
අද අපි කතා කරන්න යන්නේ ලෝක දේශපාලනයේ සහ ආර්ථිකයේ සිද්ධ වෙන හරිම අමුතු, ඒ වගේම බිට්කොයින් හොල්ඩර් කෙනෙක් විදිහට ඔයාලා අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න ඕනේ මාතෘකාවක් ගැන.
ඔයාලා දකින්න ඇති මේ දවස්වල වෙනිසියුලාව (Venezuela) ඇතුලේ ලොකු කලබලයක් යනවා. ඇමරිකාව මැදිහත් වෙලා එහේ පාලනය වෙනස් කරන්න හදනවා. සමහරු කියනවා මේක නිදහස ලැබීමක් කියලා, තවත් පිරිසක් කියනවා මේක ඇමරිකානු අධිරාජ්‍යවාදයේ තවත් එක වැඩක් කියලා. හැබැයි මේ හැමදේකටම යටින් හැංගිලා තියෙන ලොකුම රහස මොකක්ද? ඒ තමයි වෙනිසියුලාව සතුව තියෙනවා කියලා සැක කරන, MicroStrategy එකටත් වඩා ලොකු රහස් බිට්කොයින් සංචිතය (Secret Bitcoin Stash). අද අපි මේ ගැන සම්පූර්ණ විස්තරයක් කතා කරමු.
ඉතින් මේ ගැන ඉතාම පැහැදිලිව අපේ Bitcoin Sri Lanka YouTube නාලිකාවේ වීඩියෝ එක්කින් ඉදිරිපත් කරලා තියනවා. මේ පහල තියෙන්නෙ ඒ වීඩියෝ එක. ඔයාට පුළුවන් ඒකත් බලන්න.
The Global Game- Proof of Weapons
මුලින්ම අපි තේරුම් ගන්න ඕනේ ලෝකේ ආර්ථිකය දුවන්නේ කොහොමද කියලා. සයිමන් ඩික්සන් (Simon Dixon) කියන විශේෂඥයා පෙන්වා දෙනවා වර්තමාන ඩොලර් පද්ධතිය පවතින්නේ 'Proof of Weapons' කියන නෙට්වර්ක් එකක් උඩ කියලා. ඒ කියන්නේ ඇමරිකානු ඩොලරයට වටිනාකමක් දෙන්නේ ඔවුන් සතු යුධ බලය සහ හමුදා ශක්තියෙන්.
මේක වැඩ කරන්නේ මෙහෙමයි: ඇමරිකාවේ තියෙන බැංකු සහ ෆෙඩරල් රිසව් එක (Federal Reserve) එකතු වෙලා ණය මත පදනම් වුණු 'පොන්සි ස්කීම්' (Ponzi scheme) එකක් වගේ පද්ධතියක් පවත්වාගෙන යනවා. මේකේදී සිද්ධ වෙන්නේ අලුතින් ඩොලර් මුද්‍රණය කරලා ලෝකේ තියෙන සම්පත් (තෙල්, රන්, ඛනිජ වර්ග) තමන්ගේ පාලනයට ගන්න එක. වෙනිසියුලාවට වුණෙත් ඕකමයි. වෙනිසියුලාව සතුව ලෝකේ තියෙන විශාලතම තෙල් සංචිතයක් තියෙනවා (බැරල් බිලියන 303ක් විතර). ඇමරිකාවට ඕනේ මේ සම්පත් පාලනය කරලා තමන්ගේ ඩොලරය සහ කොටස් වෙළඳපොළ (Stock Market) ශක්තිමත් කරගන්න.

The Venezuela Collapse- Why Now?
ඇයි දැන්ම මේක කරන්නේ? ඇමරිකාව ඇතුලේ තියෙන උද්ධමනය (Inflation) පාලනය කරන්න නම් බලශක්ති මිල (Energy prices) අඩු වෙන්න ඕනේ. වෙනිසියුලාවේ තෙල් වෙළඳපොළට ආවොත් තෙල් මිල අඩු වෙනවා, එතකොට ඇමරිකානුවන්ට සහනයක් ලැබෙනවා.
හැබැයි මෙතන තවත් පැත්තක් තියෙනවා. ලෝකය දැන් 'Multipolar' කියන තත්ත්වයට පත් වෙමින් ඉන්නවා. ඒ කියන්නේ ඇමරිකාව විතරක් නෙවෙයි, චීනය සහ රුසියාවත් දැන් ලොකු බලවතුන්. සයිමන් කියන විදිහට ඇමරිකාව දැන් උත්සාහ කරන්නේ ලෝකෙම පාලනය කරනවා වෙනුවට තමන්ගේ කලාපය (Western Hemisphere) විතරක් රැකගෙන ඉන්න. මේ නිසා රුසියාවට යුක්රේනයත්, චීනයට තායිවානයත් ලබා දීලා, වෙනිසියුලාව තමන්ගේ යටතට ගන්න රහස් ගිවිසුම් පවා තියෙන්න පුළුවන් කියලා ඔහු සැක කරනවා.

The Bitcoin Mystery - $60 Billion BTC
දැන් එමු අපේ ප්‍රධාන මාතෘකාවට. වෙනිසියුලාව බිට්කොයින් එක්ක මොකද කරන්නේ? ලැබෙන ආරංචි අනුව, වෙනිසියුලාව කාලයක ඉඳලා තමන්ගේ තෙල් සහ රත්තරන් විකුණලා බිට්කොයින් එකතු කරලා තියෙනවා. මෑතකදී ඔවුන් Tether (USDT) පවා පාවිච්චි කරලා තියෙනවා සම්බාධක (Sanctions) මගහරින්න.
සමහරු කියනවා මේ බිට්කොයින් සංචිතයේ වටිනාකම ඩොලර් බිලියන 60ක් විතර වෙනවා කියලා! ඒ කියන්නේ මේක ලෝකේ තියෙන ලොකුම බිට්කොයින් සංචිතයක්. හැබැයි ප්‍රශ්නය තියෙන්නේ මේවා පාලනය කරපු 'රහස් පුද්ගලයා' දැන් අතුරුදහන්. ඇමරිකාව මේ පාලනය අතට ගත්තම මේ බිට්කොයින් ටිකට මොකද වෙන්නේ? සයිමන් කියන්නේ මේවා ඇමරිකානු රජයට යනවා වෙනුවට CIA එක වගේ ආයතනවල රහස් ගිණුම්වලට (Black ops funds) යන්න ඉඩ තියෙනවා කියලා. ඒ නිසා මේක බිට්කොයින් ලෝකයට ලොකු බලපෑමක් වෙන්න පුළුවන් දෙයක්.

What should we do?
ඉතින් මේ හැමදේකින්ම අපිට ඉගෙන ගන්න තියෙන පාඩම මොකක්ද? ලෝක බලවතුන් බිට්කොයින් පාවිච්චි කරන්නේ තමන්ගේ බලය රැකගන්න. ඔවුන් උත්සාහ කරන්නේ බිට්කොයින් කියන දේ බැංකු පද්ධතිය ඇතුලට අරගෙන (Custody), මිනිස්සුන්ව ආයෙත් පාලනය කරන්න.
අපි බිට්කොයින් පාවිච්චි කරන අය විදිහට මේ දේවල් මතක තියාගන්න ඕනේ:
Self-custody (ස්වයං-භාරකාරත්වය): ඔයාලගේ බිට්කොයින් Exchange එකක තියන්න එපා. තමන්ගේම Wallet එකක (Hardware wallet) තියාගන්න. වෙනිසියුලාවේ මිනිස්සුන්ට වුණත් තමන්ගේ බිට්කොයින් තමන් ළඟ තිබුණා නම් විතරයි ඒවා රැකගන්න පුළුවන් වෙන්නේ.
Run a Node: පුළුවන් නම් තමන්ගේම Node එකක් පවත්වාගෙන යන්න. එතකොට තමයි ඔයා ඇත්තටම 'Sovereign' හෙවත් ස්වෛරී වෙන්නේ.
Don't Borrow: බිට්කොයින් උකස් කරලා ණය ගන්න එපා. බලවතුන්ට ඕනේ ඔයාලව ණය උගුලක හිර කරලා ඔයාලගේ බිට්කොයින් ටික අයිති කරගන්න.
Think Long Term: බිට්කොයින් කියන්නේ කෙටි කාලීන ලාභයක් විතරක් නෙවෙයි, මේක මූල්‍ය නිදහස (Freedom) සඳහා තියෙන ආයුධයක්.
අවසාන වශයෙන් කියන්න තියෙන්නේ, ලෝකේ මොන කලබල වුණත් බිට්කොයින්වල මූලික තාක්ෂණය සහ එහි තියෙන වටිනාකම වෙනස් වෙන්නේ නැහැ. අපි කළ යුත්තේ දැනුවත් වෙන එක සහ තමන්ගේ මුදල්වල පාලනය තමන් අතේ තියාගන්න එකයි.
ගිහින් එන්නම් සුභ දවසක්.
සැළකිය යුතුයි:
අධ්‍යාපනික අරමුණු සඳහා පමණි: මෙම ලිපියේ අන්තර්ගතය වර්තමාන තොරතුරු හා අධ්‍යාපනික අරමුණු සඳහා පමණක් එකතු කර ඇති අතර, කිසිඳු ආකාරයක මුදල් ආයෝජන උපදේශයක් නොවේ.
මූල්‍ය උපදෙස් නොවේ: මෙම ලිපිය සහ වීඩියෝව සපයා ඇත්තේ තොරතුරු දැනගැනීම සඳහා පමණක් වන අතර එය මූල්‍ය, නීතිමය හෝ බදු උපදෙස් ලෙස නොසැලකිය යුතුය. ඕනෑම මූල්‍ය තීරණයක් ගැනීමට පෙර ඔබගේම පර්යේෂණ සිදු කර බලපත්‍රලාභී වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබාගන්න.
Share this post

