Bitcoin මිල ගැන බයද? එහෙනම් "Satoshi Standard" එක ගැන දැනගන්න!

ආරම්භකයින්ගේ මාර්ගෝපදේශය

May 18, 2026

Bitcoin මිල ගැන බයද? එහෙනම් "Satoshi Standard" එක ගැන දැනගන්න!

අද කාලයේ Bitcoin ගැන කතා කරන ඕනෑම කෙනෙකුට ඇතිවන ප්‍රධානතම ගැටලුවක් තමයි, "දැන් Bitcoin එකක මිල ගොඩක් වැඩියි, මම පරක්කු වැඩියි" කියලා හිතන එක. ඇත්තටම ඩොලර් 73,000 සීමාවත් පැනපු Bitcoin එකක් ගන්න එක සාමාන්‍ය කෙනෙකුට ලෙහෙසි නැහැ. හැබැයි ඔබ දන්නවාද Bitcoin මිල ඩොලර් වලින් මනින එක නතර කරලා 'Satoshis' නැත්නම් 'Sats' වලින් මනින්න පටන් ගත්තොත් ඔබේ අනාගතය වෙනස් වෙන්න පුළුවන් කියලා?.

ඉතින් මේ ගැන ඉතාම පැහැදිලිව අපේ Bitcoin Sri Lanka YouTube නාලිකාවේ වීඩියෝ එක්කින් ඉදිරිපත් කරලා තියනවා. මේ පහල තියෙන්නෙ ඒ වීඩියෝ එක. ඔයාට පුළුවන් ඒකත් බලන්න.

මේ ලිපියෙන් අපි කතා කරන්නේ අනාගත මූල්‍ය ලෝකයේ මිනුම්දණ්ඩ වන "Satoshi Standard" එක ගැනයි.

Bitcoin එකක් කියන්නේ එක කාසියක් නෙවෙයි!

ගොඩක් අය හිතන්නේ Bitcoin එකක් කියන්නේ බෙදන්න බැරි එක ඒකකයක් කියලා. හැබැයි ඇත්ත ඒක නෙවෙයි. එක Bitcoin එකක් ඇතුළේ Satoshi මිලියන 100ක් තියෙනවා. හරියට රුපියලක් ශත 100කට හෝ කිලෝමීටරයක් මීටර් 1000කට බෙදන්න පුළුවන් වගේ වැඩක්.

අපේ මනසේ තියෙන ලොකුම වැරැද්දක් තමයි 'Unit Bias' කියන එක. ඒ කියන්නේ අපි හැමතිස්සෙම සම්පූර්ණ ඒකකයක් (Whole unit) මිලදී ගන්න උත්සාහ කිරීමයි. හැබැයි අපි රත්තරන් ගනිද්දී මුළු රත්තරන් කන්දක්ම ගන්නේ නැහැ නේද? අපි ගන්නේ පවුම් භාගයක් හෝ ග්‍රෑම් කිහිපයක්. Bitcoin කියන්නෙත් Digital Gold නිසා, ඔබට Satoshi 10,000කින් හෝ ලක්ෂයකින් ඉතා පොඩියට ආයෝජනය පටන් ගන්න පුළුවන්.

තාක්ෂණය නිසා දේවල් ලාභ විය යුතුයි, එහෙනම් ඇයි මිල වැඩි වෙන්නේ?

ප්‍රකට ලේඛක Jeff Booth පවසන පරිදි, තාක්ෂණය නිසා ලෝකයේ සෑම දෙයකම මිල අඩු විය යුතුයි (Deflation). උදාහරණයක් ලෙස ඉස්සර අපි කැමරා, Walkman සහ තැපැල් සේවා වෙන වෙනම මිලදී ගත්තත්, අද ඒ සියල්ල ඔබගේ Smartphone එක තුළ ඉතා ලාභදායීව අඩංගු වී තිබෙනවා.

නමුත් රජයන් සහ මධ්‍යම බැංකු දිගින් දිගටම සල්ලි අච්චු ගැසීම (Money Printing) නිසා අපේ මුදල් වල වටිනාකම අඩු වෙනවා (Inflation). Bitcoin වල විශේෂත්වය වන්නේ එහි උපරිම සැපයුම මිලියන 21කට සීමා වී තිබීමයි. ඒ නිසා තාක්ෂණයෙන් ලැබෙන වාසිය මැනගන්න පුළුවන් හොඳම මිනුම්දණ්ඩ වන්නේ Bitcoin පමණයි.

ලෝකය Bitcoin වලින් මැන බලමු (Repricing the World)

ඔබ පුදුම වේවි, නමුත් ලෝකයේ ඇති අනෙක් සියලුම දේවල වටිනාකම Bitcoin වලට සාපේක්ෂව කාලයත් සමඟ අඩු වෙනවා. මූලාශ්‍ර වලට අනුව:

  • රත්තරන් (Gold): පසුගිය අවුරුදු 10 ඇතුළත Bitcoin වලට සාපේක්ෂව රත්තරන් වල වටිනාකම 99% කින් විතර වැටිලා.

  • නිවාස (Real Estate): 2018දී ඇමරිකාවේ සාමාන්‍ය ගෙයක් ගන්න Bitcoin 88ක් ඕන වුණත්, 2025 වෙද්දී ඒ වගේම ගෙයක් ගන්න ඕනේ වෙන්නේ Bitcoin 4ක් වැනි ප්‍රමාණයක් විතරයි.

  • Big Mac Index: 2015දී බර්ගර් එකක් ගන්න Satoshi 990,000ක් ඕන වුණත්, 2025 වෙද්දී ඒ සඳහා වැය වෙන්නේ Satoshi 6,650ක් විතරයි.

මේ දත්ත වලින් පෙනී යන්නේ බඩු මිල වැඩි වෙනවාට වඩා, ඔබ පාවිච්චි කරන මුදල් වල වටිනාකම අඩු වී ඇති බවයි.

ඔබේ මානසිකත්වය වෙනස් කරගන්න (Low Time Preference)

මුදල් වල අගය හැමදාම අඩු වෙනවා නම්, අපි කරන්නේ අදම ඒ සල්ලි වියදම් කරලා විනෝද වෙන්න බලන එකයි (High Time Preference). හැබැයි Satoshi වැනි වටිනාකම වැඩි වෙන දෙයක් ඔබ සතුව තිබෙනවා නම්, ඔබ අනවශ්‍ය වියදම් පාලනය කර අනාගතය වෙනුවෙන් ඉතුරු කිරීමට පෙළඹෙනවා. මේකට තමයි 'Low Time Preference' මානසිකත්වය කියන්නේ.

අවසන් සටහන

Bitcoin මිල ඩොලර් ලක්ෂ ගණනක් වීම ගැන බය වෙන්න එපා. අද සිටම පොඩියට හරි Satoshi එකතු කරන්න (Stacking Sats) පටන් ගන්න. මතක තබා ගන්න, අනාගතයේදී ලෝකය මනින්නේ Satoshi වලින් මිස ඩොලර් වලින් නොවේ.

විශේෂ උපදේශය: මෙය මූල්‍ය උපදෙසක් නොවන අතර, ඕනෑම ආයෝජනයක් කිරීමට පෙර ඒ පිළිබඳව හොඳින් අධ්‍යයනය කරන්න.

Bitcoin Sri Lanka ඇසුරිනි.

සැළකිය යුතුයි:

අධ්‍යාපනික අරමුණු සඳහා පමණි: මෙම ලිපියේ අන්තර්ගතය වර්තමාන තොරතුරු හා අධ්‍යාපනික අරමුණු සඳහා පමණක් එකතු කර ඇති අතර, කිසිඳු ආකාරයක මුදල් ආයෝජන උපදේශයක් නොවේ.

මූල්‍ය උපදෙස් නොවේ: මෙම ලිපිය සහ වීඩියෝව සපයා ඇත්තේ තොරතුරු දැනගැනීම සඳහා පමණක් වන අතර එය මූල්‍ය, නීතිමය හෝ බදු උපදෙස් ලෙස නොසැලකිය යුතුය. ඕනෑම මූල්‍ය තීරණයක් ගැනීමට පෙර ඔබගේම පර්යේෂණ සිදු කර බලපත්‍රලාභී වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබාගන්න.

මෙම ලිපිය හුවමාරු කරගන්න

Bitcoin for
Sri Lankans

When you are ready to take the next step, Bitnomi helps you move from learning to action with a self-custodial Bitcoin experience built for Sri Lankans.

බිට්කොයින් ශ්‍රී ලංකාහි අප මූල්‍ය නිදහස සහ ඩිජිටල් සවිබල ගැන්වීමේ විප්ලවයක් සිදු කරමින් සිටි. අපගේ මෙහෙවර වන්නේ බිට්කොයින් හි පරිවර්තනීය බලය භාවිතා කිරීමට පුද්ගලයින් දැනුවත් කිරීම, පෙළඹවීම සහ සක්‍රීය කිරීමයි. සියලු ශ්‍රී ලාංකිකයන් සඳහා මූල්‍ය අන්තර්ගතභාවය යථාර්ථයක් වන අනාගතයක් අපි එක්ව ගොඩනගමු.

Bitcoin Sri Lanka

Bitcoin Sri Lanka © 2024 | All rights reserved

Bitcoin for Sri Lankans