපි සරලව බලමු.

සාමාන්‍ය බැංකු transfer එකක් වගේ නෙවෙයි Bitcoin වල මැද්දේ company එකක් හරි අධිකාරියක් හරි නෑ. ඔයා Bitcoin යවනකොට ඔයාගේ wallet එක digital message එකක් හදනවා – ඒක හරියට receipt එකක් වගේ. ඒකේ තියෙන්නේ “මෙච්චර Bitcoin ප්‍රමාණයක් මේ address එකට යවන්න” කියලා. ඊට පස්සේ ඔයාගේ private key එක පාවිච්චි කරලා ඒ message එක sign කරනවා. ඒ කියන්නේ ඒ transaction එක approve කළේ ඔයා තමයි කියලා ඔප්පු කරනවා. ඔය sign කරපු message එකට තමයි transaction එකක් කියලා කියන්නේ. ඊට පස්සේ ඒක Bitcoin network එකට broadcast කරනවා.

මේක ඇත්තටම කොහොමද වෙන්නේ කියලා අපි live demo එකක් අපේ යූටියුබ් චැනල් එකේ තියනවා. ඔයා කැමති නම් ගිහින් ඒකත් බලන්න පුළුවන්. සරලවම ගනුදෙනුවකදී වෙන්නේ,

  • මම මගේ wallet එක පාවිච්චි කරලා transaction එකක් හදන්න ඕන

  • මම මගේ private key එකෙන් ඒක sign කරන්න ඕන.

  • ඒක Bitcoin network එකට යවන්න ඕන.

  • ඒක mempool එකේ බලන්න ඕන.

  • Miner කෙනෙක් ඒක අලුත් block එකකට ඇතුළත් කරනවා.

  • දැන් ඒක confirm වෙලා – ඒ වගේම blockchain එකේ ස්ථිරව record වෙලා තියෙනවා.

ඔන්න ඔහොම තමයි Bitcoin transaction එකක ජීවිතේ ගෙවෙන්නේ. මේ ඔක්කොම වුණේ බැංකුවක් නැතුව, කිසිම government එකක් නැතුව, කාගෙන්වත් අවසරයක් ඉල්ලන්නේ නැතුව. ඒක peer-to-peer, open, ඒ වගේම දේශසීමා නැති දෙයක්. ඒ කියන්නේ ඕනම තැනක ඉන්න කෙනෙක්ට ඕනම තැනක ඉදලා අපිට bitcoin යවන්නත් පුළුවන් ගන්නත් පුළුවන්.

 Fees සහ Confirmations 

අපි දැන් පොඩ්ඩක් fees ගැන කතා කරමු. ඔයාගේ wallet එක හැම වෙලාවකම fee එකක් recommend කරනවා – ඒක depend වෙන්නේ network එක කොච්චර busy ද කියන එක උඩ. ඔයා fee එක ගොඩක් අඩු කළොත් ඔයාගේ transaction එක mempool එකේ පැය ගණන් නැත්තං දවස් ගණන් වුණත් හිර වෙන්න පුළුවන්. හැබැයි ඔයා පොඩි ගාණක් එක්ක test කරනවා නම් ඒක ප්‍රශ්නයක් නෑ.

ඒ වගේම confirmations කියන එකත් වැදගත්. සාමාන්‍යයෙන් පොඩි ගෙවීම් වලට confirmation එකක් ඇති. ලොකු ගණන් වලට – විශේෂයෙන් business වලදි හරි trade වලදි හරි – ගොඩක් අය 3 ඉඳන් 6 වෙනකම් confirmations එනකම් බලන් ඉන්නවා transaction එක සම්පූර්ණයෙන්ම ස්ථිරයි කියලා හිතන්න.

විනිවිදභාවය සහ පෞද්ගලිකත්වය 

Bitcoin වල තියෙන සුපිරිම දේ තමයි ඒක සම්පූර්ණයෙන්ම transparent – ඒත් private. ඕන කෙනෙක්ට mempool.space හරි වෙන block explorer එක්කට හරි ගිහින් අලුතින් වෙන transactions බලාගන්න පුළුවන්. හැබැයි ඔයාලට කවදාවත් අදාල අයගේ නම්, NIC නම්බර්ස්, එහෙම නැත්තං address පේන්නේ නෑ. ඔක්කොම public – ඒත් anonymous.

මේක බැංකු වලට ගොඩක් වෙනස්. Bitcoin රහස් දේවල් පිටිපස්සේ හංගන්නේ නෑ. මුළු system එකම open, ඕන කෙනෙක්ට audit කරන්න පුළුවන්.

Transaction වල අභියෝග

Bitcoin ඔයාට සම්පූර්ණ පාලනය දෙනවා – ඒ කියන්නේ සම්පූර්ණ වගකීමත් ඔයාටමයි.

ඔයා වැරදි address එකකට Bitcoin යැව්වොත් ඔයාට ඒක ආපහු ගන්න බෑ. එතන “cancel” button එකක් නෑ. ඒ වගේම ඔයාගේ private key එක හරි seed phrase එක හරි නැති වුණොත් කාටවත් – මටවත් ඔයාගේ සල්ලි ආපහු ගන්න උදව් කරන්න බෑ. ඒකයි හැම වෙලාවකම පොඩි ගාණකින් පටන් අරන්, test කරලා බලලා, ඔයාගේ backup phrase එක ලියාගෙන ආරක්ෂිත තැනක offline store කරලා තියාගන්න එක. ඒක තමයි හොඳම දේ.

 අවසාන වශයෙන්…

ඔන්න ඔහොමයි Bitcoin transaction එකක් මුල ඉඳන් අග වෙනකම් වැඩ කරන්නේ.

අපි QR code එකක් scan කළා, amount එකක් enter කළා, transaction එක sign කළා, broadcast කළා, ඒක mempool එකට යනවා බලාගෙන හිටියා, ඊට පස්සේ ඒක confirm වෙනවා දැක්කා. මේ ඔක්කොම real time වල වුණේ. ඒ තමයි Bitcoin වල සුන්දරත්වය – ඒක open, secure, ඒ වගේම අපි ඇතුළුව හැමෝටම හදපු දෙයක්.

ඔයාට මේ බ්ලොග් එක ප්‍රයෝජනවත් එකක් වෙන්න ඇති කියලා මම හිතනවා , එහෙම නම් bitcoin sri lanaka අපේ චැනල් එක අනිවාර්යයෙන්ම Subscribe කරන්න, ඒ වගේම bell icon එක tap කරන්න අමතක කරන්න එපා. එතකොට අපේ ඊළඟ බ්ලොග් එක මිස් වෙන්නේ නෑ. අපි හැම දෙයක්ම සරලව, ඒ වගේම දැනුම දෙන විදිහට කරන්න බලාපොරොත්තු වෙනවා – මොකද හැමෝටම financial freedom එකට access තියෙන්න ඕනේ කියලා අපි විශ්වාස කරනවා.

Bitcoin Sri Lanka බැලුවට ගොඩක් ස්තූතියි – ඒ වගේම හැමදාම වගේ: Don’t trust, verify. අපි ඊළඟ වීඩියෝ එකෙන් හමුවෙමු! අදට ගිහින් එන්නම් සුභ දවසක්

සැළකිය යුතුයි:

අධ්‍යාපනික අරමුණු සඳහා පමණි: මෙම වීඩියෝවේ අන්තර්ගතය වර්තමාන තොරතුරු හා අධ්‍යාපනික අරමුණු සඳහා පමණක් එකතු කර ඇති අතර, කිසිඳු ආකාරයක මුදල් ආයෝජන උපදේශයක් නොවේ.

මූල්‍ය උපදෙස් නොවේ: මෙම වීඩියෝව සපයා ඇත්තේ තොරතුරු දැනගැනීම සඳහා පමණක් වන අතර එය මූල්‍ය, නීතිමය හෝ බදු උපදෙස් ලෙස නොසැලකිය යුතුය. ඕනෑම මූල්‍ය තීරණයක් ගැනීමට පෙර ඔබගේම පර්යේෂණ සිදු කර බලපත්‍රලාභී වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබාගන්න.

Share this post

Bitcoin Sri Lanka logo

At Bitcoin Sri Lanka, we are driving a revolution in financial freedom and digital empowerment. Our mission is to educate, inspire, and enable individuals to harness the transformative power of Bitcoin. Together, we are building a future where financial inclusion is a reality for all Sri Lankans.

Bitcoin Sri Lanka © 2025 | All rights reserved