
Bitcoin Volatility = සතෝෂිගෙන් ලැබුණු තෑග්ග අපිට වැදගත් ඇයි?
ආරම්භකයින්ගේ මාර්ගෝපදේශය
Mar 3, 2026
ආයූබෝවන්. අද කතා කරන්නේ මේ දවස් කතා කරන්නම ඕන දෙයක් ගැන. මිල බහිනකොට බය වෙන්න එපා! Bitcoin මිල 20%, 50% ක් වගේ එකපාරටම පහළ බහිනකොට ගොඩක් අය බය වෙනවා. තමන්ගේ සල්ලි "ඉවරයි" කියලා හිතලා බයටම විකුණලා දානවා. හැබැයි මම අද ඔයාලට කියන්නේ වෙනස්ම කතාවක්. විශේෂයෙන් ලංකාවේ ඉන්න අපිට, Bitcoin වල තියෙන මේ Volatility එක (මිල වේගයෙන් වෙනස් වීම) ඇත්තටම අපිට ලැබුණු තෑග්ගක්.
ඉතින් මේ ගැන ඉතාම පැහැදිලිව අපේ Bitcoin Sri Lanka YouTube නාලිකාවේ වීඩියෝ එක්කින් ඉදිරිපත් කරලා තියනවා. මේ පහල තියෙන්නෙ ඒ වීඩියෝ එක. ඔයාට පුළුවන් ඒකත් බලන්න.
මයිකල් සේලර් (Michael Saylor) මේකට කියන්නේ "සතෝෂිගෙන් ලැබුණු තෑග්ගක්" (Satoshi’s Gift) කියලා. මිල ස්ථාවර නැති එක අවදානමක් නෙවෙයි, ඒක දිගුකාලීන ආයෝජකයන්ට ලැබුණු ලොකු අවස්ථාවක්. අද අපි කතා කරමු ඇයි Bitcoin මිල බහින එක අපිට වාසියක් වෙන්නේ කියලා.
"ඉගෙන ගත්ත අයට" ලැබුණු තෑග්ග (The Gift to the Faithful)
මයිකල් සේලර් කියන විදියට, මේ මිල උච්චාවචනය නිසා "ටුවරිස්ට්ලා" (tourists), කම්මැලි අය සහ නිකම්ම සල්ලි තියෙන අය බය වෙලා දුවනවා. හැබැයි ඔයා Bitcoin ගැන පැය 100 ක් විතර ඉගෙන ගන්න මහන්සි වෙනවා නම්, මේක ඔයාට ලැබුණු තෑග්ගක්.
මේක අවුරුදු 21 ක "ලීවරයක්" (21-year lever) වගේ. හිතන්න, අදම හැමෝම Bitcoin ගැන ඉගෙනගෙන, BTC මිල ඩොලර් මිලියන 10 ක් වුනා කියලා. එහෙනම් අපිට තව BTC එකතු කරන්න (stack) අවුරුදු 20 ක කාලයක් ඉතිරි වෙන්නේ නැහැ. මිල එහා මෙහා වෙන නිසා තමයි අපිට මහන්සි වෙලා සල්ලි හොයලා, තව තවත් මේක රැස් කරගන්න කාලය ලැබෙන්නේ.

සල්ලි වල ගණිතය - Bitcoin vs S&P 500 (The Math)
අපි දත්ත එක්ක බලමු. රජත් සෝනි (Rajat Soni) පෙන්වා දෙන විදියට, ගොඩක් අය S&P 500 වගේ දේවල් වලට කැමති ඒක "ස්ථාවර" නිසයි. හැබැයි ඒ ස්ථාවර බව නිසාම ඔයාට ලොකු ප්‍රමාණයක් එකතු කරගන්න බැහැ.
· S&P 500 එකේ: 2021 ඉඳන් 2025 වෙනකම් මාසෙකට ඩොලර් 100 බැගින් දැම්මා නම් ඔයාගේ ලාභය 46% ක් විතර. ඒ කාලේ ඒකේ මිල උපරිම බැස්සේ 25% යි.
· Bitcoin වල: ඒ විදියටම මාසෙකට ඩොලර් 100 බැගින් දැම්මා නම් ඔයාගේ ලාභය 115% ක්!. මොකද Bitcoin මිල 74% ක් වගේ ලොකු ප්‍රමාණයකින් පහළ බැස්සා.
මිල 74% කින් බහිනකොට, ඔයා දාන ඩොලර් 100 ට කලින්ට වඩා 284% කට වඩා වැඩි "සතෝෂි" (satoshis) ප්‍රමාණයක් ගන්න පුළුවන්. ඒ කියන්නේ මිල බහින වෙලාවට ඔයාට හතර ගුණයක් විතර වැඩියෙන් Bitcoin රැස් කරගන්න පුළුවන්.

ශ්‍රී ලංකාවට මේක වැදගත් ඇයි? (Relative Volatility)
ඇන්ඩ්‍රියාස් ඇන්ටොනොපොලස් (Andreas Antonopoulos) කියන විදියට "Volatility" කියන දේ සාපේක්ෂයි. ඇමරිකාවේ කෙනෙක්ට Bitcoin මිල වෙනස් වීම ලොකු දෙයක් වුනාට, ලංකාව වගේ රටවල් වල ඉන්න අපිට අපේ මුදල් වල වටිනාකම අඩුවීම (inflation) ඊට වඩා ලොකු ප්‍රශ්නයක්.
සමහර රටවල් වල මුදල් වලට වඩා Bitcoin ස්ථාවරයි. Bitcoin කියන්නේ කිසිම ආණ්ඩුවකට හෝ බැංකුවකට පාලනය කරන්න බැරි, ඕනෑම රටක, ඕනෑම භාෂාවකින් පාවිච්චි කළ හැකි "මධ්‍යස්ථ මුදල්" (Neutral Money) වර්ගයක්. අපේ වගේ ආර්ථික ප්‍රශ්න තියෙන රටකට, Bitcoin කියන්නේ තමන්ගේ ධනය ආරක්ෂා කරගන්න තියෙන හොඳම "Hard Money" විකල්පයයි.

හතරවැනි කොටස: Bitcoin ස්ථාවරයි - මිනිස්සුයි කලබල! (Code vs Humans)
ජෝ බර්නෙට් (Joe Burnett) සහ Fidelity ආයතනය පෙන්වා දෙන විදියට, Bitcoin ජාලය (Network) ලෝකයේ තියෙන ස්ථාවරම සහ විශ්වාසවන්තම දේයි. ඒකට CEO කෙනෙක් නැහැ, පාලක මණ්ඩලයක් නැහැ, ඒ වගේම මිලියන 21 ක සීමාව කවදාවත් වෙනස් වෙන්නේ නැහැ.
මිල වෙනස් වෙන්නේ මිනිස්සු බය වෙන නිසයි. Bitcoin වසරකට 100% කට වඩා වේගයෙන් වර්ධනය වෙනවා, ඉතින් ඒ අතරතුර මිල බහින එක සාමාන්‍ය දෙයක්. මිල බහින එකෙන් වෙන්නේ මිලදී ගැනීමේ හැකියාව නැති අය ඉවත් වෙලා, Bitcoin ගැන දන්නා "ශක්තිමත් අය" (strong hands) අතට මේවා පත්වීමයි.

අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න (Embracing the Gift)
ලින් ඕල්ඩන් (Lyn Alden) පවසන පරිදි, මිල වැඩි වෙනකොට තමයි ලොකු බැංකු සහ ආයතන මේක මිලදී ගන්න එන්නේ. අද මිල එහා මෙහා වෙන්නේ මේක තාම අලුත් නිසයි. මිල ස්ථාවර වුන දවසට ඔයාට මේ වගේ අඩු මිලට ගන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ.
ඉතින් ලංකාවේ ඉන්න අපිට වැදගත් වෙන්නේ ඩොලර් වටිනාකම නෙවෙයි, අපි ගාව තියෙන සතෝෂි (Satoshis) ප්‍රමාණයයි.
අද මතක තබා ගත යුතු දේවල්:
1. DCA කරන්න: හැම මාසෙකම පොඩි මුදලක් Bitcoin වලට දාන්න.
2. දිගුකාලීනව හිතන්න: දවසින් දෙකෙන් පොහොසත් වෙන්න බලන්න එපා, අවුරුදු 10-20 ක කාලයක් ගැන හිතන්න.
3. ඉගෙන ගන්න: Bitcoin ගැන ඉගෙන ගන්න තරමට මිල බහිනකොට ඔයා බය වෙන්නේ නැහැ.

Bitcoin මිලෙහි උච්චාවචනය (Volatility) කියන්නේ සතෝෂිගෙන් අපිට ලැබුණු තෑග්ගක්. ඒකෙන් ප්‍රයෝජන ගන්න. දිගටම එකතු කරන්න (Keep stacking)! මම කියන නිසාම මේවා කරන්න යන්න එපා. මම මේ දේවල් කියන්නෙ ඔයාගෙ දැනුමට දේවල් එකතු කරන්න.
එහෙනම් අදට ගිහින් එන්නම් . සුබ දවසක්
සැළකිය යුතුයි:
අධ්‍යාපනික අරමුණු සඳහා පමණි: මෙම ලිපියේ අන්තර්ගතය වර්තමාන තොරතුරු හා අධ්‍යාපනික අරමුණු සඳහා පමණක් එකතු කර ඇති අතර, කිසිඳු ආකාරයක මුදල් ආයෝජන උපදේශයක් නොවේ.
මූල්‍ය උපදෙස් නොවේ: මෙම ලිපිය සහ වීඩියෝව සපයා ඇත්තේ තොරතුරු දැනගැනීම සඳහා පමණක් වන අතර එය මූල්‍ය, නීතිමය හෝ බදු උපදෙස් ලෙස නොසැලකිය යුතුය. ඕනෑම මූල්‍ය තීරණයක් ගැනීමට පෙර ඔබගේම පර්යේෂණ සිදු කර බලපත්‍රලාභී වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබාගන්න.
මෙම ලිපිය හුවමාරු කරගන්න

