
Michael Saylor සහ MicroStrategy | Bitcoin Money Machine එකේ රහස
ආරම්භකයින්ගේ මාර්ගෝපදේශය
Jun 1, 2026
Michael Saylor සහ MicroStrategy | Bitcoin Money Machine එකේ රහස
Michael Saylor සහ MicroStrategy (Strategy Inc.) කියන්නේ අද Bitcoin ලෝකයේ ලොකුම කතාබහක්. ඇයි මේ company එක මෙච්චර Bitcoin ගන්නේ? කොහොමද ඔවුන් බිලියන ගණන් borrow කරලා තවත් Bitcoin මිලදී ගන්නේ?
ආයුබෝවන් Bitcoin Sri Lanka එක්ක එකතුවෙන හැමෝටම! අද අපි කතා කරන්න යන්නේ මේ දවස්වල මුළු Bitcoin ලෝකයම හොල්ලලා තියෙන, හැමෝම උනන්දුවෙන් බලන් ඉන්න මාතෘකාවක් ගැන. ඒ තමයි Michael Saylor සහ එයාගේ MicroStrategy (දැන් මේකේ නම Strategy Inc.) කියන සමාගම කොහොමද ලෝකේ තියෙන ලොකුම බිට්කොයින් ගබඩාව බවට පත් වුණේ සහ ඔවුන් පාවිච්චි කරන ඒ රහස් "මුදල් මැෂිම" ඇත්තටම වැඩ කරන්නේ කොහොමද කියන එක.
ඉතින් මේ ගැන ඉතාම පැහැදිලිව අපේ Bitcoin Sri Lanka YouTube නාලිකාවේ වීඩියෝ එක්කින් ඉදිරිපත් කරලා තියනවා. මේ පහල තියෙන්නෙ ඒ වීඩියෝ එක. ඔයාට පුළුවන් ඒකත් බලන්න.
අද මම ඔයාලට කියලා දෙන්නේ මතුපිටින් පේන දේට වඩා එහා ගිය, මේ සමාගම ඇතුලේ සිද්ධ වෙන ඉතාම සංකීර්ණ මූල්‍ය ඉංජිනේරු ශිල්පය (Financial Engineering) ඉතාම සරල සිංහලෙන්. මේක හරියට දැනගත්තොත් ඔයාලට තේරෙයි ඇයි MicroStrategy කොටස් මිල බිට්කොයින් වලටත් වඩා වේගයෙන් ඉහළ යන්නේ කියලා.
1. ඇයි Michael Saylor බිට්කොයින් ගන්නේ? (The Philosophy)
මුලින්ම අපි බලමු ඇයි මේ පුද්ගලයා මෙච්චර බිට්කොයින් වලට පිස්සු වැටිලා ඉන්නේ කියලා. 1989 දී පටන් ගත්ත මේ සමාගම ඇත්තටම දත්ත විශ්ලේෂණය කරන (Business Intelligence) සොෆ්ට්වෙයාර් කොම්පැනියක්. හැබැයි 2020 කොවිඩ් වසංගතයත් එක්ක ලෝකේ පුරාම සල්ලි අච්චු ගහනකොට, Saylor දැක්කා තමන්ගේ කොම්පැනියේ තියෙන ඩොලර් සංචිතය හරියට "දියවෙන අයිස් කැටයක්" (Melting Ice Cube) වගේ කියලා. ඩොලරයේ අගය අවුරුද්දකට 15%-20% කින් විතර අඩු වෙනකොට, ඒකෙන් බේරෙන්න තියෙන හොඳම විසඳුම බිට්කොයින් කියලා එයා තීරණය කළා.

දැන් මේ සමාගම නිකන්ම සොෆ්ට්වෙයාර් කොම්පැනියක් නෙවෙයි, මේක ලෝකේ පළමු "Bitcoin Treasury Company" එක. ඒ කියන්නේ ඔවුන්ගේ ප්‍රධාන වත්කම බිට්කොයින්. 2026 අප්‍රේල් වෙනකොට මේ අය ළඟ බිට්කොයින් 815,000 කට වඩා තියෙනවා. ඒ කියන්නේ මුළු බිට්කොයින් ප්‍රමාණයෙන් 3.5% කටත් වඩා වැඩි ප්‍රමාණයක්.
2. කොහොමද මේ තරම් බිට්කොයින් ගන්නේ? (The 21/21 to 42/42 Plan)
ඔයාලට හිතෙන්න පුළුවන් කොම්පැනියට එන ලාභයෙන්ද මේවා ගන්නේ කියලා. නැහැ! කොම්පැනියේ ලාභය විතරක් නෙවෙයි, ඔවුන් පාවිච්චි කරන්නේ "Intelligent Leverage" කියන ක්‍රමය. සරලවම කිව්වොත්, ඔවුන් ලෝකෙන් ණයට සල්ලි අරන් ඒ සල්ලි වලින් බිට්කොයින් ගන්නවා.
මූලිකවම ඔවුන් හඳුන්වා දුන්නා "21/21 Plan" කියලා අති දැවැන්ත ප්ලෑන් එකක්. මේකෙන් ඔවුන් බලාපොරොත්තු වුණේ ඩොලර් බිලියන 42 ක මුදලක් හොයාගන්න. ඒකෙන් බිලියන 21 ක් කොටස් නිකුත් කරලා (Equity) සහ අනෙක් බිලියන 21 ණයට අරගෙන (Fixed-income) බිට්කොයින් ගන්නයි ඔවුන් ලෑස්ති වුණේ. හැබැයි දැන් මේක "42/42 Strategy" එකක් දක්වා වර්ධනය වෙලා තියෙනවා.

3. රහස් ආයුධය: Preferred Stocks (STRC, STRF, STRD, STRK)
අන්න එතනදී තමයි ඔවුන්ගේ අලුත්ම රහස් ආයුධ හඳුන්වා දෙන්නේ. මේවාට කියන්නේ Preferred Stocks හෙවත් මනාප කොටස් කියලා. මේවා සාමාන්‍ය කොටස් (MSTR) වලට වඩා වෙනස්. මේවායේ විශේෂත්වය තමයි ආයෝජකයින්ට ස්ථාවර පොලියක් හෙවත් ලාභාංශ (Dividends) ලැබීම.
ප්‍රධාන කොටස් වර්ග 4 මෙන්න:
STRC (Stretch): මේක තමයි දැන් ඔවුන්ගේ ප්‍රධානම ආයුධය. මේක Variable Rate හෙවත් වෙනස් වන පොලියක් තියෙන කොටසක්. මෙහි අරමුණ තමයි මෙහි මිල ඩොලර් 100 මට්ටමේ ස්ථාවරව තියාගන්න එක. දැනට මේකේ වාර්ෂික පොලිය 11.5% ක් විතර වෙනවා, ඒ වගේම මේවා මාසිකව (Monthly) ගෙවනවා.
STRF (Strife): මේක ආදායම බලාපොරොත්තු වෙන අය සඳහා හදපු එකක්. මේකෙන් 10% ක ස්ථාවර ලාභාංශයක් ලැබෙනවා. මේවා ගොඩක් වෙලාවට ගෙවන්නේ කාර්තුවකට වරක් (Quarterly).
STRD (Stride): මේකත් 10% ක ලාභාංශයක් දෙනවා, හැබැයි මේකේ විශේෂත්වය තමයි non-cumulative වීම. ඒ කියන්නේ යම් මාසයක පොලිය ගෙවන්න බැරි වුණොත් ඒක පස්සේ ගෙවන්න ඔවුන් බැඳී නැහැ. ඒ නිසා මේකේ රිස්ක් එක ටිකක් වැඩියි.
STRK (Strike): මේක Convertible හෙවත් මාරු කළ හැකි කොටසක්. මෙහි පොලිය 8% ක් විතර වෙනවා, හැබැයි පසුව මේවා MSTR කියන සාමාන්‍ය කොටස් වලට මාරු කරගන්න අවස්ථාව ලැබෙනවා. මේක ගෙවන්නේ කාර්තුවකට වරක් (Quarterly).

මේ හැම කොටසකින්ම ඔවුන් කරන්නේ මිනිස්සුන්ගෙන් සල්ලි අරගෙන ඒවයෙන් බිට්කොයින් ගන්න එකයි.
4. සල්ලි මැෂිම වැඩ කරන්නේ කොහොමද? (The Arbitrage Loop)
ධනවත් ආයෝජකයෝ ඩොලර් 100 ගානේ STRC මිලදී ගන්නවා. MicroStrategy ඒ ලැබෙන සල්ලි වලින් කෙලින්ම බිට්කොයින් ගන්නවා. මෙතනදී ඔවුන් කරන්නේ "Arbitrage" එකක්. ඔවුන් ආයෝජකයන්ට දෙන්නේ 11.5% ක පොලියක්. හැබැයි Saylor ගේ ගණන් බැලීම අනුව බිට්කොයින් අවුරුද්දකට 20%-30% කින් ඉහළ යනවා. එතකොට ආයෝජකයාට පොලිය ගෙවා ඉතිරි ලාභය MicroStrategy සමාගමට ලැබෙනවා.
ගණන් බැලීම් අනුව, ආයෝජකයෙක් STRC වලින් ඩොලර් 1 ක් ආයෝජනය කරනකොට, ඒක හරහා සමාගම මුළු බිට්කොයින් ඩොලර් 3 ක ප්‍රමාණයක් මිලදී ගන්න මග පාදනවා. මේක හරියට බිට්කොයින් ගන්න හදපු "අනන්ත මුදල් ලූප් එකක්" (Infinite Money Loop) වගේ.

5. MSTR: බිට්කොයින් මත ඔට්ටු ඇල්ලීම (Speculation)
මිනිස්සු MSTR (සාමාන්‍ය කොටස්) ගන්නේ ඇයි?
Amplified Bitcoin Exposure: MSTR කොටසක මිල බිට්කොයින් මිලට වඩා වේගයෙන් ඉහළ පහළ යනවා. බිට්කොයින් 1% ක් වැඩි වෙනකොට MSTR කොටස 2% ක් 3% ක් වැඩි වෙන්න පුළුවන්.
Speculation: සමාගම සතු දැවැන්ත බිට්කොයින් වත්කම් මත සමපේක්ෂණය (Speculate) කිරීමට.
mNAV Premium: ගොඩක් වෙලාවට MSTR කොටසක් වෙළඳපොලේ විකිණෙන්නේ ඔවුන් ළඟ තියෙන බිට්කොයින් වල වටිනාකමට වඩා වැඩි මිලකටයි (දැනට 1.29x පමණ).

6. අපිට වැදගත් KPI: BTC Yield සහ BTC Gain
BTC Yield: සමාගම කොටසකට තියෙන බිට්කොයින් ප්‍රමාණය කොච්චර වැඩි කරගෙන තියෙනවද යන්නයි. 2025 දී ඔවුන් 22.8% ක BTC Yield එකක් පෙන්නුවා.
BTC Gain: Saylor කියන විදිහට මේක තමයි ඔවුන්ගේ "Net Income" එක. 2026 අප්‍රේල් මුල් සති දෙකේ විතරක් ඔවුන් බිට්කොයින් 17,585 ක "BTC Gain" එකක් වාර්තා කළා (වටිනාකම $ බිලියන 1.3).

7. කොහොමද ඔවුන් පොලිය ගෙවන්නේ? (Sources of Income)
සමාගමේ සොෆ්ට්වෙයාර් බිස්නස් එකෙන් එන ලාභය දැන් සෘණ මට්ටමක තිබුණත් ඔවුන් පොලිය ගෙවන්නේ මෙහෙමයි:
Cash Reserves: ඔවුන් ළඟ ඩොලර් බිලියන 2.25 ක දැවැන්ත මුදල් සංචිතයක් තියෙනවා.
ATM Issuance: කොටස් මිල බිට්කොයින් අගයට වඩා වැඩි නිසා (Premium), ඔවුන් අලුතින් කොටස් විකුණලා පොලිය ගෙවන්නත් බිට්කොයින් ගන්නත් සල්ලි හොයාගන්නවා.
Return of Capital (ROC): STRC වලින් ලැබෙන ලාභාංශ "ප්‍රාග්ධනය ආපසු ලබාදීමක්" විදිහට වර්ග කිරීමෙන් බදු වාසි ලබා ගැනීම.

8. මේකේ තියෙන රිස්ක් එක මොකක්ද? (Risks & Realities)
මෙය ලූනා (Luna/UST) එකට වඩා වෙනස් වන්නේ බිට්කොයින් යනු ලෝකේ පිළිගත්ත දෘඩ වත්කමක් නිසයි. හැබැයි මේ අවදානම් තිබිය හැක:
බිට්කොයින් මිල දිගුකාලීනව වැටීම: දිගුකාලීන බෙයාර් මාකට් එකකදී පොලිය ගෙවීමට බිට්කොයින් විකුණන්නට සිදු වීම.
Death by Dilution: අලුත් කොටස් නිකුත් කිරීම නිසා පරණ ආයෝජකයන්ගේ අයිතිය අඩු වීම.
Premium එක නැති වීම: MSTR වල තියෙන ප්‍රීමියම් එක නැති වුවහොත් අලුතින් සල්ලි හොයන එක අමාරු වීම.
9. අවසාන වශයෙන් (Conclusion)
Michael Saylor කරන්නේ නිකන්ම බිට්කොයින් වලට සූදුවක් අල්ලන එක නෙවෙයි. ඔහු බිට්කොයින් පාවිච්චි කරලා ලෝකේ තියෙන ලොකුම "ඩිජිටල් බැංකුව" හදනවා. 2026 අවසානය වෙනකොට ඔවුන් ළඟ බිට්කොයින් මිලියනයක් විතර තියෙන්න පුළුවන්. ඒ කියන්නේ බිට්කොයින් වල සැපයුම (Supply) තවත් අඩු වෙනවා, ඉල්ලුම (Demand) වැඩි වෙනවා. මේක බිට්කොයින් මිලට පෝසිටිව් දෙයක්.

MicroStrategy කියන්නේ සාමාන්‍ය software company එකක් විතරක් නෙවෙයි. එක Bitcoin standard එක මත rebuild වෙන financial machine එකක්.
ඔයා හිතන්නේ Michael Saylor genius කෙනෙක්ද? නැත්නම් මේක dangerous strategy එකක්ද?
සැළකිය යුතුයි:
අධ්‍යාපනික අරමුණු සඳහා පමණි: මෙම ලිපියේ අන්තර්ගතය වර්තමාන තොරතුරු හා අධ්‍යාපනික අරමුණු සඳහා පමණක් එකතු කර ඇති අතර, කිසිඳු ආකාරයක මුදල් ආයෝජන උපදේශයක් නොවේ.
මූල්‍ය උපදෙස් නොවේ: මෙම ලිපිය සහ වීඩියෝව සපයා ඇත්තේ තොරතුරු දැනගැනීම සඳහා පමණක් වන අතර එය මූල්‍ය, නීතිමය හෝ බදු උපදෙස් ලෙස නොසැලකිය යුතුය. ඕනෑම මූල්‍ය තීරණයක් ගැනීමට පෙර ඔබගේම පර්යේෂණ සිදු කර බලපත්‍රලාභී වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබාගන්න.
මෙම post එක share කරන්න


