Resources

Beginner’s Guide

ලංකාවේ Crypto Investment Scam වල ඇත්තම තත්ත්වය

Sajith Caldera

3 Feb 2026

"කවුරුහරි ඔයාට කිව්වොත්... 'මේකේ කිසිම රිස්ක් එකක් නෑ (No risk)', 'අනිවාර්ය ලාභයක් ලැබෙනවා (Guaranteed profit)', නැත්නම් 'AI trading bot එකකින් සල්ලි හොයන්න පුළුවන්' කියලා, ඔයාට එකපාරටම මේක වංචාවක් කියලා හිතෙයිද?.

ගොඩක් අයට එහෙම හිතෙන්නේ නැහැ. මොකද අද කාලේ ක්‍රිප්ටෝ වංචා කියන්නේ ඉතාමත් professional සහ organized විදිහට කරන වැඩ. අද මේ වීඩියෝ එකෙන් මම කියලා දෙන්නේ ලංකාවේ ක්‍රිප්ටෝ ඉන්වෙස්ට්මන්ට් ස්කෑම් ඇත්තටම වැඩ කරන්නේ කොහොමද කියන එකයි. වීඩියෝ එක ඉවර වෙද්දී, ඇයි ගොඩක් බුද්ධිමත් මිනිස්සු පවා මේවට අහුවෙන්නේ කියලා ඔයාට පැහැදිලි වෙයි."

ඉතින් මේ ගැන ඉතාම පැහැදිලිව අපේ Bitcoin Sri Lanka YouTube නාලිකාවේ වීඩියෝ එක්කින් ඉදිරිපත් කරලා තියනවා. මේ පහල තියෙන්නෙ ඒ වීඩියෝ එක. ඔයාට පුළුවන් ඒකත් බලන්න

කවුද මේවට අහුවෙන්නේ? (The Victims)

"ගොඩක් අය හිතන්නේ ක්‍රිප්ටෝ වංචා වලට අහු වෙන්නේ ලෝභ මිනිස්සු එහෙම නැත්නම් නොසැලකිලිමත් අය කියලා. ඒත් ඒක වැරදියි. මේවට අහු වෙන්නේ ගොඩක් වෙලාවට:

  • මධ්‍යම පාන්තික පවුල්

  • වෘත්තිකයින් (Professionals)

  • දෙමව්පියන්

  • උද්ධමනය නිසා ආර්ථික ප්‍රශ්න වලට මුහුණ දීලා ඉන්න අය.

මේ අය සූදුවක් කරන්නේ නැහැ. එයාලා හිතන්නේ තමන් ඇත්තටම 'ආයෝජනයක්' (Investing) කරනවා කියලා."

Telegram/WhatsApp Group එකේ රංගනය (The Fake Group Illusion)

"ස්කෑම් කරන අය මුලින්ම කරන්නේ ඔයාව Telegram හෝ WhatsApp group එකකට ඇඩ් කරන එක. මෙන්න මේක හොඳට මතක තියාගන්න: ඒ ගෲප් එක ඇත්ත එකක් නෙවෙයි.

එතන වෙන්නේ ලොකු රංගනයක් (Theatre). ඒ ගෲප් එකේ ඉන්න බහුතරයක් ගිණුම් ස්කෑම් කරන අයගේම ව්‍යාජ ගිණුම්. එයාලා කරන්නේ මේ වගේ දේවල්:

  • උදාහරණයක් විදිහට: 'අදත් සල්ලි ගත්තා (Withdrawal)', 'Thank you team' වගේ මැසේජ් සහ ලාභ ලැබුණු බව පෙන්වන screenshots දානවා. මේ හැමදෙයක්ම කරන්නේ ඔයා තුළ FOMO (Fear Of Missing Out) එකක් ඇති කරන්න. ඒ කියන්නේ 'අනිත් හැමෝම සල්ලි හොයනවා, මට විතරයි මේක මගහැරෙන්නේ' කියලා ඔයාට හිතවන්නයි."

Screenshot කියන්නේ ඇත්ත නෙවෙයි (The Screenshot Red Flag)

"මතක තියාගන්න, ඇත්තම Professional fund manager කෙනෙක් කවදාවත් තමන්ගේ Withdrawal screenshots හෝ Balance public පෙන්නන්නේ නැහැ. කවුරුහරි ඔයාට screenshot පෙන්නලා ඔයාව විශ්වාස කරවන්න හදනවා නම්, ඒක ලොකු red flag එකක්.

ඇයි screenshots විශ්වාස කරන්න බැරි?

  1. ඒවා හරිම ලේසියෙන් Edit කරන්න පුළුවන්.

  2. ඒවා verify කරන්න බැහැ.

  3. ඒවා යොදාගන්නේ ඔයාගේ හැඟීම් එක්ක සෙල්ලම් කරලා ඔයාව නම්මවා ගන්නයි."

ව්‍යාජ Platform එක (The Fake Platform)

"ඔයාට පෙන්වන වෙබ් අඩවිය හෝ App එක ඇත්තටම ක්‍රිප්ටෝ එන්චේන්ජ් එකක් නෙවෙයි. ඒක නිකන්ම ඉලක්කම් විතරක් පෙන්නන Dashboard එකක් විතරයි. එයාලට පුළුවන්:

  • ඔයාගේ balance එක වැඩි කරලා පෙන්වන්න.

  • ඔයා දිනනවා කියලා පෙන්වන්න. නමුත් ඇත්තටම එතන කිසිම ට්‍රේඩින් එකක් හෝ AI එකක් නැහැ. ඒක ස්කෑම් කරන අයගේ පාලනය යටතේ තියෙන ප්ලැට්ෆෝම් එකක් විතරයි."

සල්ලි ගන්න ගියහම වෙන දේ (The Withdrawal Trap)

"ඔයා සල්ලි ගන්න (Withdraw) හදනකොට මේ අය ප්‍රධාන ක්‍රම දෙකක් පාවිච්චි කරනවා:

  • Scenario 1: ඔයා මුලින්ම පොඩි මුදලක් ගන්න ගියොත්, එයාලා ඒක කරන්න දෙනවා. ඒක කරන්නේ ඔයාට විශ්වාසය ඇති කරන්න 'බේට්' (Bait) එකක් විදිහටයි.

  • Scenario 2: ඔයාට කියනවා 'තව දවසක් තියාගත්තොත් මුදල තුන් ගුණ වෙනවා' කියලා ඔයාව පීඩනයට පත් කරනවා.

අන්තිම උගුල (The Final Fee Trap): ඔයා දිගටම සල්ලි ඉල්ලනකොට එයාලා කියනවා 'Withdrawal fee', 'Tax' හෝ 'Consultation fee' එකක් ගෙවන්න ඕනේ කියලා.

  • උදාහරණයක් විදිහට: 'මේ ලොකු මුදල ගන්න නම් තව රුපියල් 50,000ක් Tax විදිහට ගෙවන්න' කියලා කියයි. ඒත් ඒක බොරුවක්. ඔයා ඒ සල්ලි ගෙව්වත් ඔයාට ඔයාගේ මුල් ආයෝජනයවත් ලැබෙන්නේ නැහැ. ඔයාට වෙන්නේ දෙපාරක් සල්ලි නැති කරගන්නයි."

අවසානය (Conclusion)

"මේ වීඩියෝ එකෙන් එක දෙයක් විතරක් මතක තියාගන්න:

  1. Screenshot කියන්නේ Proof එකක් නෙවෙයි.

  2. Groups කියන්නේ ඇත්ත community එකක් නෙවෙයි.

  3. Screen එකේ පේන ඉලක්කම් කියන්නේ සල්ලි නෙවෙයි.

මේ වංචාව අවසානයේ ගෲප් ඩිලීට් වෙනවා, සපෝට් එක නතර වෙනවා, ඔයාගේ සල්ලිත් නැති වෙනවා.

ඊළඟ බ්ලොග් එකෙන් මම කතා කරනවා, ඔයා ඉන්වෙස්ට් නොකරත් ජොබ් එකක් කියලා හිතලා මේ වගේ දේවල් වලට සම්බන්ධ වුණොත්, ඔයාගේ බැංකු ගිණුම් Freeze වෙලා පොලිස් කේස් වලට පැටලෙන්නේ කොහොමද කියලා. ඒ බ්ලොග් එක මගහැර ගන්න එපා."

සුභ දවසක්.

සැළකිය යුතුයි:

අධ්‍යාපනික අරමුණු සඳහා පමණි: මෙම ලිපියේ අන්තර්ගතය වර්තමාන තොරතුරු හා අධ්‍යාපනික අරමුණු සඳහා පමණක් එකතු කර ඇති අතර, කිසිඳු ආකාරයක මුදල් ආයෝජන උපදේශයක් නොවේ.

මූල්‍ය උපදෙස් නොවේ: මෙම ලිපිය සහ වීඩියෝව සපයා ඇත්තේ තොරතුරු දැනගැනීම සඳහා පමණක් වන අතර එය මූල්‍ය, නීතිමය හෝ බදු උපදෙස් ලෙස නොසැලකිය යුතුය. ඕනෑම මූල්‍ය තීරණයක් ගැනීමට පෙර ඔබගේම පර්යේෂණ සිදු කර බලපත්‍රලාභී වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබාගන්න.

Share this post

JOIN THE WAITLIST

Ready to use Bitcoin safely? Try Bitnomi Wallet — built for Sri Lankans.

Bitcoin Sri Lanka logo

At Bitcoin Sri Lanka, we are driving a revolution in financial freedom and digital empowerment. Our mission is to educate, inspire, and enable individuals to harness the transformative power of Bitcoin. Together, we are building a future where financial inclusion is a reality for all Sri Lankans.

Powered by

— the Bitcoin & USDT wallet made for Sri Lankans.

Bitcoin Sri Lanka © 2026 | All rights reserved

the Bitcoin & USDT wallet made for Sri Lankans.