ආයුබෝවන්! අද අපි කතා කරන්න යන්නේ Lightning Network එක ගැන. මේක හරියට Bitcoin උඩින්ම හදපු වේගවත් පාරක් වගේ. ඔයා ළඟ තියෙන Bitcoin වලින්ම සල්ලි යවන එක මේකෙන් හරිම වේගවත්, ඒ වගේම ගාණත් හරිම අඩු වෙනවා. ඔයා බිට්කොයින් එක්කම ඉන්න කෙනෙක් නම් මේ වීඩීයෝ එක අනිවාරෙන්ම ඔයා බලන්නම ඕන.
ඉතින් මේ ගැන ඉතාම පැහැදිලිව අපේ Bitcoin Sri Lanka YouTube නාලිකාවේ වීඩියෝ එක්කින් ඉදිරිපත් කරලා තියනවා. මේ පහල තියෙන්නෙ ඒ වීඩියෝ එක. ඔයාට පුළුවන් ඒකත් බලන්න
Bitcoin කියන්නේ සල්ලි වගේ ගනුදෙනු කරන්න යූස් කරන දෙයක්නෙ. ඒක ඔයා දන්නවානේ, ඒත් සාමාන්‍ය මුදල් ගනුදෙනු විදිහට නෙවෙයි මේකේ ගනුදෙනු වෙන්නෙ. ගෙවන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා කියලා හිතන්න. මුලින්ම තියෙන Base Layer එක (ඒ කියන්නේ Layer 1), මේක හරියට බැංකු මාරු කිරීමක් වගේ. ටිකක් හෙමින්, සැලකිල්ලෙන් කරන දෙයක්. ලොකු, වැදගත් ගනුදෙනු වලටයි, දීර්ඝ කාලීන ඉතිරි කිරීම් වලටයි මේක හරිම හොඳයි. ඊළඟට තියෙන Lightning Network එක (ඒ කියන්නේ Layer 2), මේක ඔයාගේ ෆෝන් එකෙන් Tap-to-Pay කරනවා වගේ වැඩක්. වේගවත්, ලාබයි, දෛනික ගනුදෙනු වලටම හදපු එකක්. හැබැයි මේ දෙකටම පාවිච්චි වෙන්නේ එකම සල්ලි, ඒ කියන්නේ BTC.
Sats කියන්නේ මොනවද?
Bitcoin පොඩි පොඩි කෑලි වලට කඩන්න පුළුවන්. මේවට කියන්නේ satoshis නැත්නම් කෙටියෙන් sats කියලා. 1 BTC කියන්නේ සැට්ස් මිලියන 100 ක් (100,000,000 sats). මේ sats නිසා පොඩි පොඩි ගෙවීම් කරන එක හරිම ලේසියි. '0.00005000 BTC' කියලා කියනවා වෙනුවට '5,000 sats' කියලා කියන්න පුළුවන්.

Lightning Network එකක් ඕන වුණේ ඇයි?
අර කලින් කිව්ව Base Layer එකේ හැම ගනුදෙනුවක්ම හැමදාටම සටහන් වෙනවා. ආරක්ෂාවට නම් මේක නියමයි, ඒත් මේක ටිකක් හෙමින් සිද්ධ වෙන්න පුළුවන්, ඒ වගේම ගාස්තුත් වැඩි වෙන්න පුළුවන්. Lightning Network එකෙන් කරන්නේ Bitcoin වල ආරක්ෂාව ඒ විදියටම තියාගෙන, ගොඩක් සිද්ධ වෙන පොඩි පොඩි ගෙවීම් Blockchain එකෙන් එළියට අරන් කරන එක. ඒ නිසා ගෙවීම් ක්ෂණිකව වගේ දැනෙනවා, ගාණත් යන්නේ පොඩි sats කිහිපයක් විතරයි.

අපි බලමු කොහොමද මේ වැඩේ කරන්නේ?
හිතන්න ඔයයි ඔයාගේ යාළුවෙකුයි Payment Channel එකක් 'ඕපන්' කරනවා කියලා. මේක හරියට කඩේකට ගිහින් 'ටැබ්' එකක් ඕපන් කරනවා වගේ. ඒ කීවේ අර ඉස්සර ණයට ගන්න බඩු පොතට දාන්න කියන්නෙ. ඒ වගේ එකක් තමයි මේ ටැබ් එක කියන්නෙත්. මේ 'ටැබ්' එක ඕපන් කරන එක කියන්නේ on-chain transaction එකක්. ඒ කියන්නේ ඔයාලාගේ Bitcoin ටිකක් විශේෂ address එකක 'ලොක්' කරනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන්, ඔයා ළඟ කීයක් තියෙනවද, යාළුවා ළඟ කීයක් තියෙනවද කියලා off-chain එකේ, ඒ කියන්නේ Blockchain එකෙන් එළියේ, ඕන තරම් වාර ගාණක් update කරන්න. මේක හරිම වේගවත්, ලාබයි. වැඩේ ඉවර වුණාම, ඔයාලා 'ටැබ්' එක 'ක්ලෝස්' කරනවා. එතකොට අන්තිම ගනුදෙනුව විතරයි Blockchain එකට සටහන් වෙන්නේ. අර මැදදී කරපු පොඩි පොඩි update කිසිම දෙයක් Blockchain එකට බරක් වෙන්නේ නැහැ.

එක ටැබ් එකකින් මුළු Network එකටම
ඔයාට හැමෝම එකම 'ටැබ්' ඕපන් කරන්න ඕන වෙන්නේ නැහැ. හිතන්න ඔයාගේ යාළුවාට කඩයක් එක්ක 'ටැබ්' එකක් තියෙනවා කියලා. එතකොට ඔයාට පුළුවන් ඔයාගේ යාළුවා හරහා ඒ කඩේට සල්ලි ගෙවන්න. Lightning Network එකෙන් ඉබේටම ඔයාගේ sats ටික යවන්න පුළුවන් හොඳම පාර Channel හරහා හොයාගන්නවා. මැද ඉන්න node (මැදිහත්කරුවන්) කරන්නේ ගෙවීම් ඉදිරියට යවන එක විතරයි. සාමාන්‍යයෙන් මුලින් සල්ලි යැව්වේ කවුද, කාටද යැව්වේ කියලා මේ node දන්නේ නැහැ. ඒ නිසා හොඳ practical privacy එකක් ලැබෙනවා. Taproot වගේ අලුත් 'අප්ග්‍රේඩ්' නිසා, ගොඩක් channel 'ක්ලෝස්' වෙන ඒවා සාමාන්‍ය Bitcoin ගනුදෙනු වගේ තමයි on-chain එකේ පේන්නේ – කිසිම විශේෂ ලේබලයක් නැහැ.
Lightning Network එක කියන්නේ මොකක්ද?
• මේක BTC වලට විතරයි. වෙනම 'Lightning token' එකක් නැහැ, අලුත් supply එකකුත් නැහැ.
• මේක open සහ decentralized. ඒ කියන්නේ එකම කම්පැනියකට මේ Network එක control කරන්න බැහැ. විවිධ කණ්ඩායම් එකට වැඩ කරන software හදනවා – lnd, Core Lightning, Eclair වගේ – ඒ හැම එකක්ම පොදු BOLT standards වලට අනුව තමයි හැදෙන්නේ.
• අදටත් වැඩ කරනවා. දැනටමත් public nodes දහස් ගණනක් තියෙනවා, ඒ වගේම ඊටත් වැඩිය private channels ඔස්සේ වටිනාකම් හුවමාරු වෙනවා.
මේක පාවිච්චි කරනකොට ඔයාට දැනෙන්නේ කොහොමද?
• වේගය: ගොඩක් වෙලාවට මිලි තත්පර ගාණක් ඇතුළත ගනුදෙනු වෙනවා.
• ගාස්තු: සාමාන්‍යයෙන් යන්නේ සැට්ස් කිහිපයක් විතරයි.
මේ නිසා Lightning Network එක කෝපි බොන්න, සිල්ලර බඩු ගන්න, බස් ගාස්තු ගෙවන්න, tips දෙන්න, ලිපි කියවන්න ගෙවන්න, නැත්නම් creators ලට විනාඩියෙන් විනාඩියට sats 'ස්ට්‍රීම්' කරන්න වගේ දේවල් වලට හරිම හොඳයි. රටවල් හරහා සල්ලි යවනකොට, පොඩි පොඩි මාරු කිරීම් බැංකු පෝරම පුරවන්නේ නැතුව, බැංකු වේලාවල් නැතුව හරිම වේගයෙන් කරන්න පුළුවන්.

අපි බලමු කොහොමද පටන් ගන්නේ?
මුලින්ම කරන්න ඕනේ on-chain සහ Lightning දෙකම 'සපෝට්' කරන, අලුත් කෙනෙකුට වුණත් ලේසියෙන් පාවිච්චි කරන්න පුළුවන් Wallet එකක් පාවිච්චි කරන එකයි. Muun හෝ Phoenix වගේ 'වොලට්' එකක් හොඳයි. ඊට පස්සේ කරන්න තියෙන්නේ QR කෝඩ් එකක් 'ස්කෑන්' කරලා (ඒ කියන්නේ Lightning invoice එකක්), 'සෙන්ඩ්' කරන්න 'ටැප්' කරන එක. එච්චරයි, වැඩේ ඉවරයි. පොඩි පොඩි මුදල් වියදම් කරන්න Lightning Network එක පාවිච්චි කරන්න, හැබැයි ඔයාගේ ඉතිරි කිරීම් (savings) Base Layer එකේ, ඔයාගේම 'කීස්' යටතේ තියාගන්න. මුලින්ම පොඩි 'ටෙස්ට්' ගෙවීමක් කරලා බලන්න, මේ වැඩේ සිද්ධ වෙන්නේ කොහොමද කියලා තේරුම් ගන්න. ටිකක් දියුණු අයට පස්සේ 'Lightning node' එකක් 'රන්' කරන්නත් පුළුවන් – හැබැයි මේක අනිවාර්ය නැහැ.

ආරක්ෂිතව ඉන්න මූලික දේවල්
• Lightning Network එක පාවිච්චි කරන එක, හරියට ඔයාගේ සාක්කුවේ කෑෂ් තියාගෙන ඉන්නවා වගේ. දෛනික වියදම් වලට මේක නියමයි.
• ඒ වගේම Base Layer BTC කියන්නේ බැංකු කලාගාරයක සල්ලි තියාගෙන ඉන්නවා වගේ. ඉතිරි කිරීම් වලට මේක හරිම හොඳයි.
• විශ්වාසදායක 'වොලට්' පාවිච්චි කරන්න, ඔයාගේ 'සීඩ් ෆ්‍රේස්' එක 'බැකප්' කරලා තියාගන්න, ඒ වගේම මුලින් පොඩි ගාණකින් පටන් ගන්න.
• ඔයා 'node' එකක් 'රන්' කරනවා නම්, 'channel management' සහ 'බැකප්' ගැන ඉගෙන ගන්න ඕනේ.
මේක ඇත්තටම Bitcoin 'ස්කේල්' කරනවද?
ඔව්! මේක කරන්නේ layers හරහායි.
• Layer 1 (බැංකු මාරු කිරීමක් වගේ): මේක ගෝලීය, අපක්ෂපාතී අවසාන ගෙවීම් ක්‍රමයක්. හෙමින් වුණත්, හරිම ශක්තිමත්.
• Layer 2 (Tap-to-Pay වගේ): දෛනික ජීවිතයේ වේගවත්, අඩු ගාස්තු සහිත ගෙවීම් වලට.
මේ layered model එක හරියට අන්තර්ජාලය දියුණු වුණා වගේ තමයි. සරල, ආරක්ෂිත මූලික ස්ථරයක් (base layer) තියෙනවා, ඒක උඩ වේගවත්, නම්‍යශීලී ස්ථර (flexible layers) ගොඩනගනවා. හැමදේම එකම Base Layer එකක කරන්න හැදුවොත්, ඒකෙන් වැඩ වැඩි වෙනවා, වියදම් වැඩි වෙනවා, නැත්නම් centralization එකක් ඇති වෙන්න පුළුවන්.

ඇත්ත ලෝකයේ උදාහරණ
El Salvador වල Bitcoin Beach වගේ තැන්වල මිනිස්සු Lightning Network එක පාවිච්චි කරනවා කෑම බීම වලට, ෆෝන් වලටයි, උපයෝගිතා සේවාවලටයි 'ටොප්-අප්' කරන්න, සේවාවලට – කොණ්ඩෙ කපන්නත් මේක පාවිච්චි කරනවා. 'ඩිවලොපර්ස්ලා' මේ වෙනකොටත් පොඩි පොඩි ගෙවීම් කරන්න පුළුවන් 'ඇප්' හදමින් ඉන්නවා: tips දෙන්න, විනාඩියෙන් විනාඩියට 'පොඩ්කාස්ට්' වලට ගෙවන්න, 'පේ-පර්-වීව්' content බලන්න, ඒ වගේම ක්ෂණිකව පොඩි පොඩි මුදල් එහා මෙහා කරන්න ('micro-remittances').

සාරාංශයක්
• Sats කියන්නේ Bitcoin වල තියෙන පොඩිම ඒකක. (1 BTC = sats මිලියන 100). මේවා නිසා පොඩි ගෙවීම් ලේසි වෙනවා.
• Lightning කියන්නේ Bitcoin වල වේගවත් පාර, sats ක්ෂණිකව, ලාබෙට යවන්න.
• මේක වැඩ කරන්නේ on-chain Channels 'ඕපන්' කරලා, ඊට පස්සේ off-chain ගනුදෙනු කරලා, අන්තිමට ආයෙත් on-chain settle වෙන එකෙන්.
• මේක decentralized, BTC විතරයි පාවිච්චි කරන්නේ, ඒ වගේම දැනටමත් ලෝකේ පුරාම ඇත්තටම පාවිච්චි වෙනවා.
• පටන් ගන්න නම් සරල Wallet එකක් පාවිච්චි කරන්න. පොඩි වියදම් වලට Lightning පාවිච්චි කරලා, දිගු කාලීන ඉතිරි කිරීම් Base Layer එකේ තියාගන්න.
එහෙනම් එච්චරයි!
ගිහින් එන්නම් සුභ දවසක්
සැළකිය යුතුයි:
අධ්‍යාපනික අරමුණු සඳහා පමණි: මෙම ලිපියේ අන්තර්ගතය වර්තමාන තොරතුරු හා අධ්‍යාපනික අරමුණු සඳහා පමණක් එකතු කර ඇති අතර, කිසිඳු ආකාරයක මුදල් ආයෝජන උපදේශයක් නොවේ.
මූල්‍ය උපදෙස් නොවේ: මෙම ලිපිය සහ වීඩියෝව සපයා ඇත්තේ තොරතුරු දැනගැනීම සඳහා පමණක් වන අතර එය මූල්‍ය, නීතිමය හෝ බදු උපදෙස් ලෙස නොසැලකිය යුතුය. ඕනෑම මූල්‍ය තීරණයක් ගැනීමට පෙර ඔබගේම පර්යේෂණ සිදු කර බලපත්‍රලාභී වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබාගන්න.
Share this post