අද අපි කතා කරන්න යන්නේ ක්‍රිප්ටෝ ලෝකයේ ඉන්න දැවැන්තයෝ දෙන්නෙක් ගැන. ඒ තමයි Bitcoin සහ Solana. මේ දෙකම එක වගේ කියලා හිතුවට, ඇත්තටම මේවායේ අරමුණ සහ වැඩ කරන විදිහ සම්පූර්ණයෙන්ම වෙනස්. අද අපි ඉතාම සරලව, තාක්ෂණික කරුණු පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් විදිහට මේ දෙකේ වෙනස බලමු.
ඉතින් මේ ගැන ඉතාම පැහැදිලිව අපේ Bitcoin Sri Lanka YouTube නාලිකාවේ වීඩියෝ එක්කින් ඉදිරිපත් කරලා තියනවා. මේ පහල තියෙන්නෙ ඒ වීඩියෝ එක. ඔයාට පුළුවන් ඒකත් බලන්න
1. ආරම්භය සහ නිර්මාතෘවරු (The Origin Stories)
මුලින්ම බලමු මේවායේ උපත. Bitcoin කියන්නේ ලෝකයේ පළමු ක්‍රිප්ටෝ එක. 2008 දී සතෝෂි නකමොටෝ (Satoshi Nakamoto) කියන නිර්නාමික පුද්ගලයා (නැත්නම් පිරිසක්) තමයි මේක හඳුන්වා දුන්නේ. 2009 ජනවාරි 3 වෙනිදා මෙහි පළමු "Genesis Block" එක නිර්මාණය වුණා.

හැබැයි Solana කියන්නේ මෑතකදී, ඒ කියන්නේ 2020 දී ආපු අලුත් තාක්ෂණයක්. මේක නිර්මාණය කළේ ඇනටෝලි යකොවෙන්කෝ (Anatoly Yakovenko) සහ ඔහුගේ කණ්ඩායම (Solana Labs) විසිනුයි. Solana වලට ඒ නම ලැබුණේ කැලිෆෝනියාවේ "Solana Beach" කියන ප්‍රදේශයෙන්.
2. පද්ධතියේ සැකැස්ම: "ඩිජිටල් රත්තරන්" ද? "පරිගණක මෙහෙයුම් පද්ධතියක්" ද?
Bitcoin වල ප්‍රධාන අරමුණ වුණේ බැංකු වැනි අතරමැදියන් නැති, ආරක්ෂිත මුදල් පද්ධතියක් වීමයි. ඒ නිසා තමයි අපි ඒකට "ඩිජිටල් රත්තරන්" (Digital Gold) කියන්නේ. ඒක තනිකරම මූල්‍ය පද්ධතියක් හෝ ප්‍රොටෝකෝලයක් (Protocol) ලෙසයි ක්‍රියා කරන්නේ.

නමුත් Solana කියන්නේ ඊට වඩා වෙනස් දෙයක්. ඒක හරියට "Operating System" එකක් වගේ. ඒ කියන්නේ Solana මත ඕනෑම කෙනෙකුට App හදන්න, Games හදන්න, සහ වෙනත් මූල්‍ය සේවාවන් (DeFi) නිර්මාණය කරන්න පුළුවන්. ඒ නිසා Solana කියන්නේ නිකම් ප්‍රොටෝකෝලයක් නෙවෙයි, එය විශාල පද්ධතියක්. හැබැයි දැනට මේ පද්දතිය පාවිච්චි වෙන්නේ pump and dump වලටයි. වැඩියෙන්ම ස්කෑම් වලට. මේකත් අපිට ප්‍රෝස් කරන්න පුළුවන්. සොලානා වල හැදෙන ටෝකන් ප්‍රොජෙක්ට් 50% ට වඩා හැදිලා තියෙන්නේ ස්කෑම් ටෝකන්.

3. වේගය සහ ගනුදෙනු ගාස්තු (Speed and Fees)
මෙතනදී තමයි මේ දෙකේ ලොකුම වෙනස තියෙන්නේ.
• වේගය (TPS): Bitcoin වලට තත්පරයකට හැසිරවිය හැක්කේ ගනුදෙනු 7ක් වැනි කුඩා ප්‍රමාණයක්. නමුත් Solana වලට තත්පරයකට ගනුදෙනු 800 - 1,100 අතර ප්‍රමාණයක් සැබෑ ලෝකයේදී කරන්න පුළුවන් වගේම, එහි උපරිම හැකියාව තත්පරයකට 65,000ක් පමණ වෙනවා.

• ගාස්තු (Fees): Bitcoin ගනුදෙනු ගාස්තුව සාමාන්‍යයෙන් ඩොලර් 17ක් වැනි ඉහළ අගයක් ගන්නා අතර එය ඉතාමත් වෙනස් විය හැකියි. හැබැයි Solana වල ගනුදෙනු ගාස්තුව රුපියලකටත් වඩා ගොඩක් අඩුයි, ඒ කියන්නේ ඩොලර් 0.00025ක් වගේ ඉතාම කුඩා මුදලක්.

• ස්ථිර වීමට යන කාලය (Finality): Bitcoin ගනුදෙනුවක් සම්පූර්ණයෙන්ම ස්ථිර වෙන්න සාමාන්‍යයෙන් විනාඩි 10 විතර යනවා. Solana වලදී ඒ සඳහා යන්නේ තත්පර 12.8ක් වැනි කෙටි කාලයක්.
මම මේ ටික කියලාම කියන්නම් දෙයක්. සොලාන වලට TPS එක ගැන ගොඩාක් ප්‍රශ්න සහ විවේචන තියෙනවා. එයාලා එයාලගෙ TPS එක ගැන බොරු ප්‍රචාරයක් කරලා ඇත්තටම අහුවුණා.
4. ආරක්ෂාව සහ පාලනය (Security, Control & Decentralization)
Bitcoin වැඩ කරන්නේ Proof of Work (PoW) කියන ක්‍රමයට. ඒ කියන්නේ විශාල විදුලි බලයක් වැය කරලා පරිගණක (Miners) හරහා ගනුදෙනු තහවුරු කරනවා. මේක ලෝකයේ තියෙන ආරක්ෂිතම ක්‍රමයයි. Bitcoin ජාලයේ නෝඩ් (Nodes) 18,500කට වඩා ලෝකය පුරා විසිරිලා තියෙනවා.

Solana භාවිතා කරන්නේ Proof of Stake (PoS) සහ Proof of History (PoH) කියන අලුත් ක්‍රමයක්. මේකේ ආරක්ෂාව සපයන්නේ කාසි තැන්පත් කරලා තියෙන "Validators" ලා හරහායි. Solana වල පාලනය Bitcoin වලට වඩා මධ්‍යගත (Centralized) බවට විවේචන තියෙන බව ඇත්ත. අපිට මේක සන්සංදනය කරන්න පුළුවන් වැලිඩේටර් එකක් රන් කරන්න යන කොස්ට් එකෙන්. අපි හරියට බැලුවොත් ලංකාවේ අපිට සෝලර් වැලිඩේටර් එකක් රන් කරන්න පහසු මිලක් තියෙන්නෙ. ඒකට අවශ්‍ය ප්‍රොසෙසින් පවර් එකයි, රැම් එකයි ස්ටෝරේජ් එකයි බැලුවම සාමාන්‍ය මිනිසෙක්ට කවදාවත් ගෙදර ඉදලා වැලිඩේටර් එකක් රන් කරගන්න බැරි තත්ත්වයක් තියෙන්නෙ. මේ නිසාම වැලිඩේටර් රන් කරන්න අවශ්‍ය රිසෝසස් thread hold එක වැඩි වීම නිසා පවර් එක තියෙන්නෙ කුඩා ප්‍රමාණයක් ලග.

බිට්කොයින් වල එහෙම නෙවෙයි. ඔයාට ගෙදර පොඩි මයිනර් එකක් හරි නෝඩ් එකක් හරි රන් කරන්න පුළුවන් කමක් තියෙනවා. මේකෙන් වෙන්නේ ඒ ජාලය ආරක්ෂා කරන්න ඔයාට අවස්තාවක් ලැබෙනවා කියන එකයි. ජාලයට බැදිලා ඉන්න මිනිස්සු වැඩි වෙන්න වැඩි වෙන්න, මේකේ විමද්‍යගත භාවය රැකෙනවා.
සාමාන්‍යයෙන් ඕනෑම පද්ධතියක බලය අල්ලගන්න නම් ඒකේ සම්පත්වලින් 51%ක් පාලනය කරන්න ඕනේ. නකමොටෝ සංගුණකයෙන් බලන්නේ අන්න ඒ 51%ක බලය අල්ලගන්න අවම වශයෙන් පුද්ගලයන් හෝ ආයතන කී දෙනෙක්ගේ එකතුවක් අවශ්‍යද කියන එකයි. අපිට මේක මනින්න පුළුවන් නකමොටෝ සංගුණකය (Nakamoto Coefficient) කියන metric එකෙන්. නකමොටෝ සංගුණකය (Nakamoto Coefficient) කියන එක සරලවම මෙහෙම හිතන්න: " බ්ලොක්චේන් පද්ධතියක් පාලනය කරන්න හෝ ඒක අවුල් කරන්න අවම වශයෙන් කී දෙනෙක් එකතු වෙන්න ඕනෙද?" කියන එක මනින මීටරයක් තමයි මේක.

අපිට හරියට කියන්න පුළුවන් සොලාන වල නකමොටො සංගුණකය 19යි කියලා. අදට තෙයෙන තත්ත්වෙ අනුව. බිට්කොයින් වල ඇත්තටම මේක ගනන් කරන්නවත් බැහැ. මොකද අපි හරියටම දන්නෙ නෑ මයිනර්ස්ලා කී දෙනෙක් මේකට බැදිලා ඉන්නවාද කියලා. හෑෂ් පවර් එකෙන් විතරයි කියන්න පුළුවන්. ඒක ඒ තරම් වැඩී. මම හිතන විදිහට බිට්කොයින් වල නකමොටෝ සංගුණකය ලක්ෂ ගානක් වෙන්න ඕන.
5. සැපයුම සහ කාසි ප්‍රමාණය (Supply Caps)
Bitcoin වල තියෙන්නේ සීමිත සැපයුමක්. ඒ කියන්නේ මුළු ලෝකයටම තියෙන්නේ බිට්කොයින් මිලියන 21ක් විතරයි. මේක තමයි Bitcoin වල වටිනාකම වැඩි වෙන්න ප්‍රධාන හේතුව.
නමුත් Solana වල එහෙම ස්ථිර සීමාවක් නැහැ. එහි සැපයුම දැනට වසරකට 4.5%ක් පමණ වේගයකින් වැඩි වෙනවා, නමුත් කාලයත් එක්ක ඒ වේගය 1.5%ක් දක්වා අඩු කිරීමට සැලසුම් කරලා තියෙනවා. මේක එයාලා කරන්න බලාපොරොත්තු වෙන්නේ ෆීස් වලට ගෙවන්න සොලාන 50%ක් BURN කරලා සහ අනිත් 50% වැලිඩේටර්ස්ලාට දීලා.

හැබැයි ගොඩාක් අය දන්නෙ නැති අදුරු පැත්තක් තියෙනවා සොලාන වලට. සොලානා බ්ලොක්චේන් එක පටන් ගන්නකොට එයාලා ප්රීමින්ට් කලා. ඒ කියන්නේ නිකන්ම අහසින් මැවුවා. නිකම් අපේ ෆියැට් සිස්ටම් එක වගේ තමයි. මේ මවපු සොලානා එයාලා ලොකු ආයතන සහා ආයෝජකයන්ට කිසිම විනිවිද භාවයක් නැතුව ඩිස්කවුන් එක්කම විකුණුවා. මේකට සාක්ෂි ඕනෑ තරම් තියෙනවා. එයාලා කීවා ඉස්සරලම එයාලා ටෝකන් මිලියන 8.2 විතර ඉෂූ කලා කියලා. ඒත් ඇත්තටම මිලියන 12ක් හොයාගත්තා වෙන වොලට් එකක තිබිලා 2020දි. එතකොට එතන ටෝකන් ගාන 20M. ඊට පස්සේ කීවා ටෝකන් මිලියන 13ක ලෝන් එකක් විදිහට දීලා තිබ්බා කියලා. මේවා ඔක්කෝම අපිට සාක්ෂි එක්ක ඔප්පු කරන්න පුළුවන්. මොකද ඉන්ටර්නෙට් එක කියන්නේ හැමදාටම තියෙන දෙයක්. මොනවා කීවත් ඒවා මැකුවත්.
ප්රීමින්ට් එකෙන් එයාලා සොලානා මවලා එයාලගෙම ඉන්සයිඩර්ස්ලාට දුන්නා.
ඉතින් මේ ටෝකන් වලින් අර පබ්ලික් එකට සෙල් කරන ටෝකන් තමයි අපි ඉන්වෙස්ට් කරනවා කියලා කරන්නේ. මේක ගොඩාක්ම වැරදි විදිහට තමයි වෙලා තියෙන්නේ.
6. ජාලයේ ස්ථාවරත්වය (Downtime/Availability)
Bitcoin ජාලය 2013 ඉඳලා අද වෙනකම් 100%ක් එක දිගටම ක්‍රියාත්මකයි, කවදාවත් බිඳවැටීම් වෙලා නැහැ.
හැබැයි Solana ජාලය කලින් කිහිප වතාවක්ම කාර්මික දෝෂ නිසා නතර වුණා. නමුත් දැන් ඔවුන් "Firedancer" කියන අලුත් තාක්ෂණය හඳුන්වා දීලා තියෙනවා. මේකෙන් Solana වල ස්ථාවරත්වය සහ විශ්වාසවන්තභාවය ඉතාම ඉහළ මට්ටමකට ගෙන එන්න බලාපොරොත්තු වෙනවා කියලා තියලා තියෙනවා. ඔයාලට සොලානා ඩවුන් ටයිම් එක බලන්න පුළුවන් මෙතෙන්ට ගිහිල්ලා.

සාරාංශය: ඔබට වඩාත් ගැලපෙන්නේ කුමක්ද?
සරලවම කිව්වොත්:
• ඔයා හොයන්නේ දිගුකාලීන ආරක්ෂාව සහ වටිනාකම තබා ගන්නා "ඩිජිටල් රත්තරන්" වගේ දෙයක් නම්, Bitcoin තමයි හොඳම.
· බිට්කොයින් වලට ෆවුන්ඩර් කෙනෙක් නෑ. පාලනය කරන්න ආයතනයක් නෑ. ඒකේ විමද්‍යගත භාවය දැනට හොදට රැකිලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි සිස්ටම් එකේ ඇවලිබිලිටි එක 2013 ඉදලා 100% තියෙනවා.
• ඔයාට අවශ්‍ය වෙන්නේ ඉතාම වේගවත්, අඩු වියදම් සහ අනාගතයේ "පරිගණක මෙහෙයුම් පද්ධතියක්" මත ගොඩනැගෙන තාක්ෂණයකට සම්බන්ධ වෙන්න නම්, Solana හොඳ තේරීමක්.
මතක තියාගන්න , මේ හැම දෙයක්ම අවදානම් සහිතයි. ඒ නිසා ආයෝජනය කරන්න කලින් හොඳින් ඉගෙන ගන්න.
ගිහින් එන්නම් සුභ දවසක්.
සැළකිය යුතුයි:
අධ්‍යාපනික අරමුණු සඳහා පමණි: මෙම ලිපියේ අන්තර්ගතය වර්තමාන තොරතුරු හා අධ්‍යාපනික අරමුණු සඳහා පමණක් එකතු කර ඇති අතර, කිසිඳු ආකාරයක මුදල් ආයෝජන උපදේශයක් නොවේ.
මූල්‍ය උපදෙස් නොවේ: මෙම ලිපිය සහ වීඩියෝව සපයා ඇත්තේ තොරතුරු දැනගැනීම සඳහා පමණක් වන අතර එය මූල්‍ය, නීතිමය හෝ බදු උපදෙස් ලෙස නොසැලකිය යුතුය. ඕනෑම මූල්‍ය තීරණයක් ගැනීමට පෙර ඔබගේම පර්යේෂණ සිදු කර බලපත්‍රලාභී වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබාගන්න.
මෙම ලිපිය හුවමාරු කරගන්න

