ආයුබෝවන් හැමෝටම! කොහොමද ඉතින්?
අද අපි කතා කරමු ගොඩක් අයට වැදගත් වෙන මාතෘකාවක් ගැන. මේ දවස්වල ලංකාවේ Bitcoin හරි USDT හරි ගන්න ටිකක් අමාරුයි කියලා ඔයාලා දන්නවා ඇති. 2021 ඉඳන් බැංකු ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි කරලා crypto ගන්න එක නවත්තලා. අනිත් එක තමයි, රුපියල් (LKR) දීලා කෙලින්ම Bitcoin හරි USDT හරි ගන්න පුළුවන් අපේම කියලා Local Exchange එකක් නැහැ.
ලංකාවේ අපිට කියලා Lankan Rupees (LKR) වලින් කෙලින්ම Bitcoin හරි USDT හරි ගන්න පුළුවන් exchange එකක් නැහැ. ඒ නිසා බිට්කොයින් ගන්න ගොඩාක් අය භාවිතා කරන්නේ P2P ක්‍රමය. මේ ක්‍රමයේ වාසී වගේම ගොඩාක් අවදානම් පැති තියනවා. Bitcoin ගැන කතා කරන අපි අනිවාර්‍යෙන්ම මේ ගැන කතා කරන්න ඕනමනේ නේද?
ඉතින් මේ ගැන ඉතාම පැහැදිලිව අපේ Bitcoin Sri Lanka YouTube නාලිකාවේ වීඩියෝ එක්කින් ඉදිරිපත් කරලා තියනවා. මේ පහල තියෙන්නෙ ඒ වීඩියෝ එක. ඔයාට පුළුවන් ඒකත් බලන්න.
ගොඩක් දෙනෙක් කරන්නේ P2P trading ඒ කියන්නෙ peer-to-peer trading. මේක online එකේ තියෙන දැන්වීම් පුවරුවක් වගේ. අපි බලමු කොහොමද මේ ගනුදෙනුව වෙන්නෙ කියලා.
P2P trade එකක් වෙන්නේ කොහොමද?
උදාහරණයක් විදිහට Binance P2P එකේ ඔයා USDT ගන්න හදනවා කියලා හිතමු.

මුලින්ම ඔයා Binance P2P එකට ගිහින් Currency එක LKR විදිහට Set කරනවා.
ඊළඟට USDT විකුණන Seller කෙනෙක්ව හොයනවා. මෙතනදි වැදගත් Seller ගේ Profile එක බලන එක. ඒ කෙනා Trades කීයක් කරලද? Rating එක කොහොමද? Verified ද?
ඔයා ගන්න ඕන Amount එක දානවා (කියමුකෝ 100 USDT). Platform එකෙන් ඒකට වෙන්න ඕන LKR ගාන පෙන්නනවා.
Trade එක Start කරනවා. මේ වෙලාවේ Platform එක (Binance) අර Seller ගේ USDT ටික Escrow එකේ Hold කරනවා.
ඊටපස්සේ Seller ඔයාට එයාගේ Bank Account Details දෙනවා (Sampath, BOC, People's Bank වගේ Bank Account එකක් වෙන්න පුළුවන්).
ඔයා ඔයාගේ Bank App එකෙන් හරි Online Banking එකෙන් හරි අර LKR ටික Seller ගේ Account එකට Transfer කරනවා.
Transfer කරලා ඉවර වුණාම Platform එකේ "I've paid" කියලා Click කරනවා.
ඊළඟට Seller ටික වෙලාවක් යනකන් ඉන්නවා එයාලගේ Account එකට සල්ලි ආවද කියලා බලන්න.
සල්ලි ආවා කියලා Seller Confirm කරාම, Platform එකෙන් Escrow එකේ තිබ්බ USDT ටික ඔයාගේ Wallet එකට Release කරනවා.
දැන් ඔයාට අර USDT වලින් කැමතිනම් Spot Market එකට ගිහින් Bitcoin ගන්න පුළුවන්.
මේ තමයි සාමාන්‍ය Process එක. බලන්න ලේසියි වගේ, හැබැයි මේක සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ විශ්වාසය මතයි.
ඇයි අපි P2P කරන්නේ?
ඇත්තම කිව්වොත්, අපිට වෙන විකල්පයක් නැති නිසා තමයි අපි P2P කරන්නේ. cards පාවිච්චි කරන්න බැහැ, bank transfers කරන්න බැහැ, ඉතින් P2P එක අපේ digital assets "කළු කඩේ" වගේ දෙයක් වෙලා තියෙනවා. හැබැයි මෙතන තේරුම් ගන්න වැදගත් දේ තමයි මේක සම්පූර්ණයෙන්ම unregulated ඉඩක් කියන එක. නීතිමය ආරක්ෂාවක් නැහැ, පාරිභෝගික ආරක්ෂාවක් නැහැ, කිසිම සහතිකයක් නැහැ. මොකක් හරි වරදක් වුනොත්, ඔයාට තනියම තමයි ඒකට මූණ දෙන්න වෙන්නේ.

Binance, OKX, Bybit වගේ මේ platform ලොකු global players තමයි. හැබැයි එයාලා හදලා තියෙන්නේ අපේ ලංකාවේ specific needs වලට අනුව නෙවෙයි. එයාලට ලංකාවේ offices නැහැ, අපේ ප්‍රශ්න වලට උදව් කරන්න dedicated customer support නැහැ. අපේ banking system එක හරි අපිට මුහුණ දෙන්න වෙන legal risks හරි ගැන එයාලට අවබෝධයක් නැහැ. උදාහරණයක් විදිහට, ඔයා crypto payment එකක් නිසා ඔයාගේ bank account එක freez වුනොත්, Binance එකෙන් ඇවිත් උදව් කරන්නේ නැහැ. Buyer කෙනෙක්ගෙන් හරි seller කෙනෙක්ගෙන් හරි scam එකක් වුනොත්, OKX එකෙන් කොළඹට lawyer කෙනෙක් එවන්නේ නැහැ. ඔයාට තනියම තමයි මේවා handle කරන්න වෙන්නේ.
P2P එකේ තියෙන ලොකුම අවදානම් මොනවද?
මේ local support එකක් නැති එක ඇත්තටම ලොකු ප්‍රශ්නයක්. විශේෂයෙන්ම අපේ P2P market එකේ ගොඩක් දකින්න ලැබෙන scams ගැන බලද්දි මේක තවත් පැහැදිලියි.

Fake bank transfers: මේක ලොකුම අවදානමකින් එකක්. Scammers ලා ඔයාට fake payment slip එකක් එවනවා, එහෙම නැත්තම් edited screenshot එකක් එවනවා. ඔයා bank account එකේ සල්ලි දැකලා, හරි කියලා හිතලා, ඔයාගේ Bitcoin release කරනවා. හැබැයි පස්සේ ඒ transaction එක fraud කියලා report වුනාම, bank එකෙන් transaction එක reverse කරනවා, ඔයාගේ account එකත් frees කරනවා. දැන් ඔයා ඉන්නේ ලොකු legal mess එකක, scam එකක කොටසක් නෙවෙයි කියලා ඔප්පු කරන්න හදන ගමන්.
Third-party payments: මේකත් ලොකු අවදානමක්. සමහර වෙලාවට buyer කෙනෙක් සල්ලි එවන්නේ එයාගේ තියෙන account එකකින් නෙවෙයි. ඒක යාළුවෙක්ගේ account එකක් වෙන්න පුළුවන්, business account එකක් වෙන්න පුළුවන්, නැත්නම් hack කරපු account එකක් වුනත් වෙන්න පුළුවන්. ඔයා මේ වගේ payment එකක් accept කරොත්, පස්සේ කාලෙකදි money laundering කරා කියලා චෝදනා එන්න පුළුවන්. මේකට තියෙන සරලම ආරක්ෂිත රීතිය තමයි: payment එකේ තියෙන නම P2P profile එකේ තියෙන නමට match වෙන්නේ නැත්නම්, ඒ trade එක accept කරන්න එපා.
Social engineering සහ impersonation scams: මේවත් ගොඩක් දකින්න පුළුවන්. සමහර traders ලට CID එකෙන් වගේ කියලා call කරනවා. එයාලා අහනවා ඔයාගේ කලින් කරපු Bitcoin transactions ගැන ප්‍රශ්න කරන්න ඕනේ කියලා. පුදුම වෙන්න දෙයක් නැහැ, එයාලා ළඟ ඔයාගේ නම, NIC, address වගේ විස්තරත් තියෙනවා. මේ scammers ලා හදන්නේ ඔයාව බය කරලා, පීඩනයක් දාලා ඔයාගෙන් crypto හරි personal information හරි ගන්න. ඔයා කලබල වුනොත් අහුවෙන්න පුළුවන්. හැබැයි සන්සුන් වෙලා official channels වලින් verify කරොත් මේක scam එකක් කියලා තේරෙයි.
Ponzi schemes සහ fake investments: Sports Chain වගේ Ponzi schemes ගැනත් කතා නොකර බෑ. ලංකාවේ දහස් ගාණක් අය P2P පාවිච්චි කරලා Bitcoin අරගෙන, ඒ සල්ලි මේ වගේ scams වල invest කරා. ලොකු profits හම්බෙයි කියලා හිතුවට, එයාලට ඔක්කොම නැති වුනා. Scammers ලා අතුරුදහන් වුනා, victims ලට සල්ලි ආයෙත් ගන්න විදිහක් තිබුණේ නැහැ. Sports Chain scam එකෙන් විතරක් 8,000කට වැඩි පිරිසකට බිලියන ගාණක් නැති වුනා.
නීතිමය තත්ත්වය
මේ හැමදේම තවත් දරුණු වෙන්නේ ලංකාවේ තියෙන legal grey area එක නිසයි. Cryptocurrency ලංකාවේ illegal නැහැ තමයි, හැබැයි මේක regulation කරලා නැහැ. මහ බැංකුව කිහිප වතාවක් අනතුරු ඇඟවීම් කරලා තියෙනවා: crypto එක හඳුනාගෙන නැහැ, කිසිම license එකක් දීලා නැහැ, කිසිම නීතිමය ආරක්ෂාවක් නැහැ. ඔයාට P2P trade එකකදි සල්ලි නැති වුනොත්, call කරන්න hotline එකක් නැහැ, උදව් කරන්න regulator කෙනෙක් නැහැ. ඔයාට police ගාවට යන්න පුළුවන්. හැබැයි එයාලට crypto ගැන හරි මේ scams වැඩ කරන විදිහ ගැන හරි සම්පූර්ණ අවබෝධයක් නැති වෙන්න පුළුවන්. Investigations මාස ගණන් යන්න පුළුවන්, ඒ අතරේ ඔයාගේ funds freez වෙලා තියෙයි.
Binance, OKX, Bybit වගේ global platforms ලංකාවේ නීතියට යටත් වෙන්නේ නැහැ. මොකක් හරි වරදක් වුනොත්, එයාලා ඔයාට උදව් කරන්න බැඳිලා නැහැ. මේක තමයි ලංකාවේ P2P trading මේ තරම් risky වෙන්න හේතුව – ඔයා ඉන්නේ ආරක්ෂිත දැලක් නැතුව.

P2P ගොඩක් අයට සාර්ථකව වැඩ කරනවා තමයි. ඔයා පරිස්සම් වෙනවා නම්, trade කරන කෙනාව check කරනවා නම්, steps follow කරනවා නම්, සාර්ථකව trade කරන්න පුළුවන්. හැබැයි අවදානම හැමවෙලාවෙම තියෙනවා. සමහරු ඒ අවදානම ගන්න කැමතියි. සමහරු කැමති නැහැ. මේ නිසයි අපිට මේකට වඩා හොඳ දෙයක් අවශ්‍ය වෙන්නේ.
අවසාන වශයෙන්
P2P trading අවදානම් සහිතයි. මේකට බැහැල වැඩේ පටන් ගන්න කලින් මේ තියෙන Risks ගැන හොඳට තේරුම් ගන්න ඕනේ. ඔයා deal කරන කෙනාව හැමවෙලාවෙම verify කරන්න. Payments දෙපාරක් check කරන්න. තුන්වෙනි පාර්ශවයකින් එන transfers කවදාවත් accept කරන්න එපා. මොකක් හරි දෙයක් හරි නැහැ වගේ දැනෙනවා නම්, ඔයාගේ හිත කියන දේ අහන්න, ඒ trade එක අතෑරලා දාන්න. ඔයාගේ ආරක්ෂාව ඕනෑම trade එකකට වඩා වැදගත්.

පරිස්සමින් ඉන්න, බුද්ධිමත්ව වැඩ කරන්න. මතක තියාගන්න – අපි මේ community එක හදන්නේ ලංකාවේ අපිට Bitcoin වඩා ආරක්ෂිත සහ පහසු කරන්නයි. අපි එකට ඉගෙන ගමු, එකිනෙකා ආරක්ෂා කරගමු.
තවත් මේ වගේ වැදගත් තොරතුරු අරගෙන ඉක්මනින්ම එන්නම්! එතකන් හැමෝටම සුභ දවසක්!
සැළකිය යුතුයි:
අධ්‍යාපනික අරමුණු සඳහා පමණි: මෙම වීඩියෝවේ අන්තර්ගතය වර්තමාන තොරතුරු හා අධ්‍යාපනික අරමුණු සඳහා පමණක් එකතු කර ඇති අතර, කිසිඳු ආකාරයක මුදල් ආයෝජන උපදේශයක් නොවේ.
මූල්‍ය උපදෙස් නොවේ: මෙම වීඩියෝව සපයා ඇත්තේ තොරතුරු දැනගැනීම සඳහා පමණක් වන අතර එය මූල්‍ය, නීතිමය හෝ බදු උපදෙස් ලෙස නොසැලකිය යුතුය. ඕනෑම මූල්‍ය තීරණයක් ගැනීමට පෙර ඔබගේම පර්යේෂණ සිදු කර බලපත්‍රලාභී වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබාගන්න.
මෙම ලිපිය හුවමාරු කරගන්න