අද අපි කතා කරන්න යන්නේ ඉතාමත් ගැඹුරු ඒ වගේම ඔයාලා හැමෝම දැනගත යුතුම මාතෘකාවක් ගැන. ඔයාලා දන්නවා බිට්කොයින් (Bitcoin) කියන්නේ විමධ්‍යගත (Decentralized) මුදල් පද්ධතියක් කියලා. ඒත් ඇත්තටම මේ "විමධ්‍යගතභාවය" කියන එක මනින්න පුළුවන්ද? කවුරුහරි ඇහුවොත් "Ethereum වලට වඩා Bitcoin කොච්චර විමධ්‍යගතද?" කියලා, ඒකට දෙන්න තියෙන විද්‍යාත්මක උත්තරය මොකක්ද?
අන්න ඒ ගැන තමයි අද අපි කතා කරන්නේ. විශේෂයෙන්ම Nakamoto Coefficient කියන සුපිරි මිනුම් දණ්ඩ සහ අලුතින්ම හඳුන්වා දීපු Apokedro Index එක ගැන අපි අද සරලව ඉගෙන ගනිමු.
ඉතින් මේ ගැන ඉතාම පැහැදිලිව අපේ Bitcoin Sri Lanka YouTube නාලිකාවේ වීඩියෝ එක්කින් ඉදිරිපත් කරලා තියනවා. මේ පහල තියෙන්නෙ ඒ වීඩියෝ එක. ඔයාට පුළුවන් ඒකත් බලන්න
1. මුලින්ම බලමු මේ "විමධ්‍යගතභාවය" මනින්න උත්සාහ කරපු පරණ ක්‍රම ගැන (Gini Coefficient)
යාලුවනේ, ක්‍රිප්ටෝ ලෝකයට කලින් ආර්ථික විද්‍යාඥයෝ පාවිච්චි කරපු ක්‍රමයක් තමයි Gini Coefficient (ගිනි දර්ශකය). මේක 1912 දී Corrado Gini කියන කෙනා හඳුන්වා දුන්නේ රටක ධනය බෙදී යාමේ තියෙන අසමානතාවය මනින්නයි.

• මේකේ අගය 0 සිට 1 දක්වා තියෙනවා.
• 0 කියන්නේ පද්ධතියේ ඉන්න හැමෝටම සමානව සම්පත් බෙදිලා (Perfect Equality).
• 1 කියන්නේ එකම එක පුද්ගලයෙක් අතේ මුළු පාලනයම හෝ ධනයම තියෙනවා (Full Centralization).
ඇයි මේක ක්‍රිප්ටෝ වලට හරියන්නේ නැත්තේ? මේකේ තියෙන ලොකුම ප්‍රශ්නය තමයි ඒක ජාලයක ඉන්න පුද්ගලයන් සංඛ්‍යාව (Sample size) ගැන සලකන්නේ නැති වීම. උදාහරණයකට, පද්ධතියක ඉන්නේ දෙන්නෙක් විතරයි නම්, ඒ දෙන්නා අතේ සමානව බලය තිබුණත් Gini අගය 0 වෙනවා. ඒත් ජාලයක් ආරක්ෂා වෙන්න දෙන්නෙක් මදි නේද?. ඒ වගේම මේකෙන් මනින්නේ "සාධාරණත්වය" විතරයි, පද්ධතියකට පහර දෙන්න කොච්චර ලෙහෙසිද කියන "ආරක්ෂාව" ගැන මෙතැනදී කියවෙන්නේ නැහැ.
2. මොකක්ද මේ Nakamoto Coefficient (නකමොටෝ දර්ශකය)?
මෙන්න මෙතැනදී තමයි Nakamoto Coefficient එක වැදගත් වෙන්නේ. මේක 2017 දී Balaji Srinivasan සහ Leland Lee කියන දෙන්නා තමයි හඳුන්වා දුන්නේ. මේක නම් කරලා තියෙන්නේ අපේ බිට්කොයින් නිර්මාතෘ සතෝෂි නකමොටෝගේ නමින්.

සරල අර්ථ දැක්වීම: Nakamoto Coefficient එක කියන්නේ පද්ධතියක පාලනය අල්ලගන්න හෝ පද්ධතිය අඩපණ කරන්න එකතු විය යුතු (Collude) අවම ස්වාධීන පුද්ගලයන් හෝ ආයතන ගණනයි.
මේ අගය වැඩි වෙන්න වැඩි වෙන්න ජාලය වඩාත් ආරක්ෂිතයි සහ විමධ්‍යගතයි කියලා අපි සලකනවා. මොකද වැඩි පිරිසක් එකතු වෙලා කුමන්ත්‍රණය කිරීම ඇත්ත ලෝකයේදී ගොඩක් අමාරු දෙයක්.
Nakamoto Coefficient එක ගණනය කරන්නේ කොහොමද?
මේක තේරුම් ගන්න අපි පොඩි උදාහරණයක් ගමු. හිතන්න පද්ධතියක "Validators" ලා 5 දෙනෙක් ඉන්නවා කියලා:
• Provider A: 6 nodes (46%)
• Provider B: 3 nodes (23%)
• Provider C: 2 nodes (15%)
• Provider D: 1 node (8%)
• Provider E: 1 node (8%)

මුළු Nodes ගණන 13 යි. දැන් අපි බලනවා මේ පද්ධතියේ පාලනය අල්ලගන්න අවම වශයෙන් කී දෙනෙක් ඕනෙද කියලා. බොහෝ ජාල වල (විශේෂයෙන් PoS වල) පද්ධතිය පාලනය කරන්න 1/3 කට වඩා බලයක් තිබුණොත් ඇති. 13 න් 1/3 ක් කියන්නේ 5 ක් වගේ අගයක්.
මෙතැනදී Provider A ගාව විතරක් nodes 6 ක් තියෙනවා. ඒ කියන්නේ Provider A ට තනියම පද්ධතිය පාලනය කරන්න පුළුවන්. එතකොට මෙතැන Nakamoto Coefficient එක වෙන්නේ 1. ඒ කියන්නේ මේ පද්ධතිය අතිශයින්ම මධ්‍යගතයි (Highly Centralized).
නමුත් මේ බලය විසිරිලා තිබුණා නම්, උදාහරණයකට 4 දෙනෙක් එකතු වෙනකම් ඒ 1/3 සීමාව පනින්න බැරි නම්, එතකොට Nakamoto Coefficient එක 4 වෙනවා.
4. බිට්කොයින් සහ අනෙකුත් ජාල අතර තියෙන අතිවිශාල පරතරය
දැන් අපි බලමු ඇයි බිට්කොයින් මේ හැමෝටම වඩා සුපිරි වෙන්නේ කියලා. ගොඩක් අය හිතන්නේ බිට්කොයින් වල Nakamoto Coefficient එක 3 ක් හෝ 4 ක් කියලා. ඒ ඔවුන් මයිනින් පූල් (Mining Pools) 3 ක් එකතු වුණොත් 51% ගන්න පුළුවන් නිසා.

නමුත් ඇත්ත ඒක නෙවෙයි. මයිනින් පූල් එකක් කියන්නේ එක පුද්ගලයෙක් නෙවෙයි. පූල් එකක් ඇතුළේ දහස් ගණනක් ස්වාධීන මයිනර්ස්ලා ඉන්නවා. පූල් එක මොකක් හරි නරක දෙයක් කරන්න හැදුවොත්, ඒ හැම මයිනර් කෙනෙක්ටම විනාඩි කිහිපයකින් තමන්ගේ Hash power එක වෙනත් පූල් එකකට මාරු කරන්න පුළුවන්.
බිට්කොයින් වල තියෙන ස්වාධීන නෝඩ් (Nodes) ගණන 17,000 කට වඩා වැඩියි. ඒ නිසා බිට්කොයින් වල සැබෑ Nakamoto Coefficient එක 7,349 ක් තරම් දැවැන්ත අගයක් ගන්නා බව ගොඩක් පර්යේෂණ පෙන්වා දෙනවා.
දැන් අපි මේක අනිත් ජාල එක්ක (2025/2026 දත්ත අනුව) සංසන්දනය කරමු:
• Polkadot: 178 (මෙය PoS වල හොඳම අගයයි)
• Solana: 19
• Cardano: 22
• Avalanche: 31
• Ethereum: 2 - 5

හිතන්න, බිට්කොයින් 7,000 පනිද්දී, Ethereum තියෙන්නේ 2 හෝ 5 වගේ අගයක. මේකට හේතුව තමයි Ethereum වල Lido වගේ එකම ආයතනයක් යටතේ මුළු සැපයුමෙන් 30% කට වඩා පාලනය වීම.
5. ඇයි Proof of Stake (PoS) ජාල මෙච්චර දුර්වල?
PoS ජාලවල තියෙන ලොකුම ප්‍රශ්නය තමයි ඒක "මුදල මත පදනම් වූ බලයක්" වීම.
1. ධනවතුන්ගේ පාලනය: PoS වල වැඩිපුර කාසි තියෙන කෙනාට පද්ධතියේ වැඩි බලයක් ලැබෙනවා. උදාහරණයකට Cardano වල ADA කාසි වලින් 40% ක් තියෙන්නේ මුළු ලිපින (Addresses) වලින් 0.05% කට විතරයි.
2. Binance සහ වෙනත් Exchanges වල බලපෑම: TRON සහ BSC (BNB Chain) වැනි ජාල වල Nakamoto Coefficient එක 1 ක් තරම් අඩු විය හැකියි, මොකද Binance හෝ TRON පදනම තනිවම තීරණ ගන්නා නිසා.
3. අවහිර කිරීමේ හැකියාව (Liveness attack): PoS ජාලයක 33.33% ක බලයක් එකතු කරගත්තොත් මුළු ජාලයම "Freeze" කරන්න ඒ කියන්නේ නතර කරන්න පුළුවන්.

බිට්කොයින් (PoW) වලදී කෙනෙකුට පාලනය ගන්න නම් ඇත්ත ලෝකයේ ශක්තිය (Energy) වැය කරන්න ඕනේ. ඒක සල්ලි වලින් කරන්න බැරි තරම් මිල අධික වැඩක්.
6. අලුත් "Apokedro Index" එක කියන්නේ මොකක්ද?
දැන් අපි එමු අද මාතෘකාවේ තියෙන අලුත්ම දේට. ඒ තමයි Apokedro. මේක හඳුන්වා දුන්නේ පරණ Nakamoto Coefficient එකේ තියෙන එක අඩුවක් මකාගන්නයි.
Nakamoto Coefficient එක බලන්නේ "ප්‍රබලම අය" (Top entities) ගැන විතරයි. නමුත් Apokedro පද්ධතියක ඉන්න හැම ස්වාධීන පුද්ගලයෙක්වම ගණනයට ගන්නවා.
මේකේ වැදගත් කරුණු 3 ක් තියෙනවා:
1. බලය බෙදී යාම (Distribution): බලය එක තැනක තියෙනවාද, නැත්නම් හැමෝම අතරේ බෙදිලා තියෙනවාද කියලා බලනවා.
2. සම්භාවිතාව (Probability): මෙතැනදී Game Theory වල එන Nash Equilibrium කියන එක පාවිච්චි කරනවා. ඒ කියන්නේ, පද්ධතියකට පහර දෙන්න කිහිප දෙනෙක් එකඟ වීමේ තියෙන සම්භාවිතාව කොච්චරද කියලා මනිනවා.

3. සංකීර්ණත්වය: එක පුද්ගලයෙක්ට පහර දීම පහසු වුණාට, දහස් ගණනක් එකඟතාවයකට ඇවිත් පහර දීම ගොඩක් අපහසුයි.
පර්යේෂණ වලට අනුව බිට්කොයින් වල Tokenomics හෙවත් කාසි බෙදී යාම මේ Apokedro සහ Edinburgh Index වලට අනුවත් ඉතාමත් ඉහළයි. බිට්කොයින් වල සැපයුමෙන් 50% ක් පාලනය කරන්න අවම වශයෙන් ආයතන 116 ක් අවශ්‍ය වෙනවා, ඒත් PoS වල ඒක බොහෝ විට 2 - 10 අතර අගයක්.
7. බිට්කොයින් "රන් ප්‍රමිතිය" වන්නේ ඇයි? (Bitcoin vs. PoS)
අද අපි කතා කරපු හැම දෙයකින්ම පේන එක දෙයක් තියෙනවා. ඒ තමයි බිට්කොයින් වල තියෙන අසමසම ආරක්ෂාව.
• ආරක්ෂාව (Security): බිට්කොයින් වල Nakamoto Coefficient අගය 7,000+ වෙද්දී, අනිත් ජාල තියෙන්නේ 20-30 මට්ටමේ. ඒ කියන්නේ බිට්කොයින් ජාලය අනිත් ඒවාට වඩා සිය ගුණයකින් විමධ්‍යගතයි.
• අයිතිකරුවෙක් නැති වීම: Solana හෝ Ethereum වල නිර්මාතෘවරුන් හෝ පදනම් (Foundations) වලට ජාලයේ නීති වෙනස් කිරීමට බලපෑම් කළ හැකියි. නමුත් බිට්කොයින් වල එහෙම කෙනෙක් නැහැ.
• විනිවිදභාවය: EDI (Edinburgh Decentralization Index) පෙන්වා දෙන්නේ බිට්කොයින් වල Consensus, Tokenomics සහ Geography කියන හැම පැත්තකින්ම ඉතාමත් ඉහළ විමධ්‍යගතභාවයක් පවතින බවයි.

සාරාංශය
අද අපි ඉගෙන ගත්තේ Nakamoto Coefficient සහ Apokedro වැනි විද්‍යාත්මක මිනුම් දඬු වලින් පද්ධතියක සැබෑ ශක්තිය මනින ආකාරයයි. විමධ්‍යගතභාවය කියන්නේ නිකම්ම වචනයක් නෙවෙයි, ඒක තමයි ඔයාගේ මූල්‍ය නිදහසේ සහ ආරක්ෂාවේ පදනම.
බිට්කොයින් අනෙකුත් සියලුම PoS ජාල වලට වඩා සැතපුම් ගණනක් ඉදිරියෙන් ඉන්නේ එහි ඇති මේ දැවැන්ත විමධ්‍යගතභාවය නිසයි. ඉතින් ඔයා ආයෝජනය කරන්න කලින් මේ දත්ත ගැන හොඳින් හිතලා බලන්න.
අදට ගිහින් එන්නම් සුභ දවසක්.
සැළකිය යුතුයි:
අධ්‍යාපනික අරමුණු සඳහා පමණි: මෙම ලිපියේ අන්තර්ගතය වර්තමාන තොරතුරු හා අධ්‍යාපනික අරමුණු සඳහා පමණක් එකතු කර ඇති අතර, කිසිඳු ආකාරයක මුදල් ආයෝජන උපදේශයක් නොවේ.
මූල්‍ය උපදෙස් නොවේ: මෙම ලිපිය සහ වීඩියෝව සපයා ඇත්තේ තොරතුරු දැනගැනීම සඳහා පමණක් වන අතර එය මූල්‍ය, නීතිමය හෝ බදු උපදෙස් ලෙස නොසැලකිය යුතුය. ඕනෑම මූල්‍ය තීරණයක් ගැනීමට පෙර ඔබගේම පර්යේෂණ සිදු කර බලපත්‍රලාභී වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබාගන්න.
මෙම ලිපිය හුවමාරු කරගන්න

