Monero (XMR) ජාලයට එල්ල වූ 51% ප්‍රහාරය සහ Bitcoin වල ආරක්ෂාව

ආරම්භකයින්ගේ මාර්ගෝපදේශය

May 6, 2026

Monero (XMR) ජාලයට එල්ල වූ 51% ප්‍රහාරය සහ Bitcoin වල ආරක්ෂාව

මෑතකදී Crypto ලෝකයේ විශාල කලබලයක් ඇති කිරීමට Monero (XMR) ජාලයට එල්ල වූ "51% Attack" එක සහ ඒ හරහා සිදුවූ "Block Reorganization" (Reorg) සිදුවීම් මාලාව සමත් විය. පෞද්ගලිකත්වය (Privacy) මුල් කරගත් ප්‍රධානතම කාසියක් වන Monero වලට මෙවැනි දෙයක් සිදුවීම මුළු Crypto පද්ධතියටම, විශේෂයෙන්ම Bitcoin වල ආරක්ෂාව පිළිබඳව අපට වැදගත් පාඩම් කිහිපයක් කියා දෙයි.

ඉතින් මේ ගැන ඉතාම පැහැදිලිව අපේ Bitcoin Sri Lanka YouTube නාලිකාවේ වීඩියෝ එක්කින් ඉදිරිපත් කරලා තියනවා. මේ පහල තියෙන්නෙ ඒ වීඩියෝ එක. ඔයාට පුළුවන් ඒකත් බලන්න.

මොකක්ද මේ 51% Attack එකක් කියන්නේ?

Bitcoin හෝ Monero වැනි Proof of Work (PoW) ජාලයක ආරක්ෂාව රැඳී තිබෙන්නේ එම ජාලය නඩත්තු කරන පරිගණක බලය හෙවත් "Hashrate" එක මතයි. 51% ප්‍රහාරයක් යනු එක් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් ජාලයේ මුළු පරිගණක බලයෙන් 50%කට වඩා වැඩි ප්‍රමාණයක් තම පාලනයට නතු කර ගැනීමයි.

මෙහිදී සිදුවන භයානකම දේ වන්නේ ප්‍රහාරකයාට ජාලයේ ඉතිහාසය නැවත ලිවීමට (Rewrite History) බලය ලැබීමයි. මෙලෙස කලින් තහවුරු වූ ගනුදෙනු වෙනස් කිරීම හෝ මැකීම "Double Spending" ලෙස හැඳින්වේ. සරලවම කිවහොත්, භාණ්ඩයක් මිලදී ගෙන මුදල් ගෙවා, පසුව ජාලයේ බලය භාවිත කර එම ගෙවීමේ වාර්තාව මකා දමා මුදල් නැවත තමන් සතු කර ගැනීමට ප්‍රහාරකයාට මෙහිදී හැකියාව ලැබේ.

Monero ජාලයට එල්ල වූ ප්‍රහාරයේ පසුබිම

2025 අගෝස්තු සහ සැප්තැම්බර් මාසවලදී මෙම ප්‍රහාරය එල්ල වූයේ "Qubic" නම් AI සම්බන්ධ ව්‍යාපෘතියක් හරහායි. ඔවුන් Useful Proof of Work (uPoW) ක්‍රමය භාවිත කරමින් Monero මයිනර්ස්ලාට සාමාන්‍ය ලාභයට වඩා තුන් ගුණයක ලාභයක් ලබා දුන් අතර, ඒ නිසා විශාල පිරිසක් ඔවුන් වටා රොක් විය. මෙහි ප්‍රතිඵලයක් ලෙස අගෝස්තු 12 වන විට Qubic ආයතනය Monero ජාලයේ බලයෙන් 51%කට වඩා පාලනය කරන බව ප්‍රකාශ කළේය.

Chain Reorganization (Reorg): සිදුවූ හානිය

මෙම ප්‍රහාරයේදී ප්‍රහාරකයන් රහසිගතව තමන්ගේම බ්ලොක් මාලාවක් නිර්මාණය කර පසුව එය පොදු ජාලයට මුදා හරින ලදී.

  • අගෝස්තු මාසයේදී: බ්ලොක් 6ක Reorg එකක් සිදුවිය.

  • සැප්තැම්බර් මාසයේදී: බ්ලොක් 18ක දැවැන්ත Reorg එකක් සිදු වූ අතර, මිනිත්තු 36ක ඉතිහාසයක් මැකී ගොස් ගනුදෙනු 118ක් අවලංගු විය.

මෙම සිදුවීම නිසා සාමාන්‍යයෙන් බ්ලොක් 10ක් තහවුරු වූ පසු ගනුදෙනුව ස්ථිරයි (Finality) යන විශ්වාසය බිඳ වැටුණු අතර, Kraken වැනි ප්‍රධාන ආයතන පවා Monero තැන්පත් කිරීම් තාවකාලිකව නතර කිරීමට පියවර ගත්තේය.

Monero මෙවැනි ප්‍රහාරයකට ලක්වීමට හේතුව කුමක්ද?

මීට ප්‍රධානතම හේතුව වූයේ Monero අනුගමනය කළ "ASIC Resistance" ප්‍රතිපත්තියයි. ඕනෑම අයෙකුට සාමාන්‍ය පරිගණකයකින් (CPU) මයිනින් කිරීමට ඉඩ දීම ජාලයේ විමධ්‍යගතභාවයට හොඳ යැයි පෙනුනද, ප්‍රායෝගිකව එය ආරක්ෂාව දුර්වල කරයි. මන්ද, CPU බලය ඕනෑම Cloud computing සේවාවකින් පහසුවෙන් කුලියට ගත හැකි බැවිනි.

Bitcoin මේ අතින් ආරක්ෂිත වන්නේ ඇයි?

Bitcoin ජාලයට මෙවැනි ප්‍රහාරයක් එල්ල කිරීම අතිශය දුෂ්කර වීමට හේතු කිහිපයක් තිබේ:

  1. ASIC Mining: Bitcoin හෑරීමට විශේෂිත වූ ASIC යන්ත්‍ර අවශ්‍ය වේ. මේවා CPU මෙන් ඕනෑම තැනකින් කුලියට ගත නොහැකි අතර, 51% ප්‍රහාරයක් සඳහා මෙවැනි යන්ත්‍ර බිලියන ගණනක ආයෝජනයක් අවශ්‍ය වේ.

  2. Security Budget: Bitcoin ජාලයේ ආරක්ෂාව වෙනුවෙන් වැය වන මුදල Monero වලට වඩා දහස් ගුණයකින් වැඩිය. ප්‍රහාරයකින් ලැබෙන ලාභයට වඩා ඒ සඳහා යන වියදම අතිමහත්ය.

  3. Game Theory: ප්‍රධාන මයිනින් පූල් (Foundry, Antpool) එකතු වී ප්‍රහාරයක් එල්ල කළහොත් Bitcoin මිල කඩා වැටී ඔවුන්ගේම ව්‍යාපාරය විනාශ වන බැවින්, ආර්ථිකමය වශයෙන් ඔවුන් එවැනි දෙයක් කිරීමට පෙළඹෙන්නේ නැත.

අවසාන අදහස

Monero සිදුවීම අපට පෙන්වා දෙන්නේ නිසි පරිගණක බලයක් සහ ආර්ථික දිරිගැන්වීම් නොමැති ඕනෑම PoW ජාලයක් අනතුරේ පවතින බවයි. පෞද්ගලිකත්වය (Privacy) වැදගත් වුවද, ඕනෑම මූල්‍ය පද්ධතියක පදනම විය යුත්තේ ජාලයේ ස්ථාවරත්වය සහ ආරක්ෂාවයි (Security & Immutability). Bitcoin වල ඇති දැවැන්ත Hashrate එක සහ ASIC යන්ත්‍ර නිසා ලැබෙන ආරක්ෂාව කොතරම් වටිනවාද යන්න මෙමගින් නැවත වරක් තහවුරු වේ.

Bitcoin ගැන මෙවැනිම තාක්ෂණික සහ කාලීන තොරතුරු දැනගැනීමට Bitcoin Sri Lanka සමඟ දිගටම රැඳී සිටින්න.

සැළකිය යුතුයි:

අධ්‍යාපනික අරමුණු සඳහා පමණි: මෙම ලිපියේ අන්තර්ගතය වර්තමාන තොරතුරු හා අධ්‍යාපනික අරමුණු සඳහා පමණක් එකතු කර ඇති අතර, කිසිඳු ආකාරයක මුදල් ආයෝජන උපදේශයක් නොවේ.

මූල්‍ය උපදෙස් නොවේ: මෙම ලිපිය සහ වීඩියෝව සපයා ඇත්තේ තොරතුරු දැනගැනීම සඳහා පමණක් වන අතර එය මූල්‍ය, නීතිමය හෝ බදු උපදෙස් ලෙස නොසැලකිය යුතුය. ඕනෑම මූල්‍ය තීරණයක් ගැනීමට පෙර ඔබගේම පර්යේෂණ සිදු කර බලපත්‍රලාභී වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබාගන්න.

මෙම ලිපිය හුවමාරු කරගන්න

Bitcoin for
Sri Lankans

When you are ready to take the next step, Bitnomi helps you move from learning to action with a self-custodial Bitcoin experience built for Sri Lankans.

බිට්කොයින් ශ්‍රී ලංකාහි අප මූල්‍ය නිදහස සහ ඩිජිටල් සවිබල ගැන්වීමේ විප්ලවයක් සිදු කරමින් සිටි. අපගේ මෙහෙවර වන්නේ බිට්කොයින් හි පරිවර්තනීය බලය භාවිතා කිරීමට පුද්ගලයින් දැනුවත් කිරීම, පෙළඹවීම සහ සක්‍රීය කිරීමයි. සියලු ශ්‍රී ලාංකිකයන් සඳහා මූල්‍ය අන්තර්ගතභාවය යථාර්ථයක් වන අනාගතයක් අපි එක්ව ගොඩනගමු.

Bitcoin Sri Lanka

Bitcoin Sri Lanka © 2024 | All rights reserved

Bitcoin for Sri Lankans