වැඩසටහන්

බිට්කොයින් සහ ලෝක යුද්ධ

56 පොල්හේන්ගොඩ පාර, කොළඹ 05

බොහෝ දෙනෙක් බිට්කොයින් බලන්නේ කාලයත් සමඟ මිල වැඩිවෙන ඇසෙට් එකක් විදිහට පමණයි. හැබැයි බිට්කොයින් කියන්නේ අනුමාන කිරීමක් හෝ ආයෝජනයක් විතරක් නොවෙයි. ඒක රජයන් යුද්ධ සඳහා මුදල් සොයන විදිහ, මුදල් පාලනය කරන විදිහ, සහ ආර්ථිකයට බලපෑම් කරන විදිහ පිළිබඳ ගැඹුරු ප්‍රශ්න මතු කරනවා.

මෙම මීට්අප් එකේදී, යුද්ධ පිටුපස තියෙන සැඟවුණු මූල්‍ය බලවේගය ගැනත්, ඒ සාකච්ඡාවේදී බිට්කොයින් වැදගත් වෙන්නේ ඇයි කියලාත් අපි කතා කළා.

ඇත්තටම යුද්ධ පටන් ගන්නේ කතා හෝ ප්‍රකාශන වලින් නොවෙයි. ඒවා පටන් ගන්නේ බජට් වලින්.

ඉතිහාසය පුරාම, රජයන්ට යුද්ධ සඳහා මුදල් වියදම් කරන්න සැබෑ ධනය අවශ්‍ය වුණා. ගෝල්ඩ් ස්ටෑන්ඩර්ඩ් කාලයේදී, යුද්ධයක් finance කිරීම අමාරු වුණා. මොකද මුදල් කියන එක රත්තරන් වගේ සීමිත භෞතික සම්පතකට බැඳිලා තිබුණා.

රජයන්ට කැමති වෙලාවක අසීමිත මුදල් මුද්‍රණය කරන්න බැරි වුණා. විශාල වියදමක් කරන්න නම්, ඇත්තටම reserve තිබිය යුතු වුණා.

මේ සීමාව නිසා, දිගු කාලීන යුද්ධ පවත්වාගෙන යාම අමාරු වුණා.

නමුත් අද තියෙන ෆියට් මුදල් පද්ධතිය ඊට වඩා වෙනස්.

නවීන රජයන්ට ජනතාවගෙන් සෘජු අනුමැතියක් නැතුව, විශාල මුදල් ප්‍රමාණයක් මුද්‍රණය කරන්න පුළුවන්. මේ හැකියාව නිසා, බදු වශයෙන් වහාම මුදල් අය කරනවා වෙනුවට, ණය නිර්මාණය කිරීම සහ මුදල් මුද්‍රණය කිරීම හරහා “අවසන් නොවන යුද්ධ” finance කරන්න පුළුවන් වෙලා තියෙනවා.

හැබැයි ඒ වියදම අතුරුදහන් වෙන්නේ නැහැ.

අවසානයේ සාමාන්‍ය ජනතාව ඒ වියදම ගෙවන්නේ උද්ධමනය හරහායි. උද්ධමනය බොහෝ වෙලාවට “නොපෙනෙන බද්දක්” ලෙස හඳුන්වනවා.

මුදල් ප්‍රමාණය වැඩි වෙද්දී, මිලදී ගැනීමේ ශක්තිය අඩු වෙනවා. ඉතිරිකිරීම්වල වටිනාකම අඩු වෙනවා. ඒ ආර්ථික බර ජනතාවට අඛණ්ඩව දැනෙන්න පටන් ගන්නවා.

බිට්කොයින් මෙයට සම්පූර්ණයෙන් වෙනස් ආකෘතියක් හඳුන්වා දෙනවා.

ෆියට් මුදල් වගේ නොව, බිට්කොයින්ට සීමිත supply එකක් තියෙනවා. කිසිම රජයකට, මහ බැංකුවකට, හෝ බලධාරියෙකුට කැමති වෙලාවක තවත් බිට්කොයින් නිර්මාණය කරන්න බැහැ.

මේ සීමාව නිසා, අසීමිත වියදම් සහ යුද්ධ finance කිරීම පිළිබඳ incentives මූලිකවම වෙනස් වෙනවා.

මුදල් අසීමිතව මුද්‍රණය කරන්න බැරි නම්, විශාල යුද්ධයක් ආරම්භ කිරීමට හෝ දිගටම පවත්වාගෙන යාමට පෙර, රජයන්ට වැඩි ආර්ථික සීමා මුහුණදෙන්න වෙනවා.

මේ අදහස සමහර වෙලාවට “Peace by Design” කියලා හඳුන්වනවා. ඒ කියන්නේ, ශක්තිමත් මුදල් පද්ධතියක් ස්වභාවිකවම අනවශ්‍ය ව්‍යාප්තිය, අතිරික්ත ණය, සහ දිගු යුද්ධ අඩු කරන්න උදව් කරනවා කියන අදහසයි.

බිට්කොයින් පුද්ගලික ස්වෛරීත්වය කියන අදහසටත් ගැඹුරින් සම්බන්ධයි.

එය පුද්ගලයන්ට තමන්ගේ ධනය පිළිබඳ වැඩි පාලනයක් ලබාදෙනවා. ඒ සඳහා ඔවුන්ට සම්පූර්ණයෙන්ම මධ්‍යගත පද්ධති මත යැපෙන්න අවශ්‍ය නැහැ.

උද්ධමනය නිසා ඉතිරිකිරීම්වල වටිනාකම කෙමෙන් අඩු වන ලෝකයක, බිට්කොයින් විනිවිදභාවය, සීමිත supply එක, සහ විමධ්‍යගතකරණය මත ගොඩනැගුණු විකල්ප මුදල් ජාලයක් ලබාදෙනවා.

බිට්කොයින් තේරුම් ගැනීම කියන්නේ තාක්ෂණය හෝ ආයෝජනය තේරුම් ගැනීම විතරක් නොවෙයි.

ඒක බලය, incentives, සහ මුදල් හා නිදහස අතර තියෙන සම්බන්ධතාවය තේරුම් ගැනීමයි.

ලංකාවේ බිට්කොයින් හවුස් වෙත පිවිසෙන්න

මෙම ස්ථානය බලන්න, වැඩසටහනකට සහභාගී වෙන්න, හෝ බිට්කොයින් ශ්‍රී ලංකා ප්‍රජාව සමඟ සම්බන්ධ වෙන්න.

බිට්කොයින් ශ්‍රී ලංකා අධ්‍යාපනය, ප්‍රජාව, සහ සැබෑ ලෝකයේ ක්‍රියාකාරකම් හරහා ශ්‍රී ලංකාවේ ශක්තිමත් බිට්කොයින් සංස්කෘතියක් ගොඩනඟමින් සිටිනවා.

අපගේ අරමුණ වන්නේ, මිනිසුන්ට බිට්කොයින් පැහැදිලිව තේරුම් ගන්න උදව් කිරීම සහ විශ්වාසයෙන් යුතුව වැඩි මූල්‍ය නිදහසක් වෙත ගමන් කිරීමට සහය වීමයි.

බල ගැන්වුයේ

බිට්කොයින් ශ්‍රී ලංකා

බිට්කොයින් ශ්‍රී ලංකා © 2026 | සියලුම හිමිකම් ඇවිරිණි