ආයුබෝවන් , Bitcoin Sri Lanka පේජ් එකට ඔයාලව ආයෙත් සාදරයෙන් පිළිගන්නවා! ඔන්න අපි අද කතා කරන්න යන්නේ ගොඩක් දෙනෙක්ට ලොකු පැටලිල්ලක් තියෙන දෙයක් ගැන. ඒ තමයි Altcoins ගැන. මේ Altcoins කියන්නේ මොනවද? මේවා Bitcoin වලට සමානද? ඇයි මෙච්චර Altcoins තියෙන්නේ? මේ වගේ ගොඩක් ප්‍රශ්න වලට අපි අද උත්තර හොයමු. විශේෂයෙන්ම, ඔයාලා මේවට සල්ලි දාන්න ඕනෙද කියන එක ගැනත් කතා කරමු. මේ වීඩියෝ එකෙන් ඔයාලට Bitcoin සහ අනිත් coins අතර තියෙන ඇත්ත වෙනස සරලව තේරුම් ගන්න පුළුවන් වෙයි.
ඉතින් මේ ගැන ඉතාම පැහැදිලිව අපේ Bitcoin Sri Lanka YouTube නාලිකාවේ වීඩියෝ එක්කින් ඉදිරිපත් කරලා තියනවා. මේ පහල තියෙන්නෙ ඒ වීඩියෝ එක. ඔයාට පුළුවන් ඒකත් බලන්න.
Altcoins කියන්නේ මොනවද?
හරි, අපි මේ වචනෙන්ම පටන් ගමුකෝ. Altcoin කියන්නේ "alternative coin" කියන එකේ කෙටි නම. සිංහලෙන් කිව්වොත්, "විකල්ප කාසි" වගේ දෙයක්. මේකෙන් අදහස් කරන්නේ Bitcoin නොවන ඕනෑම coin එකක් තමයි Altcoin එකක් කියලා හඳුන්වන්නේ. අද වෙනකොට Crypto ලෝකේ 15 Million කටත් වඩා විවිධ coins සහ tokens තියෙනවා. සමහර ඒවා Ethereum, Solana වගේ ගොඩක් ජනප්‍රියයි. තවත් ඒවා meme coins, gambling tokens වගේ අලුත්, එහෙමත් නැත්නම් එච්චර ප්‍රසිද්ධ නැති ඒවා. හැබැයි මේ ඔක්කොම අයිති වෙන්නේ Altcoins කියන එක ගොඩට තමයි.

ඇයි මෙච්චර Altcoins තියෙන්නේ?
ඇයි මෙච්චර ඒවා තියෙන්නේ? මේකට උත්තරේ හරිම සරලයි – මිනිස්සු මේවා හදන නිසා. සමහර Altcoins හදන්නේ සල්ලි හොයන්න. සමහර ඒවා හදන්නේ අලුත් Technology එකක් හදන්න. තවත් ගොඩක් ඒවා හදන්නේ එක එක වෙලාවට එන hype එකට, ඒ කියන්නේ ජනප්‍රියත්වය ගන්න. හැබැයි මේ Altcoins වලින් ගොඩක් ඒවා පාලනය කරන්නේ යම්කිසි company එකක්, එහෙමත් නැත්නම් team එකක්, එහෙමත් නැත්නම් investor කණ්ඩායමක්. මේක තමයි වැදගත්ම දේ. Bitcoin මේවට වඩා වෙනස්. Bitcoin තමයි කවුරුවත් විසින් පාලනය නොකරන එකම coin එක. මේක අපි බය නැතුව ඇසට් එකක් කියන්නෙත් ඒ නිසා තමයි.
ප්‍රධාන Altcoin වර්ග ටිකක් බලමු
අපි Bitcoin සහ Altcoins කෙලින්ම compare කරන්න කලින්, ඔයාලට Altcoins වල තියෙන ප්‍රධාන වර්ග ටිකක් ගැන පොඩි අවබෝධයක් දෙන්නම්.
1. Meme coins
මේවා සාමාන්‍යයෙන් පටන් ගන්නේ විහිළුවක් විදිහට. මේවගෙන් ගොඩක්ම ප්‍රසිද්ධ Dogecoin. මේක හදල තියෙන්නේ Crypto ලෝකේ තියෙන දේවල් වලට විහිළු කරන්න වගේ වැඩකට තමයි මුලින්. හැබැයි මිනිස්සු මේක ගන්න පටන් ගත්තා, price එක ගොඩක් ඉහළ ගියා. දැන් ගොඩක් අය හිතන්නේ මේ වගේ coins වලින් ඉක්මනට සල්ලි හොයන්න පුළුවන් කියලා. අලුතෙන් ආපු Shiba Inu, WIF, Bonk වගේ තවත් ගොඩක් ඒවා තියෙනවා. හැබැයි මේවයින් කිසිම ප්‍රයෝජනවත් වැඩක් වෙන්නේ නැහැ. මිනිස්සු මේවා ගන්නේ price එක වැඩි වෙයි කියන බලාපොරොත්තුවෙන් විතරයි – මේක හරියට Lottery ticket එකක් ගන්නවා වගේ. සමහරු දිනනවා. ගොඩක් අය පරදිනවා.

2. Platform Coins
මේවා තමයි Blockchain එකක් උඩ software සහ apps run කරන්න පාවිච්චි කරන coins. මේක මෙහෙම හිතන්නකෝ. අපේ smartphone එකේ Apps වැඩ කරන්න ඕන නම් Operating System එකක් ඕනේ – Android හරි iOS හරි වගේ. Crypto ලෝකේ, Ethereum, Solana, Avalanche, Cardano වගේ coins වැඩ කරන්නේ මේ Operating System වගේ තමයි. Developer කෙනෙක්ට මේ Platforms උඩ NFT market place හරි finance tools හරි වගේ apps හදන්න පුළුවන්. හැබැයි මේ Platforms එයාලගේ rules සහ Technology එක දිගටම වෙනස් කරනවා. උදාහරණයක් විදිහට Ethereum, ඒක වැඩ කරන විදිහ ගොඩක් සැරයක් වෙනස් කරලා තියෙනවා. මේ coins වැඩ කරන්නේ software start-ups වගේ තමයි. Platform එක සාර්ථක වුනොත් coin එකේ වටිනාකම වැඩි වෙන්න පුළුවන්. හැබැයි මිනිස්සු ඒක පාවිච්චි කරන එක නැවැත්තුවොත්, එහෙමත් නැත්නම් ඒක හදපු team එක නැති වුනොත් – coin එකේ වටිනාකම සම්පූර්ණයෙන්ම නැති වෙන්න පුළුවන්.

3. Exchange Coins
මේවා තමයි cryptocurrency exchanges – Binance හරි OKX හරි වගේ ඒවා – එයාලා හදපු tokens. මේවගෙන් ගොඩක්ම ජනප්‍රිය එක තමයි BNB, ඒ කියන්නේ Binance coin එක. මේ coins පාවිච්චි කරන්නේ discounts ගන්න, විශේෂ features unlock කරගන්න, එහෙමත් නැත්නම් exchange එකේ system එකට support කරන්න. හැබැයි මෙන්න මේක තමයි risk එක: coin එකේ වටිනාකම සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ අදාළ exchange එකේ සාර්ථකත්වය මත. Exchange එක hack වුනොත් හරි වහලා දැම්මොත් හරි – හරියට FTX එකට වුන දේ වගේ – coin එකේ වටිනාකම එක රැයින් නැති වෙලා යන්න පුළුවන්. ඉතින් මේ tokens ඇත්තටම සල්ලි නෙවෙයි. මේවා private company එකකට අදාළ loyalty points වගේ දෙයක්.

4. Stablecoins
Stablecoins හදලා තියෙන්නේ ඒවායේ වටිනාකම එක විදිහටම තියාගන්න – සාමාන්‍යයෙන් 1 US dollar එකකට සමානව. ජනප්‍රිය ඒවා තමයි USDT (Tether) සහ USDC (USD Coin). මේවා මිනිස්සු පාවිච්චි කරන්නේ price changes වලින් බේරෙන්න, dollars වලින් save කරන්න, එහෙමත් නැත්නම් සල්ලි යවන්න. උදාහරණයක් විදිහට, ඔයාලට USDT වෙන රටක ඉන්න කෙනෙක්ට විනාඩි කීපයකින් යවන්න පුළුවන්. ඒක ගොඩක් පහසුයි. හැබැයි stablecoins කියන්නේ magic නෙවෙයි. මේවා run කරන්නේ companies විසින්. මේවා stable වෙන්නේ ඒ companies වල banks වල ඇත්ත dollars ඇති තරම් තියෙනවා නම් විතරයි. 2023 මාර්තු මාසයේදී USDC වල 1:1 වටිනාකම පොඩ්ඩකට නැති වුනා, මොකද ඒකත් එක්ක සම්බන්ධ වෙලා තිබ්බ bank එකක් collapse වුන නිසා. ඉතින් මේ "stable" කියලා කියන coins වලට පවා මොකක් හරි වැරදුනොත් බිදවැටෙන්න පුළුවන්.
මේ Altcoin වර්ග වලට පොදු ලක්ෂණයක් තියෙනවා. ඔයාලා memecoins (ඒ කියන්නේ gambling වගේ), platform coins (software projects වගේ), exchange coins (company vouchers වගේ), හරි stablecoins (digital dollars වගේ) දිහා බැලුවත් – මේ හැම එකක්ම රඳා පවතින්නේ මිනිස්සු, companies, එහෙමත් නැත්නම් technology teams මත. මේක තමයි මේවා risky වෙන්න හේතුව. මේවා neutral නැහැ, ඒ කියන්නේ කාගෙන් හරි පාලනය වෙනවා. ඒ වගේම මේවා දිගටම තියෙයි කියලා සහතිකයක් නැහැ.

මෑත කාලයේ ජනප්‍රියම Altcoin
අපි Ethereum ගැන කතා කලොත් මේ වෙනකොට ගොඩාක් ජනප්‍රිය කොයින් එකක්නෙ. Ethereum කියන්නේ මිනිස්සුන්ට applications හදන්න පුළුවන් platform එකක්. මේක හරියට Google හරි Facebook හරි වගේ company එකක් නැතුව program automatically run වෙන global computer එකක් වගේ. මේක කරන්නේ smart contracts කියන දේවල් වලින්. හැබැයි Ethereum ගොඩක් සංකීර්ණයි. කාලයත් එක්ක මේක වැඩ කරන විදිහ, rules, අලුත් features ගොඩක් වෙනස් වෙලා තියෙනවා. Ethereum එකේ නිර්මාතෘ Vitalik Buterin පවා ලඟදී කිව්වා අනාගතයේදී Ethereum එක Bitcoin වගේ simple වෙයි කියලා එයා බලාපොරොත්තු වෙනවා කියලා. Bitcoin අනිත් පැත්තට, පටන් ගත්ත දවසේ ඉඳන් එක විදිහටම තියෙනවා – ඒක හොඳ දෙයක්.
Solana: Solana ගොඩක් ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ වේගවත් සහ ගාණ අඩු නිසා. ගොඩක් අය මේක පාවිච්චි කරනවා අලුත් coins හදන්න, විශේෂයෙන්ම memes හරි hype හරි එකට. හැබැයි මෙන්න මේක තමයි ප්‍රශ්නේ – Solana network එක ගොඩක් සැරයක් offline වෙලා තියෙනවා. ඒ කියන්නේ මුළු network එකම පැය ගණන් හරි දවස් ගණන් හරි වැඩ කරන්නේ නැතුව යනවා. ඒ වගේම අද Solana උඩ වෙන ගොඩක් දේවල් gambling තමයි – ඒ කියන්නේ මිනිස්සු ලාභෙට coins එහාට මෙහාට කරන එක, මේවගෙන් කිසිම ඇත්ත ප්‍රයෝජනයක් නැහැ. මේක financial freedom නෙවෙයි. මේක තියෙන්නේ වේගවත් casino එකක් වගේ.
XRP: XRP කියන්නේ Ripple කියලා company එකක් විසින් හදපු token එකක්. එයාලා කියන්නේ මේක banks පාවිච්චි කරයි ලෝකේ පුරාම සල්ලි යවන්න, එතකොට banks වලට වෙන රටවල් වල සල්ලි තියාගෙන ඉන්න ඕනේ නැහැ කියලා. අහන්න හොඳයි වගේ නේද? හැබැයි මෙන්න මේක තමයි ඇත්ත – Ripple එකේ software පාවිච්චි කරන banks වලින් ගොඩක් අය XRP token එක පාවිච්චි කරන්නේ නැහැ. මිනිස්සු XRP ගන්නේ ඒක ගැන තියෙන බලාපොරොත්තුව සහ marketing එක නිසා, ඇත්තටම ඒක පාවිච්චි කරන නිසා නෙවෙයි. ලොකු banks ඇත්තටම XRP පාවිච්චි කරනවා නම් එයාලා ඒක ගන්න ඕනේ, තියාගන්න ඕනේ. හැබැයි එයාලා එහෙම කරන්නේ නැහැ.
ඇයි මේ හැමදේම හුරු පුරුදු ගතියක් දැනෙන්නේ? Dot-Com Bubble එක
අපි 1990 ගණන් වල අග කාලෙට ටිකක් ගිහින් බලමුද? එදා Dot-com bubble එක කියලා දෙයක් තිබ්බා. හැමෝම websites සහ internet companies හදන්න පටන් ගත්තා. investor ලා සල්ලි දැම්මා ".com" කියලා නමේ තිබ්බ ඕනෑම දෙයකට – company එකට product එකක්, plan එකක්, හරි අනාගතයක් නැතත් කමක් නැහැ. අන්තිමේදී මේ ඔක්කොම crash වුනා. ගොඩක් companies නැති වෙලා ගියා, බේරුනේ බොහොම පොඩි ගාණක් විතරයි. අද crypto ලෝකේ වෙන්නේ මේ වගේ දෙයක් තමයි. Altcoins කියන්නේ අලුත් dot-com stocks – හැබැයි shares වෙනුවට tokens පාවිච්චි කරනවා.

Bitcoin වෙනස් වෙන්නෙ කොහොමද?
Altcoins කියන්නේ businesses. Bitcoin business එකක් නෙවෙයි. Altcoins promise කරනවා features, partnerships, roadmaps ගැන. Bitcoin දෙන්නේ freedom, security, සහ predictability. Bitcoin ඔයාලගෙන් ඉල්ලන්නේ නැහැ යම්කිසි කෙනෙක්ව හරි company එකක්ව හරි විශ්වාස කරන්න කියලා. ඒක ඉල්ලන්නේ code එක තේරුම් ගන්න විතරයි.
If you’re feeling overwhelmed by all the coins, don’t worry — that’s how everyone starts. You don’t need to understand everything. You just need to ask the right questions — and that’s what we’re here for.
ඔයාට මේ හැමදෙයක්ම ඉගෙන ගෙන වෙහෙසට පත් වෙන්න ඕන නෑ. මොකද කාට වුනත් මේව ඉගෙන ගනිද්දි මුලින් ටිකක් අමරුයි. ඇත්තටම ඔයා කරදර වෙන්න ඕන නෑ. මොකද මේ හැමදේම පැහැදිලි කරලා දෙන්න අපි ඉන්නවා.
ඉතින් ඔයාලා මේ බිට්කොයින් ලෝකෙට අලුත් නම්, මෙන්න මගේ උපදෙස: මුලින්ම Bitcoin ගැන ඉගෙන ගන්න. ඒක වැඩ කරන්නේ කොහොමද කියලා තේරුම් ගන්න. ඇයි ඒක හැදුවේ කියලා තේරුම් ගන්න. ඔයාලා එහෙම කරාම, ඔයාලට තේරෙයි මේක තව එක coin එකක් විතරක් නෙවෙයි කියලා. මේක සම්පූර්ණයෙන්ම වෙනස් දෙයක් – ඒ වගේම අනිත් හැමදේම අසාර්ථක වෙනකොට ඔයාලව protect කරන්න පුළුවන් දෙයක්.
අපි මේ වගේ බ්ලොග් හදන්නේ ඔයාලා වගේ අයට Bitcoin පැහැදිලිව තේරුම් ගන්න උදව් කරන්න – hype නැතුව, පැටලිලි නැතුව. එහෙනම් අදට ගිහින් එන්නම් සුභ දවසක්.
සැළකිය යුතුයි:
අධ්‍යාපනික අරමුණු සඳහා පමණි: මෙම වීඩියෝවේ අන්තර්ගතය වර්තමාන තොරතුරු හා අධ්‍යාපනික අරමුණු සඳහා පමණක් එකතු කර ඇති අතර, කිසිඳු ආකාරයක මුදල් ආයෝජන උපදේශයක් නොවේ.
මූල්‍ය උපදෙස් නොවේ: මෙම වීඩියෝව සපයා ඇත්තේ තොරතුරු දැනගැනීම සඳහා පමණක් වන අතර එය මූල්‍ය, නීතිමය හෝ බදු උපදෙස් ලෙස නොසැලකිය යුතුය. ඕනෑම මූල්‍ය තීරණයක් ගැනීමට පෙර ඔබගේම පර්යේෂණ සිදු කර බලපත්‍රලාභී වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබාගන්න.
Share this post