
ආයුබෝවන්! ඔයාලා දන්නවාද Bitcoin කියන්නේ නිකම්ම ඩිජිටල් සල්ලි විතරක් නෙවෙයි කියලා? ඒක පිටුපස තියෙන්නේ පුදුම හිතෙන ගණිතමය සත්‍යයක්.
අද අපි ඉන්නේ ඉතාම විශේෂ සන්ධිස්ථානයක. 2026 අවුරුද්ද වෙනකොට ලෝකයේ මුළු Bitcoin ප්‍රමාණයෙන් 20,000,000 ක් (මිලියන 20ක්) හාරලා (mine කරලා) ඉවර වෙනවා. එතකොට ඉතිරි වෙන්නේ තව එක මිලියනයක් විතරයි. හැබැයි ඒ ඉතිරි මිලියනය mine කරන්න තව අවුරුදු 100කට වඩා යනවා කිව්වොත් ඔයාලා විශ්වාස කරනවාද? අද වීඩියෝ එකෙන් අපි බලමු මේ 2026 'Milestone' එක මොකක්ද, Bitcoin වල මේ හිඟකම (Scarcity) අපිට වැදගත් වෙන්නේ ඇයි කියලා."
ඉතින් මේ ගැන ඉතාම පැහැදිලිව අපේ Bitcoin Sri Lanka YouTube නාලිකාවේ වීඩියෝ එක්කින් ඉදිරිපත් කරලා තියනවා. මේ පහල තියෙන්නෙ ඒ වීඩියෝ එක. ඔයාට පුළුවන් ඒකත් බලන්න.
මොකක්ද මේ 20 Million Milestone එක?
අපි මුලින්ම බලමු මේ 2026 දී වෙන්න යන දේ. 2026 මාර්තු 12 වෙනිදා වගේ වෙනකොට Bitcoin ජාලය එහි 20,000,000 වෙනි කාසිය නිකුත් කරනවා. මේක වෙන්නේ 'Block Height 940,217' කියන අවස්ථාවේදී.

මේකේ තේරුම තමයි Bitcoin වල මුළු සැපයුමෙන් 95.24% ක්ම දැන් ලෝකයට ඇවිත් ඉවරයි කියන එක. දැන් ඔයාලට හිතෙන්න පුළුවන්, 'ඉතින් ඉතිරි ටිකත් ඉක්මනට mine වෙලා ඉවර වෙයිනේ' කියලා. අන්න එතන තමයි Bitcoin වල තියෙන ගණිතමය මැජික් එක තියෙන්නේ. මුල් මිලියන 20 mine කරන්න ගියේ අවුරුදු 17ක් වගේ කාලයක් වුණාට, ඉතිරි මිලියනය mine කරන්න අවුරුදු 114ක් විතර යනවා..

ගණිතමය සහතිකය සහ 21 මිලියනයේ සීමාව
Bitcoin නිර්මාණය කරපු සතෝෂි නකමොටෝ මේක හැදුවේ රත්තරන් වගේ දෙයක් විදිහට. රත්තරන් පොළොවෙන් හාරනකොට කාලයත් එක්ක ඒක හොයාගන්න අමාරු වෙනවා වගේම, Bitcoin වලත් අලුතින් bitcoin හැදෙන වේගය අඩු වෙනවා.
මේක පාලනය වෙන්නේ 'Halving' කියන සිදුවීමෙන්. සෑම බ්ලොක් 210,000 කට වරක් (ඒ කියන්නේ අවුරුදු 4කට වරක් වගේ) මයිනර්ස්ලාට ලැබෙන Bitcoin ප්‍රමාණය හරියටම අඩකින් අඩු වෙනවා. 2009 දී බ්ලොක් එකකට Bitcoin 50ක් ලැබුණා, දැන් ඒක 3.125 දක්වා අඩු වෙලා තියෙනවා.

තවත් වැදගත් දෙයක් තමයි, Bitcoin කවදාවත් හරියටම මිලියන 21ක් වෙන්නේ නැහැ. ගණිතමය වශයෙන් බලද්දී ඒක උපරිම 20,999,999.9769 BTC වගේ ප්‍රමාණයක නතර වෙනවා. මේක කිසිම රජයකට හෝ බැංකුවකට වෙනස් කරන්න බැහැ. මේක තමයි 'Code is Law' කියන්නේ.

මේ හිඟකම අපිට වැදගත් ඇයි?
අපේ ලංකාවේ ආර්ථිකය දිහා බැලුවොත්, රුපියල හෝ ඩොලරය ඕනෑ වෙලාවක රජයකට අච්චු ගහන්න පුළුවන්. එතකොට වෙන්නේ සල්ලි වල වටිනාකම අඩුවෙලා බඩු මිල වැඩි වෙන එක.
හැබැයි Bitcoin වල එහෙම බැහැ. සැපයුම සීමිතයි, ඒ වගේම ඒක නිකුත් කරන වේගයත් කලින්ම තීරණය කරලා තියෙන්නේ. ඒ නිසා තමයි ලෝකයේ ලොකු ආයතන දැන් Bitcoin වලට 'Digital Gold' (ඩිජිටල් රත්තරන්) කියන්නේ. 2026 දී මිලියන 20ක් ඉවර වීම කියන්නේ Bitcoin 'පරිණත' වත්කමක් බවට පත්වීමේ ලොකුම සංඥාවයි.

තව දෙයක්, දැනටමත් mine කරපු Bitcoin වලින් මිලියන 3ක් 4ක් විතර සදහටම නැති වෙලා තියෙනවා (Lost Bitcoins). ඒ කියන්නේ ඇත්තටම වෙළඳපොලේ තියෙන්නේ අපි හිතනවාටත් වඩා අඩු ප්‍රමාණයක්. මේකෙන් වෙන්නේ තියෙන Bitcoin වල අගය තවත් වැඩි වෙන එකයි.
"ඉතින් 2026 කියන්නේ Bitcoin ඉතිහාසයේ ඉතාම වැදගත් අවුරුද්දක්. ඔයා Bitcoin ළඟ තියාගෙන ඉන්න කෙනෙක් වුණත් නැතත්, මේ තාක්ෂණය සහ ඒකේ තියෙන ගණිතමය හිඟකම ගැන දැනගෙන ඉන්න එක අනාගතයට ගොඩක් වැදගත් වෙයි.ගිහින් එන්නම් සුභ දවසක්.
සැළකිය යුතුයි:
අධ්‍යාපනික අරමුණු සඳහා පමණි: මෙම ලිපියේ අන්තර්ගතය වර්තමාන තොරතුරු හා අධ්‍යාපනික අරමුණු සඳහා පමණක් එකතු කර ඇති අතර, කිසිඳු ආකාරයක මුදල් ආයෝජන උපදේශයක් නොවේ.
මූල්‍ය උපදෙස් නොවේ: මෙම ලිපිය සහ වීඩියෝව සපයා ඇත්තේ තොරතුරු දැනගැනීම සඳහා පමණක් වන අතර එය මූල්‍ය, නීතිමය හෝ බදු උපදෙස් ලෙස නොසැලකිය යුතුය. ඕනෑම මූල්‍ය තීරණයක් ගැනීමට පෙර ඔබගේම පර්යේෂණ සිදු කර බලපත්‍රලාභී වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබාගන්න.
මෙම post එක share කරන්න


